Author Publication

Author Publication

(Showing 241 – 300 products of 460 products)

Show:

උරුමයක අසිරිය

Highlights:

ඈත පිටිසර ගමක ගමගෙදරක් විය.ගම මහත්තයාගේ බිරිඳවන ගම මහගේ ට කුළුදුල් දරුවා ලැබුණි. “සරමක් ද කම්බායක් ද” එහෙමත් නැත්නම් “අපිට ද තොපිට ද” ඒ දරුවා කෙල්ලෙක් ද කොල්ලෙක් ද යන්න ගැමියන් විමසන ආකාරයයි.

ආර්ථීක විද්‍යාව 13 ශ්‍රේණිය පිළිතුරු සමඟ රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න

Highlights:
  • මුදල්, මිලමට්ටම සහ බැංකු
  • රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති
  • විදේශ වෙළෙඳාම
  • ආර්ථීක වර්ධනය සහ සංවර්ධනය
  • ජනගහනය, ශ්‍රමබලකාය හා සේවා නියුක්තිය

03 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2018 වර්ෂයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව සකස් කරන ලද නව විෂය නිර්දේශය ඇසුරින් සම්පාදනය කර ඇත.

05 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2020 නව් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අදාළව සකසා ඇත.

  • අවබෝධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා සවන් දෙයි
  • අවබෝධයෙන් පැහැදිලි උච්ඡාරණ සහිතව අර්ථ‍ය පැහැදිලි වන සේ කතා කරයි
  • කියවීමේ යාන්ත්‍රණය අනුගමනය කරමින් කියවයි
  • සම්මත නිවැරදි ක්‍රමයට ලියයි

තල­ගලේ සිටු­ව­රයා

Highlights:

කතාව ආරම්භ වන්නේ මහ බමුණු ගමට සමීපව පිහිටා තිබෙන සල්පිලක තොරතුරු සමඟයි. ගමේ එඩිතර හා මිතුරන් අතර ජනප්‍රිය තරුණයකු වූ කව්රාල නැත්නම් අපර නාමයෙන් හඳුන්වන ජුණ්ඩා සල්පිලේ කටයුතු සාර්ථකව මෙහෙයවූ අතර එය ගැමියන්ගේ අගය කිරීමට ද හේතු විය. ගමේ කවුරැත් මෙසේ ජුණ්ඩා නමින් හඳුන්වන තරුණයාට යම් යම් අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වූ ආකාරය අප ලේඛකයා ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ කායික හා මානසික ගති ලක්ෂණ ද සලකුණු කරමිනි.
ගමේ ප්‍රබල පවුලක බඩපිස්සා වූ ජුණ්ඩාගේ පියා වෙදරාළ කෙනෙකි. ඔහුගේ මව මේනුපාච්චිය. අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ඔහු කුඹුරැ ගොවිතැන් කරන ලද්දේ තමන්ගේ මිතුරන් ද එක්කර ගනිමිනි. එක් අතකින් ජීවිතයේ භාරදූර බව නොසිතා සෙල්ලක්කාර ජීවිතයකට ඇබ්බැහි වූ ඔහු ඇතුළු යහළුවන් ජල ස්නානය සඳහා ගමේ ජලාශය ආශ්‍රිත අඹගහමුල මංකඩ තෝරාගෙන ඇති අතර දිය නෑමට එන කාන්තාවන් සමඟ උසුළු විසුළු කිරීමට පමණක් නොව දිය යටින් ගොස් කාන්තාවන්ගේ ශරීර ස්පර්ශයට ද යොමුවන බව පෙනේ.

මහබමුණු ගමේ කාගෙත් සිත් දිනාගෙන ජීවත් වුවද ජුණ්ඩා තරැණ හා විවාහක කාන්තාවක් සමඟ ද විවිධාකාරයේ සම්බන්ධතා පවත්වාගෙන ගිය අතර ඒ නිසා ඔහුගේ ජීවිතයට ද අවදානම් අවස්ථා ඇති නොවූවා නොවේ. පළමුව ගමේ කඩයට එන කපුරැහාමි නම් මැදිවියේ පසුවන පුද්ගලයාගේ තරුණ බිරිඳ සමඟ කුළුපගතාවක් ඇති කරගනී. කෙසේ හෝ කිරිමැණිකා (කපුරැහාමිගේ බිරිඳ) තම වසඟයට ගැනීමට ජුණ්ඩා සමත් වේ. මෙහිදී හේරත් ඊට පසුබිම් වූ තත්ත්වයක් ක්‍රමානුකූලව විවරණය කිරීමට වෙර දරා ඇතැයි කිව යුතුයි. එදා අද මෙන් නොව ගමේ කඩය බොහෝ දෙනාගේ කතාබහට පාදක වන එක්තරා අන්දමක සන්නිවේදන මධ්‍යස්ථානයකි. ජුණ්ඩා ද මෙසේ කඩයට පැමිණ ගමේ ඕපදූප කීමත්, වරෙක දාං ඇදීමට හෝ කාඩ් සෙල්ලමට සහභාගී වීමත් දැකිය හැකිය.

අ.පො.ස. උසස් පෙළ දේශපාලන විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර 12-13 ශ්‍රේණි

Highlights:
  • බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
  • කෙටි ප්‍රශ්න හා පිළිතුරු
  • ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු

අ.පො.ස. උසස් පෙළ පිළිතුරු සමඟ කෙටි ප්‍රශ්න 1200 ක්

Highlights:

දේශපාලන විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ ඔබට ඉදිරිපත් වන ප්‍රශ්න පත්‍රයේ A කොටසට අදාළ කෙටි ප්‍රශ්න පත්‍රයද ඔබගේ සමස්ත විෂය නිර්දේශය පිළිබඳ නිශ්චිත හා නිරවුල් අවබෝධය ඇගයීම ඉලක්ක කරගෙන ඇත.

අභ්‍යවකාශ චාරිකා – 1 (2023 රාශි චක්‍රයට)

Highlights:

ඒක ඇත්ත තමයි දුව.ඔය රාශි චක්‍රයට පමණක් නොව තාරකා මණ්ඩල බොහෝමයකම ඒ සඳහන් කරන රූපය ඒ අයුරින් දකිනන ලැබෙන්නේ නැහැ. හොඳයි….. දැන් කවුරුත් වෘෂභ රාශිය නැරඹීමටත් එහි ඇති තාරකා හඳුනා ගැනීමටත් උනන්දු වන්න. යානය වෘෂභ රාශියට ඇතුල් වන්නේ ගවයාගේ පිටුපසින්.

උගස් නඩුකර

Highlights:

ලෝකයම ණයමත රෝල් වන යුගයක එකවර චංචල හෝ නිශ්චල දේපළක් මිලදීගත නොහැකි බොහෝ දෙනා මිලදී ගන්නා දේපළම උගසට තබා ලබාගන්නා ණයකින් එහි භුක්ති විඳීමේ අයිතිවාසිකම ලබා ගනිති.එහිදී මූල්‍ය ආයතන ණයකරුවන්ගෙන් උගස්කරයකට අත්සන් ලබා ගනිති.

13 ශ්‍රේණිය – දේශපාලන විද්‍යාව ඉලක්ක ප්‍රශ්න + පිළිතුරු

Highlights:

2017 වසරෙන් ඇරඹෙන අ.පො.ස. උසස් පෙළට නියමිත නව විෂය නිර්දේශය ආවරණය කරන අතර අ.පො.ස. උසස් පෙළ සහ ඉන් ඉහළ විභාග සඳහා දේශපාලන විද්‍යාව හදාරණ සිසුන්ට නිර්මාණශීලී ප්‍රවේශයකින් විෂය කරුණු අධ්‍ය‍යනයට මෙන්ම නිපුනතා පාදකව ඇගයීම් කටයුතු සංවිධානය සඳහාද මාර්ගෝපදේශකයක් වශයෙන් මෙම කෘතිය ඉදිරිපත් කර ඇත.

The Art Of Bouncing Back

Highlights:
“Philip was once a notorious heroin drug addict, who was diagnosed a mental patient, He was treated in three mental hospitals. Including angoda national mental hospital. Philip was exiled by the Australian government.  He tried to escape the reality but lived. Finally begged on streets.
Bounced back astonishingly. Went on to achieve the best sri lankan award from CIM-UK, ”
Won the analysis & evaluation sri lankan prize from CIM-UK. Philip was further awarded a full schoolarship on life coaching from the USA went on to become a famouse CEO, top tieer strategy consultant, Respected author and a transforming coach. His life story is one of the most astonishing comeback stories of the world.

අ.පො.ස. උසස් පෙළ ආර්ථීක විද්‍යාව 13 ශ්‍රේණිය

Highlights:

2017 වසරේ සිට අ.පො.ස. උසස් පෙළ විභාගයට නියමිත නව විෂය නිර්දේශ ආවරණය කෙරේ.කාලීන ආර්ථීක සිදුවීම් පර්යේෂණාත්මකව අධ්‍ය‍යනය කරමින් අවශ්‍ය දත්ත තොරතුරු ප්‍රමුඛතා අනුපිළිවෙලකට ඉදිරිපත් කර ඇත.

සිවිල් අභියාචන නඩුකර

Highlights:

පරිච්ඡේද 18 ක්පුරා විහිදෙන ආකාරයට සිවිල් නඩුවිධාන සංග්‍රහයේ සහ වෙනත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇසුරින් විනිශ්චිත නඩු තීන්දු සිංහලයෙන් සහ ඉංග්‍රීසියෙන් යන භාෂා දෙකෙන්ම අන්තර්ගත කොට සිවිල් අභියාචන නඩු වලදී වැදගත් වන නීති ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි සිවිල් අභියාචන නඩුකර ග්‍රන්ථ‍ය රචනා කර ඇත.

තීන්දු ප්‍රකාශය ක්‍රියාවේ යෙදවීම | සිවිල් නඩුවල පියවර – 3

Highlights:

සිවිල් නඩුවක නඩු තීන්දුව ප්‍රකාශකිරීම, එම තීන්දු ප්‍රකාශය ඇතුළත් කිරීම සහ එකී තීන්දු ප්‍රකාශය ක්‍රියාවේ යෙදවීමේදී අනුගමනය කෙරෙන ප්‍රායෝගික පියවර පිළිබඳව සාකච්ඡා කිරීමටයි.ඒ අනුව පරිච්ඡේද 18 ක් පුරා විහිදෙන සිංහලයෙන් කෙරෙන විවරණයක් ද ඊට අදාල ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ද, විනිශ්චිත නඩු තීන්දු ද මෙහි ඇතුළත් වේ.

අන්තිම කැමති පත්‍ර නීතිය

Highlights:

අන්තිම කැමතිපත්‍රක තිබිය යුතු අනිවාර්ය අංග, අන්තිම කැමතිපත්‍ර වර්ගීකරණය, හවුල් අන්තිම කැමතිපත්‍රවල විශේෂතා, අන්තිම කැමතිපත්‍රක නීතිමය වලංගුභාවය, ඒවා අවලංගු කළ හැකි ආකාරය, අන්තිම කැමතිපත්‍රක නැති වුවහොත් බලපාන නීති තත්ත්වය, අන්තිම කැමතිපත්‍රක් ඔප්පු කරවා ගැනීමට අධිකරණයක් වෙත යාමේ කාර්ය පටිපාටිය, මියගිය අයෙක් නාමිකයකු පත් කළවිට එය අන්තිම කැමති පත්‍ර නීතියට බලපාන හැටි, රජයේ ඉඩමකට අන්තිම කැමතිපත්‍රයක් ලිවිය හැකිද, අන්තිම කැමතිපත්‍ර වලට සම්බන්ධ වැරදි මොනවාද යනාදී වැදගත් කරුණු මෙම කෘතියේ අන්තර්ගතවේ.

අ.පො.ස. උසස් පෙළ ආර්ථීක විද්‍යාව 12 ශ්‍රේණිය

Highlights:

2017 වසරෙන් ඇරඹෙන නව විෂය නිර්දේශයට අදාළ අ.පො.ස. උසස් පෙළ ආර්ථීක විද්‍යාව 12 ශ්‍රේණිය කෘතිය ගත වූ වසර කිහිපය තුළ විෂය සම්බන්ධයෙන් හා විෂය නිර්දේශය සම්බන්ධයෙන් සිදුවී ඇති වෙනස්කම් ඇසුරෙන් ගොඩනැගී ඇති නව විෂය කරුණු ආවරණය කිරීම අරමුණු කොට ගෙන නිමවා ඇත.

දේශපාලන විද්‍යාවේ මූලිකාංග – 1

Highlights:

අ.පො.ස. උසස් පෙළ විභාගයට නියමිත නව විෂය නිර්දේශය ආවරණය කරන මෙම කෘතිය දේශපාලන විද්‍යාවේ මුලික සිද්ධාන්ත මෙන්ම කාලීන වැදගත්කමක් ඇති නවතම විෂය කරුණු නිර්මාණශීලී ප්‍රවේශයකින් අධ්‍යයනය කිරීමට ඔබට පහසුකම් සපයා ඇත.

අවනඩුව

Highlights:

“ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමගේ කාලයේ දී ආයුධ මේ ආකාරයෙන්ම ශ්‍රී ලාංකා මහවැලි අධිකාරියට හා මහවැලි ආරක්ෂක සේවයට හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.ඒ පිළිබඳ තොරතුරු සොයාගැනීමට නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ දී ලංකා විදුලි බල මණ්ඩලයට හා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගිනි අවි ලබා දී ඇත.

භෞතික විද්‍යාව තාපය

Highlights:

භෞතික විද්‍යාව: තාපය: උෂ්ණත්වය, ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය, ද්‍රවවල ප්‍රසාරණය, තාපය, අවස්ථා විපර්යාසය, ඝන ද්‍රව සහ වායු වාශ්පවල ගුණ, තාප සංක්‍රාමණය: සන්නයනය, සංවහනය හා විකිරණය, වායු නියම හා චාලකවාදය.

2009 වර්ෂයේ සිට පාසල්වල ක්‍රියාත්මක වන අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයට අළලා සභෞතික විද්‍යාව පොත් පෙළක දෙවැන්න මෙය වේ. පසුව සිදු කරන ලද සංශෝදිත විෂය කොටස් ද ඇතුලත් කොට තාප භෞතිකය විෂය කොටසට අදාලව සකසන ලද සම්පුර්ණ පාඩම් මාලාවක් මෙම පොතින් ඉදිරිපත් කෙරේ.

උසස් පෙළ – භෞතික විද්‍යාව

Highlights:

2002 අප්‍රේල් මස පවත්වන ලද භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි.සිසු සිසුවියන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී දක්වන ලද දුර්වලතා, අසම්පුර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම ඉතා පුළුල් වශයෙන් සමාලෝචනය කොට ඇත.

ISLAM-GRADE 8

Highlights:

Book Contents

  • National Unity
  • Allah
  • The Holy Quran
  • Salat-1
  • Salat-11
  • Salat-111    etc..

ENGLISH FOR SINHALA-TAMIL SPEAKERS

Highlights:

This trilingual course of English (“English for Sinhala-Tamil Speakers”) has been prescribed by the Linguistic Department of the Kelaniya University, Sri Lanka, as an obligatory first readers to all aspirants of its Diplomas and Degrees in the field of Trilingual Linguistics.

ශ්‍රී ලාංකික අපි – We Sri Lankans

Highlights:

“ශ්‍රී ලාංකික අපි” පොතේ හැම පාඩමක්ම ඇරඹෙන්නේ සාකච්ඡාවක් හෝ කථාන්තරයක් වැනි කථා පුවතකිනි. පාඩමෙන් ඉගැන්වෙන ව්‍යාකරණ විශේෂාංගය කථා පුවත තුළ තද කළු අකුරෙන් දක්වා තිබේ. හැම කථා පුවතකටම පදනම්වී තිබෙන්නේ දුෂ්කර ගම්බද පළාතක පිහිටි එක පාසලක විවිධ සංස්කෘතිවලට අයත් ශිෂ්‍ය පිරිසකගේ හා ඔවුන්ගේ පංතිභාර ගුරුතුමාගේ අධ්‍යාපන වැඩ කටයුතු ය

සෙනෙහසේ තෝතැන්න

Highlights:

‘සුදෝ,මේ ළමයින්ට කන්න මොනවාහරි රසකැවිල්ලක් හදල දුන්නා නම් හොඳයි දැන්.උන්ටත් ආසා නැතෑ පැණි රස කෑමක් කන්න.’ යනුවෙන් ආච්චම්මා සුදු පුංචිට අණ කළේ ළමයින්ගේ ද සිත් සතුටු කරවමිනි.මේ අතර පොඩි මල්ලිත්, හොඳ අයියත්,කැවුම් වට්ටියට හොරෙන් හොරෙන් අත පොවනු දුටු ඇය මෙසේ කීවා ය.

ඔටෝමැටික් ගියර පෙට්ටි ( වාහන හිමියන්ට )

Highlights:

ඔටෝමැටික් ගියර පෙට්ටි ( වාහන හිමියන්ට ) කෘතියේ අන්තර්ගතය

  • ස්වයංක්‍රීය පෙට්ටි හැඳින්වීම
  • ගියර අනුපාතයන්
  • ගියර සිලෙක්ටර් ලීවරය
  • ගියරයක යෙදී ඇති අවස්ථාවන්
  • නඩත්තු කිරීමේ දී පරීක්ෂා කළ යුතු දේ
  • ගියර පෙට්ටියක කොටස්

පෙට්‍රල් ඉන්ජෙක්ෂන්

Highlights:

පෙට්‍රල් ඉන්ජෙක්ෂන් කෘතියේ අන්තර්ගතය

  • කාබියුරේටරය
  • පිවිසීම
  • පෝර්ට් ඉන්ජෙක්ෂන් ක්‍රමය
  • ත්‍රොටල් බොඩි ඉන්ජෙක්ෂන් ක්‍රමය

ගියර පෙට්ටි

Highlights:

ගියර පෙට්ටි කෘතියේ අන්තර්ගතය

  • ගියර් පෙට්ටියක අවශ්‍යතාවය
  • රූටන පූට්ටු වර්ගයේ ගියර පෙට්ටි
  • තනි පූට්ටු වර්ගයේ ගියර පෙට්ටි
  • සම මුහුර්තන වර්ගයේ ගියර පෙට්ටි
  • Over Drive Gear
  • Trans Axle

Buddhist Temporalities Law in Sri Lanka

Highlights:

The purpose of this publication is to make and easy understanding of the legal background of the Buddhist Temporalities in Sri Lanka; today. This may relevant to Buddhist Temporalities in other countries, too.

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) භෞතික විද්‍යාව – බල ක්ෂේත්‍ර

Highlights:

භෞතික විද්‍යාව – බල ක්ෂේත්‍ර 2009 නව නිර්දේශය

  • ඒකකය 5 : ගුරුත්වජ ක්ෂේත්‍රය
  • ඒකකය 6 : ස්ථීති විද්‍යුත් ක්ෂේත්‍රය

 

11 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව

Highlights:

11 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව

  • නව නිර්දේශයට අනුකූල
  • ඉලක්ක ප්‍රශ්න සහ පිළිතුරු සහිතයි

රහස් පරීක්ෂක කතා අංක 05 ෆෙලූගේ වික්‍රම අබිරහස් යතුර

Highlights:

මෝටර් රථයක් පනගන්වන හඬක් සමග කෙටි පිපිරුම් හඩක්ද ඇසුණි. අපි එළියට එනවිටම බිළිඳෙකු වැනි හඬක් අපව පිළිගත්තතේය. අනුකුල් දුර්මුඛව කෑගසන හඬද, අබානි සෙන් තම පුතාට තරහින් බසින හඩද මට ඇසුණි. අපි ඉදිරියට දොර වෙත ළඟාවන විට මෝටර් රථය පිටත්ව ගොස් තිබු අතර, පාරේ කවුදෝ සිටගෙන සිටියේය. “මොකක්ද සධාන් ඔයා කරල තියෙන්නේ?

9,10,11, ශ්‍රේණි සඳහා නිර්දේශිත දේශිත නාට්‍ය කලාවේ ප්‍රගමණයට දායක වූ ප්‍රවීණ නාට්‍යවේදීන් හා රංගන ශිල්පීන්

Highlights:

කෘතියෙහි අන්තර්ගතය

  • එදිරිවීර සරච්චන්ද්‍ර
  • දයානන්ද ගුණවර්ධන
  • ගුණසේන ගලප්පත්ති
  • ගාමිණි හත්තොටුවේගම
  • හෙන්රි ජයසේන
  • සයිමන් නවගත්තේගම

English Sentence Patterns

Highlights:
English Sentence Patterns

The Simple Sentence

Highlights:
This book, The simple sentence a practical approach, has been designed as a reference book for the learners of basic English. The main objective of this book seems to present the grammatical categories taught in our secondary classroom in a systematic way. This should enable the students to have a clear understanding of how english language works and how to use it in a correct way.
This book includes a section of teaching grammer to help student to study grammer lesson more effectively with proper understanding.

පාළි සිංහල මහා සතිපට්ඪාන සූත්‍ර දේශනාව

Highlights:

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කුරූසු විහරති කම්මාස්සදම්මං නාම කුරූනං නිගමෝ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි, භික්ඛවෝ’ති. භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයෙහි කම්මාස්සදම්ම නම් වූ කුඩා නගරයෙහි වෙහෙරක වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් මහණෙනි’යි කියා භික්ෂු සංඝයා අමතා වදාළ සේක. ‘පින්වතාණන් වහන්සැ’යි කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ මේ සතිපට්ඨාන සද්ධර්ම දේශනය වදාළ සේක.

ඒකායනෝ අයං භික්ඛවේ, මග්ගෝ සත්තානං විසුද්ධියා සෝකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා. කතමේ චත්තාරෝ?

පින්වත් මහණෙනි, සතර සතිපට්ඨාන යනුවෙන් යම් මේ ධර්මයක් ඇද්ද මෙය වනාහී සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ද, සෝක වැලපීම් ඉක්මවා යාම පිණිස ද, කායික මානසික දුක් දොම්නස් නැතිවීම පිණිස ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස ද, අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස ද පවතින්නා වූ ඒකායන විමුක්ති මාර්ගය යි. ඒ සතර සතිපට්ඨානය කුමක් ද?

සැඟවුණු පන්හිඳක්

Highlights:

තෙලි තුඩින් අකුරකට අකුරක්

අමුණා සීරුවට

මතක පුස්තකය

කියවමින සෙමින් සෙමින්

මතක පොත දැන් කිමද

පෙනෙන මනේ තිබුණ

හීන පිටු එකිනෙක

නැති වුණේ ක්ෂණයකිනි

මිරිඟුවක් විලසින

නිධන් දූවේ ළමා වික්‍රමය

Highlights:

සාහිත්‍ය ලොවට මහගු මෙහෙවරක් ඉටු කරනු පිණිස “නිධන් දූවේ ළමා වික්‍රමය” මැයෙන් රචිත මෙම කෙටි කතා නිර්මාණය කලාතුරකින් පාසල් සිසුවෙකුගෙන් බිහිවන ඉතා වටිනා විරල සාහිත්‍ය නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය.

බිත්තර යුගය

Highlights:

මුවෙහි තබනවිටම අයිස් ක්‍රීම් දියවෙයි. එහි රසයක් ඇතැයි බොහෝ දෙනෙකු කියනු ඇසිණ. මම චොකලට් අයිස් ක්‍රීම් තෝරා ගතිමි. ටාන්‍යාගේ බලපෑමට හේසල් නට් අයිස් ක්‍රීම් ද රස බලන්නට සිදුවිය. රාත්‍රී ආහාරයට තෝරා ගැනීම සඳහා බොහෝ දේ තිබිණ. මෙය මට හුරුපුරුදු රටාව නොවේ. එහෙත් ටාන්‍යාගේ මිතුරු මිතුරියන් සමග පළමු වතාවට රාත්‍රී භෝජනයකට එක්වන්නට මට සිදුවිය. එහෙත් අයිස් ක්‍රීම්වලින් කුමක් සිදුවිය හැකිදැයි මට වැටහීමක් නැත.

හේලි

Highlights:

“ඉතා සැහැල්ලු බවත් ඔවුන්ගේ මුහුණුවලින් පිළිඹිඹු විය. මෙම සැහැල්ලුකම තමන් විසින්ම ලබාගතයුතු දෙයක් ලෙස හේලි සිතුවාය. මෙම පිරිස දැකීමෙන් තමන්ටද එවැනි සැහැල්ලු බවකට පත්වීමට හැකිනම් යන අදහස තම සිතේ ගැඹුරින් තැන්පත් වී ඇතැයි හේලි සිතුවේ තමා මුහුණ දුන් දෙයින් නැවත සිහියට ගනිමිනි.”

කඳුළු

Highlights:

අම්මා

ඉපදුන දා පටන් අද දින වන                       තෙක්ම

අප හැර ගියේ නෑ වෙන තැනකට                 නික්ම

අඩුවක් නැතිව කළ දරු සෙනෙහස                රැක්ම

දරුවන් නිසා වින්දා ලොව හැම                     දුක්ම

නොමියෙන සුවඳ

Highlights:

බුද්ධ ගයාව

අප මහ බෝසතුන් බුදු බව            පතාගන

කප් සුවහස් ගණන් පෙරුමන්        පුරාගන

උහුලනු බැරි තරම් දුක් විඳ            දරාගන

සෙව්වේ නිවන් මග භව සැරි          සරාගන

සුන්දරයි පින්බරයි

Highlights:

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පර්යන්තය මගීන්ගෙන් පිරිලා. වෙලාව පාන්දර තුනයි තිහට ආසන්නයි. ගුවන් යානාවලට ඇතුල්වෙන අටවන කවුළුවෙන් ඇතුල්වෙලා මගීන් නොයිවසිල්ලෙන් හිටියේ චැතේ පැසිපික් ගුවන්යානයෙන් බැංකොක් බලා පිටත් වෙන්න. නිල්පාටට හුරු විශාල ගුවන් යානයක් අටවෙනි දොරටුවෙන් පිටවෙන තැන නවත්තල තිබුණා විශාල ඉංග්‍රීසි අකුරෙන් ගුවන් යානයේ බදේ චැතේ පැසිපික් කියල ගහල තිබුණා.

ශ්‍රී ලංකාවේ යටත් විජිත පරිවර්තනයෙන් බිඳක්

Highlights:

ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගැනීමෙන් පසු ලන්දේසීන් විසින් ක්‍රි.ව. 1658 වර්ෂයේ දී මෙරට මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන්ගෙන් අල්ලා ගත්හ. එසේම ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම, ත්‍රිකුණාමල වරායේ වැදගත්කම, වෙළඳ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ තිබු වැදගත්කම ආදී හේතු නිසා 18 වන සියවසේ අවසන් කාලයේ දී ඉංග්‍රීසිහු මෙරට කෙරෙහි අවධානය යොමු කළහ.

කවි වරම

Highlights:

පෙති හැලිලා හැදුණු මල් පාවඩ මතින් වැව පාර දිගේ කවි පද බඳිමින් ඇවිද ගිය,රන්සිරිනිගේ හොඳම යාළුවා වුණු, තේරුමවත් හරියට දන්නෙ නැතුව කාන්තා විමුක්තිය හොයපු,කස්සපගේ පාදපරිචාරිකාව වුණු, අධ්‍යානාටත්, පාරින්ධ්‍යාටත් අම්මා වුණු,තමන්ට තමන්වත් නැති වුණු බව නොදැන සිටි ඇය, අරුන්දතී දොඩම්කුඹුර…ඉතින්, ඇයට ඇයව හමු වේවිද?

පොල් රුප්පා සහ මුතු පංති

Highlights:
ආචාර්ය ඇලන් වෝල්ටර්ස් විසින් සිලෝනය සංචාරය කොට තමා ලද අත්දැකීම් ඇසුරෙන් වර්ෂ 1892 දී ලියා ප්‍රකාශයට පත් කළ, දහ නම වන සියවසේ මෙරට පරිසරය හා සාමාන්‍ය ජන ජීවිතය පිලිබඳ මෙතෙක් අප නො ඇසූ හො නො දැන සිටි බොහෝ දෑ විශිෂ්ට දැනුමක් හා නිරීක්ෂණ කෞශල්‍යයක් තුලින් අලංකාර ලෙස හෙළි කරන සම්භාවනාවට පත් ඉංග්‍රීසි කෘතියේ සම්පූර්ණ,සමාන සහ අසංක්ෂිප්ත සිංහල පරිවර්තන ය.

විශ්වවිද්‍යාලය බිහිවීම සර් අයිවර් ජෙනිංග්ස් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

Highlights:
විසිවන සියවසේ ප්‍රථම භාගය ඉකුත් වීමට පෙර ජාතික වශයෙන් ඉතා වැදගත් සංසිද්ධීන් දෙකක් මෙරටෙහි සිදු විය. ඉන් පළමුවැන්න දිගු කලක සිට පෙළුණු අවශ්‍යතාවක් වූ ජාතික විශ්වවිද්‍යාලයක් නිර්මාණය කිරීමයි. මෙය මුලින් කොළඹ පිහිටුවා පසුව පේරාදෙණියේ සුවදායක පරිසරයකට ගෙන යනු ලැබිණි. වසර 150 ක පමණ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති මෙරටට පූර්ණ නිදහස ලැබීම දෙවැන්නය. පළමුවැන්න ලන්ඩන් ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යා ශාස්ත්‍රාලයේ ප්‍රාවාර්ය (සහකාර මහාචාර්ය) විලියම් අයිවර් ජෙනිංග්ස්ගේ බුද්ධි ප්‍රභාවයේ ඍජු ප්‍රතිඵලයක් විය. දෙවැන්න වූ කලි එවකට ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය ඩී. එස්. සේනානායක සහ සිවිල් ආරක්ෂක කොමසාරිස් ඔලිවර් ගුණතිලක විසින් දියත් කළ ව්‍යාපාරයක ප්‍රතිඵලයක් විය. එහෙත් මෙම ව්‍යාපාරය සාර්ථක වූයේ මුල සිට අවසානය තෙක් තිරය පිටුපස සිට ජෙනිංග්ස් විසින් දෙන ලද කාලෝචිත නීති විශාරද උපදෙස් නිසාය. තත්කාලීන සමාජ සහ දේශපාලන ඉතිහාසයේ ජෙනිංග්ස්ගේ මෙම ද්විත්ව භූමිකාව කතුවරයා විසින් සවිස්තරව ගෙන හැර දක්වයි.

සමනල වසන්තය

Highlights:

අසව් අසව් බොල අළුත් කතාවක්

කනත්ත පාරේ සිද්ධ උනේ…

වටේම පාළුයි හරිම කරුවලයි

කියන්නවත් බෑ බයයි අනේ…

 

ආර්ට් එකේ අර් හැඩි දැඩි කොලුවා

ගියාලු දවසක් රෑ පානේ…

කනත්ත අයිනේ කොස් ගහ මුදුනෙන්

මහසෝනා බිම පැන්නලුනේ…

දිගු දුර මෙහෙයුම

Highlights:

උහුලන්නට හිමි වූ දුක්

දරන්නට සිදු වූ කඳුලු

දෛවයේ උරුමය වූ ඇය

 

සිනහව කඳුලු අතර වෙනසවත්

නොදැන උන්

අවාරයේ පිපි සුළඟට ගසාගෙන ගිය

වරාමලක් බඳු ඇය

 

නිහඬ නිසංසල මාවතක චණ්ඩ සුළි කුණාටු අතර සිරවී

ජීවිතයන් මරණයන් අතර සටනක සිටිද්දී

හැම වේදනාවකටම හැම කඳුලකටම

හැම දුක්ඛ දෝමනස්සයකටම අභියෝග කොට

ඔහු වෙත ආවාය…..

ඇය තිලෝකා නිර්මාණී නම් වූවාය…

සුදුයි කළුයි මංජුයි

Highlights:
හේමන්ත ජයසේකර විසින් රචනා කරන ලද සුදුයි කළුයි මංජුයි නැමැති ළමා කථාව පාසැල් වල ප්‍රාථමික ග්‍රේණිගත සිසුන්ගේ අවධානයට ලක් විය යුතු, විශේෂයෙන් කියවිය යුතු අගනා පොතකි. ළමයාගේ ගෘහස්ථ පරිසරය ,ස්වාභාවික සෞන්දර්‍ය පදනම් කොට ගෙන රචිත මෙම ළමා කථාන්දරය තුල, පක්ෂීන් හා සිවුපාන්ගේ චරිත හා මිනිස් චරිත වටා මෙම කථාව ගොඩ නගා ඇත. පක්ෂීන් හා සිවුපාවුන් කෑගසන හඩ ඔවුන්ගේ ගෙලේ බැදි ගෙජ්ජි හඩ ආදි විවිධ නාද, දර්ශන, සිද්ධි වලින් හෙබි මෙම ළමා කථා පුවත ළමා අවධියේ සිසුවෙකුට විශේෂයෙන් මෙබදු සෞඛය ප්‍රශ්න, අර්බුද වලින් පිරුණු යුගයේ තම විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පාසල් කාල වේලාවලින් පසු නිවසේදී වුවද කියවා රස විදිය හැකි ළමා වයසට උචිත ළමා සහිත්‍ය කෘතියක් ලෙස ළමා පරපුර වෙත හදුන්වාදීමට හැකිය.

ඔබේ දිවියේ නීතිවේදියා ඔබම වන්න

Highlights:
නීතිය සහ අධිකරණය පරිචයන් ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට අවශය සාමානය මහජනයාට මෙන්ම සියලුම නීතිඥවරුන්ට, නීති සිසුන්ට සහ නීතිය පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම අයකුගේ පරිශිලනය සදහා මෙම කෘතිය වැදගත් බව කිව යුතුය. මෙහි ඇති විශේෂත්වය නම් කතුවරිය තමාගේ අධිකරණ කටයුතු මගින් නඩු කියන්නන් හට අපේක්ෂිත යුක්තිය ඉටුවී තිබේද, එමගින් ඔවුන්ගේ ජීවිත වලට බලපෑම් ඇතිවන්නේ කෙසේද යන කරුණු මැනවින් පැහැදිලි කරදී තිබීමයි.

The Golden Harvest

Highlights:
The Golden Harvest” is a historical romance, based on the famous Dutugemunu and Elara period of Sri Lankan history, a period well documented in National Chronicles, and supplemented with innumerable culturally rich folklore. Hence it is not surprising to find many novels written based on that period – mostly in Sinhala, and some in English. The surprise here is in the way that historical material had been dexterously moulded to sculpt a new image, and give a new message through a readily readable romance with a depth.

දෙවිනුවර

Highlights:

අභිෂේක් යසස්ථි රන්දෙණිය නම් අයෙකු විසින් විවිධ ඉතිහාස කරුණු පදනම් කොට සමාජමාධ්‍ය ජාලයේ වරින්වර පල කරන ලද ලිපි කිහිපයක් දෙස මම උනන්දුවෙන් බලා සිටියෙමි. ඒ අතරතුර සිය පර්යේෂණ ග්‍රන්ථ‍යට පසුවදනක් පිණිස ඔහුගෙන් ම ඇරැයුමක් ලැබිම මසිත සතුටක් ඇති කරවයි.

යථාර්ථය

Highlights:

මසැසට නොපෙනෙන මනැසට යොමු නොවන අවස්තා, සිද්දි,මනෝභාව ආදිය විනිවිද ගොස් ඒවායේ සඟවි නානා ස්වරූප මගින් පවතින සත්යය ධිවනිපුර්න සංකල්ප රූප අනුසාරයෙන් අපේ කල්පනාවට භාජනය කිරීම කවියාගේ කාර්යයි.

හද ඇදි තිලකය

Highlights:

තිලකා රණසිංහ යනු, ” ෆුල් පැකේජ්” එකකී. ” ලොවින් එකෙක් එක් දෙයකට සමත්” යැයි කියන කියමන බොරු කළ තවත් කෙනෙකි ඇය . ඇයට නොහැකි දෙයක් නැති තරම් ය. භූමිකා කීපයක ම නිරත වු ඇය, වඩාත් ම සාර්ථක ව කළේ,”මව” ගේ භූමිකාව ය. තව ද ඇය ගුවන් විදුලි නිවෙදිකාවකට පමණක් සීමා වු කාන්තවක් නො වේ.

Finding Arthur

Highlights:

‘Finding Arthur’ is a heart-warming story set in Sri Lanka and based on real-life events. In the unfolding of this highly engaging story, the reader is taken on a tour of beautiful landscapes and shores, tantalising readers’ tastebuds on the journey.

Dilan, a seemingly happy young business owner, is living the bachelor life with his brother, Sujith, in the heart of Mount Lavinia. The two brothers have recently taken over a bar; it’s an exciting time. Arthur, Dilan’s mischievous golden Labrador and regular frequenter of the bar, goes missing. What initially seems like a simple case of lost dog soon reveals itself to be rather more sinister. Dilan rallies his estranged parents to help him find Arthur. But hidden family secrets risk jeopardising the search…

ඔලිම්පික් හා ක්‍රිකට් තරු

Highlights:

ක්‍රීඩකයන් හැටියට ලංකාවේ වැඩි වශයෙන්ම කතාබහට ලක්වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන විතරයි. බොහොම කලාතුරකින් තමයි අනෙකුත් ක්‍රීඩා ඉසව්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කතා වෙන්නේ. ඔවුන් ගැන කතා බහක් සිදු වෙන්න නම් එක්කෝ ඔලිම්පික් තරගයක් හරි එහෙම නැත්නම් ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගයක් හරි එන්ඩ ඕන, එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නෙකට ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මැදිහත් වෙන්න ඕන. ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙයක් කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව විස්තර සහිත ඉතා වටිනා කෘතියකි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping