Pahan Publication

Pahan Publication

Showing all 36 results

Show:

සල් සපු අරණ

Highlights:

සකුනිකා ප්‍රදීප්ගේ මූණ බැලුවාය. ඔහු සියල්ලන්ගේම දෙබස්වලට සවන් දුන්නා විනා කිසිවෙකු වෙනුවෙන් යමක් කීවේ නැත. ඔහුගේ අදහස් දැනගන්නට සකුනිකාට බලවත් උවමනාවක් පැවතියද ඔහුගේ මුහුණේ ඉරියව්වකින්වත් ඇයට එය අනුමාන කළ නොහැකි වුණි. ඒ දුක, සතුට,සන්තාපය වැනි දේවල්වලට ප්‍රගීත් බරපතළ ප්‍රතිචාරයක් කිසිවිටෙකත් නොදක්වන නිසාය.

ඔබ වෙනුවෙන් තැවෙන්නේ කවුද ?

Highlights:

සතුටුදායක හා පිරිපුන් ජීවිතයක් සකස් කර ගැනීමට ඉවහල් කර ගත හැකි කරුණු කරණා ගණනකින් සමන්විත මේ පොත ධනාත්මක චින්තනයේ අග්‍ර ඵලයක් ලෙස හැඳින්විය හැක.

ඒ රූ කාගේද…

Highlights:

බොහෝ පවුල්වලට රහස් ඇත. ඒවා හරියට අල්මාරියක සඟවා ඇති ඇටසැකිලි වැන්න. කවදාවත් කිසිවෙකුත් ඒ ගැන කතා කරන්නෙවත් නැත. ඇතැම්විට ඒ රහස් බොහෝ වේදනාකාරීය. ඒවා කොතරම් ගැඹුරින් වළලා ඇති දැයි කිවහොත්,ඒවා ඒ පවුලේ අයටම අමතකව යයි.

මේ මැන්ඩිගේ කතාවයි. අර්බුදයක් විසින් ඒ රහසෙහි දොර විවර කරන තෙක්ම තම පවුලේ බියකරු රහසේ යතුර ඇත්තේ තමා අත යැයි නොදැන වුන් මැන්ඩිගේ කහතාවයි.

ඩයනා ඇගේ කඳුළු කතාව

Highlights:

ඩයනා කුමරියගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකය පුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුළින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා පිළිබඳව ලෝකයා කතා බහ කළ බවයි.

ජීවත්ව සිටියදීත්, ලෝකයේ සියළු ජනමාධ්‍ය මෙන්ම සියළු ජනකොටස් ද වැඩියෙන්ම කතාබස් කළ කාන්තාව ඩයනා ය. බොහෝ රටවල පුවත්පත්වලට ඉතා හොඳ අලුත් ප්‍රවෘත්ති සැපයීමට ඩයනා කුමරිය තරම් අවධානයට යොමු වූ වෙනත් කාන්තාවක් ලෝකයේ නොසිටි බවඳ කියනු ලැබේ.

එමිලි – 5

Highlights:

ඈ තාරුණ්‍යයේ
ප්‍රීතිමත්භාවයෙන් ප්‍රමුදිත
වූයේ අඩු වශයෙනි.
ඈව පොළඹවන හා ඉදිරියට
කැඳවන සදාතනික
අනාගතයක් ඈ ඉදිරියේ විය.
තමා ඉදිරියේ ඇත්තේ
අසීරු අරගලයක් බවද
ඈ දැන සිටියාය.

හිට්ලර්ගේ දින සටහන්

Highlights:

Selling Hitler’ නමැති කෘතිය බ්‍රිතාන්‍ය‍යේ මාධ්‍යවේදියෙකු වන රොබට් හැරිස්ගේ කෘතියකි. හිට්ලර් විසින් වර්ෂ දහතුනකට ආසන්න කාලයක් අවිචාරවත් ඒකාධිපති පාලනයක් ගෙන යමින් මිලියන හැටක පමණ ලෝක ජනතාවක් අකාලයේ මියයාම හා ගණන් හිලවු බැලිය නොහැකි දේපළ විනාශයක් සිදුකිරීම සම්බන්ධ සියළු තොරතුරු හා ඔහුගේ ජීවිතය සම්බන්ධ අනෙකුත් තොරතුරු අලලා සිරිසේන රත්නායක විසින් මෙය “හිට්ලර්ගේ දින සටහන්’ ලෙස පරිවර්තනය කර ඇත.

කවුරුන්ද නුඹ මගේ

Highlights:

දිග හුස්මක් හෙළපු මං ආපහු
ඇඳෙන් නැගිටලා රෙදි ටික නවන්න
ගත්තා.හැබැයි එක අතකින් මට
මෙහෙන් ටික දවසකට හරි ඈත්
වෙලා ඉන්න තියෙන එක හොඳයි…
මොකද ගමේ හිටියොත් අර
ධනුෂ්කගෙන් තවත් කරදර.එහෙම
බැලුවම අම්මත් සතුටු වෙයි මං මේ
ගමන යන එක ගැන.

මද්දුම දෝණියේ

Highlights:

ප්‍රේමා සුරවීර රූපසිංහ විසින් රචිත
මෙම “මද්දුම දෝණියේ” නම් කෘතිය
මවක විසින් තම මදුම දියණියට දෙනු
ලබන අවවාදවලින් සමන්විත ය.
මෙම කෘතිය දියණියන් සිටින මවුවරුන්
විසින් දියණියන්ට පරිශීලනය කිරීමට
දිය යුතුම කෘතියකි.

දිසාපාමොක් දියණී

Highlights:

පාසැල්වලට අයදුම් කරන්නට
කාළය ඒළඹි හෙයින් සුධර්මා තම
දියනිය ද කැටුව පෙර සිටි පාසැලට
ගියා ය. එහි අපොස සාමාන්‍ය පෙළ
හොඳ ප්‍රතිඵල තිබුණි. හොඳම
ප්‍රතිඵලය වුයේ නේරංජනාය,

නුඹයි මගේ සදවති

Highlights:

හිරු ඒළිය හොදින් වැටි තිබුණු උදෑසනක්
වුවද තවමත් සීතල පහව ගොස් නොතිබුනි.
බැලු බැලු අත තිබුනේ කදු වැටි හා පල්ලම් ය.
නෙත් වලට හසු වුයේ කොළ පැහැය පමනක්මය.

වැවිළි බෝගයක් ලෙස තේ වගාකල මේ ප්‍රදේශය
රසවත් තේ වලට ඉතාමත් ප්‍රසිද්ධ විය.

විනාවි ගේ තාත්තා තේ වත්තක
රැකියාවක් කලේය.

ඇගේ මට ගෘහණියකි.
එකම මල්ලී තවමත් පාසල් අධ්‍යාපනය හදාරයි.
ඉතා රමණීය පෙදෙසක තනා තිබුණු ඔවුන්ගේ
නිවස බෙහෙවින් සිත්ගන්නා සුළු ස්ථානයක් විය.

සුළඟේ දැවටී

Highlights:

“මේ ළමයට මොකුත් කරදරයක් වුනා නම් අපි
කාට කියන්නද ? ගෑනු ළමයෙක්ට යන්න සුදුසු
තැනකටද ගිහින් තියෙන්නේ? අපි විශ්වාස කරලා
නිදහස දුන්නම මේ ළමයි අයුතු ප්‍රයෝජන ගන්න
හදන්නේ”

“ඒකම තමයි අම්මේ මම කියන්නේ. තමන්ගේ
තරම දැනගෙන වැඩ කරන්න ඉගෙන ගන්න
දෙයක්ද ? ගෑණු ළමයෙක් හැමවෙලේම හිතන්න
ඕනෙ තමන්ගෙ ආරක්ෂාව ගැන.”

කොපු තුළ සිටින මිනිසා

Highlights:

“එතකොට කෝ සල්ලි. එයා එයාගෙයි මගෙයි අනිත් මිනිස්සුන් ගෙයි සල්ලි නාස්ති කරලා තියෙනවා. ඒවට මොකද උනේ. අහපන්. මම උඹෙන් ඉල්ලා සිටිනවා. මම කේන්තියෙන් පිස්සු වැටිලයි හිටියෙ. මම නරක වචන කියලා උඹට බැන්නා. දැන් මම සමාව ඉල්ලනවා.

එළිවන යාමය

Highlights:

“දැන් කලබල වෙන්න දෙයක් නැහැ. උන් ඇවිත් තියෙන්නේ අපේ පස්සෙන් නෙවී.” ලාංකිකයා කණ්ණාඩියෙන් පසුපස පිරික්සීය.

“හොඳයි, ලයිට් නිවාගෙන පස්සෙන් ආවොත්..?”  “එහෙම දෙයක් නැහැ.”

“අපි එහෙම හිතමු. ඒ වුණත් උන් අපේ පස්සෙන් ආව නම් ඉස්සරහ තියෙන කාර්වලට රේඩියෝ මැසේජ් යවල තිබුණොත්…?”

කැපුම්කාරි

Highlights:

“මම ඇයි මේ බයවෙන්නේ. එයා පොඩි ළමයෙක් මිසක අවතාරයක්වත්, මලමිනියක්වත් නෙවෙයි. එයාගේ තැන මාරුවෙච්ච නිසා එයාට ඒක මානසිකව බලපාන්න ඇති. ඒ නිසයි එයා හීනෙන් ඇවිදින්න ඇත්තේ.

KGB මෙහෙයුම පිය අභිමානය වෙනුවෙන් නැගී සිටි පුතෙක්..

Highlights:

“මේක බොරු එකක්” රුසියානු නායකයා තමා අත තිබූ කුඩා නමුත් ඉතාමත් අලංකාර චිත්‍රය පෙන්වමින් කීවේය. “ඒක කොහොමටවත්ම වෙන්න බෑ. සාර් රජ්ජුරුවන්ගේ ශාන්ත ජෝර්ජ් සහ මකරාගේ නිරූපකය අවුරුදු පනහකට වැඩි කාලයක් ලෙනින්ග්‍රෑඩ්වල ශීත මාලිගාවේ තිබුණේ හමුදා ආරක්ෂාව යටතේනේ”

ටාර්සන් නිවුන්නු

Highlights:

අප්‍රිකාවේ ඝන වනාන්තරයක අතරමං වන ඩික් සහ ඩොක් නිවුන් මව්වරුන් දෙදෙනෙකුගේ දරුවන් ය. අප්‍රිකාවේ නිවාඩුවක් ගත කිරීමට යන ඔවුන් වනාන්තරයේ අතරමං වෙයි.

මිනී මස් කන ගෝත්‍රිකයන්ගේ සිරකරුවන් බවට පත්වන ඔවුන්ට එහිදී බිහිසුනු සිදුවීම් රැසකට මුහුණදීමට සිදුවේ. අවසානයේ ටාර්සන් තම පිරිස සමග පැමිණ මොවුන් නිරුපද්‍රිතව බේරා ගනී. බිහිසුනු සිදුවීම්වලින් ගහන් මෙම “ටාර්සන් නිවුන්නු” කෘතිය නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය.

කැතී – 4

Highlights:

මෙම කෘතිය කැතී කතා මාලාවේ සිව් වැන්න වූ “ක්ලෝවර්” හි සිංහල පරිවර්තනයයි.

සිය බාල සොයොයුරාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඇමරිකානු මහා බටහිර හෙවත් කොලරාඩෝවේ සංචාරයක් සඳහා ඇය යොමු වන අන්දම මෙහිලා විස්තර කෙරේ. එවකට නවීන තාක්ෂණයෙන් අපිරිසිදු නොවූ බටහිර කලාපය පිළිබඳ දීර්ඝ විස්තරයක් ද මෙහි ඇතුළත් ය.

අඬන්නෙපා මගෙ පුංචි පුතේ

Highlights:

මේ අම්මා තම අළුත උපන් දරුවා රෝහලේ අත්හැර දමා ගියේ ඇයි? දරුවාගේ බෑගයේ ඇතුළත තිබු රහස් සාක්කුවේ ලියුම් කවරයක් තිබෙනු දැක මා එයට එබී බැලුවා. එ තුළ ලියුමක් ඇති බව දුටු මම එය අතට ගෙන කියවන්නට පටන් ගත්තා. “දරුවා හැදීමට බාරගන්නා හිතවතිය, මේ මගේ ජීවිතයේ ඉතා ම දුක්බර මොහොතක්.

විරුද්ධවාදියා

Highlights:

“මම ඉරිදා දවසක උදෙන්ම, ඇයත් එක්ක එහේ ගියා. ඇයට ඇගේ ගීත සහ නැටුම් කණ්ඩායමේ වැඩවලට එදා රෑ දහයට ආපහු එන්න තිබුණා. ඒක හමුදාවේ නීතිය. බස් කීපයක් මාරු වෙවී. බස් නැවතුම්වල බලා ඉඳ ඉඳ, ගිහින් ආපු ගමනක්.

දඟකාරියේ

Highlights:

කොල්ල කියන කොණ්ඩෙ වවාගත්තු කොල්ල තාපස උත්තමය කියලා හිතාගන්න මට අමරු වුනේ නෑ. කතාවෙන් කතාවෙන්ම අපි පුස්තකාලෙට ඇවිත් හිටියෙ. කොල්ලා විස්තර හොයන ගමන්ම ෆෝන් එකෙනුත් තව විස්තර සර්ච් කළා. අපිත් පුළුවන් උපරිමෙන් මහන්සි වුනා විස්තර හොයා ගන්න.

ගී කිරිල්ලී

Highlights:

තමාට තම සිත පාලනය කර ගැනීමට නොහැකි වේවියැයි සුමිත්‍රාගේ සිතට බියක් ඇතුලු විය. ඔහු ඉදිරියේ තමා තම හදවත විවෘත කළා වැඩියැයි තේරුම් ගන්නා විට ඇය සියලු දේ පවසා අහවරය. හඬ බිඳී, හදවත සැලී නෙතට කඳුළක් උපන්නේ වියෝගය හිතට බරක් එක් කළ නිසාය. ඇඳ මතින් නැගී සිටි ආලෝක සුමිත්‍රා ඉදිරියේ සිට ගත්තේ ඇයට ඉවතට යන්නට කාලයක් නොතියාමය.

කැතී – 3

Highlights:

“මං හිතන්නෙ දැන් භයානක කොටස පහුවෙලා ඇති. දැන් නැව පොඩ්ඩක් වත් ගැස්සෙන්නෙ නැහැ. වේටර් කිව්වා අපට නැව් තට්ටුවට ගියාම ලොකු පහසුවක් දැනේවි කියලා. එයා දැන් ඇවිදින් මට උදවු කරාවි. ඇමී අවදි වුණාම මම එයාට ඇඳුම් අන්දවන්නම්. බෙරට් මහත්මිය ඔබට උදව් කරාවි…”

ඔලිවියා – 2

Highlights:

ඉන් සතියකට පසු ඊල් සහ ඔලිවියා හීත්‍රෝ ගුවන්තොටුපලේ බලා සිටියේ ඇලිසියා හා පැබ්ලෝද සමගය. ඉන් මොහොතකට පෙර ඔව්හු හෆ් සමග තිර පරික්ෂණය සදහා හොලිවුඩ් බලා ගිය ඇබීට සමුදී තිබිනි.

අසෙනිය වර්ෂා

Highlights:

මා තීරණයක් ගත යුතුව ඇත. එහෙත් ජීවිතය අරඹන්නේ කොහොමද කවුරුන් සමගින්දැයි මට නොතේරිණි. අසෙනිය ඔබව නැති කරගෙන සැනසෙන්නට මට බැරිය. මා ජිවිතය වින්දා නම් ඒ ඔබ නිසාය. ඔබේ ආදරය නිසාය. ඇස් වලින් ආයෙම කඳුළු වැටිණි.වසර තුනහමාරක් බිම නොදැමු කඳුළු දෝරේ ගලා ගියේය.

නිදිකුම්බා මල් කැකුළී

Highlights:

“මම දන්නෙ නැහැ ඉන්දු..ඔයත් එක අතකින් දේවින්ද වගේම තමයි… තමන් ජීවිතෙන් ඉල්ලන දේ මිසක්, ජීවිතය දෙන දේ ගන්නෙ නෑ.. පුදුම විදිහට දඩබ්බරයි..”

සයුරි අක්කා එහෙම කිව්වහම ඇත්තටම මට ඉවසුම් නැතිව ගියා.අක්කෙ මම අක්ක එක්ක කට ගහනව නෙමෙයි..

හැම තාත්තෙකුගේම සිතුවිලි

Highlights:

ඔබ හොඳයි…

හැම පිරිමියෙකුට ම වඩා…

හැබැයි මාගේ

තාත්තා තරමට නම් නොවෙයි… දුගෙ පොතක අන්තිම පිටුවෙ දුක හිතෙන පද හතරක් පුදුමාකාර ලස්සන, ඇස්වල කඳුළු තවරන පද හතරක්.

හිරුට රහසේ පිපුනු මල්

Highlights:
ඔහුගේ ළමැදේ
මගේ හිස තියාගත් ඔහු
හිස් මුදුන කිහිප වරක්
සිප ගත්තේය.
මා ප්‍රාර්ථනා කළ ජීවිතය
මෙය නොවේදැයි.
මට සිතුණි.
මෙලොව වෙසෙන කිසිවෙකුත්
මෙවැනි අහිංසක කුරුලු කූඩු
කඩා ඉහිරවන්නට එපා යැයි
මම සිතින් ප්‍රාර්ථනා කළෙමි.
ධනංජයගෙන් තොරව ලොවක්
මට තිබුණේ නැත.

පට්ටපල් බොරුකාරයා

Highlights:

රිචඩ්  ක්‍රියාකාරී ව හැසිරෙන්නේ නම් ජේම්ස් හාර්ලෝ ඔහුට විරුද්ධව කටයුතු කරනු ඇත.මේ දෙදෙනාගෙන් ශූර චෞරයා පමණක් ඉතිරි වනු ඇත.අනෙක් පුද්ගලයා පරලොව යෑම නිසැකය.මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැන සලකා බලන විට ප්‍රාන්ත පොලිසියත්, ෆෙඩරල්  පොලිසියත් අසරණ බව පෙනී යයි.

ඔබ නැති මා

Highlights:
දිලක්ෂ වෛදයවරයාට ස්තුති කළේය.
වෛදයවරයා සිනහවක් නගාගෙන හිස සලා දැන්
නූර්යට හොදටම හොදයි කීවේය.ඉතින් හරිහැටි
සුවයක් නොලබාම මම ආපසු නිවසට ආවේ
එහෙමය.අප්සරා අප එද්දී නිවසෙහි නොසිටියාය.
බොහෝ දිනක් මා වෙනුවෙන් ඈ සරසවිය
මගහැර ගත්තාය. මම සදැල්ලට වී බොහෝ
වේලාවක් ඇසිපිය නොහෙලා බලා උන්නෙමි.
එහෙත් අශින්තගේ ඡායාවකුදු මට නොපෙනිණ.
දනිමි.ඔහු යළි කිසිදාක මගේ දෑස් මානයට
නොඑනු ඇත. හෙමින් හෙමින් ආයෙමත් මම
කාමරයට ඇතුළු වීම්. මේ වේදනාව දැන් ඉතිං
නිමාවිය යුතුය.

සර්වකාල

Highlights:

අත්පොලසන් නාදය වඩාත් තීව්‍ර විය. හුරු පුරුදු සන්සුන් ගමනින් වේදිකාව දක්වා ඇවිද ගිය ඔහු සම්ප්‍රදායික චීන ආචාරය පුද දී ස්වීඩනයේ රජු වූ කාල් ගුස්තාෆ් වෙතින් තමන්ට හිමි පදක්කම ලබා ගත්තේය. දෙවනුව සභාව වෙතට හැරුණු ”වෙයි” එවැනිම ලෙසින් උඩු කය ඉදිරියට නැඹුරු කර සභාවට ද ආචාර කළේය.

අධ්‍යාත්මයේ ස්වයංවරය

Highlights:

මීට වසර පහළොවකට පමණ පෙර මම බොහෝ සෙයින් සාර්ථකත්වයට පත්ව සිටියෙමි.එහෙත් ගැඹුරු අසතුටක් මා සතුවිය.ඔබ මේ කෘතිය තුළින් දැන හඳුනා ගන්නා ”ජුලියන්” සේම මම උකටලී ව උන්නෙමි.ඉතා බලසම්පන්න අදහස්වලින් මා සන්නද්ධ වීමට පටන් ගත්තේ ඒ අවධියේය.සතුට යන්න මගේ සිතට කාන්දු වූයේ ඉන් පසුවය.මම මගේ ජීවිතය වෙනස් කර ගතිමි.එය සැබෑ සුන්දර වෙනසක් විය.එය සැම දෙනෙකු සමගම බෙදා ගන්නට මට අවැසි විය.හැම සිහිනයක්ම ආරම්භ වන්නේ ඉතා කුඩාවටය.එහෙත් එය දළු ලා වැඩෙන දැවැන්ත වෘක්ෂයක් වනු ඇත.

රෙබෙකා

Highlights:

මැන්ඩර්ලිය නම් සුවිසල් මැදුර කරා සිහිනයකින් යන ඩි වින්ටර් මහත්මිය බලවත් චිත්ත පීඩාවකින් පෙළෙන තැනැත්තියකි. තම පුරුෂයාගේ හිටපු බිරිය පිළිබඳව මනසෙහි ඇදගත් සිතුවම් ඔස්සේ බලවත් ආත්මානුකම්පාවෙන් පෙළෙන ඈ තම පුරුෂයා සමගින් එම ගැගැණිය පිළිබඳව කතා කිරීමට කිසි විට දිරිමත් නොවේ.    කාලයත් සමග ඈ තුළ තිබු පසුගාමි ස්වභාවයෙන් මිදෙන ඈ මැන්ඩර්ලියේ හිමිකරුගේ බිරිය ලෙස සැබවින්ම නැගී සිටීමට අදිටන් කර ගන්නා විටම අවාසනාවන්ත ලෙස ඇයට ඒ අවස්තාව අහිමි ව යයි.

ගිම්හානයේ පොරොන්දුව

Highlights:

මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.

ඒක රහසක්

Highlights:

ඔව් ඒක තාත්තලාගෙයී බබාලාගෙයී රහසක්…ඒක කාටවත් කියන්න බෑ…වයස අවුරුදු හතරක්‌ වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය.

ඔබ මට තරුවකි

Highlights:

දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.

කිසිවක් නොකියමි අම්මේ …

Highlights:

මෙතෙක් වේලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක් වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස පුරා දුවන්නට පටන් ගත්තා.කාමරයෙන් කාමරයට යමින් .දෑත් දෙපසට විහිදුවාගෙන ගුවන් යානයක් මෙන් ඉතා අධ්ක වේගයෙන් ඔහු දුවන්නට වුණා

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping