Rusiyawa Prakashana

Rusiyawa Prakashana

Showing all 15 results

Show:

නොදුටු ජර්මනිය

Highlights:
  1. දොඹකරයෙන් ගැබිනිය ගිලන් රථයට
  2. බල්ලන්ටත් විභාග සහ දුම්රිය ටිකට් පත්
  3. ශබ්ද නොනඟා උඩ තට්ටුවේ ජීවත් වන හැටි
  4. විනාශ වූ නිවාස අසූ ලක්ෂයක සුන්බුන් ඉවත් කළ කාන්තාවෝ
  5. සින්ඩරෙල්ලාට සහ අවතාරවලට සෙවන දෙන මාළිගා
  6. කාන්තාවන්ට වෙනම රථ ගාල් …

යුගයක ඇරඹුම

Highlights:

මම ලෑල්ලක එල්ලා තිබු සිතියම වෙතට කිට්ටු වුනෙමි. එහි නිකේතනයේ බිම් සැලැස්ම පැහැදිලිව පෙන්වා තිබුණි. බිම් සැලැස්ම කොටස් දෙකකට වෙන් කර තිබුණේය. එක් කොටසක් මිත්‍රත්ත්ව සරසවියේ සිසුන් සඳහා සහ වෙනත් සරසවිවල හා උසස් අධ්‍යපන ආයතනවල සිසුන් සඳහා යනුවෙන් අනෙක් කොටස වෙන්කර තිබුණි.

නිවුන්නු

Highlights:

නිවුන්නු කිව්වම මහ පුදුමයි.මුහුණු එකම විදිහයි. කතා බහ, හැසිරීමත් එකම විදිහයි. ඔබට කියන්න දෙමව්පියන්ට පවා නොහෝ විට මේ අය වරදිනවා. ඒ තරමටම සමානයි. ගෙදරකට නිවුන්නු ලැබුන කිව්වම සමහර කෙනෙකුට හිසරදයක්, ඒත් සමහරෙකුට මහත් ප්‍රීතිජනක, ආඩම්බරයට හේතුවක්.

යුද බිමක ඇසින් දුටු මතක

Highlights:

“සර්… මේ කොහෙද යන්න හදන්නේ…කට්ටා විමසා ඇත. “අළුතෙන් පිහිටුවන සිංහල ගම්මාන වල නැවත පදිංචි කිරීම් බලන්නලු යන්නේ… පාර ක්ලිය කරලා දන්වන්න…! කර්නල් සාලිය පවසා ඇත. ප්‍රදේශය පිළිබඳව සනාථවීමෙන් පසුව පිරිස ජීප්රථ දෙකකින් ගමන් අරඹා ඇත.

සැමට ගණිතය

Highlights:

පොතේ අන්තර්ගතය

  • ගණිතය
  • එකතු කිරීම
  • ගුණ කිරීම
  • බෙදීම
  • වර්ග කිරීම .. යනාදිය.

සම්මත අසම්මත

Highlights:

කෙසේ වෙතත් සුදු මහත්තයාව ගුරුන්නාන්සේගේ ගෙදරට එක්ක නොගිය අතර ඔහු කියාදෙන ලද ඇවතුම් පැවතුම් හා ප්‍රතිකාර නිවසේදී වහාම ලබාදෙන ලදි.ඉන් අනතුරුව සුදු මහත්තයාගේ යම්කිසි ප්‍රගතියක් සියළු දෙනාම බලාපොරොත්තු වන ලදි.

මීත්‍යාගේ ප්‍රේමය

Highlights:

මීත්‍යා සිය නිවසට පැමිණි මුල් දිනවලදීම පටන් මේ හැඟීම් සතුටින් අත්වින්දේය. ඒ දිනවලදී වස්සානය පටන්ගත්තා පමණි. මීත්‍යා මැද සාලයේ වූ විවෘත කවුලුවක් අසල හිඳගෙන, ගෙවත්තේ වූ පයින් ගස් හා දේවදාර ගස් අතරින්, තණබිම මැදින් ගලන බොර පැහැති ගංඟාව දෙසත්, ඊට එපටින් කඳු බෑවුමේ වූ ගම්මානය දෙසත් නෙත් යොමා ගෙන සිටියේය.

අද රුසියාව

Highlights:

මොස්කව් වැසියෝ සිය නගරයට ඉතා ඇලුම් කරති. ඔවුන් සෑම කෙනෙක්ම ඉතා කැමති වීදි, ස්ථාන, මාවත්, ස්මාරක හා උයන් වතු එහි ඇත. මොස්කව් ඔවුන් උපන් නගරය වන අතර අප දැන් සංචාරය කරන්නේ ද එහිය.

දුබ්රොව්ස්කියි

Highlights:

“උතුමාණෙනි, මම නගරයට යනවා. ඉතින් ලිපිකරු ඉවාන් දෙම්යානව් හමුවීමට ආවේ. ඔබතුමා ගෙන් කිසියම් නියෝගයක් තිබෙනවාදැයි දැනගැනීමටයි” ෂබාෂ්කින් පිළිතුරු දුන්නේය”

“නුඹ ආවේ මට ඕනෑ වේලාවට යි. නුඹේ නම මොකක්ද?

ලෙනින්ගේ ගීතය

Highlights:

කොතැනද ලෙනින්?

ලෙනින් සමාධිය තුළ.

හා පදක්කම් මත.තරු තුළ

කොතැනද ලෙනින්?

දින වකවානු, ජයන්ති…

නමුදු කොතැනද ලෙනින්? ලෙනින් කොහේද?

කොතැනද ලෙනින්?

කවුළුවෙන් එහා

Highlights:

කයියාම් මහල්ලා මී බඳුන බිම නමා

මිදි උයනෙ නිදනු වෙද මිදි පතින් වැසීගෙන

තාගෝර් කිවිඳු තෙම සුදු රැවුල පිස දමා

ගී සරින් මත් ව ගෙන එබෙනු වෙද ඔබ හදට

අමරණීය මිනිසා

Highlights:

ඒ වකවානුවේ මොස්කව්හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවතියේ ය. එහි තානාපතිවරු දෙදෙනෙකු ද සිටියෝ ය. ඉන් එක් කාර්යාලයක් පිහිටියේ මොස්කව්හි ‘ඌලිට්සා ෂෙප්කිනා’ හෙවත් ෂෙප්කිනා විදියේ අංක 24 දරණ සුවිසල් දෙමහල් මන්දිරයේ ය. ඒ, ශ්‍රී ලංකා රජයේ නිල තානාපති කාර්යාලයයි.

රෝගියෙකුගේ දවසක්

Highlights:

“දුරංගමං ඒකවරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා”

දුර ගමන් කරන්නා වු ද තනි ව හැසිරෙන්නා
වු ද ශරීරයක් නැත්තා වු ද ගුහාවෙහි
නිදන්නා වු ද සිත, යමෙක් හික්මවයි ද,
ඔහු මාරයාගේ බැමිවලින් මිදේ.
(ධම්මපදය-චිත්ත වර්ගය)

මේ ශරීරයක් ඇතත් දුර ගමන් යා නොහැකි,
ගුහාවක් වැනි කුටියක තනි වු මිනිසෙකුගේ
බොහෝ දුර ගමන් යන, තනි ව හැසිරෙන
සිතක සිතුවිලි කිහිපයකි.

මාක්සිම් ගෝර්කිගේ ඉසෙර්ගීල් මැහැල්ල හා වෙනත් කෙටිකතා

Highlights:

මෝඩකමක්! මිනිසෙකුට පුලුවන් ද මා වටහා ගන්න?

උඹම නේ ඔහුව මැව්වේ! සිනාසුණේ ය සයුර.

ඇත්තක් නොවේ! ඔහු මැවීමේ දී, මම කිසිදු කොටස්කරුවෙකු නොවුයෙමි!මගේ පැමිණීමට පෙර ඔහු ජනිතවී සිටියේ ය.

පශ්චාත්තාප සංකප්ප

Highlights:

හීනයක්…
රුදුරු අවි අමෝරා ලුහු බඳින මිනිසුනේ…
අයුක්තියේ ගිණි පුළිගු ….

රැස් කවයි දස දිගත රත් පැහැති රුධිරයෙන්
තෙත් කරයි මිහි මඩල එකෙකු පෙළමින්
තවකෙකු ඉදිරියට යන….

කුරිරු බව ඇති සමාජයක් තුළින් ඉසුරු බර
අනාවක් ඇවැසි වෙද අපට හෙට දිනත්
අවිනිශ්චිතයි නම්….

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping