Publishers | |
---|---|
Language | English |
Cover | Soft Cover |
Sri Lanka Road Map
රු160.00
Price Summary
- රු160.00
- රු160.00
- රු160.00
This is the English version of the Sri Lanka Road Map compiled by M.D. Gunasena Company. All the information here is updated, which clearly shows how to reach all the cities. The map also includes all the highways that have been built so far.
Notify me when item is back in stock.
Be the first to review “Sri Lanka Road Map” Cancel reply
Related Products
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
Insight Guides Explore Sri Lanka
The lure of golden sands entices visitors to Sri Lanka, but this Indian Ocean island is also home to ancient cities, diverse cultures and accessible wildlife. Insight Guide Explore Sri Lanka is the ideal pocket companion for your trip: a full-colour guide containing 12 easy-to-follow routes around the country, now a blockbuster travel destination.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.
ශ්‍රී ලංකා මාර්ග සිතියම
ශ්‍රී ලංකා මාර්ග සිතියම ඔබ අතට පත්වන විශිෂ්ට නිමැවුමකි. ලංකාවේ සියලු ප්‍රධාන මාර්ග, පළාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්දනව් පිළිබඳ නිවැරදි විධිමත් තොරතුරු මෙහි ඇතුළත් වේ.
නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත – 100 වැනි සංස්කරණය
සිතියම්කරණය පිළිබඳ ලෝක පූජිත, වර්ෂ 1834 දී එක්සත් රාජධානියේ ආරම්භ කළ, ජෝර්ජ් ෆිලිප් සමාගම, බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමය සමග එක්ව ප්‍රකාශයට පත් කෙරෙන Philip Modern Atlas හි සිංහල සංස්කරණය, ‘නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත’ ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. මෙය ඉංග්‍රීසි බසින් පළ වූ Philip Modern Atlas හි 100 වැනි සංස්කරණයේ සිංහල අනුවාදය වන අතර අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සමග යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා සිතියම් රැසක් ද මෙහි අන්තර්ගත වේ. පිටු 184කින් සමන්විත මෙය දේශපාලන, භෞතික, දේශගුණ, තේමා සිතියම්, ජනගහනය, භූමි පරිභෝජනය, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, ධනය වැනි විවිධ මාතෘකා යටතේ වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. විශේෂයෙන් තේමා සිතියම්වල දී යමහල් ක්රියාකාරීත්වයේ සිට ජනගහන ප්රවණතා දක්වා සාකච්ඡා කෙරේ. නවීන චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ ලෝකය, පරිසරය සහ වෙනස්වන නාගරීකරණය ඔස්සේ සිදු කෙරෙන විශ්ලේෂණ පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා අතිශයින් ප්‍රයෝජනවත් ය. පරිශීලනය කරන්නාට පහසු වනු පිණිස සිතියම් පොතේ ප්‍රධාන මාතෘකා බෙදා දැක්වීම සඳහා වෙන් වශයෙන් වර්ණ තේමාවන් භාවිත කොට තිබේ. එමෙන්ම සිතියම් අධ්‍යයනයේ දී අතිශයින් වැදගත් වන පරිමාණය, අක්ෂාංශ සහ දේශාංශ, සිතියම් ප්රක්ෂේපණ සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographical Information Systems – GIS) පිළිබඳව ද ප්‍රාමාණාත්මක හැඳින්වීමක් මෙහි අන්තර්ගත ය.
මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – පොකට්
මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය මේ වසරේ දී 69 වැනි වසර සපුරයි. දෙවැනි බසක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්නා සිංහල ජනතාවට එම ශබ්දකෝෂය දශක හතකට ආසන්න කාලයක් තිස්සේ කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැකි තරම් ය. පාඨකයන්ගේ අවශ්‍යතා සපුරාලනු වස් වැඩි ම වාර ගණනක් යාවත්කාලීන වූ එකම ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය ලෙස වාර්තාවක් තබා ඇති එහි තවත් දිගුවක් ලෙස යෞවන පාඨකයන් ඉලක්ක කර ගෙන මෙම මලලසේකර Pocket Dictionary ඉංග්‍රීසි සිංහල නම් ශබ්දකෝෂය සම්පාදනය වී මෙසේ ඔබ අතට පත් වෙයි. තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් වර්තමානයේ භාවිත වදන හැකිතාක් ඇතුළත් කරමින් එදිනෙදා පහසුවෙන් පරිහරණය ළ හැකි ප්‍රමාණයේ ප්‍රායෝගික ශබ්දකෝෂයක් ලෙස මෙය නිර්මාණය වී තිබේ.
ගුණසෙන පාසල ලෝක සිතියම් පොත
පාසල් විෂය නිර්දේශයට සමගාමී වන අයුරින් සම්පාදනය කරන ලද සිතියම් පොතකි. මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව මෙහි ශ්‍රී ලංකාවේ සිතියම් වාර්ෂිකව යාවත්කාලීන වේ. ලෝකය පිළිබඳ, ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් දත්ත ඇතුළත් ය. රටරටවල කොඩි, එම රටවල වැදගත් දත්ත සමගින් ඇතුළත් කොට තිබේ. පහසු විමර්ශන කටයුතු සඳහා සුචියක් ද අන්තර්ගත කොට ඇත.
ජපන් – සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂය
ජපන් බස ඉගෙන ගන්නා සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂයකි. මූලික වදනයෙන් ජපන් බසින් යොදා එහි අර්ථය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉදිරිපත් කොට තිබේ.
අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම
අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරෙන මෙම ග්‍රන්ථය මගින් අලෙවිකරණයේ මූලික පදනම් මනාව ඉදිරිපත් කර තිබේ. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.
ජපන් බසට සරල මගක්
ජපන් බස ඉගෙන ගන්නා ආධුනිකයන්ට, උසස් පෙළට ජපන් බස හදාරන සිසුන්ට සහ ජපානයේ රැකියා සඳහා යන අයට මෙන්ම, දේශීය සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට ගුරුවරයෙකුගේ සහාය නොමැතිව වුව ද ජපන් බස ඉගෙනීමට මෙය අනගි ග්රන්ථයකි.
හයිබ්‍රිඩ් වාහන (HYBRID VEHICLES)
හයිබ්‍රිඩ් වාහන පිළිබදව ශ්‍රී ලංකාව තුළ පමණක් නොව
ලෝකය පුරාම ජනතාවගේ මෙන්ම රජයන්ගේ ද අවධානය
ඉහළ යමින් පවති. එයට ප්‍රධාන හේතුව වන්නේ,වාහනවලින්
ඇතිකරන්නාවු පරිසර දුෂණය හයිබ්‍රිඩ් වාහන භාවිතයෙන්
අඩුකර ගැනීමට හැකිවීමයි. එයට අමතරව සැලකිය යුතු
මට්ටමකින් ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීමට ද ඉඩ
සැලකේ.මේ හේතුන් නිසා මුල් අවධියේ හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනය
කෙරෙහි අවධානයක් යොමු නොකළ ඉහළ ගණයේ වාහන
නිෂ්පාදනය කරන සමාගම් පවා හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනයට
අවතීර්ණ වී තිබේ.වාහන හයිබ්‍රිඩ් පද්ධතිවල නිර්මාණයන් දිනෙන් දින වැඩි
දියුණු කරමින් ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සදහා
වාහන නිෂ්පාදකයින් නිරතුරුව කටයුතු කරමින් සිටිති.
එහෙත් එම පද්ධතිවල ක්‍රියාකාරිත්වයේ මූලික සිද්ධාන්ත
එලෙසම පවති. හයිබ්‍රිඩ් පද්ධති පිළිබද අවබෝධයක් ලබාගැනීම
වාහන කර්මිකයන්ට මෙන්ම,වාහන පිළිබදව උනන්දුවක් දක්වන
සෑම කෙනෙකුටම වැදගත්වනු නොඅනුමානය
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
There are no reviews yet.