Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-652-574-8 |
Language | Sinhala |
Cover | Soft Cover |


දරුවන් දිවි නසා ගන්නේ ඇයි?
රු270.00
Price Summary
- රු270.00
- රු270.00
- රු270.00
දරුවන්ට සතුටින් ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් උරුම කරදීම දෙමාපියන් සතු වගකීමකි. යුතුකමකි. හොඳ පාසලකට නැතිනම් ජනප්‍රිය පාසලකට දරුවා භාරදීමෙන් ඉටුවන්නේ දෙමාපියන් සතු වගකීමද? යුතුකමද? නව යොවුන් වියේ දරුවෙකු දිවි නසා ගැනීම ඛේදයකි. මේ අකාරුණික කාරණාව සම්බන්ධයෙන් ගුරු භවතුන් මෙන්ම වැඩිහිටියන්ද සංවේදී විය යුතුය.
Be the first to review “දරුවන් දිවි නසා ගන්නේ ඇයි?” Cancel reply
Related Products
වහලිය
වහලිය
රිදී විල් තෙර
මිදි ඔය අසබඩ කුඩා නිවාස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරිම සදහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි, අම්මා, මේරී සහ කේරී සමග රීදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි.
සීතලෙන් සීත වුණු සීත සමය
ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81දි ඇති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පුර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමු අතරේ ජීවත් වීම සදහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරීට සහ කේරීටත් සිදුවෙයි.නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිගයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලඩ් තිරීගුසොයා බිහිසුණු ගමනක යෙදෙති.
වනගත ලංකා
WILD CEYLONA නම් කෘතියේ සිංහල පරිවර්තනයයි “වනගත ලංකා”. වනයත්, වැදිජනයා ගැනත් ආර් එල් ස්පිට්ල් අතින් ලියැවුණු පළමුවන ග්‍රන්ථය මෙයයි. ඔහු මෙම කෘතිය හරහා වනයේ විසිතුරු බවත් වැදි ජීවිතයේ ඇති දුෂ්කරතාවයන් පිළිබඳ කරුණු කාරණා ඔහු මැනවින් ඉදිරිපත් කරයි.
හරි පුදුම ඉස්කෝලෙ
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝක පුජීත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වුයේ සැත්කම්වලට බදුන් වන මිනිස්සු සැත්කමේ දි හා එයින් පසු විදින මහත් වු වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සදහා ඔහුට අවසානයේ දි සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වු නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට හැකි විය.
තීන්ත නදිය
ඉතිහාසය ඇසුරින් පොත් පත් සිනමාපට බිහිවීම රැල්ලක්ව ඇති යුගයක ලාංකීය ඉතිහාසය මේසා තාත්විකව හා සජීවීව සිත්තම් කරමින් බිහිවූ වෙනත් නවකතාවක් මතකයට නගා ගත නොහැකි තරම්ය . මහාවංශයේ පමණක් නොව සෙසු ඉතිහාස ග්‍රන්ථවල පවා ඉතා සoක්ෂිප්තව සටහන් වන කාලිංග මාඝ නම් වූ ආක්‍රමණිකයාගේ පාලන යුගය ඉතා අපූරුවට විදහා දක්වමින්, මේ විදෙස් කතුවරයා ලාංකීය අපේම අතීතය හරහා විස්මිත චාරිකාවක අප රැගෙන යන්නේ පොතේ ආරම්භයේ සිට අවසානය දක්වා ඔබද අතීත පොළොන්නරු රාජධානියේ පුරවැසියකු බවට පත් කරමිනි.
තැනිතලාවේ පිහිටි කුඩා නගරය
ජීවිතය උද්යෝගිමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැදෑ සාදයට සහභාගී වෙයි. මේරිට අන්තිමේදී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සදහා අල්මන්සෝ වයිල්ඩ්ර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි.දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි.
වන අරණක කුඩා නිවස
සිවු හවිරීදී ලෝරා ඇගේ අපප්ච්චි, අම්මා, සහෝදරියන් දෙදෙනා වන මේරි සහ කේරී, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමග ඒ කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයට සුදානම් වීම සදහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ ඈත අතීතයක ජීවිතය ඇතැම් වෙලාවට ඉතා දුෂ්කර වු නමුත් නිවසේ සෑදු සෙල්ලම් බඩු සහ තෑගී සමගින් සියලු දෙනා සමග නත්තල සමරන්නට ලැබීම,වසන්ත සෘතුවේ පැළ වැවීම. අස්වනු කැපීම, පළමුවැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි.
මාටින් ලූතර් කිං ජීවිතය සහ මරණය
“මම පෞද්ගලික අනතුර පිළිබද ගැටලුව විසදා ඇත්තෙමි” යි හේ වරක් පැවසීය. “සෑම දවසකම මම මරණයේ තර්ජනය සමග ජීවත් වෙමි.එසේම බියට මා යටත් කර ගැනීමට ඉඩ හැරියහොත් මට ක්‍රියා කළ නොහැකි බව අවුරුදු ගණනාවකට පෙර මම දුටුමි.” ඒ අනුව ඔහු ධෛර්යය ගැන කතා කරනවට වඩා මරණය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වීය- එය නිරායාසය.
ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්
අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිලිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණ වලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.
තැනිතලාවේ පිහිටි කුඩා නිවස
විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත් ත්‍රාසජනක අත්දැකීම් වලට දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරිම සදහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින් සී සාමින් ,වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සදහා තණකොළ එක් රැස් කරමින් කර්යබහුල වෙයි. ඇතැම් වේලාවටජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්ච්ත්, අම්මාත්, මේරි සහ කේරීත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගතකරති.
There are no reviews yet.