Dayawansha Jayakody and Company

Dayawansha Jayakody and Company

Showing all 8 results

Show:

ලෝචනා

Highlights:

ලෝචනා රජයේ ඇමතිවරයකුගේ දියණියකි. ඇය
රන් කූඩුවක සුබෝපභෝගී ජීවිතයක් ගත කළ
කිරිල්ලියක් වැන්න.

නමුත් ඇය පෙම් කළේ සාමාන්‍ය අවුලක ගුරුවරයෙකුගේ
පවුලක ගුරුවරයෙකුගේ පුතකුටය. මෙවැන්නක් කිසිසේත්
බලාපොරොත්තු නොවු ඇමතිවරයා සිය බලය යොදා
දියණිය සාමාන්‍ය පෙම්වතාගෙන් පැහැර ගෙන තම මිත්‍ර
ඇමතිවරයෙකුගේ මෝඩ පුත්‍රයකුට පාවා දෙයි.

එහෙත් තමා වෙනුවෙන් බොහෝ දුක් විඳි පැරණි
පෙම්වතා අමතක නොකරන ලෝචනා ඇමති මැදුර
හැරදා පෙම්වතා සොයා ගොස් සිය ප්‍රේමයේ අවංක
බව පෙන්වයි.

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 1

Highlights:

මෙය කීර්තිමත් බ්‍රිතාන්න්‍ය ගවේශක,ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ ප්‍රථම භාගයයි.

අමෙන් දෙවියාගේ දියණිය

Highlights:

අමෙන් දෙවියා ගේ දියණිය’ නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇතිබවට වූ ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද “Morning Star” නමැති නවකතාවයි.

ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින් වූයේ ‘කා’ නමිනි. ‘කා’ ගේ පැවැත්මට සිරුරක් අවශ්‍ය වූයේ නැත. සිරුර මියගිය ද කා මැරෙන්නේ නැත. එය, තමන් ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි.

විචිත්‍රාද්භූත රීතියකට අනුව එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වීඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැළකෙන නෙතීර්-තුආ නමැති පාරාඕ රජ කුමරියක හා ඇයටත් වඩා ඉපැරණි රජවංශයට හිමිකම් කියන රැමීස් නම් වූ තරුණයෙකුත් අතර වූ පෙම් කතාවකි.

අයේෂා ආපසු එයි

Highlights:

රයිඩර් හැගාඩ් ගේ ” ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ “අයේෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී ” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. ” අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි.

ක්ලියෝපැට්රා

Highlights:

ආරාබි මං පහරන්නන් විසින් කොල්ල කන ලද, ලෙබනන් කඳුකරයේ පිහිටි ඉපැරණි සොහොන් ගැබක, මමියක් සමඟ තිබු පැපිරස් ලේඛනයකින් එළිදරව් කෙරෙන පුරාවෘත්තයක් මෙම නවකතාවට පාදක වී ඇත.

අයිසීස් හා හාතෝර් යන දෙවඟනන් විසින් ඊජීප්තුවේ ඉරණම රැඳි අසිපත බවට පත් කරන හාර්මැකීස් කුමරු, පාරාඕ මෙන් කවුරා ගේ පිරිමීඩයේ පිහිටි නිධන් ඝර්භයේ දී සුරූපී ක්ලියෝපැට්රා සමඟ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙයි.

මෙහිදී රයිඩර් හැගාර්ඩ් පාඨකයාට ඓතිහාසික සිදුවීම් කරා මෙන්ම, ඉපැරණි ඊජීප්තුවේ අබිරහස් අතරටත්, මරණයට ඔබ්බෙන් ඇති අමෙන්තියේ දී ලබන අත්දැකීම්කරාත් රැගෙන යයි.

සුන්දරී නන්දා මහරහත් තෙරණිය

Highlights:

“බුදුරදුන් දෙසූ ඒ දහම් මැනවින් ශ්‍රවණය කළ මම අතිශයින් ම සංවේගයට පැමිණ එහි ම සිට විදසුන් වඩා මහ රහත් භාවය පසක් කළෙමි.

එතැන්පටන් මම ඒ ඒ තැන සැම කල්හි ම ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති ව වාසය කළෙමි. මෙය දුටු බුදුරදුන් පසු කලෙක දෙවුරම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන්ට අග්‍රස්ථාන පිරිනමන කල්හි මට ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.

මා විසින් රාගාදී සකලක්ලේශයන් දවන ලදී. සියලු භවයන් නසන ලදී. දැන් මම සියලු බැමි සිඳ බිඳ දැමූ ඇත් රැජිනක මෙන් සියලු ආශ්‍රව නසාදමා වාසය කරමි.

බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට පැමිණි මට යහපතක් ම විය. ත්‍රිවිද්‍යාවන් ලබන ලදී. බුදුසසුන් කරණ ලදී.

සිවුපිළිසිඹියාවන් ද අෂ්ටවිමෝක්ෂයන් ද ෂඩිඅභිඤ්ඤාවන් ද ලබන ලදී. එසේ ලබා ගෙණ බුදුසසුන් කරණ ලදී.”

අඹු දරුවෝ

Highlights:

“ඔන්න අම්මේ තෙමුවා. පුතා දෙන්න මගෙ අතට.” බබුන් කීවා ය.
“කෑනොගහ ඉඳිං. පොඩි එව්වො වුණාම තෙත දාන්නෙ නැද්ද?”
“ඔය රෙද්ද ගලෝල දෙන්න අම්මෙ නංගිට අව්වට දාන්න.” බබුන් නැවත යෝජනා කරයි.
“පිස්සු නැතිව හිටහං, මට ඕවා හුරුයි පුතා අතට ගන්නකොට ම හතුවා තෙත් කරයි කියල. තෙත නෙමෙයි, කැත දැම්මත් මං රෙද්ද ගලවන්නෙ නෑ. මේ වෙලුන් පොඩි කාලෙ දණගාගෙන ඇවිල්ලා මගෙ බත් මැටි කෝප්පෙට එක දහදොළොස් වතාවක් තෙත දාන්න නැතැයි. මං බත් ටික අහක දැම්මැයි?”
ඉහ වහා ගිය දයාවෙන් මව දෙස බලාහුන් වෙලුන් මහ ආඩම්බරයකින් යුතුව ගෙනා පැස ඔසවාගෙන නැන්දනිය වෙත ගොස් එය ඇය ඉදිරියේ තැබුවේ ය.

සිල් සුවඳ

Highlights:

“ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?”

“මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ.”

“බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?”

SIL SUWANDA

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping