ඇය දුටු සැණින් තම සිත සසල වූයේ ඇයි දැයි පැවසිය නොහැකිය. බොහෝවිට කුලවත් හින්දු කාන්තාවෝ උත්සව අවස්ථා වලදී මාල, පා වළලු, අත්වළලු හා නළලෙහි හා පා ඇඟිලිවලත් මුදු පළඳිති. යුරෝපයේ ගැහැනුන්ට ඇත්තේ වෙනත් සුදකි. චම්පා රන් කළදක්වත් නැතිව කළු කලිසමකින් හා ඕෆ් ෂෝල්ඩර් හැට්ටයකින් සැරසී සිටි හැටි ඔහුට හැටි සිහිවුණි.