Samanthi Poth Prakashakayo

Samanthi Poth Prakashakayo

Showing all 37 results

Show:

මහ නරනිඳු වලගම්බා

Highlights:

මහ නරනිඳු වලගම්බා සාර්ථක ඓතිහාසික නවකතාවකි. වලගම්බා රජතුමා ගැන මූලාශ්‍ර හා ජනශ්‍රැතියෙන් හෙළි කෙරෙන තොරතුරු පරිශීලනය කරමින් රචිත මෙය නවකතාවක් වුණත් මූලාශ්‍රයක් වශයෙන් සැළකීමට තරම් රැසක් තොරතුරු මෙහි අන්තර්ගතය.

සෝමා දේවිය, අනුලා දේවිය රජුගේ සප්ත මහා සෙනෙවිවරු, මහාතිස්ස හිමියන් පමණක් නොව ගිරිනිගණ්ඨයා ගැන ද මෙම කෘතියෙන් විස්තර කර තිබේ.

‘සුරගුරුගේ අදේව වාදය’ හෙවත් දෙවි දේවතා පෙරහැර

Highlights:

අන්තර්ගතයන්

  1. දෙවි දේවතා පෙරහැර
  2. මා අඳුනන යක්කු
  3. සුරගුරුගේ දේව කෝපය
  4. දෙව්ලොව කියන්නේ මනෝරාජ්‍ය‍යක්ද?
  5. මා සරණ යන්නේ දෙවියන් නොව තෙරුවන් ය …..

සක්විති රාවණ හමුව සහ වෙනත් අද්භූත සිදුවීම්

Highlights:

මෙය සත්‍ය සිදුවීම් ගණනාවක් අළලා ලියැවුණු අසාමාන්‍ය ග්‍රන්ථයකි. කතුවරයාගේ ජීවිතයේ අත්විඳි අසාමාන්‍ය, ගුප්ත අවස්ථා හා ඔහු බටහිර ලෝකයේදී කියැවූ වෙනත් කෘතිවල අඩංගු වූ ඇතැම් අදහස් ද මෙහි ඇතුළත් වේ.

රාවණ නම් රජ කෙනෙකුන් මේ මිහිමත ජීවත් වුනා ද යන්න සැකමුසුව ප්‍රශ්න කරන්නෙකුට මෙහි සිතා බලන්නට කරුණු ඇතුළත් වෙයි.

සෙනකඳ බිසෝබණ්ඩාර පුවත

Highlights:

සෙනකඳ බිසෝබණ්ඩාර දේව වෘත්තාන්තය පිළිබඳ මෙතෙක් සිදු කර ඇති එක ම ශාස්ත්‍රීය විමැසුම මෙම ග්‍රන්ථය වන අතර, පුස්කොළ අත්ලිපි, ජනප්‍රවාද සහ ජනශ්‍රැති, ස්ථානීය නිරීක්ෂණ, දේව ස්තෝත්‍ර හා යාතිකා ආදි මූලාශ්‍ර මෙහි ලා පරිශීලනය කර ඇත.

පෝෂණීය ආහාර වේලකට බිම්මල් කෑම වට්ටෝරු

Highlights:

ශ්‍රී ලංකාවේ බිම්මල් සඳහා ඇත්තේ දිගු ඉතිහාසයකි. අපේ ගැමි කතුන් බිම්මල් ප්‍රභේදයන් විද්‍යාත්මකව හඳුනාගෙන නො සිටිය ද එදා සිටම බිම්මල් ආහාරයක් ලෙස පිළියෙල කර ඇත.
අතීතයේදී සුපවේදී ක්‍රම දෙක තුනක් පමණක් බිම්මල් සඳහා තිබුණු අතර මෙම පොත් පිංචෙහි කෑම වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක් අඩංගු කර ඇත.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය

Highlights:

අන්තර්ගතය

  1. ශ්‍රී ලංකාවේ අලි ඇතුන්
  2. අලි ඇතුන් වර්ග කිරීම
  3. ශ්‍රී ලංකා අලි ඇතුන්
  4. අලි ඇල්ලීම
  5. වන්නි විත්ති …..

කොග්ගල නිලමේ භූත විද්‍යා පර්යේෂණ කතන්දරය

Highlights:

කොග්ගල නිලමේ යනු පුද්ගලයින් දෙදෙනෙකුගේනම් එකතුවකි. ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ කොකාවල මහතාත්, හීන්බණ්ඩෙ නිලමේත් ඒ පුද්ගලයින් දෙදෙනාය. පුද්ගලයෙකුගේ නියම නම මෙබදු කතාවකට යෙදීම නුසුදුසු යැයි හැඟී ගියෙත් කොකාවල මහතාගේ නම කොග්ගල ලෙසින් සඳහන් කර ඇත.

වාගොල්ලේ හටන

Highlights:

කන්ද උඩරට අල්ලාගැනීම සඳහා බ්‍රිතාන්‍ය‍යන් විසින් දියත් කරන ලද සූක්ෂ්ම කුමන්ත්‍රණය හේතුවෙන්, ඉතිහාසය විසින් වරදකරුවෙකු බවට පත්කරන ලද, ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815) හෙවත් ලක්දිව අවසන් රජුගේ පාලන සමයේ විවිධ පැතිකඩ පිළිබිඹු කරන චූල සම්ප්‍රදායේ ඓතිහාසික මූලාශ්‍ර රැසක් තවමත් අප්‍රසිද්ධව පවතියි. මෙම ග්‍රන්ථය මගින් ප්‍රසිද්ධ කෙරෙන්නේ මෙතෙක් අප්‍රකටව පැවැති එවැනි කාව්‍ය සංග්‍රහයකි.

ජනමාධ්‍ය භාෂා සමීක්ෂා

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. භාෂාව හඳුනා ගැනීම
  2. මානව භාෂාවේ විශේෂත්වය හා කාර්යභාරය
  3. භාෂාවේ ප්‍රභවය හා විකාශනය
  4. සිංහල භාෂාවේ ආරම්භය හා විකාශනය….යනාදිය..

සීගිරිය ආරාමික පුරාවිද්‍යාව

Highlights:

කාශ්‍යප රජතුමා විසින් සීගිරිය රාජකීය හා නාගරික සංකීර්ණයක් බවට දියුණු කළහ. නගර සැලසුම්කරණය, මාලිගා, උද්‍ය‍ාන, වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් දකුණු ආසියාවේ විශිෂ්ට ස්ථානයක් හිමි වේ. කොටු පවුර, දිය අගල්, පොරටු, උද්‍ය‍ාන ආදිය නාගරික හා රාජකීය සංකීර්ණය තුළින් හඳුනා ගත හැකි වැදගත් නාගරික අංග වශයෙන් දැක්විය හැකිය.

ව්‍යවහාරික ගණිතය

Highlights:

සිසුනට ස්වයං අධ්‍යයනයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබඳ මූලික දැනුම ලබාගත හැකි වන අයුරින් මෙම පොත සකස් කොට ඇත. මෙම ගැටලු හැකි තරම් විසඳීමෙන් ලැබෙන අත්දැකීම, වඩාත් දුෂ්කර උසස් පෙළ ව්‍යවහාරික ගණිත ගැටලු විසඳීම සඳහා යොදා ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහිසික උරුමය

Highlights:

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහිසික යුගයේ යක්ෂ,
නාග,දේව සහ ගන්ධබ්බ ආදි සිව් මහා කුල
අති ශ්‍රේෂ්ඪ සංස්කෘතිය්ක් තුළ ජීවත් වු අයුරු
මේ පර්යේෂණ ග්‍රන්ථයේ අන්තර්ගත් වේ.

ඈත අතීතයේ සුර්ය වන්දනාව කළ සම්භාවනීය
හෙළ ප්‍රාග් මූලාරම්භක යුගයේ සත්‍ය තත්වය
මෙම ග්‍රන්ථයෙන් හෙළිදරව් වේ.

යක්ෂ ගෝත්‍රික භාෂාව සහ රවි ශෛලාශ වංශ කථාව

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. රවිශෛලාශ පරපුරේ ආරම්භය සහ විකාශනය
  2. යක්ෂ ගෝත්‍රිකයන්ගේ පාලන බලය බිඳ වැටීම
  3. යක්ෂ ගෝත්‍රික සන්තාඥභාෂාවේ අක්ෂර
  4. විෂකුම්භණ සූත්‍රය හා එහි භාෂා ලක්ෂණ ….යනාදිය..

ගොවිබිමේ උපකරණ

Highlights:

හේන-කුඹුර-කමත හා පැල ආශ්‍රිතව ගොවි බිමේ ගොවි කටයුතුවල නිරන්තරයෙන් නිරත වූ ගොවියා විසින් තම කෘෂි නිෂ්පාදන අවශ්‍යතාවලට සුදුසු වන පරිදි ගොවි උපකරණ නිපදවා ගනු ලැබුවේ එම පරිසරයෙන් ම ලබාගත් අමුද්‍රව්‍ය වලිනි.

විකිණී අහවරයි

Highlights:

නූතන වහල්කමේ අලුත් වෘත්තාන්තය. මේ කෘතියේ බ්‍රිතාන්‍ය‍යේ උපත සානා මුසේන්ගේ සැබෑ ජීවිත කතාවයි.

ශ්‍රී ලංකාවේ බිම්මල්

Highlights:
ශ්‍රී ලංකාවේ බිම්මල් වගාවට
මනා ලෙස උචිත දේශගුණයකින් යුත්
රටකි. ලෝකයේ දැනට හදුනාගෙන
ඇති බිම්මල් වර්ග බොහොමයක්
පළමුව සොයා ගෙන ඇත්තේ ශ්‍රී
ලංකාවෙන් බව මූලාශ්‍රවලින් හෙළි වී
ඇත. කරුණු එසේ තිබියදී ආහාරයක්
වශයෙන් හෝ ආර්ථික ප්‍රභවයක්
වශයෙන් බිම්මල් පරිභෝජනය ශ්‍රී
ලංකාව තුළ තවමත් හරියාකාරව
වයාප්ත වී නැත. මෙයට හේතු
කිහිපයකි. බිම්මල් හෙවත් ගෙවතු
හතුවල පෝෂණීයව වටිනාකම් හරි හැටි
නොදන්නාකම, වගාව සම්බන්ධව
නවීන තාක්ෂණික ක්‍රම වයාප්ත වී
නොමැතිකම ඉන් සමහරකි.

ඇන්තූරියම් වගාව

Highlights:
දැනට අලංකාරය සඳහා හෝ වයාපාරික
මට්ටමින් ඇන්තූරියම් වගා කරනු
ලබන්නන්ගේද ඒ සඳහා උනන්දුවක් දක්වන
අයගේද ප්‍රයෝජනය සඳහා මෙය කතුවරිය
විසින් රචනා කර ඇත

ශ්‍රී ලංකාවේ ඒ්ක දේශීය මිරිදිය මසුන්

Highlights:

අදාල ආයතනයන්හි උපකාර යටතේ ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන් නමින් ලලිත් පෙරේරා විසින් රචනා කර ඇති මෙම කෘතිය මේ විෂය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට ද, පාසල් සිසු සිසුවියන්ට ද ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.

මී මැසි පාලනය

Highlights:
මී මැසි පාලනය කෘෂිකර්මය
සමගාමී විෂය ක්ෂේත්‍රයකි.මෙම
කාර්‍යයෙහි විධිමත් අයුරින්
නියැලීමෙන් ලබාගත හැකි
ආර්ථික වාසි ප්‍රමාණය විශාලය.
තවද එය අඩු මුදලකින් ආරම්භ
කළ හැකි කර්මාන්තයකි.මෙම
කර්මාන්තයේ නියැලීම සදහා ද,
හැදෑරීම සදහා ද මෙම කෘතිය
ඔබට අත්වැලක් වේවායි පතමු.

රෝස වගාව

Highlights:
රෝසමල්වලට අකමැති කෙනෙකු සොයා ගැනීමට අපහසු අතර සුවද, පැහැය හා හැඩරුව අතින් රෝස වැනි වෙනත් පුෂ්පයක් නොමැති තරම් ය.
රෝස වගාව උදයාන අලංකරණය මෙන් ම ආර්ථික වගාවක් වශයෙන් ද ලංකාවේ ජනප්‍රිය ව පවති.රෝස වගාව පිළිබදව උනන්දුවක් දක්වන රෝස ලෝලයන්ගේ දැනුම වර්ධනය කිරීමට සිංහල මාධයෙන් ලියැවුණ පොත් විරල අවස්ථවක මෙම ‘රෝස වගාව’ පොත වඩාත් ප්‍රයෝජනවත් වේ.

කොග්ගල නිලමේ – 2

Highlights:

වසරකට වැඩි කළක් ‘සිතුමිණ ‘ කියවන්නන් අතර හොල්මන් කළ “කොග්ගල නිලමේ” කතාවේ කොග්ගල මහතාගේ නියම නම හෙළි කිරිමට අවසර දීම ගැන කොකාවල මහත්මියට මගේ නොවක් තුති මෙයින් පිරිනමා කොග්ගල කතාවේ ඇතුල් පැත්ත හෙළි කිරිමට වටී යැයි සිතමි.

 

1956 වසරේදි පිළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණූ රට උපත ලැබ බදුලු දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්‍රැන්සිස් හේවා කොකාවල මහතාටය.

ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර

Highlights:

ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර

බුදු දහමින් පිළිබිඹුවන ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම

Highlights:

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ තමා අවබෝධ කොට ගත් ධර්මාර්ථයන්ට විවිධ මාර්ග ඔස්සේ ශ්‍රාවකයන් ගෙන ගොස් ඇත. නූතන අධ්‍යාපන විද්‍යාඥයන් ඉගැන්වීමේ ක්‍රම වශයෙන් සඳහන් කරන අධ්‍යාපන ක්‍රියාවන් උන් වහන්සේගේ ධර්ම මාර්ගයන්හි විසිරී පැතිරී පවතී. ඒවා පිළිබඳව ත්‍රිපිටකාගත කරුණු ඇසුරින් විමසා බැලීම මෙම ග්‍රන්ථයේ මූලිකාධ්‍යාශය යි.

ස්වයං මෝහනය තුළින් ප්‍රීතිමත් ජීවිතයක්

Highlights:

ස්වයං මෝහනය ආරම්භ වූ අවස්ථාවන් හා ඉතිහාසය පමණක් නොව, එය ඔබගේ ජීවිතයට උපයෝගී කරගත හැකි ආකාරයත් මෙම ග්‍රන්ථයේ මනාව පැහැදිලි වෙයි.

ප්‍රායෝගික මනෝ විශ්ලේෂණය

Highlights:

මනෝ විශ්ලේෂණය යනු කුමක්ද යන වගත්, එහි ස්වරූපය සහ භාවිතය පිළිබඳවත්, ප්‍රායෝගික වශයෙන් එය උපයෝගී කර ගන්නා ආකාරයත් පිළිබඳව මෙම කෘතියෙහි සවිස්තරාත්මක ලෙස කරුණු අන්තර්ගතය. අත්වැරදීම්, කටවැරදීම්, සිහින, විවිධ වූ කායික චර්යාවන් ආශ්‍රය කර ගනිමින් පුද්ගල මනස අනාවරණය කර ගන්නා ආකාරය මෙහි සංගෘහිතය. පුද්ගල මනස සහ ලිංගික ජීවිතය සමඟ පවත්නා වූ දැඩි සම්බන්ධතාවය පිළිබඳවත් එය ඇසුරු කර ගනිමින් මනස විශ්ලේෂණය කර ගනු ලබන ආකාරයත් පිළිබඳ තොරතුරු මෙහි සඳහන්ව තිබේ.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන්

Highlights:

මෙම කෘතියෙන් අලි ඇතුන්ගේ පැරණි තොරතුර පරිණාමය, දේහ විද්‍යාත්මක ලක්ෂණ ආදී කරුණු රාශියක් ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.

ගමෙන් උපන් කතා

Highlights:

විමුක්තිය පතා සිංගප්පූරුව දෙසට හැරුණු ජනතාව අද විමුක්තිය පතා යළි ගම දෙසට හැරෙමින් සිටිති. ගම සිංගප්පූරුවට වඩා සිය දහස් ගුණයකින් සුන්දර බව මේ කෘතිය පෙන්වා දෙයි. එපමණක් නොව යමෙකුට මේ රට සිංගප්පූරුවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මාවත වැටී ඇත්තේ ද ගම ඔස්සේ බව මේ කෘතිය පෙන්වා දෙයි. මිහිබට සුරපුර වනාහී ගමට තවත් නමක් බව මේ කෘතිය පෙන්වා දෙයි. එලෙසම යම් ලේඛකයෙකුට සුන්දර භාෂාවක් හිමිවන්නේ ඔහුට පැවසීමට සුන්දර අත්දැකීම් ඇත්නම් පමණක් බව ද මේ කෘතිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ කුල සම්ප්‍රදාය

Highlights:

මොවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව ගොවිතැනයි. තවමත් ලංකාවේ බොහෝ තැන්වල එකී කුලයේ ඇය ගොවිතැනේ යෙදෙති. සාම්ප්‍රදායික සිංහල සමාජයේ ඔවුන් සාම්ප්‍රදායිකගැමියන් වෙති. නමුත් ශ්‍රී ලංකාවේ පැවත ආ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමෙන් පසුව ඔවුන්ගේ තරාතිරම හා තත්ත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියහ.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping