Sameera Prakashana

Sameera Prakashana

Showing all 7 results

Show:

සංක්‍රාන්ති සහ තවත් කතා

Highlights:

සම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ ලියූ ප්‍රථම කෙටිකතා සංග්‍රහය “ගස් කට්ටිය” (1994) සිට මේ වන විට ප්‍රකාශිත අලුත් ම කෙටිකතා සංග්‍රහය “සංක්‍රාන්ති” (2012) දක්වා කෙටිකතා සංග්‍රහ නවයක පළ වූ කෙටිකතා අසූ පහක් අතරින් තෝරාගත් කෙටිකතා ඇතුළත් කෘතියකි මේ. මෙවැන්නක් පළ කිරීමේ අරමුණ වූයේ ඔහුගේ විවිධ ප්‍රවණතා පිළිබිඹු කරන කෙටිකතා පාඨකයින්ට ද පහසුවෙන් පරිහරණය කිරීමට අවස්ථාවක් ලබා දීම ය.

11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය විමසුම

Highlights:

11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යාපනය නව විෂය නිර්දේශයට අදාළ වු මාතෘකා පිළීබඳව සිසුන්ගේ දැනුම පුළුල් කිරීමේ අරමුණින් ප්‍රයෝජනවත් සාකච්ජාවක යෙදීමට මම මෙහිදී උත්සාහ ගතිමි. 11 ශ්‍රේණිය සිසුන්ට අලුත්ම විෂයයක් වන මෙහි දී හැකිතාක් සරලව, ඔවුන්ගේ අවධානයට තුඩු දෙන පරිදී එය කිරීමටද උත්සාහ කොට ඇත.

තුන් අවුරුද්ද

Highlights:

මෙම කතාවේ ප්‍රධාන චරිත අන්යොන්ය සබඳතා පිළිබඳ සංකීරණ සිද්ධීන් බොහෝ කාලයක් ඉවසති. සමාජ තත්වයන්ගේ ගැටගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය. එහෙත් මානුෂික සබඳතාවන් පිලිබඳ අවංක සැබෑ ඔවුන්ගේ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇතිකරන ආධ්යාත්මික සුන්දරත්වයක් හා පාරිශුද්ධත්වයක් විශ්මය ජනක ලෙස ගෙන එයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන නියෝජිත‍යා

Highlights:

“නීති සම්පාදනය කරනු ලබන්නේ දේශපාලනඥයින් විසිනි. දේශපාලන දාර්ශනිකයන් විසින් නොවේ. දේශපාලනඥයෝ ජන්දය සඳහා ඇල්මක් දක්වති” යන ප්‍රකාශයෙන් නීති සම්පාදනය කරනු ලබන අය හෙවත් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් යනු ජන්දයෙන් පත්වන කෙනෙකු බවත් දේශපාලන දාර්ශනිකයින් නොවුනත් නීති සම්පාදනය නමැති උත්තරීතර වගකීම පැවරෙන පිරිසක් බවත් කිය වේ.

ශිෂ්ටාචාරයේ අක් මුල් සොයා

Highlights:

අවුරුදු 16 දී පාසල් සිසුවකුව සිටියදී පතල් කැනීම් කණ්ඩායමකට බැදුණු මිචෙල් හෙජස් කැනඩාවටත් නිව්යෝක් නුවරටත් මෙක්සිකෝවටත් ඉන්පසු කැරිබියානු දුපත් හා සීසෙල්ෂ් වලටත් මානව ශිෂ්ටාචාරයේ අක්මුල් සොයා චාරිකා කළේය. පුරාණ මායා ශිෂ්ටාචාරය සොයා ගැන්මෙහි ලා ඔහු කළ මෙහෙය අන්තර්ජාතික වශයෙන් සම්භාවනාවට පාත්‍ර වුයේය. මානව ශිෂ්ටාචාරයේ වර්ධනය දෙසත් නුතන මානව දියුණුව දෙසත් පෙරළිකාර කෝණයකින් මිචෙල් හෙජස් ඉදිරිපත් කළ අදහස් එකල සාම්ප්‍රදායික බුද්ධිමතුන්ගේ ගර්හාවට ලක්විය. එහෙත් එම අදහස් අද වනවිට මුළු ලෝකයාගේ ම පිළිගැනීමට ලක්ව ඇත.

මෙම කෘතිය එම අත්දැකීම් හා තොරතුරු ඉදිරිපත් කරන හුදු විවරණ ග්‍රන්ථයකට වඩා රසවත් නවකතාවක විලාශය ගන්නා බව මෙය කියවන ඔබට වැටහෙනු ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping