Ashirwada Publishers

Ashirwada Publishers

Showing all 26 results

Show:

එයාර්පෝට්

Highlights:

දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ගමන් ක්‍ෂේත්‍රය පිලිබඳ පෙළපොතකි. ත්‍රාසයේත්, කුතුහලයේත්, තාක්‍ෂණයේත් අපූරු සම්මිශ්‍රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප්‍රිය නවකතාව බවට පත්විය.

දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපළේත්, අව් වැසි හිම නොතකා ක්‍රියාත්මක වන ගුවන් යාත්‍රාංගණයේත්, ඉන් ඔබ්බෙහි හුදෙකලා අඳුරු පාලන මැදිරියේත් පමණක් නොව ඈත අහසේ ගමන් ගන්නා ගුවන් යානාවන්ගේත්, දිවා රෑ වෙනසක් නැති සේවාවන්හි නිරත වූවන්ගේ ජීවන ජීවන අභියෝගයන් පිළිබඳ පැහැදිලි පැතිකඩක් කතුවරයා ඉදිරිපත් කරයි.

හැටේ දශකය අවසන බිහි වී ලොව පුරා ප්‍රචලිත වූ Airport නවකතාව, පසුකාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් වූ සිනමාපටයක ආරම්භයද වූයේය. දීර්ඝකාලීන වෘත්තීය නවකතාකරුවකු ලෙස කෘතීන් එකොළහක් ආතර් හේලි අතින් නිමව වූ අතර එ අතුරින් බොහොමයක් මේ වන විට භාෂා ගණනාවකට පරිවර්තනය කොට ඇත.

සිරකාරිය

Highlights:

මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුදු කුමන්ත්‍රණ අත්විදීමට වන රොසෙටා හට කෝන්වෝල්හි ප්‍රතාපවත් සහ ගුප්ත නිවහනක ජීවත් වීමටත් සිදු වේ. ඒ සෑම අවස්ථාවකම, තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකුගේ දිවිය සමඟ බැඳී ඇති බව ඇය සොයා ගනියි.

ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප්‍රායෝගික සහ සර්ව දෝෂදර්ශී පුද්ගලයෙකි. ගුප්ත පුද්ගලයෙක් වන ජෝන් ප්ලේයර් අබිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි. අහඹු ලෙසින් ඔවුන් දෙදෙනා ගම්බද ප්‍ර දේශයේ අසල්වැසියෝය. ආබාධිත ලූකස් බැලීමට යන අතරවාරයේ රොසෙටා හට සත්‍යය හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙයි.

ඇය මෙසේ තමන්ටම පවරා ගත් මෙහෙයුම ඔවුන් මෙතරම් කලක් එකට මුහුණ දුන් ඔීනෑම විස්මයාකාර වික්‍රමයක් සේම භයානකය.

හීරා මණ්ඩි අභිසාරිකාවෝ

Highlights:

හීරා මණ්ඩි අභිසාරිකාවෝ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත්‍රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකීරිම හා සිහින සුරැකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද්‍යාලයීය කථිකාර්යවරියක වන ලුවිස් බ්‍රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප්‍රථම නළ දරුවා ලෙස උපත ලබා ඉතිහාසයට එක්වීමයි.)

මෙම නැට්ටුක්කාරියන් වාසය කරන්නේ ලාහෝරයේ මහ පල්ලියක සෙවනේය. 21 වෙනි සියවසේදී ඔවුහු පැරණි නගරයේ තාප්පවලින් පිටතට පැමිණෙති. ඔවුන්ගේ වෙළෙඳාම ගණිකා වෘත්තිය ලෙස නිරවද්‍යතාවයෙන් විස්තර කළ හැකි වුව ද එසේ නර්තනයේ යෙදෙන යුවතියන්ට කීර්තිමත් ඉතිහාසයක් ඇත.

ඔවුන්ට සුල්තාන්වරුන් විසින් දැඩි රුචිකත්වයක් දැක්වු අතර මෝගල් සංස්කෘතියේ හොඳම විදග්ධ සහ විචිත්‍ර සම්ප්‍රදායන් ඔවුන් සතු විය. වර්තමානයේ නූතන බොලිවුඩ් සෞන්දර්යය, එහි විචිත්‍රවත් සංදර්ශන, සංගීතය සහ නැටුම්වලට ආදරය කිරීම එම යුවතියන්ගේ දුරස්ථ උරුමයයි. එහෙත් මාහා හා ඇගේ දියණියන් තිදෙනා දැන් ගත කරන්නේ පම්පෝරි ගැසිය හැකි ජීවිතයක් නොවේ. ආගමික නායකයන් විසින් ඉවසා සිටින නමුත් ඔවුන්ගේ වැඩ කටයුතු ඉස්ලාමය මගින් තහනම් කර ඇති දේවල්ය. ඔවුන් ගණ්ජි (අපිරිසිදු) ලෙස සැලකෙන නමුත් මාහාට මෙන්ම ඇගේ දියණියන්ට ද එයින් ඉවත්විය නොහැකියි.

තහංචි මැද්දෙන්

Highlights:

“ආ. ඒක එච්චර වැදගත් දෙයක් නෙමේ.”
ග්ලැඩිස්ව පාවාදීමට නොහැකිව ෆැටී කීවේය.
“හොඳයි, මං කියන්නම්. ඊටපස්සෙ අපි හොයාගත්ත
ඒ අඟහරුවාදත් ලියුමක් ඇවිත් තියෙනව කියලා.ඒ
කියන්නෙ තැපෑලෙන් නෙමේ, අතේ ගෙනත් තියෙන්නෙ.
ඒකෙන් කියවෙන්නෙ මෙ වැඩේ පීටර්ස්වුඩ් වලම කෙනෙක්
කරන්නෙ කියන එක. ඒ වගේම මං අර ඉස්සරල කිව්ව
තුන් දෙනාගෙන් එක්කෙනෙක්. වයසක නෝසි, ටිට්ල් මිසී,
මූන් නෝනා.”

“හරි.” ඉන්ස්පෙක්ටර් මහත් උනන්දුවෙන් කීවේය.
මං කියන්නෙ ෆෙඩ්‍රික්, ඔයාගෙ නිගමනය කිරීමේ
හැකියාව නම් හරිම විශිෂ්ටයි.”

ෆෙඩ්‍රික් විතරක් නෙමෙයි අනෙත් අයත් හරිම දක්ෂයි.
එයාලගෙ දස්කම් බලාගන්න ඔයාලත් කැමතියි නේද?

වින්ටර්

Highlights:

ඇගේ මුහුණේ තුවාල කැළැල් තිබුණත් ඇගේ ලාලිත්‍යය කරුණාවන්තකම සහ රුමත්කම නිසා වින්ටර් අගය කිරීමට ලක් වෙයි ඇය ඇගේ කුඩම්මා වනලාවානා රැජනටත් වඩා රූමත් යයි කියනු ලැබේ

ලවානා

Highlights:

ඉතාමත් කෙටි කලකදී ශ‍්‍රීලාංකීය පාඨකයින් තුළද ඉමහත් ජනප‍්‍රියත්වයට පත් ශානර කීපයකටම අයිිති වෙන The Lunar Chronicles නැත්නම් චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාව ලොව පුරා ඉතාමත් ප‍්‍රසිද්ධ පොත් පෙළකි. විශේෂයෙන්ම ෆැන්ටසි හා විද්‍යා ප‍්‍රබන්ධ ශානරවලට කැමැත්තක් දක්වන අය මෙම පොත්වලට ආදරය කරති. චන්ද්‍ර පුරාවෘත්ත මෑත කාලයේ රචනා වුණු, සුරංගනා කතා නැවත කීමේ න්‍යාය අනුග මනය කර සාර්ථක වූ පොත් පෙළක් ද වෙයි. මෙම පොත් මාලාවේ Cinder, Scarlet, Cress, Fairest: Levana’s Story සහ winter නමිත් නවකතා පහක් ඇත, “චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ හතර වෙනි පොත ‘ලවානා’ ප‍්‍රකාශයට පත් වන්නේ 2015 වසරේදීය. හතර වෙනි ලෝක යුද්ධයක් ඇති වීමෙන් පසු එළඹුණු අනාගත ලෝකයක දිග හැරෙන එම කතාව සින්ඩර් නවකතාවෙන් ඇරඹෙන චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ සිදුවීම්වලට වඩා

වෙස්

Highlights:

දින කිහිපයක් ඇතුළත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැුකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිනි. සියලූ අහිමිවීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර විස්සකට පෙර ඔහු හැර දමා ආ ‘‘ලේක් හවුස්’’ නම් නිවෙසයි.එහිදී වසර ගණනාවකට පසු ඔහුට තම නිවුන් සහෝදරයා මුණ ගැසේ. සහෝදරයා දකිනා ඔහු විස්මයටත් සතුටටත් පත්වේ. එහෙත් හදිසියේ හමුවන සිය මවගේ දිනපොත හේතුවෙන් සිය සහෝදරයාගේ මතුපිට චරිතය පිළිබඳ ඔහු තුළ කුකුසක් හට ගනී.

තනි වූ දියණිය

Highlights:

යෞවනයේ හැ`ගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඞී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, එ්ක පාර්ශවීය දැඩි පෙමින් බැ`දී, වංචනිකයකුගේ දැළට හසුව නොම`ගට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක‍්‍ර ප‍්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක උරුම කරගනී.

පෙරදා යුවතිය

Highlights:

වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප‍්‍රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත‍්‍රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්‍ෂණයකටත් මුහුණ දිය යුතු ය.

කතන්දර කියන්නී

Highlights:

සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ‍්‍රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප‍්‍රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත්‍යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.

සැඟවුණු සංකේතය

Highlights:

සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග‍්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.

භූතාවේශය

Highlights:

අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

සම්භවය

Highlights:

අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

නිරය

Highlights:

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය. අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති. තරුණ වෛද්‍යවරියක වූ සියෙනා බෲක්ස් ඔහුගේ සහායට පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ වෙයි. අභියෝගය ජය ගන්නට නම් ඔහු සියවස් හතකට පමණ පෙර ඉතාලියේ විසූ කවියා දාන්තේ අලිගියරි සමඟ ‘නිරය’ හරහා යා යුතු වෙයි.

හේඩීස්ගේ දෙවොල

Highlights:

ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප‍්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.හේසල් ට, ෆ‍්‍රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?යොවුන් පාඨකයින් අතර වඩාත් ජනප‍්‍රිය වූ ‘හීරෝස් ඔෆ් ඔලිම්පස්’ කතා මාලාවේ සිව්වන කෘතිය ‘‘හේඩීස්ගේ දෙවොල’’, තම ප‍්‍රථම පරිවර්තනය වූ ‘‘මායා කවය’’ තුලින් ම ශ‍්‍රී ලංකාව පුරා පාඨක හදවත් අමන්දානන්දයට පත් කල රුෂේනි මානිංගමුව ගේ පරිවර්තනයෙන්.

ශිව – වායුපුත්‍රවරුන්ගේ ශපථය

Highlights:

හිස ඔසොවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියකුට පමණකි. සිය හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේ ය. එම පැමිණීමට එරෙහිව පිපිරී ගිය දිව්‍ය අස්ත‍්‍රවලින් පැවසුණේ සත්‍ය සතුරාට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය. එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සං ග‍්‍රාමයක් වූයේ ය. ජීවිත ලක්‍ෂ ගණනින් අහිමි වූවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත. සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඨ ගේ ප‍්‍රකටවීම පිළිනොගත් වායුපුත‍්‍රවරුන් ගේ උපකාරය ශිවට අවශ්‍යය.ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක් ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියා සන්නද්ධ විය යුත්තේ පශුපති අස්ත‍්‍රයෙන් ද? බ‍්‍රහ්ම අස්ත‍්‍රයෙන් ද?

මොනර පිලේ ශාපය

Highlights:

ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැුගෙන එන්නේයx එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය. නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකිය.අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?

ඩ වින්චි කේතය

Highlights:

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

ස්කාලට්

Highlights:

ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලීසිය ඒ ගැන දැමූ පැමිණිල්ල විභාග කිරීම නවතා දමා ඇත. ස්කාලට්ට උදවුවක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවකු වෙන වුල්ෆ් නමින් හැඳින්වෙන්නාය. ඇය ඔහු විශ්වාස නොකළත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වීම සිදු වෙයි. මේ අතරතුර නව බීජිංවල සිටින සින්ඩර් දුෂ්ට ලවානා රැුජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැන යෑමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යයට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත් වෙයි. ස්කාලට් හා වුල්ෆ් එක අබිරහසක සුල මුල සොයා ගැනීමත් සමග ඔවුන්ට සින්ඩර් හමුවීමත් අලූත් අබිරහසක් ගැන දැන ගන්න ලැබීමත් සිදු වෙයි. කයි කුමාරයා තමන්ගේ සැමියා, රජු හා සිරකරු බවට පත් කර ගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානමින් ඉන්නා දුෂ්ට ලවානා රැුජිනට ඔවුන් එකතු වී අභියෝග කළ යුතුයි.

කළු ඕපල් මුදුව

Highlights:

මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්න ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.එංගලන්තයෙන් ඕස්ටේ‍්‍රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප‍්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප‍්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණගැසෙන දැන් තරුණයකු වී සිටින පැරණි මිතුරකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?

ශිව – මෙලුහාවේ අමරණීයයෝ

Highlights:

ක්‍රිස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති. එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලූහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය. සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්‍ෂාව ඉපැරැණි ප‍්‍රවාදය යි. නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග‍්‍රීවය නිල් පැහැති ය. මේ, ඉපැරැණි ප‍්‍රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප‍්‍රාථමික ගෝත‍්‍රිකයා ගේ පුවතයි.

සින්ඩර්

Highlights:

තහනම් ආදරයක්. මාරාන්තික වසංගතයක්. පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි. නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සූත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග්‍රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සිදු වූවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළඹවීමක් අතර වූ දරුණු සටනකට ඇය මැදි වෙයි. සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි. දැන් පෘථිවියේ අනාගතය සුරැකීමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වූ රහස් හෙළි කර ගත යුතුය.මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.

ශිව – නාගයන්ගේ රහස

Highlights:

නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැජින කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද? ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලූ රූකඩ පාලනය කළේ මහා ඍෂිවරයෙකි. දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු  ය. නාග රණශූරයා දඩයම් කළ යුතු ය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඨ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද?‘මෙලූහාවේ අමරණීයයෝ’ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.

බටර්ෆීල්ඩ් මන්දිරය

Highlights:

සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත‍්‍රයේ ආයෝජකයෙකි. සැන් ෆ‍්‍රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?

කොරියැන්ඩර්

Highlights:

මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබී නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක්වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපළ රැුකගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වන තෝමස් හොබී ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරගනිමින් නිමවෙන අපූරු ප‍්‍රබන්ධයකි ‘‘කොරියැන්ඩර්‘‘.

ද්විත්ව අවමගුල

Highlights:

පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගුවෙන් මිදී පලායයි. පොලිස් නිලධාරියකු ලෙස වෙස්මාරුකරගෙන සිටින ඔහුට චිත‍්‍රපට තිර කතා රචකයකු වෙන ෆෙරී වෙස්ටන් මුණගැසී ෆෙරීගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැුගෙන යාමට පොළඹවා ගනී. එහි ගිය පසුව, වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජීවිතය ගැනත් පුද්ගලයන් හය දෙනකු මරා දැමූ ආකාරය ගැනත් සියලූ කරුණු හෙළි කරයි. පොලීසියට ඇතිවූ සැකයක් මත ෆෙරීගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි. ඒ අතර වෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිඳ එම නිවාඩු නිවස්නය සොයා පැමිණෙයි. කතාව නව දිසාවකට යොමුවෙන්නේ එතැනිනි. අලූතින් ජීවිතය පටන් ගැනීම සඳහා ලෝගන්ට මුදල් අවශ්‍ය වෙයි. ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කළ ආකාරයටම ඉටුවෙන්නේ ද යන්න සහ වෙස්ටන්ට සහ ලෝගන්ට ද්විත්ව අවමංගල්‍යයක හවුල්කරුවන් වීමට සිදුවෙන්නේ ද යන්න ගැන මොහොතින් මොහොත ත‍්‍රාසය හා කුතුහලය ජනිත වෙන ආකාරයට මෙය ඉදිරිපත් කර ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping