Author Publication

Author Publication

(Showing 301 – 360 products of 460 products)

Show:

DEAR PUSSY CANDY

Highlights:

During the rainy season Candy fell sick and Rosemary took it to the Doctor because it often had a cold and refused food. Rosemary went with her father carring the cat and it’s medical report to Veterinary surgeon. When Candy was ill it often slept on the pillow which was made by Rosemary’s mother specially for him.

ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – I

Highlights:

මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර
ඇති ආර්ථික විද්‍යාව වයූහගත ප්‍රශ්න හා පිළිතුරු – I
ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්
සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා
ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු
වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික
විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්
මේ කෘති දෙක සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය
නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා
පිළියෙළ කරන ලද ව්‍යුහගත ප්‍රශ්න ඇතුලත්ව තිබීම
මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික
විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්
ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව වයූහගත
ප්‍රශ්න හා පිළිතුරු – I ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .

ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – II

Highlights:

මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර
ඇති ආර්ථික විද්‍යාව ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – II
ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්
සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා
ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු
වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික
විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්
මේ කෘති දෙක සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය
නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා
පිළියෙළ කරන ලද ව්‍යුහගත ප්‍රශ්න ඇතුලත්ව තිබීම
මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික
විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්
ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව ව්‍යුහගත
ප්‍රශ්න හා පිළිතුරු – II ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .

ආර්ථික විද්‍යාව ආදර්ශ බහුවරණ ප්‍රශ්න ප්‍රත්‍ර හා පිළිතුරු

Highlights:

මහාචාර්ය ඊ .දයාරත්න මහතා සම්පාදනය කර
ඇති බහුවර්ණ ආදර්ශ ප්‍රශ්න ආර්ථික විද්‍යාව
ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත්
සතුටිනි. ආර්ථික විද්‍යාව හා වාණිජ විද්‍යා
ගුරුභවතුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු
වන ඊ . දයාරත්න මහතා උසස් පෙළ නව ආර්ථික
විද්‍යා විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ආවරණය කරමින්
මේ කෘතිය සම්පාදනය කර ඇත.උසස් පෙළ නව විෂය
නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටිය දක්වා
පිළියෙළ කරන ලද බහුවරණ ප්‍රශ්න ඇතුලත්ව තිබීම
මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික
විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද බෙහෙවින්
ප්‍රයෝජනවත් කෘතියක් ලෙස බහුවරණ ප්‍රශ්න ආදර්ශ
ආර්ථික විද්‍යාව ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය .

MS WORD මගින් සිංහලෙන් වැඩකිරීමේ පුහුණුව

Highlights:

පරිගණකය මගින් සිංහල, දෙමළ,ඉංග්‍රීසි යන භාෂාවලින් වැඩකරන ආකාරය ප්ළිබඳ පුහුණුවක් ලබා ගත හැකි අයුරින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත. මෙහිදී කීමෑන් වැනි ටයිපින් මැනේජර් සොෆ්ට්වෙයා එකක් භාවිතයෙන් මෙන්ම යුනිකෝඩ් සම්මතය යටතේ ද සිංහල,දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් ලිපි ලේඛන යතුරු ලියනය කිරීමේ පුහුණුව ඇතුලු බොහෝ කරුණු පැහැදිලි කර තිබීම මෙම ග්‍රන්ථයේ විශේෂත්වයකි.

සූක්ෂම ආර්ථික විද්‍යාව

Highlights:

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යා පිඨයේ වාණිජ විද්‍යා අධ්‍යනාංශ ප්‍රධාන ජ්‍යෙෂ්ට මහාචාර්ය ඊ.දයාරත්න මහතා විසින් රචනා කර ඇති සුක්ෂම ආර්ථික විද්‍යාම ග්‍රන්ථය පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉමහත් සතුටුණි. ජ්‍යෙෂ්ට මහාචාර්ය ඊ.දයාරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක වන අභ්‍යන්තර හා බාහිර උපාධි පාඨමාලාවල සුක්ෂම ආර්ථික විද්‍යා විෂය නිර්දේශය ආවරණය කරමින් මේ කෘතිය සරල බසින් සම්පාදනය කර ඇත. සුක්ෂම ආර්ථික විද්‍යා විෂයේ එන ගැඹුරු විෂය කරුණු වචනයෙන්ද ප්‍රස්ථාර මගින්ද සමීකරණ භාවිතයෙන්ද පැහැදිලි කර තිබීම මේ කෘතියේ විශේෂත්වයක් වේ. සුක්ෂම ආර්ථික විද්‍යාව හදාරන විශ්ව විද්‍යාල අභන්තර සිසුන්ටද බාහිර සිසුන්ට ද වෘතිය පාඨමාලාවල සුක්ෂම ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ටද එම විෂය ඉගැන්වීමේ කටයුතු වල නිරත ගුරුභවතුන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වන කෘතියක් ලෙස සුක්ෂම ආර්ථික විද්‍යාව ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය.

ශිල්පීය වඩු කර්මාන්තය ඉගෙනුම 1 කාණ්ඩය

Highlights:
පැරණි වඩු කාර්මික ශිල්පීන් විසින් භාවිතා කරන ලද ආයුධ උපකරණ සහ නිර්මාණ සහිත ශිල්පීය ක්‍රමවේදය අද වන විට භාවිතයෙන් දුරස්වන නිසාත්, එම ක්‍රමවේදයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට නව පරපුර එක්කිරිමේ අරමුණින් මෙම කෘතිය ලේඛකයා විසින් ලියා ඇත. මෙහිදි වඩු කර්මාන්තයට අවශය වන උපකරණ මෙන්ම අදාළ මිණුම් ක්‍රම පිළිබඳව ද රුප සටහන් භාවිතයෙන් පැහැදිලි කිරිම් දක්වා තිබීම විශේෂයි.

බහු අර්ථවත් පද

Highlights:

සිංහලයේ ඇතැම් වචනයකට තේරුම් රැසක්
තිබෙයි. මේවා බහු අර්ථවත් පද ලෙස හැදින්වෙයි.
අඹ කියූ විට එකවර ම අප කාටත් මතක් වෙන්නේ
රසැති අඹ ගෙඩි ය.එහෙත්,ජලය,බිරිද,ඇඹීම හා
ලුහුබැදීම යන අර්ථ ද එයට අදාළ වේ.මේ බහුඅර්ථවත්
පද පිළිබදව ඔබ නිවැරදි අවබෝධයක් නැතිනම් ඇතිවන
අපහසුතාව යළි යළි කියා දිය යුතු නොවේ.බහු අර්ථවත්
පද පිළිබදව දැනුම ලේඛනයේ දී මෙන්ම භාෂණයේ දී
ද අත්‍යවශ්‍ය වේ.මේ පොත එම දැනුම සොයායන්නට අත් උදව්වකි

ඝර්ම

Highlights:
මේ අතරතුර පුංචි කුරුල්ලෙක් පියඹා විත් ඔහුගේ උරහිස මත හිඳ ගත්තේ මහත් අනපේක්ෂිත මොහොතක ය. විසල් රවුම් ඇස් සහිත පුංචි කුරුල්ලාගේ ළා නිල් පැහැති පියාපත් මෙන්ම උගේ පිට දිගේ පැතිර තිබූ ශ්වේත වර්ණැති පිහාටු පුංචි කුරුල්ලාට එක් කළේ අමුතුම ලස්සනකි. සාමාන්‍යයෙන් ජලය මත බොහෝ වේලාවක් නොසෙල්වෙන වස්තුවක් මත මිස කුරුල්ලකු මෙසේ පියඹා විත් නොවසන බැව් දන්නා තීර්ථ ඒ අනුව නිගමනය කළේ තමන් සැලකිය යුතු කාලයක් දිය පහර මධ්‍යයේ එලෙස එකත්පස්ව සිටින්නට ඇතැයි කියා ය. මම මේ පැමිණ සිටින්නේ කුමන නම් කාලාවකාශයකටද? තීර්ථ තමන්ගෙන්ම ප්‍රශ්න කරගත්තේ ය.

මහගම සේකර

Highlights:

ගීත රචකයකු, කාව්‍ය රචකයකු, චිත්‍ර ශිල්පියෙකු, කාටුන් චිත්‍ර ශිල්පියකු, ග්‍රන්ථ පිටකවර නිර්මාණ කරුවෙකු, මුර්ති ශිල්පියකු,නාට්‍ය රචකයකු, තිර නාට්‍ය රචකයකු, පරිවර්තකයෙකු, දාර්ශනිකයෙකු, විචාරකයෙකු, නවෝත්පාදකයෙකු, නවකතා කරුවකු, කෙටිකතා කරුවෙකු,චිත්‍රපටි අධ්‍යක්ෂ කරුවෙකු, ගුරුවරයෙකු,චිත්‍ර පිළිබඳ කථිකාචාර්ය වරයෙකු ලලිත කලායතනයේ විදුහල්පති වරයකු. ප්‍රධාන අධ්‍යාපන නිලධාරිවරයකු වන මහගමසේකර මහතා ක්කෙෂ්ත්‍ර 18 ක ශ්‍රී ලංකාවේ නමක් දිනා ගත්තේය.

දේශාභිමානී ගී

Highlights:

දේශාභිමානී ගී

ඊ.ඩබ්. අදිකාරම්

Highlights:

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ නායක මහත්මා ගාන්ධිතුමාගේ දර්ශනය පිළිගත් මෙතුමා එම දර්ශනය තමාටම ආවේණික වු අහිංසක ක්‍රමයකින් ක්‍රියාත්මක කළේය.

දුටුගැමුණු මහරජ

Highlights:

දෙසීයක් පමණ වු මෙරට රජදරුවන් අතරින් ශ්‍රේෂ්ඨතම රජවරුන් කිහිපදෙනා අතරින් ප්‍රධාන ගණයේ කෙනෙකි දුටුගැමුණු රජතුමා. ශ්‍රී ලංකාව හා ජාතිය බේරාගත් වීරවරයන්ගෙන් කෙනෙකි. ක්‍රි.පූ.205 දි උපන් මෙතුමා ක්‍රි.පූ.237-261 දක්වා කාලයේ එක්සත් ලංකාවක් ගොඩනඟා පාලනනය කළේය. ප්‍රථම වරට ලංකාව එක්සත් කළේ මෙතුමාය. මෙතුමාගේ භෂ්මාවශේෂ පරණවිතාරන මහතා විසින් 1948 දී සොයාගන්නා ලදි. එතුමා ආදාහන කළ ස්ථානයේ ගොඩනංඟන ලද සිථුපය දකුණු දාගැබ ලෙස ස්ථිරවම හඳුනාගන්නා ලදි.

ළමා කවි මුතු

Highlights:

කුඩා දරුවන් සදහා වැදගත් වන ජනප්‍රිය ළමා කවි ඇතුළත් ග්‍රන්ථයකි.( 3.4.5.6.7.8 ) වසර වල දරුවන් හට

ළමා මනසට උචිත පරිදි නිසි අවබෝධයකින් යුතුව උචිත වස්තු තෝරා ගැනීම තාරකා, මල්, හඳ, රාත්‍රිය, සමනලයා,අලියා,කෝච්චිය,බළලා, ගඟ, රෝසමල, අම්මා, පියා, මව්‍ රට,හාවා ඒ අතර වේ. සරල සුඛනම්‍ය භාෂා රීතියක් තෝරාගැනීම, සිත්ගන්නා සුළු උපමා රූපක භාවිතා කිරීම, ගායනයට සුදුසු ආකෘති හා විරිත් තෝරාගැනීම යන කරුණු ඇතුලත් වේ.

සිටියේ නිතර …….. බුම්මා
අපෙ ලක් දෙරණ….. අම්මා
මුළු ලොවම ……… නම්මා
නිදහස් කිරුළ ……. දැම්මා

වියරණ මිහිර

Highlights:

සිංහල භාෂාවේ පද වර්ග හතරක් තිබේ. ඒවා මේසේ ය.
01 නාමපද 02 ක්‍රියාපද 03 නිපාතපද 04 උපසර්ගපද ලෙස ය.
මෙම පද වර්ග ඇතුලුව බොහෝ කරුණු විස්තරාත්මකව
පැහැදිලි කර ඇති වටිනා කෘතියකි.

ඉර හඳ තරු

Highlights:

ඈත අතීතයේ සිට ම මිනිසා ආකාශ
වස්තුන් ගැන උනන්දුවක් දක්වා ඇත.
ඔවුන් මේ වස්තුන්ගේ පිහිටීම හා ගමන්
මාර්ග නිරීක්ෂණය කළේ පියවි ඇසිනි.
පසු කලෙක දුරේක්ෂය වැනි උපකරණ
නිපදවීම, විශ්වය පිළිබඳ ගවේෂණයේ
වැදගත් පියවරක් විය.

පඬිවදන්

Highlights:

පඬිවදන්

මකුළු දැල්

Highlights:
අනෙකුත් සෑම කාමරයක්ම උළුවහු දමා නොතිබෙද්දී මෙය පමණක් තදට වසා තිබීම නේහාගේ සැකයට පාදක විය. කිසියම් බලවේගයක් මගින් තමාව හසුරන්නේ දැයි ඇය කල්පනා කළාය.

පැය භාගයක පමණ උත්සාහයකින් පසුව ඇය කාමරය විවෘත කර ගත්තාය.ඉන් නිකුත් වූයේ පුස් ගදකි. එකවරම කාමරය ඇතුළු වූ නේහා එකවරම මුහුණ තදින් වසා ගත්තේ මකුළුදැල් ගොඩක පැටලුන නිසාවෙනි.

” මේ කාමරේට අවුරුදු ගානකින් කවුරුත් ඇවිල්ලා නෑ… ඒකයි හැම කාමරේට අතුගාලා පිරිසිදුව තියන් ඉද්දී මේ කාමරය විතරක් මේ විදිහට ….”

නේහා තනිව කල්පනා කළාය. ටික වේලාවකින් අදුරට ඇස් හුරු වෙද්දී නේහා කාමරයේ දොර හෙමීට වසා දැමුවාය. ඉන්පසු තමන්ගේ විදුලි පන්දම දල්වා ගත්තාය.

ඉන් නික්මෙන සියුම් එළියෙන් නේහා කාමරය පුරා විමර්ශනශීලී බැල්මක් හෙළුවාය. ඒ ඉතාමත් පිළිවෙළට තිබුණු කාමරයකි. එහි වියන සහිත විසල් ඇදෙහි තවමත් පිළිවෙළට දැමු බෙඩ් ශීට් කොට්ට උර දූවිල්ලෙන් වැසී අදුරු පැහැයක් ගැන ඇත.

දූවිලි නාසයට කිති කැවෙද්දී නේහා තම නහය තදින් අල්ලා ගත්තේ කිවිසුමක් යාවි යැයි බියෙනි.

නේහාගේ අවධානය යොමු වූයේ එහි තිබුන අල්මාරිය ය. එහි යතුරු කටේම තිබුන යතුර දුටු නේහා දෙවරක් නොසිතා අල්මාරිය විවෘත කර ගත්තාය.
“අහ්හ්හ්..”

සසුන්ඹර පහන් කළ මහ යතිපරපුර

Highlights:

සිරිමෙවන් සේනක විසින් විරචිත මෙම ග්‍රන්ථය අපේ සමීප යටගියාවේ විසු එහෙත් අද බොහෝ දෙනෙකුට අමතක මහයතිවරුන්ගේ වතගොත සැකෙවින් පාඨකයාට පමුණුවන කාලෝචිත ග්‍රන්ථයකි.19 වන සහ 20 වන සියවස්හි වැඩ විසු ශ්‍රී ලාංකික සංඝපීතෘවරුන් ගැන ලියවෙන පොත් පෙළක පළමුවැන්න මෙය වේ.

වෛදික ආගමික සංකල්ප හා සම්බුදු දහම

Highlights:
වෛදික සමාජයේ ආගමික පසුබිම සහ මුල් බුදු සමයෙහි මූළික ඉගැන්වීම් පිළිබද යම් අවබෝධයක් මේ ග්‍රන්ථය තුළින් ලබා ගත හැක.

දෙපලු වන බුද්ධ බීජය

Highlights:

“දෙපලු වන බුද්ධ බීජය” අප තුළ සැඟව පවතින ප්‍රඥාව සොයා ගැනීමට පවතින මාර්ගය මෙහි සඳහන්ග බුදු දහම ඇතුලාන්ත දහම බුද්ධියෙන් දකින්නට උත්සාහ දරන ඔබ වෙනුවෙන්.

අප තුළ සැඟව පවතින ප්‍රඥාව සොයා ගැනීමට පවතින මාර්ගය මෙහි සඳහන්. බුදු දහම ඇසුරින් තමන්ගේ අවබෝධය සොයා යන මග මඟ පෙන්වීමට ගත් උත්සාහයක්.

තාත්තා සහ අපි

Highlights:

අද හැමෝම කතා කරන්නෙ මා ගැනය. වෙනදා මල්ලී සුරතල් කරමින් සිටි සියල්ලෝම මා ගැන විමසිල්ලෙන් සිටිති මට මහත් ආඩම්බරයක් දැනේ.

“තව මොනවද දන්නෙ නෑ අඩුපාඩු. රෑ වෙන කොට කඩ නම් වහනව.” ලොකු අම්මා කියයි.

“හැබෑටම බුලත් අතක් ගෙනාවද?” තාත්තා ඇසූවේය. මේ එදා මට ඇසුන ප්‍රශ්නෝත්තර වලින් මතක තිබෙන සමහර කොටස්‍ ය. මහප්පා මියගිය පසු ලොකු අම්මාත් ඒ අක්කලාත් පදිංචිව සිටියේ අම්මලාගේ මහ ගෙදරය. ඒ නිසා කිසි විටක පාළුවක් තනිකමක් අපට නොදැනුණි.

මා පාසලට බාර දෙන්නේ හෙටය.

සසල සිත පිරිමැද

Highlights:

“කවිය යනු රසවත් වැකියයි.” නොයෙකුත් අවස්ථා හා සිද්ධි පදක කර ගනිමින් කවි ප්‍රබන්ධ කර අතීතයේ සිට ජන කවියා සිංහල සාහිත්‍ය‍ය පොෂණය කළේය. ඉන් අනතුරුව බුදුගුණාලංකාරය, ගුත්තිලය, කාව්‍ය ශේකරය වැනි ප්‍රශස්ථ කවි පොත්ද සැළලිහිණි සංදේශය වැනි අගනා සංදේශ කාව්‍යද බිහිවිය. ඉන්පසු සදැස් හා නිසදැස් කාව්‍ය මඟින් ජීවිතය සමග පොරබදන මිනිසුන්ගේ ගැටළු දුක්ඛ දෝමනස්සයන් මෙන්ම ජිවිතයේ සුන්දරත්වයද කතා බහට ලක්විය.

පුංචගෙ දවස

Highlights:

හොඳ හොඳ තැනින් තණ කොළ ටික …. කාහල්ලා
කඳු පාමුලේ දිය අගලෙන් …………… බීහල්ලා
පුංචා එයිද හිස ඔසවා …………….. බලහල්ලා
මං එන තුරා දුර නොගිහින් ………… ඉදහල්ලා

“පුංචගෙ දවස” නැමති ළමා කෘතියෙන් ඈත පිටිසර ලස්සන ගැමි පරිසරයක් වෙත ඔබව ගෙනයන ගැමි සිරියාව මැනවින් කියා පාන ‘පුංචා’ නැමති වයස අවුරුදු 12ක ළමයෙක් වටා ගෙතුනු මෙම කෘතිය සෑම දරුවෙක්ම කියවිය යුතු ඉතාමත් අලංකාර කෘතියකි.

බෞතික විද්‍යාව ආදර්ශ වියුහගත රචනා ප්‍රශ්නෝත්තර

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) භෞතික විද්‍යාව විෂයයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට මේම කෘතිය ඔබට මහගු පිටුවහලක් වේ. විෂය කරුණු අවබෝධය . නොයෙක් මාදිලියේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම. ඒකක ව්ලට අදාල ආකෘති ප්‍රශ්න අඩංගු පොත් පරිශීලනය යුතුය.

නොනවතිමි ඇවිද යමි

Highlights:

අයියා ඔය ඇත්තට ම ද කියන්නේ? අයියට කිසි දුකක් නැද්ද මං ගියොත්?
ඔයා මාර කතාවක්නේ නෝනා අහන්නේ. පපුවට පිහියෙන් ඇනලා ඉවරවෙලා රිදෙනව ද අහනවා වගේනෙ හරියට ඔයා කතා කරන්නෙ. දුක කියන එක තියෙයි. දුක තියෙනවා. ඒත් ඔයාට යන්න ඕනේ නම් මම කොහොමද බලෙන් රඳවා ගන්නේ?
මං ඇත්තම කියන්නම් අයියේ… මං තීරණයක් අරගෙන ආවේ.
ඔව් කියන්න… මොකක්ද ඔයාගෙ තීරණය?

ඇලන් කාර් නිකොටින් ලෝලිත්වය සුවකිරීමේ පහසු මග

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

දුම්පානය කරන්නන් ඉන් අත්මුදවා ගැනීමට ඇලන් කාර් දරන උත්සාහයට සහයෝගය දීමට බොහෝමයක් සායන ඔහුගේ ක්‍රම වේදයන් උපයෝගී කරගනිති. නමුත් එවැනි සාර්ථක පැකේජයක් භාවිතා කරන පිරිස සාපේක්ෂව ප්‍රමාණවත් නොවේ. පශ්චාත් උපාධිධාරි මනෝවිද්‍යාඥයින් හා මනෝ චිකිත්සකයන් අසීමිත ගණනක් සිටියත් ඒ කිසිම කෙනෙකුට දුම්පානය නැවැත්වීමට මෙවැනි සරල හා කාර්යක්ෂම ක්‍රමවේදයක් සොයා ගැනීමට නොහැකිය විය. චර්යා වෙනස් කිරීම්හිලා වෘත්තීමය ප්‍රවීණයකු නොවුණ ඇලන් කාර්ගේම මෙම ස්වාධීන ප්‍රවේශය සාර්ථක වී තිබීම පුදුමාකාර කරුණකි.

4 ශ්‍රේණිය සිංහල වැඩ පොත

Highlights:

4 ශ්‍රේණිය කියවීම් පොතේ මාතෘකා යටතේ සකසා ඇති ප්‍රශ්න හා අභ්‍යාස හැදෑරීමෙන් දරුවන්ගේ දැනුම වැඩි දියුණු කර ගත හැක. මෙහි අන්තර්ගත අභ්‍යාස විවිධ බැවින් දරුවන්ට ආශාවෙන් ඒවායෙහි යෙදීම තුළින් පූර්ණ අවබෝධයක් ලබාගෙන නිපුණතා වර්ධනය කර ගත හැකි අතර දරුවාට බරක් නො දැනෙන පරිදි පීඩනයකින් තොරව අමතර පොතක් ලෙස මෙය පරිහරණයට සුදුසු කෘතියකි.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය 11 ශ්‍රේණිය

Highlights:

2015 සිට ක්‍රියාත්මක වන ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය 11 ශ්‍රේණිය විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය කරමින් සම්පාදිත මෙම කෘතියේ ස්වයං අධ්‍ය‍යනය සඳහා සැකසු අභ්‍යාස මාලාවක්ද ඇතුළත් වේ.

ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය 1 පත්‍රය

Highlights:

උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය නව විෂය නිර්දේෂය ( 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ) සඳහා මෙම කෘතිය සම්පාදනය කර ඇත.

අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ව්‍යාපාර අධ්‍යයනය විෂය සඳහා ඔබට ලැබෙන 1 පත්‍රය ( බහුවරණ ) ප්‍රශ්න පත්‍රය සඳහා පසුගිය විභාග වලදී 13 ශ්‍රේණියට අදාළ විෂය කොටස් සම්බන්ධයෙන් ( නව විෂය නිර්දේශයට නියමිත ) අසන ලද බහුවර්ණ ප්‍රශ්න සහ ඉලක්ක ප්‍රශ්නත් ඊට අදාළ පිළිතුරුද මෙහි අන්තර්ගත වේ.

13 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව II ප්‍රත්‍රය 2 කොටස

Highlights:

13 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව II ප්‍රත්‍රය 2 කොටස ලෙස මෙම කෘතිය සම්පාදනය කර ඇත.
එසේම මෙම කෘතියේ එම මාතෘකා අනුපිළිවෙලින් සහ විෂය කොටස් අනුපිළිවෙලට
පෙළගැසෙන පරිදි ප්‍රශ්න සහ පිළිතුරු ඉදිරිපත් කර ඇත.

13 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව II ප්‍රත්‍රය 1කොටස

Highlights:

උසස් පෙළ සඳහා ආර්ථික විද්‍යාව II පත්‍රයට ආදාළ 13 ශ්‍රේණිය විෂය නිර්දේශය වෙනුවෙන් මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය ඉදිරිපත් කර ඇත.

ගුවන් විදුලිය බැබලූ තරු

Highlights:

1925 වසරේ මෙරට නිල වශයෙන් ආරම්භ කරන ලද ජාතික ගුවන් විදුලිය තම ක්‍රමික විකාශනය තුලින් දීප ව්‍යාප්ත ජාලයක් බවට පත්විණි. මුලින් අගනුවර කේන්ද්‍රීය කරගෙන ආරම්භ කරන ලද ගුවන්විදුලි මාධ්‍ය තරංග හා කෙටි තරංග ඔස්සේ ගුවන් විදුලි විකාශනයන් පවත්වා ගෙන යාමට කටයුතු කරන ලදි. ගුවන් විදුලිය සිංහල – දෙමළ – ඉංග්‍රීසි විකාශන හා විදෙස් සේවාවන් පවත්වාගෙන යන ලදි. 1967 වසරේදි ගුවන් විදුලිය දේපාර්තුමේන්තුව සංස්ථාවක් බවට පත් කෙරිණි. ගුවන්විදුලිය ගමට ගෙන යාමේ සංකල්පය යටතේ 1979 රජරට ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය ද ( රජරට සේවය ) 1980 රුහුණු ප්‍රාදේශීය සේවය ද (රුහුණු සේවය ) 1983 මහනුවර ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවද ( මහනුවර සේවය ) ආරම්භ කරන ලදි.

බුදුදහම පුද්ගලවාදය හා සමාජවාදය

Highlights:

“සුවිශාල අධිරාජ්‍යක ඇතුළත පිටත සියලු කටයුතු මේ
ධර්ම නීතිය ම අනුව පාලනය කිරීමට තරම් ධෛර්යයක්
සහ වශ්වාසයක් ඇතිව සිටි උතුම් නරපතියකු වු බව
සිතන්නට ලැබීම පවා සැනසිල්ලකි. මේ නරපතියා නම්
ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයේ විසු අශෝක නැමැති බෞද්ධ
අධිරාජයාය.

තවතවත් දේශ විජයයෙහි යෙදීමට වුවමනා ශක්තියෙන්
අනුනව. රාජ බලය පිලිබඳ ගිරි මුදුනෙහි වැජඹුණු
ජයග්‍රාහක නරපතියෙකු යුද්ධයක් හිංසාවක් හැරදමා
සාමයත් අවිහිංසාවත් වැළඳගත් බවට මානව
ඉතිහාසයෙන් ගෙනහැර දැක්විය හැකි එකම උදාහරණය
මෙයයි.”
(බුදුන් වදාළ ධර්මය- වල්පොල රාහුල හිමි)

තරල

Highlights:

මෙම කෘතිය මගින් උසස් පෙළ භෞතික විද්‍යාව ද්‍රවස්ථීතිය, ද්‍රව පීඩනය, වායුගෝලීය පීඩනය, ආකිමිඩීස්ගේ මූලධර්මය, ඉපිලෙන වස්තුවක සමතුලිතය, ඉපිලීම, ත්වරණය වන තරල, ද්‍රවයක ඝනත්වය සෙවීමේ පරීක්ෂණ, ද්‍රව ගතිකය, බ’නූලි සමීකරණය සහ එහි යෙදීම් යන විෂය කොටස් ඇතුලුව රූපසටහන් සහ උදාහරණ විශාල සංඛ්‍යාවක් සහිතව ඉතා සරලව ඉදිරිපත් කර ඇත.

තාරුණ්‍යයේ අභියෝග හා මනෝවිද්‍යාත්මක උපදේශනය

Highlights:

දරුවෙකුගේ මානසික වර්ධනයටත් පෞරුෂ වර්ධනයත් මවගෙන් මෙන්ම පියාගෙන් ද ලැබෙන උදවු උපකාර සුළුපටු නොවෙයි. සමබර පෞරුෂයකින් යුත් දරුවෙකු ලොවට දායාද කිරීමේදී මව්පියන් සතුවන වගකීම අති විශාලය. සියලු දේ අභිබවමින් මුදල් රජකරවන ලොවක මව්පියෝද අතරමං වී සිටිති. අධ්‍යාපනය සාර්ථක කරගත් පමණින් පුද්ගයෙකුට සමබර පෞරුෂයක් හිමිනොවේ. ළමාවිය. පවුල් පසුබිම සහ සමාජය නිසා පීඩාවට පත් තරුණ තරුණියෝ බොහෝ සිටිති. මෙම කෘතිය බෙහෙවින් සංකීර්ණ ජීවිතයක් ගත කරන ශ්‍රී ලංකික තරුණ පරපුරට ඉතා වැදගත් ග්‍රන්ථයක් වේ.

ලේසර් – දෝලන හා තරංග

Highlights:

2011 සිට ක්‍රියාත්මක උසස් පෙළ භෞතික විද්‍යාව නව නිර්දේශයට අලුතින් එක් වු දෝලන හා තරංග ඒකකයට අයත්, ලේසර් කිරණ, භූ කම්පන තරංග, සුනාමි සහ ස්වනික ගිගිරුම් යන නව විෂය කොටස් මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට තිබේ. එම මාතෘකාවලට අදාළ උදාහරණ සහ ගැටලු සැලකිය යුතු සංඛ්‍යාවක් ද මීට ඇතුළත් කොට ඇත. ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට තනිව හදාරා තේරුම් ගත හැකි වන අයුරින් රූපසටහන් සහිතව සරලව විස්තර ඇත

දෑස අහිමි වු දියණිය

Highlights:

දෑස අහිමි කතකට තවත් දෑස අහිමි දැරියකගේ හෘදාභයන්‍යතරයට පිවිසීම උගහට නොවේ. එනමුදු තම මනෝභාවය වාග් මාලාවකට නැංවීම නම් අපහසු කාර්යයකි. ඊටත් වඩා අපහසු කාර්යය වන්නේ ව්‍යාකරණාකුල රටාවන් හා රීතීන් නොඉක්මවා ලිවීමයි. ඊටත් වඩා සුන්දර හා වියත් ලෙස සිංහල භාෂාව හා ඉංග්‍රීසි භාෂාව හැසිරවීම දුෂ්කරය. එනමුත් එකී අසීරු කාර්ය කතුවරිය ජයගෙන ඇත.

මෙම පොතෙහි ගත් කතුවරියගේ ද දෑස නොපෙනෙන බැවින් දෑස අහිමි දරුවන්ගේ හැඟීම් මනාව වැටහෙනු ඇත.

Basic technology of wood science volume-01

Highlights:

This book consists of 15 chapters. The structure and characteristics of wood, log conversion, timber preservation, timber drying are described in the first seven chapters. chapter 8 is mainly written to impart knowledge in hand tools required for basic wood training. Basic wood joints required to make solid wood furniture production are included in Chapter 9. chapter 10-14 provide the information in Some basic introduction in relation to surface preparation of furniture for polishing is included in Chapter 15.

නිල් වනපෙත

Highlights:

පරිසරය අපගේ නොවෙයි මින
නිවැරදිව තේරුම් ගමු
ඉතා කෙටි කාලයක් පමණක්
අපිත් එහි ජීවත් වෙමු
විශ්වයේ ගති වෙනස් කරලන
මුලා සිතිවිලි දුරලමු
අන් සතුන් මෙන් අපි ද හිතවත
පරිසරේ කොටසක් වෙමු.

6 7 8 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ අත්පොත -1

Highlights:

6 7 8 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ අත්පොත -1 නමැති මෙම කෘතිය පරිශීලනයෙන්, සිසු දරු දැරියන්ගේ දැනුම, කුසලතා ආකල්ප වර්ධනය වී, ස්වයං ඉගනුමට පෙලඹීම නියත ය. 6-7-8 ශ්‍රේණි සිසු දරුවන්ගේ ‘සිංහල භාෂාව හා ව්‍යාකරණ’ ශක්‍යතාව උද්දීප්තියට අදාළ, මාතෘකා 21 ක් යටතේ මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙය ගුරු-සිසු දෙපිරිසට පමණක් නොව, සිංහල භාෂාව’ නිවැරැදිව ඉගනීමෙහි නිරිත සියලු ම විද්‍යාර්ථින්ට ද අගනා අත්පොතකි.

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය – 12 ශ්‍රේණිය

Highlights:

12 ශ්‍රේණියට අදාලව සැකසී ඇති මෙම ග්‍රන්ථය මුළුමනින්ම සකස් වුයේ ඉහත දැක් වු විෂය අන්තර්ගතයන් සුදුසු පරිදි විස්තර කිරීමේ අරමුණ ඇතිවය. මෙය හුදෙක් ශිෂ්‍ය‍යන්ට පමණක් නොව ගුරු භවතුන්ගේ ද ප්‍රයොජනය අරමුණු කොට සකසනු ලැබුවේ බෞද්ධ ශිෂ්ටාචාරයට සම්බන්ධ ග්‍රන්ථවල අඩුපඩුවක් පවතින නිසාමය. මුලාශ්‍ර ගත තොරතුරු බොහෝය. ඒවා දීර්ඝ වශයෙන් දැක්වීම සිසුනට අපහසුවක් විය හැකිබැවින් ඒ සියලු කරුණු සලකා බලා සරල බසින් මෙම පොත සකසා ඇත

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 13 – ශ්‍රේණිය

Highlights:

මානව ගුණ ධර්ම වර්ධනය කර ගනිමින් යහපත් මිනිසෙකුගේ භූමිකාවට ප්‍රවිෂ්ඨ වීමේ මහඟු ඉඩකඩක් බුදු දහමින් උදාකරගත හැකිය. එය ඔබට දැනී ගියහොත් විභාග ජයක්, ජීවන ගමනේදී එළඹිය හැකි ජයත්, ලැබීමෙන් ඔබටම සාර්ථක විය හැකිය. එම නිසා හැකිතාක් දහම පරිශීලනය කරන්න.

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 2018 සිට ක්‍රියාත්මක විය යුතු 13 ශ්‍රේණියේ එම විෂය පථයට හසුවන නිර්දේශිත පාඩම් ඇතුළත් ග්‍රන්ථයකි.

12-13 ශ්‍රේණි සඳහා පෙමතො ජායති සොකො ගීත නාටකය

Highlights:

නාට්‍ය කලාව පිළිබඳ දැනගත යුතු මුලධර්ම, පෙමතො ජායති සොකො නාටකයෙහි නාට්‍යාචිත අවස්ථා ගීතාවලියෙහි අර්ථාවබෝධය මෙන් ම, ආදර්ශ ප්‍රශ්නෝත්තර ඇතුළත් කර ඇත.

මෙම පෙමතො ජායති සොකො ගීත නාටකය අර්ථ වීමංසා සහිත ප්‍රශ්නෝත්තර සංග්‍රහය කලා අංශයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට, ජාතික ගුරු විද්‍යාපීඨයන්හි ඉගෙනුම ලබන ගුරු අභ්‍යාසලාභීන්ට,විශ්වවිද්‍යාලයන්හි ඉගනුම ලබන විද්‍යාර්ථින්ට, සිංහල විෂය උගන්වන ගුරුභවතුන්ට ඉතා වටිනා අත්පොතකි.

12-13 ශ්‍රේණි සඳහා සද්ධර්මරත්නාවලී සහ සද්ධර්මාලංකාරය

Highlights:

පුරාතන ගද්‍ය සාහිත්‍ය‍යේ ආරම්භය හා විකාශනය මැනවින් හදුනාගෙන ඒ ඒ අවධිවල පුරෝගාමී වු ගද්‍ය කතුවරුන්ගේ කෘතිවල සුවිශේෂ ලක්ෂණ අනුසාරයෙන් අ.පො.ස. උසස් පෙළ හා විශ්ව විද්‍යාල කලා අංශයේ ඉගනුම ලබන දු දරුවන්ගේ බුද්ධි ප්‍රභාව විකසිත කිරීමේ අරමුණින් මෙම’ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය’ සකසා ඇත.

සද්ධර්මරත්නාවලී සහ සද්ධර්මාලංකාරයෙහි අදාළ කථා වස්තූන්හි අර්ථය ලිහිල් බසින් ලිවීමට හා අවබෝධ කර ගැනීමට පහසු වන ලෙසත්, සෑම දුෂ්කර පදයක් ම පැහැදිලි කරමින් ද,පෙර මුද්‍රණවල ගැටපද විවරණ වඩාත් සුපැහැදිලි ලෙස සංවර්ධනය කරමින් ද, හැකිතාක් අවශ්‍ය ම කරුණු පිඬුකොට දක්වා ඇත.

12-13 ශ්‍රේණි සඳහා දේශීය කෙටිකතා විචාර සංග්‍රහය

Highlights:

2017 වර්ෂයේ සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නියමිත නුතන කෙටිකතා යටතේ, ’12-13 ශ්‍රේණි සඳහා නියමිත දේශීය කෙටිකතා විචාර සංග්‍රහය සහිත ආදර්ශ පශ්නෝත්තර සංග්‍රහය’ සිංහල භාෂාව හා සාහිත්‍ය‍ය විෂයෙහි මනා පරිචයක් ඇති බී. වීජේසිරි සෝමරත්න අධ්‍යාපනඥයාගේ මාහැඟි කෘතියකි.

12-13 ශ්‍රේණි සඳහා සිංහල ජාතක කථා හා පූජාවලිය

Highlights:

මෙම කෘතියෙහි අන්තර්ගත බණ කථා සාහිත්‍ය‍යෙහි උපත හා විකාශනය ඒ ඒ සාහිත්‍ය‍ය යුගයන්හි බිහි වු විවිධාකාර සාහිත්‍ය‍ කෘති, හා කතුවරු, සිංහල ගද්‍ය සාහිත්‍ය‍ යුගයේ විවිධ අවධි, නිර්දිෂ්ට කෘතිවල තේමාව හා අන්තර්ගතය, සුවිශේෂතා, භාෂා ප්‍රයෝග, රචනා රීතිය හා ගැටපද විවරණ ආදී සෑම අංශයක්ම සිසු දරු දැරියන්ගේ දැනුම, කුසලතා, ආකල්ප,ප්‍රවර්ධනය වන සේ සංගෘහිත ය.

12-13 ශ්‍රේණි සඳහා බැද්දේගම විචාරය

Highlights:

‘බැද්දේගම’ ලේනාඩ් වුල්ෆ් විසින් රචනා කරන ලද ( THE VILLAGE IN THE JUNGLE ) ‘ද විලේජ් ඉන් ද ජන්ගල්’ නැමති කෘතියේ සිංහලානුවාදය වේ. මෙය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ඒ.පී. ගුණරත්න ලේඛකයාණන් විසිනි. මෙම කතා පුවතට ප්‍රස්තූතය වූයේ දකුණු පළාතේ ඈත එපිට පිටිසර ගම් පියසක් ක්‍රමක් ක්‍රමයෙන් විනාශ වී යාමත්. එම ගමෙහි පවුල් හත අටක විසු ගම්මුන්ගේ ශෝකජනක අවසානයක් පිළිබිඹු කරන අනුවේදනීය වු කථා සමුච්චයක් වේ.

දේශපාලන විද්‍යා මූලධර්ම අත්පොත – 2

Highlights:

මෙම දේශපාලන විද්‍යා මූලධර්ම අත්පොත 2 කෘතිය දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෙසා සම්පාදනය කරන ලද්දකි. දේශපාලන විද්‍යාවට අදාළ නව විෂය නිර්දේශානුකූලව රචිත මෙම ග්‍රන්ථය 12-13 ශ්‍රේණිවල සිසු දරු දැරියන්ට පමණක් නොව, ඕනෑම උසස් විභාගයක් සඳහා පෙනී සිටින විද්‍යාර්තයින්ට අත්පොතක් වනු ඇත.

ව්‍යාකණ අත්පොත 12-13

Highlights:

සිංහල භාෂාවට අයත් “අක්ෂර සමූහය” සිංහල අක්ෂර මාලාව” ලෙස අර්ථකථනය කළ හැකිය. මෙම සිංහල අක්ෂර මාලාව, හෝඩිය, අක්ෂරාවලිය, වර්ණමාලාව, අකුරුවැල යන නම්වලින්ද හඳුන්වනු ලැබේ. සිංහල හෝඩියේ භාවිත වන අක්ෂර හැදින්වීම සඳහා, සංකේත, වණ, වර්ණ, අකුරු, යන නාම ව්‍යවහාරයට පැමිණ ඇත. සිංහල අක්ෂර මාලාව හෙවත් සිංහල හෝඩිය අධ්‍යානය කරන ආධුනිකයන්ට හෝඩි වර්ග ගණනාවක් හමු වේ. එනම් :-
* සිදත් ස්ඬරා හෝඩිය අක්ෂර 30
* අමිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 32
* මිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 54
* සමකාලීන හෙවත් නූතන සිංහල හෝඩිය අක්ෂර 60
* ජ්‍යාත්‍යන්තර සිංහල අක්‍රර මාලාව අක්ෂර 61

ගුත්තිල කාව්‍ය‍ය අර්ථ වීමංසා 12-13 ශ්‍රේණි සඳහා

Highlights:

ගුත්තිල කතුවරයාගේ නාමය කිසිඳු පොතක හෝ ඉතිහාසයෙහි හෝ කිසිඳු සඳහනක් නැති බව පළමු ව ප්‍රකාශ කළ යුතු ය. ගුත්තිල කාව්‍ය‍යෙහි ද කොතැනකවත් කතුවරයාගේ නාමය සඳහන් වී නොමැති බව සැලකිය යුතු ය. කෝට්ටේ සාහිත්‍ය යුගයේ පහළ වු ගුරුකුල දෙකක් අතිශයින්ම සාහිත්‍ය
නවෝදයට මඟ හෙලිකළ බව පිළිගැනෙයි එනම් :- තොටගමුව ගුරු කුලය හා විදාගම ගුරු කුලය. මෙම ගුරුකුල දෙකට ම ගැති නොවී ස්වාධීන මඟක් ගත් ගුත්තිල කවියා ජනප්‍රවාදයේ වෑත්තෑවේ හිමි නමින් හැදින්වේ.

‘ගුත්තිල ජාතකය’ දේශනා කිරීමට බලපාන ලද හේතුව දැනගත යුතු ය. වේළුවනාරාමයේ භික්ෂූන් අතර දේවදත්ත ස්ථරයන් පිලිබඳ කථාවක් පැන නැගීම නිසා, එම දේවදත්ත හිමියන්ගේ පූර්ව චරිතය ප්‍රකාශ කිරීමේ අරමුණින් බුදුන්වහන්සේ විසින්. ‘ගුත්තිල ජාතකය’දේශනා කරන ලදී.

ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය

Highlights:

මෙම පොත මනාව පරිශීලනය මගින් අපමණ වෙහෙසක් දරමින්
ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරු භවතුන් හට මහත් වු අත්වැලක්
ලබා දීමට ඇති හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බව අවධාරණය
කරමි. එසේ ම දිවා රෑ වෙහෙසෙමින් තම අනාගතය පිළිබද සුබවාදි
ව උසස් පෙළ කඩයිම පසු කරන්නට වෙහෙසෙන දරුවන්ට ද මෙම
පොත මනාව පරිශීලනය කිරීමෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර
ගැනීමට ඇති හැකියාව ද ඉතා ඉහළ අගයක් ගනියි.

ආදරයේ අත් පිටපත

Highlights:

ප්‍රේමය වනාහි අරුම පුදුම දෙයකි. ප්‍රේමය සිත සතුටට පත් කරයි. එය නොමැති විට දුකට හේතුවක් විය හැකිය. නමුත්, ප්‍රේමය ගෙන දෙනු ලබන්නේ සතුට පමණක්ම ද?

“යළි නොඑයි වසන්තය
සිත මගේ තනිවෙලා
සිතත් මට අයිති නැත
ඔබ සිතේ නැවතිලා
ළඟදීම ඔබ යාවී
අන් දෙසක පියඹලා
මම සුරැක තබාගමි
ඔබෙ මතක දිවිපුරා…”

දිව්‍ය ලෝකේ අතරමංව

Highlights:

“උගන්වද්දී මම ඇය සමඟ විහිළු තහළු කළෙමි.
ඇය මුලදී සිනාසී බිම බලා ගත්තත් කල් යාමේ දී,
මගේ විහිළුවලට විහිළුවකින්ම උත්තර දීමට පෙළඹුණා ය.
එසේම මා ඇය දෙස බලාගෙන උගන්වද්දී,බොහෝ විට
තත්පර දෙක තුනකින් ඇගේ දෑස් බිමට නැඹුරු වෙයි.
දෙනෙත යළි මා වෙත යොමු කරන විටත්,මා ඇය දෙස ම
බලා සිටින්නේ නම්,ඈ කරන්නේ දෑස නැවත අසුරු සැණින්
බිමටම යොමු කිරීමයි.”

උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2002-2021

Highlights:

උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2002-2021
.පිළිතුරු සහ විවරණ සහිත නිදසන්
.සරල මට්ටමේ සිට විභාග මට්ටම දක්වා ව්හිදුන ක්‍රමාණුකූල අභ්‍යාසමාලා
.සෑම ගැටළුවක් සඳහාම සවිස්ථරාත්මක විසඳුම්

උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2020

Highlights:

2020 – උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2020
2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූල නව
සංස්කරණය.
2020 වසරේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා පැහැදිලි
කිරීම් සහිත විසඳුම්.

ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ රාජ්‍ය සේවය එදා සහ අද

Highlights:

සීමිත රාජ්‍ය සම්පත්,
දේශයේ මුළු ජනගහනයටමයි.
දේශපාලනඥයාට සහ රාජ්‍ය
නිලධාරියාට බලය තිබුණාට,
අනෙකාට හිමි පංගුව කොල්ල
කෑමෙන්, මේ ආත්මයේ දී අතැම්
විට දඬුවමට සහ හැම විටම
නින්දාවට පත් වෙයි.

දෙමෝදර චාරිකාව

Highlights:

තව දුරටත් ඉදිරියට ගමන් කළ “උඩරට මැනිකේ”
දුම්රිය කුඩා හා ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක්
පසුකරමින් ගමන් කළේය. ඉන්පසු දුම්රිය පොල්ගහවෙල
දුම්රිය ස්ථානයේ නතර කළේය.
“පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ තියෙන විශේෂත්වය
මොකද්ද කියලා ඔයාලා දන්නවද?” එවේලේ චමත් තම
මිතුරන්ගෙන් ඇසුවේය.
“මොකද්ද ඒ විශේෂත්වය?” ලකිත් සහ හිමාල් පෙරළා
ඇසුවෝය.

ශ්‍රී ලාංකේය අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය

Highlights:

ශ්‍රී ලංකාව විවිධ ජන කොට්ඨාස විසින් අතීතයේ
පටන්ම ගොඩනඟා ගන්නා ලද ඒ ඒ ජන සමාජවලට
ආවේණික වු දේශීය සංස්තින්ගෙන් පෝෂණය වු
රටකි. එකී සංස්කෘතියේ බෞතිකව හඳුනාගත නොහැකි
පාර්ශ්වය හෙවත් අස්පර්ශ්‍ය සංස්කෘතිය රටක අනන්‍යතාව
නිරූපණය කිරිමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය යනු අද වන විට ලොව
පුරා පුළුල් ස්ංවාදයකට භාජනය වෙමින් පවතින විෂය
කේෂ්ත්‍රයකි. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ සුවිශේෂි ජන
කණ්ඩායමක් වන රොඩී ජන සමාජය ඇසුරින් හෙළිදරව්
කිරීම සඳහා කතුවරිය මෙම කෘතියේ දී ගෙන ඇති
උත්සාහය ප්‍රශංසනීය වේ. ආරම්භයේ පටන් ම හුදකලාව
ජිවත් වු කුඩා ජන කොට්ඨාසයක් වශයෙන් රොඩී
ජනතාව විසින් ගොඩනඟා ගත් ඔවුනට ආවේණික
සමාජ චර්යා, සිරිත්,විරිත්,ඇදහිලි හා විශ්වාස,
භාෂාව හා සාහිත්‍ය‍ය,ප්‍රසාංගික කලා සහ ශිල්ප
කර්මාන්ත ආදී අස්පර්ශ්‍ය සංස්කෘතිකාංග පිලිබඳව
මෙහි දී ගැඹුරින් අධ්‍යනය කර ඇත.

1 2 4 5 6 7 8
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping