Fast Publishing (Pvt) Ltd

Fast Publishing (Pvt) Ltd

(Showing 1 – 60 products of 77 products)

Show:

ප්‍රේමසූත්‍ර

Highlights:

ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්‍ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබු කලාපයකි. ඔහු හා සමග සමීප ඇසුරක් ඇරඹු දා සිට සිය හැගීම් සමග සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැගීම් සමුදායකි.

එදා සිට ම ඔහු ඇසුරෙහි උණූසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොදුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමග සහවාස ජීවිතය පිළිබද අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඩරු පිඩක් ව දියව ගියා ය.

මහා පරිනිබ්බාන සූත්‍රය

Highlights:

විශාලා නගරයෙන් නික්මුණු උන්වහන්සේ භණ්ඩගම හත්ථිගාම, අම්බගාම, ජම්බුගාම පසුකොට භෝග නගරයට වඩියි. එම නගරයේදී සතර මහා පදේශ දේශනා කළේය. එම නගරයෙන් පිටත් වූ උන්වහන්සේ පාවා නුවර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ උයනේ නතර වෙයි. මේ බව ආරංචි වී බුදුරදුන් හමුවීමට පැමිණි චුන්ද හෙට දානය සඳහා මාගේ නිවසට වඩින ලෙසට උන්වහන්සේට ආරාධනා කළේය.

පසු දින භික්ෂුන් සමඟ ඔහුගේ නිවසට වඩියි. එහිදී සූකර මද්දව නැමති සිනිදු ආහාරයක් බුදුරදුන්ට පිළිගන්වයි. මෙම සිනිඳු ආහාරය තමාට පමණක් පිළිගන්වා ඉතිරිය වළදමන ලෙසටත් මෙම ආහාරය දිරවිය හැකි වන්නේ තමාට පමණක් බවත් වෙනත් කිසිම පුද්ගලයෙකුට මෙය දිරවන්නේ නැති බවත් උන්වහන්සේ පැහැදිලි කළේය. මෙම සූකර මද්දවය වැළදීම නිසා උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවූ අතර බුදුරදුන් එම අසනීප තත්ත්වය යටපත් කර ගත්තේය. (සමහරු විශ්වාස කරන අන්දමට සූකර මද්දවය යනු ඌරු මස්ය. එය වැරදි විශ්වාසයකි. මද්දවය යන වචනයෙන් සිනිදු යන අදහස ලැබෙයි. ඌරු බිම්මල් හෝ වෙනත් සිනිදු ආහාරයක් මෙයින් අදහස් කරන බව බොහෝ උගතුන්ගේ අදහසයි. සියලු දෙනාටම මෙම ආහාරය දිරවන්නේ නැත.)

ඉන්පසු බුදුරදුන් කුසිනාරා නුවරට වඩියි. අතරමඟදී කලන්තය සෑදී ගසක් මුල වාඩිවෙයි. වතුර පිපාසය සෑදී ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලයි. එම ස්ථානයේ තුබූ ජල මාර්ගයකින් කරත්ත ගමන්කර තිබූ නිසා ජලය බොරවී තිබුණි. තුන් වතාවක් උන්වහන්සේ ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලීය. බොර වතුර පෑදෙන තුරු උන්වහන්සේට ජලය නොලැබුණි. මෙදින ආලාර කාලාමගේ ශ්‍රාවකයෙකු වූ පුක්කුස නැමැත්තා බුදුරදුන් හමුවට පැමිණ උන්වහන්සේ සමඟ කථා කරයි. ඔහු බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේට වස්ත්‍රයක් පූජා කරයි. එම වස්ත්‍රය බුද්ධ ශරීරයට ලංකල විට ශරීරය රන්වන් විය. බුද්ධත්වය ලබන අවස්ථාවේදී හා මෙම අවස්ථාවේදී උන්වහන්සේගේ සිරුර රන්වන් පාට වූ බව පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙයි.

ගමනාන්තය

Highlights:

ඇගේ වරලසෙහි පහස ඔහුගේ නළලට දැනෙයි. ඇයගේ කම්මුල් සඳුන් සබන් සුවඳ ය.ඔහු ඇයගේ ගෙල පාමුල වූ අවපාතය සිප ගත්තේ ය. ඇයගේ සිරුරෙන් විහිදුන සඳුන් සබන් සුවඳ ඔහුට ප්‍රිය සම්භාෂණයක් ම විය. “ඔයා හරි සුවඳයි” ඔහු කීවේ ය. “මම ඔයාගෙ දාසයා වෙන්නම්. ඔයා මට කරන්න කියන ඕනෑ දෙයක් මං කරන්නම්. මේ ලෝකෙ තියෙන ඕනෑම දෙයක් මං ඔයාට අරන් දෙන්නම්” ඔහු හැසිරුණේ මෝඩයෙකු පරිද්දෙනි.

හලෝ හලෝ

Highlights:

බෘෘම් ෂ්‍යාම් ප්‍රියංක ඒෂ රාධිකා ආමි අංකල්

මේ හය දෙනා කෝල් සෙන්ටර් එකක එකම සෙක්ෂන් එකක නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන අය.

මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදිවුණේ එදා රෑ එයාලට ආව අමුතුම කෝල් එකකින්

කෝල් එක ආවෙ දෙයියන්ගෙන් …..?

ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න……?

එහෙනම් දැන් ‘හලෝ! හලෝ!!’ කියවන්න පටන්ගන්න.

නිහැඬියාවේ ගීතය

Highlights:

ඔහු ඇයට සමීප විය. ලෝරි දෙපාවලට අගුළු වැටුණාක් මෙන් කිසිවක් කර කියාගත නොහැකි තත්තවයකට පත්වී සිටියාය. ඔහු අතේ වූ ඇඳුම බිම දමා ඇයව තුරුලු කරගත්තේ උමතුවෙන් මෙනි. සති කීපයක් තිස්සේ යටපත් කරගෙන සිටි හැඟීම් සියල්ල පිටකර හැරීමට ඔහුගේ මුළු ගතම සූදානම් වී තිබිණි. ඇගේ දෙතොල ඔහුගේ දෙතොල් පහස අපේක්ෂාවෙන් විවරව තිබිණි.

වින්දිතයෝ

Highlights:

තමා රජෙකි යන හැඟීම මුල දී මිත්තසේනට හැඟුනේ විහිළුවක් පරිද්දෙනි. එය විහිළුවක් නොවන බවත් තමා විහිළුකාරයකු නොවන බවත් ඔහුට වැටහෙන්නට පටන් ගත්තේ, රාජභරණයෙන් සැරසී රාජකීය උත්සව ආදියට බිසව ද  සමග සහභාගී වෙද්දී ය. එහෙත් සමහර දේ ඔහු අතින් සිදුවන්නේ පුරුද්දට මෙනි. ඔහු මිත්තසේන ව සිටිය දී වැඩිහිටියන් හා ප්‍රභූන් ඉදිරියෙහි නැගී සිට ආචාර කිරීම පුරුද්දක්ව තිබිණි.

මුගුරු

Highlights:

සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැන‍ගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද?

ALIDOLE – අලිඩෝලේ

Highlights:

අලි – මිනිස් ගැටුමට

මුතුන් මිත්තන් සතු

අත්දැකීම් ඔස්සේ

සැබෑ උත්තරයක් සොයන

යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ

පරිසර ගවේෂණය….

මිහිතලයේ දැවැන්තයා අසරණයකු බවට පත්කර ඇත.අලියා අසරණයකු නොවේ. එහෙත්, අලි – මිනිස් ගැටුම අලියාට ඛේදජනක ඉරණමක් උදාකර දී තිබේ.

වැලපෙන්නි අවකන්නි – Walapenni-awakanni

Highlights:

කලක සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය……

රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය…. තාලිබාන් පාලනය

යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ.

ඔවුන්ගේ මේ ‘ ඔල්මොරොන්දම් ’ නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?

පුස්ලෝඩං

Highlights:

ලාංකේය සංස්තික නිෂ්පාදනයක් වන නූතන මිනිසා සහ ගැහැනිය භෞතික වශයෙන් ද, භාවමය වශයෙන් ද, සයිමන් නවගතේගමයෝ ගැඹුරින් ස්පර්ශ කරති. එය නවකතාව, කෙටිකතාව මතු නොව වේදිකා නාට්‍ය යන ත්‍රිවිධ ඉසව් උදෙසා වලංගු ය.

‘පුස්ලෝඩං’ නාට්‍ය‍යේ අප හමුවන මිනිසා සහ ගැහැනිය නවගතේගමගේ පරිකල්පන ලෝකයට පමණක් සීමා නොවේ. ඔවුන් අප හඳුනන, අප සමඟ දිවිගෙවන ගැහැනිය සහ මිනිසා ම වේ. මෙකී යථාව ‘පුස්ලෝඩං’ නාට්‍ය පෙළ විශද කරනුයේ නවගතේගම නාට්‍ය රීතිය පාඨකයා හමුවේ තබමිනි.

ඇට ගැහියං – Ata Gahiyan

Highlights:

අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාර්ථක නීතිඥවරයා…..

ගරුසරුකම්, මුදල් හදල්, යාන වාහන, ගේ දොර සරුවට ඇති,

හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ,

රාත්තල් 256 බර                                                                                                         

බිලී හැලෙක්!

තැනින් තැනට යන අහිගුණ්ඨික නඩයක මහලු ගැහැනියක්

ඔහුගේ රථයේ හැපී මියයයි.

කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි.

දෑත යොමා අහස දෙසා – Detha Yoma Ahasa Desa

Highlights:

ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදි වූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාටා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදී ව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැති ව තම නිවසේ ම සිරකාරියක වන ස්ලාටාගේ අපේක්ෂාවන්, බිය හා සංකාවන් දෝරේ ගලායනුයේ ඇගේ දින සටහන් මත ය. තමන්ට අහිමි වූ මිතුරු – මිතුරියන්, නෑසියන් ගැන මෙන් ම සදහට ම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳ ව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයකින් හා නිරවුල් බවකින් යුතු ව ය.

Thuru Dira Vatena Thuru – තුරු දිරා වැටෙන තුරු

Highlights:

මධුර ඵල ඇති විට

ඵල කා ඵල නැති කල

ඵල නැතැයි දැන

ඒ ඒ දිග යන්නෙමුද?

ඵල නැති කල්‍හි

දලුකොළ සුඹුළු කා

ගඟින් පැන් බී

රුකින් රුකට නොගොසින්

අපිස් සිතින් සිටින්නෙමුද?

 

 

Nimala Mala – නිමල මල

Highlights:

” නිමල මල – මිය ගිය සොල්දාදුවෙකුගේ නොමියෙන කතාව”

වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදි මෙහෙයුම්වලට සහභාගි වූ ඔස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද සොල්දාදුවෙකුගේ කතාවයි. දෙමළ විමුක්ති කොටි ව්‍යපාරයේ ආරම්භය, සටන් විරාම ගිවිසුම, යුද්ධ‍ය හා ජාත්‍යන්තරයේ ක්‍රියාකාරකම් ගැන යළි විමසා බලන එය, වර්තමානයේ දී ජීනීවා යෝජනා ගෙන එන මහා අනතුර සවිස්තරව දක්වා සිටියි. යුද්ධ‍යෙන් හෝ සටන් විරාම ගිවිසුමෙන් හෝ ලබාගත නොහැකි වූ දේ අද ජිනීවා යෝජනා හා ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ ලබා ගැනීමට දරන උත්සාහය ද එමගින් අනාවරණය කෙරෙයි.

.

සිම්පල් සයිමන්

Highlights:

මේක සීරියස් කථාවක් නෙවෙයි. මං වාගේ සිම්පල් කෙනෙකුගෙන් එහෙම සීරියස් කථාවක් බලාපොරොත්‍තු වෙන එක වැරදියි. මට ඕනේ හොටු පෙරාගෙන කියවන ඇතෙක් බර කථාවක් ලියන්න නෙවෙයි. මට ඕනේ බස් එකේ යනකොට, උණ හෙම්බිරිස්සාව හැදිලා නිවාස අඩස්සියේ ඉන්නකොට. මුණත් එක්කලා තරහා වෙලා නහය කපාගන්න හිතෙනකොට කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති පෙරලලා අරං කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති තැනකින් පෙරලලා අරං කියවන්න පුළුවන් හිත පිරෙන කථා ලියන්න.

නඟුලේ වගතුග

Highlights:

සිංහල නගඟුල, අතීත ශ්‍රී ලාංකික වී ගොවියාගේ අපුර්වතම තාක්ෂණික මෙවලමක් වෙයි. පුරන් වු පොළෝ පස සාරවත් කරගැනීමට භාවිතා කළ හැකි සරල, එමෙන් ම පිරිපුන් තාක්ෂණයෙන් අනුන මෙවලම නඟුල යි. වැවේ හදවත සොරොව්ව නම්; කෙතේ හදවත නඟුල යැයි නො බිය ව කිව හැකි යි. එහෙත්, අද දවසේ නඟුලේ ශ්‍රී විභූතිය අප කෙත්බිම්වලින් ගිලිහී යමින් තිබෙයි.

සන්නිවේදන ප්‍ර‍වණතා

Highlights:

සන්නිවේදන ප්‍රවණතා මාධ්‍ය සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා විකල්ප ශාස්ත්‍රීය ප්‍රවේශයක්

BRINGING TONY HOME

Highlights:

The winner, Gratiaen Prize for 1996. Tissa Abeysekara has
given evidence of so much understanding of experience and
deployment of language and fictional form.

එදා නඩු පොතෙන්

Highlights:

මෙම ග්‍රන්ථයේ කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘ‍තියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම, 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභීයෙකි. මේ කෘතිය සකස් කිරීමේ දී ඔහුට අධිකරණයේ විභාග වු නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගී කොට ගැනීමට අවස්ථාව ලැබී ඇත.

මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද, නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත, නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘ‍ත්තිකයන්ට ද අතිශයින් වැදගත් වේ.

සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව

Highlights:

“ෆැරැන්ක්ෆට් විශ්වවිද්‍යාල ගුරුකුලයේ මැක්ස් හෝතයිමර් (Max Hortheimer) තියොඩෝර් ඇඩෝර්නෝ (Theodor Adovno) වෝල්ටර් බෙන්ජමින් (Walter Benjamin) හා හර්බට් මාර්කස් (Herbert Marcuse) ජනප්‍රිය මාධ්‍ය ආකෘතිය ධනේෂ්වර හා පාරිභෝගිකත්වය පදනම්ව බිහිවුවක් බවට විවේචනය කරයි.එසේම සංස්කෘතික කර්මාන්ත නිර්මාණ හා වෙළඳ සේවා අතර ඇති මිත්‍යාව හා යථාර්ය මහජනතාවට හඳුනාගත නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි. සංස්තික නිෂ්පාදන මිලදී ගැනීමට මාධ්‍ය පාරිභෝගිකයාව පොළඹවයි. මාධ්‍ය ධනේෂ්වරයේ හැසිරීම් විශ්ලේෂණය කිරීමට ෆැරැන්ක්ෆට් ගුරුකුලය උපයෝගී කර ගන්නේ මාක්ස්වාදයයි. ධනේෂ්වර ආර්ථිකය තුළ ඔවුන්ට ආවේනික ආධිපත්‍ය‍ය සහ පීඩනය පවත්වාගෙන යාම සඳහා අන්තර්ගත පාලනය කරමින් ජනතාවට ඔවුන්ගේ අදහස් අලෙවි කරයි. ජනතාවට ඇත්තේ මාධ්‍ය බලපෑම් සහිත කනස්සල්ලකි.”

සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව

Highlights:

“ජන සන්නිවේදනය ශිෂ්ටාචාරයේ අභාවයට හේතු වනබව එක් සමාජ විවේචනයකි. බුද්ධිමය හා සදාචාරාත්මක හරයන් නරක අතට හැරී තිබේ. මෙම සියවසේ විද්‍යාඥයින්ගේ අපේක්ෂාව ජන මාධ්‍ය වර්ධනය සමග ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සක්‍රීය කිරීමට අවශ්‍ය බුද්ධිය ඉන් සැපයෙන බවයි. ජන මාධ්‍ය අධ්‍යාපනය තුළින් ඒ සඳහා අපේක්ෂා ගොඩනැඟිය. නූතන දේශපාලන ඉතිහාසය තුළ බුද්ධිමය බලාපොරොත්තුවලට වලකපා ඇති අතර ජන සමාජයේ සංවර්ධනය පෞද්ගලිකත්වය විනාශයට පමුණුවා ඇති බවට ද විවේචනයකි”

සන්නිවේදන සිද්ධාන්ත න්‍යාය, ආකෘති හා සංකල්ප

Highlights:

ජන සන්නීවේදනය මාධ්‍ය තාක්ෂණය ශීඝ්‍රයෙන් වුව ද, ඒ හා සමාන වේගයෙන් සන්නීවේදනය අවබෝධය හා අර්ථවත් ව්‍යවහාරය ව්‍යාප්ත වන්නේ නැත. සන්නිවේදනය යනු, කවර හෝ මර්ගයන්ගෙන් සි දුවන අදහස් හුවමාරුවක් ලෙස වටහා ගත් පිරිස් අවශ්‍ය හා අනවශ්‍ය දේ එක ලෙස කීම සඳහා මාධ්‍ය යොදා ගනී. ඇතැම් දේශීය උගතුන්ට අනුව සන්නිවේදනය යනු, කලාවකි. තවත් වරෙක පුවත්පත් කලාව යනු, සන්නිවේදනය යි. මෙ වනි අසම්පූර්ණ මත ව්‍යාප්ත වීමට හේතුව වන්නේ, ජන සන්නිවේදනය පිළිබඳ අධ්‍ය‍යන ප්‍රවේශයන් හි ඇති ඌනතාවයන් ය.

සුබ සහ යස

Highlights:

මහාවංසය විස්තර කරන ආකාරයට “යසලාලක තිස්ස” යනු කවට රජෙකි. එසේ ම “සුබ” නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන ‘සුබ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.

විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්

Highlights:

තත්පරයට රූප රාමු 24 ක්ව දිවෙන සෙලොලොයිඩ්පට තුළින් මානව ජීවිතය විනිවිද දුටු මෙම මානව හිතවාදී අව්‍යාජ , සරල සිනමාවේදියා ජිවත්වුයේ වසර 55 ක් පමණි.

ඔහු වොර්සොහි, මැසොවියෙස්කි ප්‍රාන්තයේ මිසාටොවෙහි ඉපිද එහිම අවසන් හුස්ම පොද දියකර හැරියේය.

ලෝක සිනමා ඉතිහාසයට නොමැකෙන නිර්මාණ රැසක් එක්කළ මෙම විශිෂ්ට අධ්‍යක්ෂවරයා වෝර්සෝහිම පිහිටි පොවාස්කි සුසාන භූමියේ බිම් අංක 25 හි සැතපෙන්නේ සිය අධ්‍යක්ෂ භූමිකාව දසැ’ඟිලිවලින් සංකේතවත් කරවමිනි.

පිපාසයි ආනන්ද කුසිනාරාව තව දුරද

Highlights:

කවි ලිවීම අභියොගයක්.
ස්ත්‍රීයක් කවි ලිවීම වඩාත්ම අභියෝගාත්මක වුවක්.
කවිය කියන්නේ සුවිශේෂී භාව ප්‍රකාශන මාධ්‍ය‍යක්.
ඒ වගේම එය නිර්මාණකරුවෙකුගේ විෂය ලෝකයෙහි
සවිඥානක ප්‍රකාශනයක්.
එහෙයින් ඇය අතින් ප්‍රතිනිර්මිත ‘අනෙකා’ නැතහොත්
‘පුරුෂයා’ වෙත පිවිසෙන්නට ඉරාණි නිල්මිණී අබේකෝන්
“පිපාසයි ආනන්ද කුසිනාරාව තව දුරද” යන කාව්‍ය
සංග්‍රහය සමග සිංහල කවියෙහි කිවිඳියන්ගේ සම්ප්‍රදානය
දුර්ලභ නොවු මොහොතක අර්ථ කවියක් සොයා යමි.

කෙතේ වගතුග (උරුමය) 3 කොටස

Highlights:
කෙත, ශ්‍රී ලාංකික කෘෂි සංස්කෘතියේ අඩිතාලම යි. එම අඩිතාලම මත පිහිටා ශ්‍රී ලාංකික මහා සංස්කෘතිය නිර්මාණය කරගෙන තිබෙ යි.

“කෙතේ වගතුග” මැයෙන් රචනා කර ඇති මෙම පොත් පිංච මගින්, අතීත කෘෂි සංස්කෘතියේ සැබෑ උරුමය මේ යැයි පෙන්වා දීමට උත්සාහ කළෙමු. ඒ අනුව දෙවන ලෝක යුද සමයට පෙරාතුව රජරට හා හත් කෝරලයේ පැවැති කෘෂි සංස්කෘතියේ මූලික ලක්ෂණ ඔබට හඳුනාගත හැකිවෙයි.

ජනවහර

Highlights:
 ලිඛිත සිංහල භාෂාවට ස්ථිර අනනයතාවයක්
ඇත. එහෙත්,ජනවහරට එවැන්නක් නැත.
පළාතින් පළාතට,රැකියාවෙන් රැකියාවට මේ
වෙනස්කම දැකගත හැකි ය. එලෙසම භාවිත
සම්මතයන්ට අනුව වාග් සම්ප්‍රදාය ගොඩනැගී ඇත.මේ කුඩා පුස්තිකාවේ අරමුණ එලෙස අප අතරින්
ගිලීහි යන ජනවහර පිළිබද ව අවබෝධයක් ලබා
දීම ය. එය ඉතා දිගු වෙහෙසකර වෑයමකි.

පාසල් දරුවන් හා වෙනත් තරග විභාග අවශයතා
සදහා උචිත වන ලෙස මේ ‘ජනවහර’ පුස්තිකාව
සම්පාදනය කර තිබෙන වග සැලකුව මනා ය.

දයාබර ඩාලියා

Highlights:
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!!

ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.

මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීම⁣ට තැබූ පළමු පියවර ද?

Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .

සාපේක්ෂණී

Highlights:
දුක්ගන්නාරාළ පවුලක ඉපදුන හෙයින්, ඇය තුළ ඇති වූ චරිතාංගවලට ද වඩා මේ කුමරිය තුළ තවත් වූ විශේෂාංගයක් විය. එනම් ඇය එම ජනපදයේ ලස්සන ම කුමරිය වීම යි. පංච කල්‍යාණය කියන්නේ කුමක්දැයි දැනගැනීමට රුචි කෙනෙකු වෙත් නම් ඇය දෙස බැලීම සෑහේ.

මගියා

Highlights:
දේවාන් යසෝදරාට පොතක් තෑගි කළේය. යසෝදරා එහි දවටනය සීරුවෙන් නිරාවරණය කොට පළමු පිටුව පෙරළුවාය.එහි දේවාන් ඔහුගේ අපැහැදිලි අකුරුවලින් මෙසේ ලියා තිබුණි.

‘ඔබ ආදරය දෝතින් රැගෙන ප්‍රේම සයුරේ රැල්ලක් වී එනවිට මම වෙරළක් වී ඔබ එනතුරු බලා සිටින්නෙමි.’
‘ඔබත් දේවානුත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා නේද?.. කොහොමද ඒ ප්‍රේම සම්බන්ධය කැඩුණෙ?’ දේවාන්ගේ ජර්මන් බිරිද අනබෙලා පැකිළීමකින් තොරව යසෝදරාගෙන් කාරුණිකව ඇසුවාය.
‘අපේ ප්‍ර්‍රෙම සම්බන්ධය කැඩෙන්න ඒ යුගයේ ස්වභාවය බලපෑවා. ඒ යුගයේ ආදරයට වඩා වැදගත් යයි කියු පුරුෂාර්ථයන්ගෙන් සමාජය ගැබ්බර වෙලා තිබුණා.. ඒ උණුසුම් රැල්ලට දේවානුත් අසුවුණා.’ යසෝදරා සෑම වචනයක් ම අර්ථ ගැන්වෙන අයුරින් පිළිතුරු දුන්නාය.

විවාහකයා

Highlights:
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.

රස්පුටින් ඝාතනය

Highlights:
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය

ඝෝර යාත්‍රා

Highlights:

ඔබතුමියගේ ස්වාමිපුරුෂයා මාව නිරුවත් කළා. ඔහු මට වැරෙන් කම්මුලට ගැහුවා. මගේ කටට රෙදි ගුලියක් ඔබා මාව බිම තල්ලු කරලා දැම්මා. පස්සේ ඒ අලි මිනිහාගේ බරෙන් මාව පොළොවටම මිරිකුණා. එයාගෙ පපුවෙ තිබුණු රෝම වලින් මගේ කට පිරිලා, මට හුස්ම ගන්නත් බැරිවුණා. මං නැගිටින්න උත්සාහ කළා…. හැඬුවා. ඔහු මගේ ඔළුවට තඩි පහරවල් දුන්නා. මගේ කන් කරකවා මිරිකා දැම්මා. දෑතම මිට මොලොවා මට පහර දුන්නා.මට ඒ වෙලාවේ දැනුනේ මගේ ජීවිතය ඉවරයි කියල. එක පාරටම ඔහු නැගිට්ටා. යෝධයෙන් හිටගෙන මා දිහා බලා ඉන්නවා වගේ මට පෙනුණා. ඔහු පාදයකින් මගේ මුහුණ තදින් පෑගුවා. ඔහු කී දේ මගේ පසාරු කරගෙන ගියා. ‘මට ආපහු උඹේ කටින් වචනය එහෙම ඇහුණොත් මං පණපිටින් උඹව හම ගහනවා. මට ආරංචි උණොත් එකෙක් එක්ක හරි උඹ එක වචනයක්වත් කථා කරල තියෙනවා කියලා. මං උඹව පොඩි පොඩි කෑලිවලට කපලා උයනවා. ඔහු මගේ කොණ්ඩෙන් අල්ලා උඩට ඉස්සුවා. මං කකුල් දෙක වේගයෙන් වනලා බිමට පනින්න උත්සාහ කලා. ඔහු අනික් අතින් මගේ උගුරුදණ්ඩ අල්ලා මිරිකුවා. මගේ හුස්ම හිරවෙන්න වගේ ගියා. පස්සේ ඔහු පලයන්! පලයන්! පලයන්! කියල කියනවා ඇසුණු ගමන් මගේ පණ කෙන්ද බේරගෙන මං හැකි තරම් වේගයෙන් එලියට දිව්වා.

උරුමය 2 – වැවේ වගතුග

Highlights:

වැව ශ්‍රී ලාංකික වාරි සංස්කෘතියේ හදවත යි. එම හදවතේ ස්පන්දනය අනුව වාපී සංස්කෘතියේ නාඩි වැටෙයි. එහෙත්, අද දවසේ ජීවත්වන අපේ දූ දරුවන්ට ඒ පිළිබඳ ඇති අවබෝධය අඩුයි.

“වැවේ වගතුග” මගින් එම අතීත උරුමයේ හෘද ස්පන්දනය කෙසේ ක්‍රියා කළේ දැයි වටහා දීමට වෑයම් කළෙමු. මෙහි සඳහන් වන්නේ අදින් අඩසියවසකට පමණ පෙරාතුව රජරට හා හත් කෝරලයේ වාපී සංස්කෘතියේ මූලික තොරතුරු ය.

 

උරුමය 1- ගමේ වගතුග

Highlights:

ශ්‍රී ලාංකික අපි, ගොවි සංස්කෘතියකට උරුමකම් කියන්නෙමු. එහෙත්, එම අතීත උරුමය අද දවසේ දී හඳුනාගැනීමට නො හැකි වී සිටින්නෙමු. මෙයට කළ යුතු හොඳම පිළියම වන්නේ, අතීත උරුමය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීම යැයි අපි සිතමු.

“ගමේ වගතුග” මැයෙන් රචනා කර ඇති මෙම කුඩා පොත් පිංච මගින් දෙවන ලෝක යුද සමයට පෙරාතුව රජරට හා හත් කෝරලයේ සාම්ප්‍රදායිකව ගමක චර්යා පද්ධතිය පිළිබඳ මූලික තොරතුරු රැසක් ඔබට ඉදිරිපත් කරන්නෙමු.

 

අමුතු තාලේ ආදර කතාවක්

Highlights:

අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්‍ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්‍රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.

ගැහැනු නැතිව

Highlights:

‘වැල්වටාරම් නැතිව මං කෙටියෙන් කියන්නම්. මට පුළුවන් වුණා ඇයව ඉතා අමාරුවෙන් හොයාගන්න. ඈ අගේ මහත්තයයි දරුවයි දාලා ගිහින් වෙනත් මිනිහෙක් එක්ක දැන් ජීවත් වෙනවා.’
මම ගොළු වුණා. එක පාරට ම මට වටහා ගන්න බැරි වුණා ඔහුට මොනව වෙන්න ඇත්ද කියල. අන්තිමේ දි මට අහන්න පුළුවන් වුණා. ‘ඔබ කියන්නෙ ඒ ගෑනි එයාගෙ ස්වාමිපුරුෂයයි, ටෝකයි දොස්තර මහත්තයයි දෙන්න ම දාලා ගියා කියල ද?’
‘ඔව්.’ ගොටෝ ඔරවලා කිව්ව.
‘ඒ ගෑනිට තුන්වෙනි මිනිහෙක් හිටියා. මම ඒ හැම විස්තරයක් ම දන්නෙ නැහැ. නමුත් ඒ මිනිහා මේ ගෑනිට වඩා තරුණයි වගේ. මේක තනිකර ම මගේ අදහසක්. ඒ මිනිහ ඇවිල්ල ඔය කියන තරම් අගේ ඇති මිනිහෙක් නෙමෙයි කියල මට දැනුණා. ඈ ගෙදරින් ගිහිල්ල තිබුණෙ ඒ මිනිහත් එක්ක හොරෙන් පැනල යන්න. ටෝකයි දොස්තර මහත්තයා කළේ පහසු ගල් පඩිපෙළක් හැදුව එක මිසක් වෙන දෙයක් නෙවෙයි. ඈ ඔහුව පාවිච්චි කළා. ඔහු ඒ ගෑනිට ගොඩක් වියදම් කළ බවට සාක්ෂි තියෙනවා. මම නීතිඥයො සම්බන්ධ කරගත්තා. ඉන් පස්සෙ ඔවුන් පරීක්ෂා කළා ඔහුගෙ බැංකු ශේෂය සහ ක්රෙඩිට්පත් ගිණුම්. ඒකෙන් වැඩේ පැහැදිලි වුණා. සමහර විට ඔහු ඒ මුදල් සියල්ල වියදම් කරන්න ඇත්තෙ ඒ ගෑනිට වටිනා තෑගිභෝග ගන්න. එහෙම නැත්නම් ඔහු ඈට ණයට මුදල් දෙන්න ඇති. ඒ මුදල් වියදම් වුණේ කොහොමද කියල හරියටම දැනගන්න පැහැදිලි සාක්ෂියක් තිබුණෙ නැහැ, සහ තියෙන විස්තර පැහැදිලි නැහැ. නමුත් අපි දන්න එක ම දේ තමයි ඔහු සැලකිය යුතු මුදල් ප්රමාණයක් කෙටි කාලයක් තුළ ගත්ත කියන එක.’

මේකි නං මහ

Highlights:

ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප‍්‍රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාවේ සිංහල පරිවර්තනයයි.

මූ නං මහ…

Highlights:

සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන ත‍්‍රාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ… ජැකී කොලින්ස්ගේ The Stud නවකතාවේ සිංහල පරිවර්තනයයි.

මේ බදාදනං බෑ

Highlights:

ශ්‍රී ලාංකික දේශපාලනයේ විවිධ කාල වකවානුවල ජනතාවට බලපෑ දේශපාලනමය සංසිද්ධීන් පාදක කර ගනිමින් රචිත රසවත් කෙටිකතා එකතුව.

මා 

Highlights:

ජිවිතය මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් එයට අදාල නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොතේ විසිනි . අවසාන ශේෂ වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි.

අතකින් අම්මා ය අතකින් මෙරමා ය

Highlights:

එක්තරා දිනක කුණාටුවකට හසුව , කුඩුව සිදී ගසාගෙන ආ ගිරා පොතකයින් දෙදෙනෙකු හා සරිව කුඩා ගැහැණු ළමයි දෙදෙනෙකු අරාමයට ගොඩ වැදෙනවා.මේ ළමුන් දෙදෙනා , පසු කලෙක , අයෙක් පැවිදිවත් අනෙකා උපැවිදිවත් දෙමගත් දිගේ දෙඅකාරයකින් තම අතීතය සොයාගෙන යනවා.

නොගන් ගිරිහිස නෙතින් ඉවතට

Highlights:

නොගන් ගිරිහිස නෙතින් ඉවතට

පියෙන් පියවර නැගෙන් මුදුනට

Highlights:

සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුවහල ඉමහත්ය.

මරණයේ දොරටුව

Highlights:

හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.

ගෝඩ් ෆාදර්

Highlights:

අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙන අපූරු කතාවකි.

105

Highlights:

තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රේම කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්‍ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රේමය, සන්ත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.

මොන මඟුලක්ද මන්දා

Highlights:

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි.

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

Highlights:

බ්‍රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

හැංගි විහංගි

Highlights:

නූතන යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් හා සිතැඟියාවන්ට සමාන්තර තේමාවන් ඔස්සේ ඔස්සේ රචිත නවකතා තුලින් වඩාත් ජනප්‍රිය කතා කලාවක් ගොඩනගාගෙන සිටින ඉන්දියානු ලේඛක චේතන් භාගත්ගේ කෘති සියල්ල සිංහල පාඨකයන් තිලිණ කල දිලීප ජයකොඩි නවතම පරිවර්තනයයි.

“ඉතින්, ඔයා අඬන්න එපා…. මාව හොයන්නත් එපා. දේව්දාස් කෙනෙක් වෙන්නත් එපා. ඔයා වගේ හැන්ඩ්සම් කොල්ලෙකුට හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු වෙන්නෙ නෑ. මං වගේ පිස්සු ලෙඩ ගෝදාවකට වඩා හොඳ කෙල්ලෙක් ඔයාට හම්බ වෙයි. මගේ ජීවිතේ දී කාටම හරි මට කියන්න ඕනෙම දෙයක් තියෙනවා. මං දැන් ඒක ඔයාට කියනව. මං ඔයාට ආදරෙයි….! ඔයාට ගොඩක් ආදරෙයි පිස්සුවෙන් වගේ ආදරෙයි…!!! මගේ ජීවිතේ අන්තිම තත්පරේ දක්වාම මං ඔයාට ආදරෙයි…. ආදරෙයි!!!

ඕක තමයි අපි කිවුවේ

Highlights:

ක්‍රිකට් සංස්කෘතියට සම්බන්ධව සෙල්ලක්කාර තාරුණ්‍යයේ උන්මාද හැගීම් කැටි කර ගත නවතම ශෛලියකින් රචිත නව කතාවේ සිංහල පරිවර්තනයයි. ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම සාමාන්‍ය රසික රසිකාවියන්ට ද එක සේ රස විඳිය හැකි සරු ආශ්වාදජනක සිද්ධීන් රැසක සම්මිශ්‍රණයකි.

තුන් මෝල්ලු

Highlights:

ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.

මරණයේ සෙවණැල්ල

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික විසිතුන් හැවිරීදී ජැකී, ඊජිප්තුවේ සංචාරයකදී හමුවන ඊජිප්තු ජාතික ඔමාර් සමග පෙමෙන් බැදෙන්නේ අහම්බෙන් ඇතිවන සිදුවීමකිනි. සතියක කෙටි ඇසුරකින් පසු ඇය , ඔහු හා විවාහ වන්නිය. දෙමවුපියන්ගේ කීමට ද පිටුපාමින් අනතුරුව ඊජිප්තුවේ ස්ථිර පදිංචියට පැමිණෙන ජැකී , තම ස්වාමිපුරුෂයාගේ සැබෑ ස්වරූපය අනාවරණය වීමත් සමග සිය ජීවිතයේ මහා ඛේදවාචකයකට මුලපුරන්නිය. ඔමාර්ට දාව දියණියන් දෙදෙනකුගේ මවක් වන ඇය . ගබ්සාවන් දෙකකට ගොදුරුවෙමින් තිරස්විත අතවරවලට හා අපමණ කෲරකම්වලට ද මුහුණ දෙයි. අනතුරුව ඇයගේ එකම පරමාර්ථය වන්නේ මේ අපා දුකෙන් ගැලවී යලි එංගලන්තයට පලා යාමයි.

බිඳුණු බිලින්දා

Highlights:

ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.

කාන්තාරයේ කුසුම

Highlights:

එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්‍රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනේකවිධ දුක් කම්කටළු, හිරිහැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහැනියකගේ අනුවේදනීය සත්‍ය කතාව.

නොපෙනෙන ළන්දූ

Highlights:

නොපෙනෙන ළන්දූ

ගිනි දියණි

Highlights:

ඔහුගෙන් බලකිරීමකින් වුව ද ඊට වඩා යමක් දැනගත නොහැකි බව වටහාගත් මම එතැනින් පිට වී නැවත පිළිස්සුණු තරුණියන් සිටි කාමරයට ආවෙමි. වරින් වර දෙනෙත් විවර කළ තරුණියගේ ඇඳේ පසෙකින් වාඩී වු මා ඉවසිල්ලෙන් බලා සිටින්නට වුයේ ඇය නැවත ඇස් අරින තෙක් හා අනතුරුව ඇය අනෙක් තරුණියගේ තත්ත්වය වඩාත් බරපතළ බව පෙනිණ. හෙදිය කාමරයට ආවාය. මම ඇයගෙන් දෙවෙනි තරුණිය පිළිබඳ විමසුවෙමි. “මොකක්ද අරයට උනේ?” ” ආ එයාව ගිනි ගොඩකට වැටිල.. එයාව සෑහෙන්න අමාරුයි…. මං හිතන්නේ එයා ඉක්මනට මැරෙයි.”

සාතන්ගේ දියණියෝ

Highlights:

දරුණු ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූද අවකල් ලිංගිකත්වයට ගොදුරු වූද දහතුන් හැවිරිදි ක්‍රිස්ටිනා දැරියගේ අනුවේදනීය සත්‍ය කතාව.

“අවසාන විභාගයෙන් මම ඉහළ ම සාමාර්ථයක් ලබා ගතිමි. එහෙත්, සුදුසුකම්වලට සරිලන රැකියාවක් නම් සොයා ගැනීමට නොහැකි විය. රැකියා නොමැතිව පාරවල්වල නිකරුණේ හැසිරෙන තරුණ තරුණියන් සඳහා රැකී රක්‍ෂා දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත නීතියකට අනුව ලබා දෙන සුළු රැකියාවක් මට ලැබිණි. පසුගිය වසර තුළ මම හෙරොයින් එන්නතක් නොමැතිව ම කල් යැව්වෙමි. සම්පූර්ණයෙන් ම හෙරොයින් මතින් මිදීමට වසර කීපයක් ගතවන බව මම දැන සිටියෙමි. එනමුදු දැන් මට හෙරොයින් නොමැතිව ජීවත්වීම ප්‍රශ්නයක් නොවේ.”

මත්මායාවෙන් ගැලවෙන්නට වෙර දරන යෞවනියකගේ සැබෑ ජීවන අන්දරය.

ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වූ, සිනමා නිර්මාණයක් සේ එළි දැක්වූ Wir Kinder vom Bahnhof Zoo (We Children of Zoo Station) කෘතියේ සිංහල පරිවර්තනය.

මේක අපේ ජාලේ කඩේ

Highlights:

සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.

1 2
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
1 Cart
Close

My Cart