SITHEGI CREATIONS

SITHEGI CREATIONS

Showing all 4 results

Show:

ශිඛර

Highlights:

අවසන් සෙංකඩගල රාජ්ය සමයේ අප නොදන්නා වහංගු වී ගිය බලහත්කාරයෙන් සඟවා තැබූ ඉතිහාස කතන්දර බෝමය. ඒ සිදුවීම් අගිස්සවමින් උණුහුම්ව ගිය බල අරගල, දේශපාලන, සමාජ සංස්කෘතිකමය පාවාදීම් අස්සේ සංවේදී සේම දුක්බර සොඳුරු සංසිද්ධීන් ගැන ලියන්නට මට වූයේ අනන්ත වූ දොල දුකකි. ඉතිහාසය උඩුයටිකුරු නොකොට එහි සාඩම්බර බව රකිමින් සත්ය වූ මූලාශ්ර ඇසුරු කොට මා ශිඛර අකුරු කැටුයේ වගකීමෙනි. භක්තියෙනි.
ඒ ණයක් පියවනවා සමානව යුතුකමකැයි සලකාගේ අන් නිර්මාණයන්ට සාපේක්ෂව වෙහෙසක් දරාය. සිතිවිලි උල්පතක පහන්මය හැගීමෙන් ගැඹුරටම කිමිද පේ වෙමිනි. සොඳුරු හැබෑ කතන්දර සමඟින් මල් දමක් සේ ඉමිහිරි ප්රේමණීය කාව්යක් දවටා ශිඛර වියන හැම තත්පරයේම මා උන්නේ ඒ අතීතයේය. එදවසය. මා ඒ සුපහන් ඉමිහිරියාවේ වහලියක වුයේ මගෙ මනාපයටය. ඉඳින් ඒ උත්තම මාහැඟි යුතුකම මා ඉටු කළ වග අකුරට හිත පොතට බැඳී මටත් ආලවන්ත ඔබ සැම වෙනුවෙන් තුටින් මෙසේ දැනුම් ලමි.

ස්නේහයේ දොරමඬලාවයි

Highlights:

සුන්දරා,

වැලි ඉස්ස ගාණට ආකහේ තාරකා ඉතිරිලා.

දන්නවද, මයෙ හිතත් ඒ වගේමයි.

ප්‍රේමණීය හාදු වගේම ලේ පැල්ලම් තැවරිච්ච අහීමාන,

නපුරු දවසුත් තිබුණා තමයි මට….

මහ උළු ගෙදර කළුවර බිත්ති විතරක් නෙමේ,

ඔයාගෙ අළු තෙත පාට ඇස් අස්සෙ තැවරිච්ච

ප්‍රේමයත් මට ජීවිතේ කියලා දුන්නා.

ස්වරාවී

Highlights:

දන්නවද සුන්දරා නුඹ..

පෙම පිරී පණ ගැහෙන හිත අල්ලා

කටු ගසා මැසු තැන නුඹ නොවේ

ප්‍රේමය හිරි ඔතප් සිඳ කසී සළු

ගැලවු තැනත් අනේ, නුඹ නොවේ..

ස්වයංවර

Highlights:

ගෑනු කැමති දියවෙන්න..ඒ ආදරෙත් එක්ක .ගෑනුන්ට ඕන ගුළි වෙන්න.ඒ විශ්වාසය රැකවරණය උතුරන්න රැඳුණ තැන. බැඳීම් මත්තේ හයියෙන් හුස්ම අල්ලන ගෑනියෙක්ගේ හිත,හොල්ලලා බලන්න නම් එපා කවදාවත්ම.ඒ පණ ගැහෙන හිත කඩා වැටිලා විදුරු වගේ බිඳිලා ගියොත්,එකතු කරන්න හිතන සිතිවිල්ලත් හීනයක්.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping