පසිඳු ප්‍රකාශකයෝ

පසිඳු ප්‍රකාශකයෝ

Showing all 4 results

Show:

බෞද්ධ ශීලය කුමකට ද?

Highlights:

බෞද්ධ දර්ශනයෙන් ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද යන්න
බෞද්ධ සමාජයේ ම. ඉපදී වයස්ගත වු අයට පවා නොතේරීමට,
හේතුව වර්ථමානයේ එය ඉදිරිපත් කරන වැරදි ආකාරයයි.

ඔබට දුක් පීඩා ගෙන දෙන්නේ සංවර්ධනය නොවු දියුණුකර
නොගත් ඔබගේ මනස ම ය. එය සංවර්ධනය කරගත් කළ
එය මෙලොවදී පමණක් නොව පර ලොවදීත් සතුට
ගෙනදෙයි.

මනසේ යථා ස්වභාවය හදුනාගත හැක්කේ ශීලයට අවතිර්ණය වු
තැනැත්තාට ය.

බෞද්ධ ශීල ප්‍රතිපදාව තුළින්, මානසික ස්ංවර්ධනය සිදුවන අයුරු
පෙන්වා දෙන මෙම ග්‍රන්ථය ඔබගේ දෙලොව දියුණුවට උපකාරී
වේ.

දස පුණ්‍ය ක්‍රියා හෙවත් දස කුසල කම්

Highlights:

පුණ්‍ය ක්‍රියාවන් මොනවාද යන්න ඇතැම් බෞද්ධයන් දැන
සිටියත් ඔවුන්ගේ අවබෝධය පරිපූර්ණ එකක් නොවේ.
මෙම ග්‍රන්ථය ඒ පිළිබඳ පරිපුර්ණ අවබෝධයක් ලබා
දීම පිණිස සැකසුන එකකි.

බොහෝ බෞද්ධයන් පරලොව සැප පිණිස යැයි, සිතාගෙන
ආමිස පුජාවන්වල නිරත වෙති.එහෙත් ඒවා පවා නියමාකාරයෙන්
සිදු කිරීමට ඔවුන් අපොහොසත් වන්නේ, ඔවුන් තුළ ඒ
සම්බන්ධයෙන් ඇති අනවබෝධය නිසාය.

සීගිරිය කාශ්‍යප රජුගේ මාළිඟය හා බලකොටුව

Highlights:

සීගිරිය ආශ්චර්යජනක හා ආකර්ෂණීය පුරාවිද්‍යා
ස්මාරකයක් යයි පැවසීම නුවුවමනා ය. ඒ තරමට
ම එහි ගරු ගාම්භීර තේජස ප්‍රකාශවී තිබේ.
සීගිරිය නැරඹිමට යන විඳෙස් සංචාරකයින් ඒ ගැන
කියවා ලබාගත් දැනුම සමඟ එහි යති. මේ නිසා ම
එහි ආශ්චර්ය මනාව භුක්ති විඳිමට ඔවුන්ට හැකි වේ.
දේශීය සංචාරකයන් ද පෙර සුදානමින් එය නරඹන්නේ
නම් ඔවුන්ට ද උසස් වින්දනයක් භුක්ති විඳිමට හැකි
වේ.

සුරාධුර්ත්වය (මත්පැනට ඇබ්බැහි වීම)

Highlights:

මධ්‍යසාර භාවිත ආබාධය හෙවත් සුරාධුර්ත්වය,
කෙනෙක් මධ්‍යසාරය භාවිත කරන ලීලාව මගින් ද.
ඒ හා බැඳුණු මානසික හා කායික ක්‍රියාදාමයන්
මගින් ද හඳුනාගත හැකි ය.සුරාධුර්ත්වය හා සමීපව
බැඳුුණු රෝග ලක්ෂණ කිහිපයකි. තමාගේ මධ්‍යසාර
භාවිතය පාලනය කරගත නොහැකි වීම ඉන් එකකි.
බීමට පටන් ගත් විට දින ගණනක් එකදිගට බීම
සුරාසොඬාගේ ගතියකි. මධ්‍යසාර ඔහුගේ ජීවිතයේ
ප්‍රධාන අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙන අතර,
ඔහු හෝ ඇය නිතර ම ඒ ගැන සිතයි.

මත්පැනට ඇබ්බැහි වීම එය හඳුනා ගැනීම, ඒ හා
බැඳි රෝග ලක්ෂණ හා ඒවායෙන් සිදුවන කායික
හා මානසික බලපෑම් මෙම කෘතියෙන් ඉතා සරලව
විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping