Authors | |
---|---|
Publishers | |
ISBN | 978-624-6005-05-04 |
Language | Sinhala |
Cover | Soft Cover |
Pages | 113 |
රාම රාවණා සහ විභීෂණ නූතන කතාව
රු500.00 රු450.00
Price Summary
- රු500.00
- රු450.00
- 10%
- රු450.00
- Overall you save රු50.00 (10%) on this product
විමල් වීරවංශ මහතාගේ මෙම කෘතිය දේශපාලන විද්‍යාව, ගෝලීය දේශපාලනය, අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ විෂයානුකූල හැදෑරීමක් සිදුකිරීමට කැමැත්තක් ඇති සියලුම පාඨකයින්ට ඉතාම සුදුසු අධ්‍යයන ග්රන්ථයක් ලෙස ද දැක්විය හැකිය.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස මෙම ග්‍රන්ථය පරිහරණය කිරීමෙන් වත්මන් ලෝක දේශපාලනයේදී කුඩා රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට සිදුවන හා සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් අවබෝධ කරගැනීමට පිටුවහලක් සපයයි.
මව්බිම, තමා උපන් රාජ්‍යය යන සංකල්පය ඇරිස්ටෝටල්ට අනුව සියලු මෙලොව උපන් දේශපාලන සත්වයන් වන මිනිසාට වැදගත් සංකල්පයක් වනු ඇත. මෙකී සංකල්පයෙන් පරිබාහිර වීමට කෙතරම් තාක්ෂණිකව දියුණු වූ ලෝකයක වුව ද හැකියාවක් නොමැත. එම නිසා මෙම ග්‍රන්ථය ශ්‍රී ලාංකික සියලු පාඨකයන්ට වැදගත් වේ.
Be the first to review “රාම රාවණා සහ විභීෂණ නූතන කතාව” Cancel reply
Related Products
ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය ගෝඪාභය රාජපක්ෂ
මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව
බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ
මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස්
ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ
ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ
වෘත්තාන්තයි. 1931 සිට සර්වජන ජන්ද බලය භුක්ති විඳ,
1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල
ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්‍රී ලංකාවේ
දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය.
2009 දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි
යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලංකාව
නව යටත්විජිතවාදී ග්‍රහණයට හසු කර ගැනීමේ උපායමාර්ගය
වූයේ රට තුල වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙයවීම
සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ ලියවිල්ලට පාදක වී
ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රස්ථානයේ සිට
ලැබූ අත්දැකීමයි.
තණ කන අපි
”උන්ට විසිකරන්න දෙයක් නැති නිසා උන් අපිට සෑම දෙයක්ම විසි කරන්නේය.ඇහිඳ ගන්නට පොරකන අපි බලන විට අප ඇහිද ගෙන තිබෙන්නේ අපිම විසිකළ දේමය.උන්ට කිසි දෙයක් නැති බව දැනෙන්නේ අපිට අපි ඇහිඳගත් දේ යළිත් උන්ට දුන් විටය”
මැන්ඩකෝන්ලාගේ නව යටත් විජිතය
කතුවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රදේශයේ කෙනෙකි. ගමේ පාසලෙන් අ. පො.ස (සා.පෙළ) සමත්ව බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා කොළඹ විශ්ව විද්‍යාල වරම් ලබයි. උපාධියෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසර 2ක් ගුරු වෘත්තියේ යෙදුන අතර 1984 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්ව අරන්තලාව (මහඔය) ප්‍රදේශයේ උප දිසාපති ලෙස පරිපාලන සේවය ආරම්භ කොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබයි. රත්ගම ප්‍රදේශයේ වාමාංශික දේශපාලන පන්නරයද සමග කතුවරයා කොළඹ විශ්ව විද්‍යාලයේ වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි පෙළ ක්‍රියාකරුවකු වේ. ඒ හරහා ලබා ගන්නා ප්‍රායෝගික හා න්‍යායාත්මක දේශපාලන දැනුමත්, රාජ්‍ය පරිපාලන සේවයේ විචක්ෂණ රාජ්‍ය සේවාවක යෙදීමෙන් ලද දේශපාලන, පරිපාලනමය, සමාජමය හා ගෝලීය කටයුතු පිලිබඳව දැනුම හා විඥාණය, මෙම ග්‍රන්ථය තුළින් පිළිඹිබු වේ. දේශපාලන මෙන්ම සංවර්ධන පරිපාලනය නිසි මගට ප්‍රවිෂ්ඨ කිරීම සඳහා දේශපාලන න්‍යායාත්මක කරුණු හා නව යටන් විජිතවාදී උපක්රමයන් පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය බව මෙම ග්‍රන්ථය පරිශීලනය කරන්නන් අවබෝධ කරගනු ඇති බව කතුවරයා විශ්වාස කරයි.
දේශපාලන සමාජ විද්‍යාව-3
දේශපාලන සමාජ විද්‍යාව යනු සමාජ හා දේශපාලන බලයේ පැතිකඩ පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එනම් සමාජ සම්බන්ධතාහි පවතින මූලික මානයන් වන දේශපාලනික ආයතන, සමාජ කණ්ඩායම් (සමාජ පන්ති, ස්ත්‍රී පුරුෂභාවය හා ජාතිකත්වය) පිළිබඳ අධ්‍යයනයයි.
ලාඩං
ලාඩං යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි. සිතුවමකට නැගීමට දැරුණු ප්රයත්නයයි. ලෙයින් කඳුළින් තෙත් වූ ඔවුන්ගේ එදා මෙදාතුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක්-දොම්නස් ඉතිහාස කතාවේ අංශු මාත්‍රයක් හෝ මේ වෘත්තාන්තයේ තැවරී ඇත්නම් සහෝදර ජන ප්‍රජාවක් වෙනුවෙන් පිදෙන උත්තමාචාරයකි.
චමත්කාර චරිත
ලාංකේය සමාජය තුළ නොමැකෙන මං සලකුණු සටහන් කළ චරිතවල සැඟව ඇති චමත්කාරය සරලව හා රසවත්ව අප වෙත ගෙන එන මෙම කෘතිය, තවත් එක් චරිත කතා එකතුවක් පමණක් ම නොවන අපූර්ව කෘතියකි.
නවය; සැඟවුණු කතාව
//.. එම තීරණාත්මක දිනයට පෙර වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාපති යෝජනා කරනු ලැබුවේ, මෙදින ( එනම් ජූලි 09) ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට ජනාධිපති මන්දිරය පත් කර ගැනීම අවශ්‍ය බවය. ඒ මතය පිළිගැනීමෙන් පසුව ජනාධිපති මන්දිරය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ හා පොලිසියේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කෙරිණි. එහෙත් හදිසියේම ඉන්දියාවෙන් ලැබුණු ආරාධනාවක් මත යුධ හමුදාපතිවරයා එහි සංචාරයක නිරත වන්නට වූයේ මේ දිනයේදීමය. ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ මෙම සංචාරය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් ඉන්දියානු උපකාරය මත ලබා දෙනු ලැබූවක් වූ බවය.
කෙසේ වෙතත් ජන විරෝධයේ තීරණාත්මක දවස උදා වන විට ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කරන ලද ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ යුද හමුදාපතිවරයා නොසිටියේය…//
සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව
“ජන සන්නිවේදනය ශිෂ්ටාචාරයේ අභාවයට හේතු වනබව එක් සමාජ විවේචනයකි. බුද්ධිමය හා සදාචාරාත්මක හරයන් නරක අතට හැරී තිබේ. මෙම සියවසේ විද්‍යාඥයින්ගේ අපේක්ෂාව ජන මාධ්‍ය වර්ධනය සමග ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය සක්‍රීය කිරීමට අවශ්‍ය බුද්ධිය ඉන් සැපයෙන බවයි. ජන මාධ්‍ය අධ්‍යාපනය තුළින් ඒ සඳහා අපේක්ෂා ගොඩනැඟිය. නූතන දේශපාලන ඉතිහාසය තුළ බුද්ධිමය බලාපොරොත්තුවලට වලකපා ඇති අතර ජන සමාජයේ සංවර්ධනය පෞද්ගලිකත්වය විනාශයට පමුණුවා ඇති බවට ද විවේචනයකි”
වාමාංශික ජනප්‍රියවාදයක් සදහා
පසුගිය කාලයේ ලෝක දේශපාලනය තුළ
ජාතිවාදය හා වාර්ගික ස්වෝත්තමවාදය මත
පදනම් වූ දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ලක්
බලගතු ලෙස නැගී ආවේය. මෙම ප්රවාහයට
අභීයෝග කළ හැක්කේ ‘ප්‍රභූ තන්ත්රයට’
එරෙහිව ‘ජනතාව’ ලෙස දේශපාලන බෙදුම්
ඉරක් ජනප්‍රියවාදී ලෙස ස්ථාපිත කරමින්, එම
අක්ෂය ඔස්සේ බහුවිධ බලවේග ඒකරාශී කළ
හැකි ‘වාමාංශීක’ ජනප්‍රියවාදී ව්‍යාපෘතියකට බව
ශන්තාල් මුෆ් තර්ක කරයි.
දශක ගණනාවක නව ලිබරල් ආධිපත්‍යය නිසා
නොසලකා හැරීමට ලක්වූ ජනකොටස්වල
අතෘප්තීන් ජාතිවාදී ලෙසකින් සංවිධානය කිරීම
තුළින් දක්ෂීණාංශීක ජනප්‍රියවාදය සාර්ථකත්වය
ලබා තිබේ. එම අභීයෝගයට මුහුණ දීමට නව
ලිබරල්වාදය සමඟ අනන්‍ය වී සිටින ‘ලිබරල්’
මැද මාවතට නොහැකිය. වාමාංශීක
ජනප්රිියවාදය යනු වාර්ගික ස්වෝත්තමවාදයට
සහ ප්රභූවාදී නව ලිබරල්වාදයට එරෙහි, එසේම
ගතාවුගතික වාමාංශයේ පන්ති ඌනිතිවාදී
ප්‍රවේශයට ද වෙනස් විකල්ප දේශපාලනයක්
යෝජනා කරන උපාය මාර්ගයකි
ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ රාජ්‍ය සේවය එදා සහ අද
සීමිත රාජ්‍ය සම්පත්,
දේශයේ මුළු ජනගහනයටමයි.
දේශපාලනඥයාට සහ රාජ්‍ය
නිලධාරියාට බලය තිබුණාට,
අනෙකාට හිමි පංගුව කොල්ල
කෑමෙන්, මේ ආත්මයේ දී අතැම්
විට දඬුවමට සහ හැම විටම
නින්දාවට පත් වෙයි.
The Conspiracy to oust me from the Presidency
his book tells the story of the ouster of a democratically elected President through conspiracies and mob violence sponsored by interested foreign parties and with the participation of specific sections of Sri Lankan society. The events of 2022 added a new dimension to the politics of Sri Lanka which has exercised universal adult franchise since 1931 and had an unbroken record of peaceful and constitutional changes of government since gaining independence in 1948. The end of the war against the Liberation Tigers of Tamil Eelam in 2009 saw ramped up foreign intervention in Sri Lanka due to a multiplicity of motivating factors. The interventionist strategy to bring Sri Lanka under neocolonialist domination has been centered on the manipulation of communal politics and the running down of the economy. This is that story, as seen from the very epicenter of the storm.
There are no reviews yet.