Author Publication

Author Publication

(Showing 61 – 120 products of 460 products)

Show:

මව්බස ඇගයීම වැඩ පොත 2 ශ්‍රේණිය

Highlights:

2 ශ්‍රේණියේ මව්බස විෂය නිර්දේශයට අනුව සියලු නිපුණතා ආවරණය වන පරිදි මෙම පොත සම්පාදය කර ඇති අතර ගුරු මාර්ගෝපදේශයේ අඩංගු සියලු ක්‍රියාකාරකම් වලට සමාන ක්‍රියාකාරකම් මෙහි ඇතුලත් වේ.

2 ශ්‍රේණිය වචන ලියමු

Highlights:

2017 නව නිර්දේශයට අනුව දෙවන ශ්‍රේණියට නියමිත අකුරු හා පිලි ඇසුරෙන් මෙම පොත සම්පාදනය කර ඇත.

 

2 ශ්‍රේණිය වචන හා වැකි කියවමු

Highlights:

2017 නව නිර්දේශයට අනුව දෙවන ශ්‍රේණියට නියමිත අකුරු හා පිලි ඇසුරෙන් සම්පාදනය කර ඇති මෙම පොත පරිහරණය කිරීමෙන් ඔබේ දරුවාට ඉතා පහසුවෙන් වචන හා වැකි කියවීමට හැකියාවක් ලැබෙනු ඇත.

බුද්ධි පරීක්ෂණය සන්නිවේදන හැකියාව

Highlights:

බුද්ධි පරීක්ෂණය විෂයයේ අන්තර්ගතය තුළ සන්නිවේදන හැකියාවට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. එබැවින් මෙම ග්‍රන්ථය පරිශීලනය තුළින් සන්නිවේදන හැකියාව මැන බැලීමේ විවිධ අවස්ථාවන් අවබෝධ කර ගැනීමටත් අධ්‍ය‍යනය කිරීමටත් අවස්ථාව උදාවේ.

අ.පො.ස. (උ.පෙළ) ගෘහ ආර්ථික විද්‍යාව බහු වරණ ප්‍රශ්න පත්‍ර

Highlights:

අ.පො.ස. (උ.පෙ) ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සියලු නිපුණතා මට්ටම් ආවරණය කිරීම මෙම ග්‍රන්ථය මගින් සිදුවෙයි. වරණ 5 කින් යුක්ත වූ ප්‍රශ්න 50 ක් බැගින් අන්තර්ගත ආදර්ශ බහුවරණ ප්‍රශ්න පත්‍ර 10 ක් මෙහි ඇතුලත් වේ. ගෘහ ආර්ථික විද්‍යා විෂයයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට සමාන වන ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත.

සියලුම තරඟ විභාග සඳහා සාමාන්‍ය දැනීම

Highlights:

වර්ථමානයේ සෑම විෂයක් ගැනම පුළුල් දැනුමක් සහිත පුද්ගලයින් තම ආයතන වලට බඳවා ගැනීමට ආයතන ප්‍රධානීන් පෙළඹී ඇත. මේ නිසා විවිධ රැකියා සඳහා පුද්ගලයින් බඳවා ගැනීමේ තරඟ විභාග වලදී අපේක්ෂකයන්ගේ සාමාන්‍ය දැනීම පරික්ෂා කිරීම බොහෝ විට සිදුවේ.
පාසල් මට්ටමේ තරඟ වලදීද සිසු සිසුවියන්ගේ සාමාන්‍ය දැනීම පරික්ෂා කිරීමේ ප්‍රශ්ණ නිතර ඇතුලත් කරනු ලබන බව දැකිය හැකිය.
මෙම පොත පාසල් දරුවන් මෙන්ම වැඩිහිටි අයටද ප්‍රයෝජනවත් වනු ඇත.

12 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව

Highlights:
  • විෂය නිර්දේශය ආවරණ ප්‍රශ්න මඟින් පාඩමට අත්වැලක්
  • ආදර්ශ ප්‍රශ්න
  • බහුවරණ ප්‍රශ්න පත්‍ර

ග්‍රාම නිලධාරී විභාග ජයමඟ

Highlights:
  • බුද්ධි පරීක්ෂණය
  • සාමාන්‍ය දැනීම
  • භාෂා හැකියාව
  • පසුගිය ප්‍රශ්නපත්‍ර

ග්‍රාම නිලධරී විභාගය ජය ගැනීමට අවශ්‍ය සියළු කොටස් පසුගිය ප්‍රශ්නපත්‍ර සමඟින්, ග්‍රාම නිලධරී විභාගය ලියන සෑම දරුවෙක්ම අනිවාර්යයෙන්ම අධ්‍යනය කළ යුතු ග්‍රන්ථයකි.

 

පෙර පාසල් දරුවන් සහ ආරම්භකයන් සඳහා දෙමළ

Highlights:

පෙර පාසල් දරුවන් සහ ආරම්භකයන් සඳහා දෙමළ

2 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රශ්න සහ පිළිතුරු

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත.

විෂය කරුණු තහවුරු වන පරිදි විෂය නිර්දේශය හා ගුරු මාර්ගෝපදේශයේ පිළිවෙළට ප්‍රශ්න සකස් කර ඉදිරිපත් කර ඇත.

මූල්‍ය කළමනාකරණය – න්‍යා‍ය සහ භාවිතය

Highlights:

පෙළගැස්ම

  • මූල්‍ය කළමනාකරණය හැඳින්වීම
  • මුදලේ කාල අගය
  • ප්‍රාග්ධනයේ පිරිවැය
  • අවදානම් සහ ප්‍රතිලාභ විශ්ලේෂණය
  • සුරැකුම්පත් අගය කිරීම
  • කාරක ප්‍රාග්ධන කළමනාකරණය
  • ප්‍රාග්ධන ව්‍යුහයක් සැලසුම්කරණය කිරීම
  • ලාභාංශ න්‍යායයන් සහ භාවිතය

සරල පාලි වියරණය

Highlights:

පාලි භාෂාව අළුතෙන් හදාරන්නට පිවිසෙන පිරිවෙන් සහ පාසැල් සිසුනට දයාවෙන් පිරිනැමෙන තිළිණයක් බඳු මේ අනගි අත්පොත පරිහරණයෙන් ඔවුන්ගේ භාෂා චාතුර්යය මනාව සංවර්ධනය වනු නිසැක අතර උසස් විභාගයට ආත්ම විශ්වාසයෙන් ඉදිරිපත් වීමට අදාළ කෞශල්‍ය‍යන් ද ප්‍රගුණ වනු ඇති බව නොඅනුමානය.

ගණිතය සතුට – ගණිතය වැඩ පොත 03 ශ්‍රේණිය

Highlights:

ගණිත සතුට, ගණිතය වැඩපොත 2018 සංශෝධිත නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත.

දඟකාර මී මැසි පැංචා

Highlights:

එක දවසක් පුංචි මී මැස්සා උදෑසනින් ම නැගිට කෑම සොයා යෑමට තීරණය කළා. එක් උදෑසනක ඔහු කවුරුවත් නැතිව තනිව කෑම සොයා ගියා. ටික වෙලාවකින් නැගිටි මී මැස්සන් පුංචි මී මැස්සා මී වදේ නැති බව දැන ගත්තා.

12 – ශ්‍රේණීය දේශපාලන විද්‍යාව ඉලක්ක ප්‍රශ්න + පිළිතුරු

Highlights:

අ.පො. ස උසස් පෙළ ශ්‍රේණීය දේශපාලන විද්‍යාව නව විෂය කරුණු පිළිබඳ සංකල්ප සාධනය මෙන්ම ප්‍රවීණතා ඉගෙනුම් නිර්ණායක මුලිකව ඇගයීම මෙම කෘතිය සම්පාදනය කිරීමේ සුවිශේෂ අරමුණයි.

ස්වයං අධ්‍ය‍යන උපදෙස් අඩංගු බුද්ධි පරීක්ෂණය අභියෝග්‍යතාවය අවබෝධය

Highlights:

සැබෑ අභියෝගයක් යනු ජය ගැනීමට ඇති බාධකයයි. තමා වෙත ලිඛිතව ඉදිරිපත් කරනු ලබන ගැටලු වලට නිවැරදි පිළිතුරු ලබාදීමේ හැකියාව මැන බැලීමේ ලොව පිළිගත් ක්‍රමය අභියෝග්‍යතා පරීක්ෂණය සහ බුද්ධි පරීක්ෂණය නම් වේ.

Business Studies Question Bank – Part 01

Highlights:

“Business Studies Question Bank – Part 01 is a complete guidance that provides its readers a deeper insight necessary to the comprehension and analysis of how the world of business works in practice. Even though the author wants to produce a question bank for target group, the book is providing versatile knowledge on topics of business studies.

මව්බස අකුරු ලිවීම පොත 2 ශ්‍රේණිය

Highlights:

2017 නව නිර්දේශයට අනුව 2 ශ්‍රේණියට නියමිත අකුරු හා පිලි ද යංශය හා රකාරාංශය ද ඇතුළත් වේ.

දේශපාලන විද්‍යාව කෙටි සටහන් III

Highlights:

වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 5 සහ 6 ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.

Teaching Students with Learning Difficulties and Disorders

Highlights:

Index

  1. Introduction
  2. Understanding Learning Difficulties
  3. Factors that can affect the Learning process
  4. English as a 2nd Language
  5. Planning an effective learning session…etc.

උපායමාර්ගික කළමනාකරණය (න්‍යා‍ය, සංකල්ප හා භාවිතයන්)

Highlights:

ෆ්‍රෙඩ් ඩේවිඩ් (Fred David) නිර්වචනය කරන ආකාරයට උපායමාර්ගික කළමනාකරණය යනු, “සංවිධානයකට එහි අරමුණු ලඟා කර ගැනීමට හැකි වන පරිදි විවිධ ශ්‍රිතමය තීරණ සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, සහ අගයනු ලබන කලාව සහ විද්‍යාවයි.

මහජන බැංකු සහකාර කළමනාකාර 3-III ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය සඳහා MCQs සහ ව්‍යුහාත්මක ගැටළු විසඳුම්

Highlights:

බැංකු සහකාර කළමනාකාර 3-ශ්‍රේණියට උසස් කිරීමේ විභාගයට පෙනී සිටින සිසුන්ට විශිෂ්ඨ සාමාර්ථයක් ලබාගත හැකි ආකාරයට මුළු විෂය නිර්දේශයම ආවරණය කොට නවතම කරුණු ඇතුළත් කොට සකස් කළ විශිෂ්ඨ ග්‍රන්ථයකි.

ළමා සාහිත්‍ය නිර්මාණකරණයට අත්වැලක්

Highlights:

පෙළගැස්ම

  1. ළමා සාහිත්‍යකරණය
  2. ළමා සාහිත්‍ය නිර්මාණකරුවකුගේ වගකීම
  3. ළමයින් සඳහා පොත් ලිවීම
  4. ළමා ළැදියාවට අනුව ළමා සාහිත්‍ය නිර්මාණ සකස්වීමේ වැදගත්කම
  5. ළමයින් සඳහා ප්‍රබන්ධ කතා රචනය
  6. ළමා කතාවක් කෙසේ නිර්මාණය කළ යුතු ද?

 

විචාරයෙන් වින්දනයට

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා 2017 වර්ෂයේ සිට නියමිත කෙටි කථා සංග්‍රහයේ කෙටි කතා පහළොවට (15) ලියැවුණු විචාර ග්‍රන්ථයකි.

ජ්‍යෙෂ්ඨ කළමනාකාර II ශ්‍රේණියට උසස් කිරීම සඳහා වු විභාගය

Highlights:

දෙවන පත්‍රයේ අනුමාන ප්‍රශ්න උත්තර සමඟ පළමු පත්‍රයේ MCQs ග්‍රන්ථය

මෙම කෘතියෙන් ආවරණය කරනු ලබන්නේ,

  • පළමු ප්‍රශ්න පත්‍රය – MCQ 200
  • දෙවන ප්‍රශ්න පත්‍රය – ප්‍රශ්නෝත්තර 40

සිංහලෙන් හින්දී (සහ උර්දු) බස

Highlights:
  • තනිවම ඉගෙන ගන්න ආරම්භකයන් සඳහා සම්පූර්ණ පාඨමාලාවකි.
  • සා.පෙ./ උ.පෙ. විභාග ප්‍රශ්නපත්‍ර ඇතුලත් කර ඇත.
  • හින්දි චිත්‍රපට ගී 30 ක තේරුම සමඟ පදමාලා ඇතුලත් කර ඇත.

ව්‍යාපාර අධ්‍ය‍යනය II

Highlights:

ව්‍යාපාර අධ්‍ය‍යනය II ග්‍රන්ථය ලෙස නම් කර ඇති මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කරන්නේ II ප්‍රශ්න පත්‍රයේ II කොටසට අදාළ මාතෘකාව ඇසුරින් ඇසෙන වාස්තවික ගැටළු හා ව්‍යුහාත්මක ගැටළුය. මෙහිදී 2019 නව ප්‍රශ්න පත්‍රය යටතේ ප්‍රකාශිත උසස් පෙළ ප්‍රශ්න හා එහි පිළිතුරු ආදර්ශයට ගෙන තිබේ.

පාප ක්‍රිස්ටි

Highlights:

මට තේරුනා මං කරපු පව් වල තරම.
ස්වාමි ගැඹුරු හුස්මක් අරං පහල
දැම්මෙ හරියට අනේ මේ වගේ.
පව්කාරයෙක් කියන්නා වගේ.
ස්වාමි බලන් ඉන්නවා,
තව මොනවද උඹ කරපු පව්
කියලා අහන්නා වගේ.

මං පඩයක් අතට අරං
ඉඹලා බැලුවා කිව්වා.
ඒක පාපයක්.
ලමයෙක් කවදාවත් කරන්ඩ
හිතන්නවත් හොඳ නැති.

ශ්‍රී ලාංකීය කෘෂිකර්මයේ චිරස්ථායි පදනම සහ පැරණි දේශීය සංස්කෘතිය

Highlights:

වැව් ශිෂ්ටාචාරයේ අංග ලක්ෂණ ගොවිතැනට සම්බන්ධ වූ ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරිමක් මෙම පුස්තකය තුළ අන්තර්ගතව ඇත.

මෙම ග්‍රන්ථය තුළ අප සිටින මේ භූමියේ ඓතිහාසික සන්දර්ය ඉතා දිර්ඝ ලෙස සාකච්ඡා කරනු ලබයි. ඒ තුළ අප මුතුන් මිත්තන් “තණකොළ ගසින් ධාන්‍ය‍ය ගස වෙන් කර හඳුනා ගෙන ඇත.” එය කෘෂි ඉතිහාසයේ සන්ධිස්ථානයකි. ඉන් නොනැවති අප විසින් ‘වී’ ගස වෙන්කර හදුනා ගන්නා ලදි. වී ගස අපි සංවර්ධනය කළෙමු. ඒ අනුව අපි වී වර්ග ‘3000’ වැඩි ප්‍රමාණයක් සකස් කර ගත්තෙමු. ඒ සම්බන්ධ දැනුම අති විශාල බව ග්‍රන්ථය කියවන පාඨකයන්ට තේරුම් ගත හැකිය.

අසා ලිවීම පොත 2 ශ්‍රේණිය

Highlights:

2017 නව නිර්දේශයට අනුව 2 ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශයට අදාලව සම්පාදනය කර ඇති මෙම පොතේ හල් කිරීම ඇතුලුව සියලුම පිල්ලම් ද 2 ශ්‍රේණියේ අලුතින් හදුන්වා දෙන අකුරු හා පිලි ද යංශය හා රකාරාංශයද සිංහල කියවීම් පොතේ ඇතුලත් වචන හා වැකි ද අඩංගු වේ.

මව්බස වචන ලිවීම පොත 02 ශ්‍රේණිය

Highlights:

2017 නව නිර්දේශයට අනුව 2 ශ්‍රේණියට අලුතින් හඳුන්වා දෙන අකුරු හා පිල්ලම් ද යංශය හා රකාරාංශය ද ඇතුළත් වචන ඇසුරින් රූල් පහට අනුව මෙම පොත සම්පාදනය කර ඇත.

දත්ත සැකසීම කළමනාකරණ තොරතුරු පද්ධති සහ තොරතුරු තාක්ෂණය

Highlights:

කෘතියේ අන්තර්ගතය

  1. තොරතුරු පද්ධති
  2. පරිගණක පිළිබඳ හැඳින්වීම
  3. පරිගණක යෙදුම්
  4. පද්ධති සංවර්ධනය
  5. පද්ධති ආරක්ෂාව
  6. තොරතුරු තාක්ෂණය.. යනාදියෙන් යුක්ත කෘතියකි.

අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය

Highlights:

සරලව හඳුන්වනවා නම් අලෙවිකරණය යනු සමාජීය අවශ්‍යතා හඳුනාගෙන තෘප්තිමත් කිරීම යි. (Marketing simply means identifying and satisfying social needs) දක්ෂ අලෙවිකරුවන් විසින් සමාජීය සහ මිනිස් අවශ්‍යතා ලාභදායී ලෙස (Profitably) සම්පූර්ණ කරනු ලැබේ. එනම් අලෙවිකරුවන්ගේ අරමුණු ඉටු කර ගනු ලබන අතරම මිනිස් අවශ්‍යයතා සහ වුවමනාවන් ද තෘප්තිමත් කර දෙන බවයි.

කරුමයක අරුමය

Highlights:

සියල්ල සමසිතින් විඳ දරා ගනිමින් ඊයම් බරු තරම් බර ඝන කඳුළු කැට, හදවත පතුලේම ගොඩගැසෙන්නට ඉඩහළ ඇය, විසල් බාධක හමුවේ වුව නොසැලි නෑගී සිටින්නට ලද ශක්තිය, ඇගේ උරුමය විය.

අනන්තයෙන් ගැලූ සිහිනය

Highlights:

අනන්තයෙන් ගැලූ සිහිනය

සුලක්ඛනා (කෙටිකතා සංග්‍රහය)

Highlights:

“රහීම් හරියට අම්ම වගේ…”
“ඇයි එහෙම කිව්වෙ?”
“එයාටත් කොතරම් අමාරුවෙන් හිටියත් හිනාවෙන්න පුළුවන්…” (සුලක්ඛනා)

“නෝනා මේ වෙලාවෙ තමයි භූතයා එළියට යන්නෙ. මහත්තයගෙ ඇඟේ ගෑවෙන්න නැතුව තව පැයක්වත් ඉන්න ඕනෙ. නැත්නම් භූතයා නෝනට වැහෙන්න ඉඩ තියෙනවා…” (සිත කියවීම)

“මම පුංචි කාලෙ ඔයාට අනුකම්පා කළා. දැන් මම අසරණ හිඟන්නියක් වගේ කියල හිතාගෙන මට අනුකම්පා කරනවද? ඇයි මාව මේ විදිහට අසරණ කරන්නෙ?” (අලෝකා මැණිකේ)

ගෙදර යන දා (කෙටිකතා සංග්‍රහය)

Highlights:

ඈත අහසේ හිරු ගිනි බෝලයක් සේ සයුරෙහි ගිලෙමින් පවතී. උදයේ ආහාර සොයා ගිය කපුටෝ නැවත තම කැදලි කරා පියඹා යති. අවට අඳුර පැතිරෙනවාත් සමග තිබූ උණුසුම අඩුවෙමින් පවතී.

ඔරු කඳේ හිඳගෙන පොතක් කියවන්නට පටන් ගත්තත් සිතුවිලි වෙනත් දෙයකට මා යොමු කරයි. මගේ තාත්තා කවදා මා බැලීමට ඒවි ද?

ඔහු මා පිළිබඳව සිතමින් දුක් වෙනවා ඇත් ද?

අම්මා කියූ ලෙසට තාත්තා දුර රටකට ගොස් ඇත් ද?

සිතුම් නදී

Highlights:

ගැමි සිතුම් පැතුම් පොදි බැඳගෙන දිවි ගෙවන අනුෂා දෙස ඕනෑම කෙනෙක් උවමනාවෙන් යුතුව බලයි. උසට සරිලන මහත නළල, දෙබෑම මේ සියල්ල ඇගේ සුන්දරත්වය වැඩි කිරීමට සමත් ය. එවැනි ගැමි සිතුවිලිවලින් හැඳී වැඩුණු අනුෂා විසල් කෙරෙහි තම සිත වැඩියෙන් යොමු කිරීම පුදුම සහගත ය. එහෙත් එය පුදුම වීමට කරුණක් නොවේ.

එරීනා – අන්දිශා ආදර අන්දරය

Highlights:

සෝවියට් දේශයේ අතිශයින් ප්‍රසිද්ධ ස්ටෙප්ස් තෘණ නිම්න දෙසින් ශීත කාලයේ ගල් ගැසී තිබු අයිස් කුට්ටි දියවීමෙන් පසුව එළඹි වසන්තයේ දිය වී ගිය හිම සිසිල මුසුව හමා එන සුළං වල මිහිරි සුවඳ මැද දිනයක යෙලන්කා ගඟේ තොටුපල අයිනේ බැටලු සමින් කළ කබායක් ඇඳගත් විශ්‍රාමික තලස්තෑනි සොල්දාදුවකු වයස අවුරුදු පහක දඳකාර වාන්යා නමැති කොලු පැංචකු සමඟ ගඟෙන් එතෙර කර්සායි ගම වෙත තමන් කැඳවාගෙන යාමට ඔරුවකින් මිතුරා එන තෙක් ගත කරන කාලය තුළ එතැනදී හදිසියේ හමුවන අමුත්තකු හා කතා බහකට ඈඳේ.

බිහිසුණු ජ්ර්මානු බෝම්බයකින් නිවස සමඟ බිරිඳ හා දියණියන් දෙදෙනාත් ඉලක්ක වෙඩි පහරකින් හමුදා සේවයේ සිටි එකම පුතාත් විනාශ වී මියැදීම ඇතුළත් ශෝකාන්ත කතාව සම්බන්ධිත දෑ මෙහි අන්තර්ගතය වේ.

බාලේ පෙම්බර

Highlights:

“අම්මේ.. අන්න ඉලුප්පැල්ලෙ නැන්ද ලිප්බොක්කෙ නිදානයක් වලදැම්ම. මමයි හිච්චිඅයියයි දැක්ක ඇත්තමයි. වැලියි කොස් ඇටයි නිදානෙයක්…”

“ආ… උන්දැගෙ වැලිකොස්ඇට වල එහෙනං මේ සැරෙත් දැම්මද?”

“අම්මෝ අම්මෙ, මහ කන්දරාවක් දැම්ම අන්න. කාට කන්නද ඔයාකාර…”

 

අධ්‍යාපන සමාජවිද්‍යා චින්තන

Highlights:

අධ්‍යාපන ගැටලු සමාජවිද්‍යාත්මක චින්තනයකින් යථා පරිදි හඳුනාගෙන විසඳුම් සොයා ගැනීමට නිසි මඟ පෙන්වීමක් මෙම කෘතියෙන් ලබා දී ඇත.

සමාජවිද්‍යාව හා අධ්‍යාපන සමාජවිද්‍යා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත සියලු පාඨකයින්ට මෙන්ම, අධ්‍යාපන වෘත්තිකයන්ට අගනා මූලාශ්‍රයක් ලෙස පරිහරණය සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කළ හැකිය.

ලෝක සාමය – කහසුළඟ 3

Highlights:

ජාතිය, ආගම, භාෂාව, සමේ වර්ණය ආදී වූ විවිධ හේතුන් මත බෙදී වෙන්වී ලොව පුරා වාසය කරන මිනිස් වර්ගයා පුංචි විරාමයක් සඳහා එයින් මුදවාගෙන සමස්ත මිහිතලය පුරා විසිරී සිටින්නේ එකම එක මනුෂ්‍ය වර්ගයක් බව ඒත්තු ගැන්වීම සඳහා තම ආධ්‍යාත්මය පුරුදු පුහුණු කරවීමට ගත් උත්සාහයක් ලෙස ලෝක සාමය – කහසුළඟ 3 කෘතිය හැඳින්විය හැක.

අවසාන පැය

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. අවසාන පැය
  2. බාප්පාගේ මරණය
  3. ඩයස් මහත්තයා
  4. ජයසේනගේ බලාපොරොත්තුව
  5. නාගයා
  6. ආච්චිගේ උදව්ව
  7. පන්සලේ කපු මහත්තයා….යනාදි කෙටිකතා 16 කින් සමන්විත වේ.

මම ගමේ – ගම මගේ

Highlights:

අල්ලාගෙන නෙරිය අතකින් කින්ද                         නගේ
වසාගෙන දෙතන සළුපටකින්ද                                නගේ
හිමියෙක් නැති ගමන් යන්නේ කින්ද                       නගේ
අම්බලමේ පොඩ්ඩක් නවතින්න                               නගේ

දුර්භික්ෂ

Highlights:

“අප්පච්චි ඉලව්වකටවත් පස් පාගන්ට මට… තහංචි කරලා තියෙද්දි… අම්මා මට එන්ට කරදහිය ලියා එව්වෙ.. මොහොකටද කියලා මට හිතා ගන්ට බෑ…”

යනුවෙන් ඇය ඉතාමත් පහත් ස්වරයෙන් පැවසුවද එය සිදෝරිස්ගෙන් අසන ලද පැනයක්ද නොවීය. එහෙත් සිදෝරිස් ඊට ක්ෂණිකව පිළිතුරු සැපයුවේය.

හිම උණුසුම

Highlights:

මෙම නව කථාව මහාද්වීප තුනක එකතුවකි. ලාල් විජේසිරිවර්ධන මහතා ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් සෝවියට් දේශයේ ඉගනුම ලැබු සමයේ අත්දැකීම් ලියා ශ්‍රී ලංකාවේ මුද්‍රණය කළ මෙම නවකතාව විසින් කියාදෙනුයේ යෞවනයේ දිරිය පුද්ගල සුඛ විහරනයක ජීවන පැතිකඩක් පමණක් ම නොව මානුෂීය හැඟීම් දැනීම්වල ගලනයකි.

හෙනානිගල ආදිවාසී උරුමය

Highlights:

මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබු හෙනානිගල ගම්මානය සුවිශේෂි වන්නේ, ආදිවාසී සංස්කෘතිය අදටත් හොඳින් ඉතිරි ව පවත්නා ගම්මානයක් වන බැවිනි.

මෙරට ආදිවාසී ජනතාව පිළිබඳ ව අධ්‍ය‍යනය කළ ප්‍රමුඛතමයන් දෙදෙනකු වන සෙලිග්මාන් සහ ස්පිට්ල් යන දෙදෙනා මෙන් ම, හෙනානිගල ආදිවාසීන් පිළිබෙ ව මෙම ග්‍රන්ථය සම්පාදනය කරන රංගන කුරුවිට ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. හෙනානිගල ගම්මානය පිහිටුවීම, එහි වර්තමානය, සංස්කෘතිය පසුබිම ආදිය පිළිබඳ ව සාමාන්‍ය ජනතාවට කියැවිය හැකි ආකාරයේ ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.

සිහින පහුර

Highlights:

කළ වැරදි සමාවෙන් වහන්න බැහැ කල්ප. තරුණ ගැහැණු ළමයි සුපිරි වෙළඳසැල්වල විකිණෙන්න තියෙන බෝනික්කන් ගාණට හිතන්න එපා. දන්නවද? ඕනෑම සත්ත්වයෙකු පරිසරයෙන් පැනවෙන සීමාවෙන් නොඉක්මවා හැසිරෙන්න ඔවුන්ගේ චරියා රටාවන් හදාගන්න බලනවා. ඒත්, දෙපා සත්ත්වයන් පරිසරය පාලනය කරමින් එම සීමාවන් ඉක්මවා යන්න විකල්ප මාර්ග සොයනවා. හිතාමතා වැඩක් කරන්න බුද්ධියක් තියෙන කොට, තවතවත් වැරදි කරන්න හිතුවොත් ඒක තමයි බොහෝ අය කරන ලොකුම මෝඩකම.

සදාතනික ප්‍රේමය සොයා..

Highlights:

මා සිහින මැව්වේ, රාමා-සීතා වැනි මහා ප්‍රේමයක් ගැන ය. මාගේ සිතෙහි මධූ ගැන වූ ප්‍රේමය එවැනි තත්ත්වයකට වර්ධනය වී තිබිණි. මා ප්‍රේමය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සුදානමින් සිටියෙමි. කොටින්ම කියතොත්, ඇය කිසියම් අනතුරකට භාජනය වී අත-පය හතරම නැතිව කොතරම් විරූපී සිටියත්, ඇයව ආදරයෙන් භාර ගැනීමට තරම් සිතක් මා තුළ ඇය වෙනුවෙන් තිබිණි.

අනුහස් අදහස්

Highlights:

කාලයත් එක්කම මගේ මතක ආගාධයේ පතුලෙම හැංගිලා තිබුණ මගේ මුල්ම ප්‍රේමවන්තිය ගැන අනුවේදනීය තොරතුරු යාවත්කාලීන කිරීමත් කරන ගමන් මගේ මිත්‍රයා ඇය ගැන විවේචනය පිරුණු ඇනුම් පද මල්ලක් පුරවලා මගේ පැත්තට විසි කළා. නින්දක් නැතිවම ගෙවුණු වෙහෙසකර රාත්‍රියකට පස්සෙ කාටවත් නොකියාම මගේ මිත්‍රයා කිව්ව විදිහට මම ගියා ඇයව බලන්න.

කල්‍යාණියේ නුඹ නාඩන්

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. මාලා දුවගේ උපන් දින සාදය සහ මාලා දුවට ලැබුණු උපන් දින තෑග්ග
  2. රා මදින්නාගේ බිරිඳගේ ප්‍රතිබිම්බ පුරාණය
  3. මාලිගේ කායික වේදනා සන්තෘෂ්ටිගත සිරිමල්
  4. පලංචියේ ලී ඉරුවේ අපි දෙන්නා
  5. කල්‍යාණියේ නුඹ නාඩන්
  6. පාසලේ අධ්‍යාපන ගමන…

09 ශ්‍රේණිය විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙවන වාර පරීක්ෂණය

Highlights:

09 ශ්‍රේණිය විද්‍යාව දෙවන වාර පරීක්ෂණය ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය

09 ශ්‍රේණිය විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර

Highlights:

09 ශ්‍රේණිය විද්‍යාව විෂයට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය

04 ශ්‍රේණිය සිංහල

Highlights:

2019 වර්ෂයේ සිට 4 ශ්‍රේණියට නිර්දේශිත විෂය නිර්දේශය හා ගුරු මාර්ගෝපදේශයට අනුව, මේ පොත රචනා කර ඇත.

05 ශ්‍රේණිය සිංහල

Highlights:

05 ශ්‍රේණිය සිංහල පෙළ පොතින් භාෂාව ඉගෙන ගනිමු.
2020 නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත.

05 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රශ්න සහ පිළිතුරු (1 කොටස)

Highlights:

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය කරුණු ආවරණය කිරීමට මේ පොත රචනා කර ඇත. විෂය කරුණු තහවුරු වන පරිදි ගුරු මාර්ගෝපදේශයේ පාඩම්වල ඇතුළත් ක්‍රියාකාරකම් පිළිවෙළට ප්‍රශ්න සකස් කර ඉදිරිපත් කර ඇත.

03 ශ්‍රේණිය විභව්‍යතාමාන (ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන)

Highlights:

කෘතියේ අන්තර්ගතය

  1. ආදේශන හැකියාව
  2. තර්කන හැකියාව
  3. පරිවර්තනය
  4. ගැටලු විසඳීම
  5. අන්තර් සම්බන්ධතා
  6. නිරික්ෂණ හැකියාව
  7. උපදෙස් නිවැරදිව පිළිපැදීමේ හැකියාව…

01 ශ්‍රේණිය විභව්‍යතාමාන මිශ්‍ර අභ්‍යාස

Highlights:

විභව්‍යතාමාන
මිශ්‍ර අභ්‍යාස
(ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන)
නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත.

04 ශ්‍රේණිය පරිසරය

Highlights:

04 ශ්‍රේණිය පරිසරය නව විෂය නිර්දේශය ආශ්‍රිත ක්‍රියාකාරකම්
ප්‍රශ්න සහ පිළිතුරු
පාඩමෙන් පාඩමට, ක්‍රියාකාරකමෙන් ක්‍රියාකාරකමට අභ්‍යාස ඇතුළත් කර ඇත.

1 2 3 4 7 8
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping