දයාවංශ ජයකොඩි සහ සමාගම

දයාවංශ ජයකොඩි සහ සමාගම

Showing all 8 results

Show:

නරලොව හොල්මන් 3

Highlights:

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 3” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

දඟකාර ළමයි

Highlights:

මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ
ව්‍යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන
සුළු මුදල පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවේ. ළමයින්ගේ අතට
මිටට මුදල් නොලැබේ. පවුලේ බිඳ වටුණු ආර්ථිකය යලි ගොඩ
නැංවිමේ අදහසින් ළමයි ලොකු වැඩට අත පොවති.එහෙත් සෑම
කාර්යයක්ම අවසන් වන්නේ බලාපොරොත්තු රහිත ලෙස ය.

ඈ හෙවත් අයේෂා 1

Highlights:

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා ” පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍ය යේ එන එක ම නවකතාව වෙයි. අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයෙකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාරජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය.

රූප විපර්යාසය

Highlights:

මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්,“ බෙනය ” හා “ චීන මහා ප්‍රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්‍රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය.

බැස්කර්විල් දඩබල්ලා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක නව කථා අතුරෙන් මෙය ඉතා ම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කථාව ය. රාත්‍රී කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරි සරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කථාවට පසු බිම වී ඇත්තේ, බැස්කවිල් පරම්පරාවේ භයංකර පුරාවෘත්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.

අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති

Highlights:

පරම පූජනීය වු බුද්ධ වචනය තැන්පත් මහා සද්ධර්ම මඤ්ජුසාව වු සුත්‍ර පිටකයෙහි ඛුද්දක නීකායට අයත් “සුත්ත නිපාතය” නම් වු පාරිශුද්ධ ග්‍රන්ථයේ අංග සම්පුර්ණ සිංහල පරිවර්තනයයි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping