Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-566-406-1 |
Language | Sinhala |
Pages | 112 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ශ්‍රී ලංකාවේ වීදි ලිංගික ශ්‍රමිකයෝ
රු360.00
Price Summary
- රු360.00
- රු360.00
- රු360.00
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරිදි ලිංගික කර්මාන්තය පිළිබඳ පුළුල් අවබෝධයක් පාඨක ඔබට ලබා ගැනීමට හැකිවනු ඇත. සමාජ වැඩ හා සමාජ විද්‍යාව විෂයක් වශයෙන් හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම ලිංගික ශ්‍රමිකයින් සඳහා සේවා සපයන්නන් හා නීතිය ක්රියාවේ යොදවන්නන් සඳහා ලිංගික කර්මාන්තය පිළිබඳ තම අවබෝධය පුළුල් කර ගන්නටත්, ලිංගික ශ්රමිකයිගේ වෘත්තිය භූමිකාව ආශ්‍රිතව මතුවන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් බලගැන්වීමේ ප්රවේශයකට යොමුවීම සඳහාත් මෙම ග්‍රන්ථය බෙහෙවින් ඉවහල් වනු ඇත.
Notify me when item is back in stock.
Be the first to review “ශ්‍රී ලංකාවේ වීදි ලිංගික ශ්‍රමිකයෝ” Cancel reply
Related Products
සම්මත යහපාලනය සහ ශ්‍රී ලංකාවේ භාවිතය
‘යහපාලනය’ යන පදය සඳහා පොදුවේ පිළිගත් එක් නිර්වචනයක් නැති අතර එයින් අදහස් කෙරෙන්නේ කිසියම් පාලන ක්‍රමයක් ද නොවේ. මහජනතාව වෙනුවෙන් පාලන කටයුතුවල නියැලෙන දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් තමන්ට හිමි වන ‘බලය’ (Power) පාවිච්චි කිරීමේ දී එය ජනතාවගේ යහපත වෙනුවෙන් ම යොදා ගත යුතු බව පොදුවේ පිළිගනු ලැබුව ද ලෝකයේ බොහෝ රටවල එය ඒ ආකාරයට ම සිදු වන්නේ නැත.
කොටඋඩ ඇත්තන්ගේ අලකලංචිය
මෙය “රාජ්‍ය” නැවත ගොඩ නැගීම වෙනුවෙන් විකල්ප ඉල්ලා සිටින අර්බූදයකි. ඒ හා සමගම, සමාජ ආර්ථීක සංවර්ධනය වෙනුවෙන්ද විකල්ප විසඳුම් ඉල්ලා සිටින්නකි. සමාජය ප්රජාතන්ත්රීය කිරීම වෙනුවෙන්ද එය විසඳුම් ඉල්ලයි.
71 කැරැල්ල දෙනියාය
1971 අප්‍රේල් මස සිදු වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද කැරැල්ලට මෙම වර්ෂයේ වසර 50ක් සපිරුනි. මෙතෙක් කළ් සිත තුළ පුරවාගෙන සිටි, එහිදී සිදු වූ සිද්ධීන් නැවත ආවර්ජනය කර මෙම පොත ලිවීමට පටන් ගත්තෙමි. මෙහිදී ඒ කාලයේ මාත් සමඟ එකට සිටි මිතුරන් බොහෝ දෙනෙකු මෙම සිද්ධින් ඒ ආකාරයෙන්ම විස්තර කිරීමට එම මතකයන් බොහෝ උපකාරී වුනි.
කුමාරයා
පාලකයා උගුල් තේරුම් ගැනීමට නරියෙක් ද වෘකයන් පලවා හැරීමට සිංහයෙක් ද විය යුතුය. පාලකයන්ට සේම පාලිතයන්ට ද, දේශපාලනය පිළිබඳ හැඳින ගැනීමටත්, හැදෑරීමටත් සුදුසු ම පොතක් සේ ලොව පුරා පිළිගැනෙන නිකොලෝ මැකියාවෙල්ලි (Niccolo Machiavelli) විසින් රචිත THE PRINCE කෘතියෙහි සිංහල පරිවර්තනයයි මේ.
Democracy Rules
A much-anticipated guide to saving democracy, from one of our most essential political thinkers.Everyone knows that democracy is in trouble, but do we know what democracy actually is? Jan-Werner Müller, author of the widely translated and acclaimed What Is Populism?, takes us back to basics in Democracy Rules.
හෑල්ල
ස්වාධීන පත්‍ර සමාගමේ ප්‍රකාශන වූ දවස සහ රිවිරැස පුවත් පත්හි කුවරයාව සිටි ඬේවිඞ් කරුණාරත්නයන් එකී පුවත් පත් සඳහා ලියූ ‘හෑල්ල’ තීරු ලිපි සංග්‍රහයෙන් තෝරා ගත් ලිපි එකතුවක් මෙසේ ප්‍රකාශයට පත් කෙරෙයි.
BUY EBOOK VERSIONSTORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone
“STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone” is a follow-up to the author’s previous “Globe in a Nutshell” book, which presented a collection of facts on geopolitics, history, culture, international relations, and so on. This book is an in-depth examination of the New World Order in the context of current geopolitical developments, particularly the conflict between Ukraine and Russia. It is a compilation of a systematic and comprehensive overview of world affairs, which is a rare find in today’s educational publishing circle. The content is well-organized, factual, and consistent. This literary work is suitable for both students of world affairs and academics.
තරුසුණු වැස්ස
මගේ සිතිවිලි මගේ ජීවිතයේ ප්‍රීතිමත් ම කාලය වෙත දිව ගියේ ය. කලට් ඩීසා හි සිට මා හර්ජ් වෙතට ගියේ මගේ සැමියා මුණගැසීම සඳහා ය. මට නිමක් නොමැති ව කදුළු හෙළීමට සිදු වන බව එදින මම නො දැන සිටියෙමි. ආදරයෙන් බැඳුණු ළාබාල තරුණියක වන මා මගේ සියලු සිහින සැබෑ වී ඇති බවක් සිතුවෙමි.
අපේ යාළු දඟ මල්ල
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත්
පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත්
බුම්මාගෙන තරහින් සිටින ඔහු
එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා
හැමවිටම මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු
කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ
නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු
වැඩක් නොවේ….
සමාජ ප්‍රගමණය
ස්වදේශීය සංතියෙන් ද/ වාග්සෙල්යයෙන් ද/ දේශප්‍රේමයෙන් ද/ මානව දයාවෙන් ද/ ස්වදේශානුරාගයෙන් ද දෙස, බස, රැස, සමය විමසති, දකිති,වඩති. මොහොතින් මොහොත දිරියෙන් ඉදිරියට ම සමාජය ඔසවයි. මේ භූමියේ ජනතාවගේ පොදු උන්නතිය උදෙසා දඩිය හෝ සිතුවිලි හෙළන කුමන රට වැසියාත් පන නලින් සුසුම් පොදින් එකම එක් මිනිත්තුවකටත් අපේ කමට අපේ රටට, අපේ බසට ඉතා අගෙයි.
මේ අපේ සමාජයයි, සමාජයේ ඉදිරිය උදෙසා එකාමෙන් ගමන් කරමු. රටේ සමාජයේ ඉහළම ජනපති තුමාගේ සිට පහළම හිඟමන් යදින්නාගේ ද පොදු අරමුණ රටේ, සමාජයේ, ඉදිරි දියුණුවට ගමන් ගත යුතු බවකි. සමාජයේ කොයි කවුරුත් පොදු දායකත්වයක් දරමින් රට දැය සමාජ ප්‍රගමණයක් දකින්නේ ඒ නිසා වෙනි.
රාජ්‍ය පරිපාලනය සංකල්ප සහ න්‍යායයන්
රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ වැඩකටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත ක්‍රියාදාමයේම එකතුවක් ලෙස දළ වශයෙන් හැඳින්විය හැක. සෑම රටකටම රාජ්‍ය පරිපාලන ක්‍රමය වනුයේ එම රටෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස වන අතර, එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයන් රාශියක්ම එක්තරා පරිපාලන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ.
There are no reviews yet.