Tikiri Publishers

Tikiri Publishers

(Showing 1 – 60 products of 67 products)

Show:

බකමූණෝ හ්ම්! හ්ම්

Highlights:

ඉතින් එක දවසක් හැන්දෑවක කළුවර වැටීගෙන එනකොට බකමූණයි බකමූණියි කෑම සොයන්න ගියා. මෙහෙම ටිකක් දුර යනකොට එක ගෙදරක චූටි බබෙක් මිදුලේ සෙල්ලම් කර කර හිටියා. බකමූණි චූටි බබා දැකලා නැවතුණා.
“අනේ, අර චූටි බබා හරි හුරතල්!”
බකමූණී ළඟ තිබුණු වරකා ගහේ වාඩිවෙලා චූටි බබා දිහා ආසාවෙන් බලාගෙන හිටියා.
“අනේ, මට ඒ චූටි බබා ගෙදර අරගෙන යන්න ඇත්නම්!”
බකමූණී දුකෙන් කීවා.
“අපි කොහොමද ඒ බබා අරගෙන යන්නෙ?”
බකමූණා කීවා.
“අනේ අපි ඒ බබා ඉල්ලා ගනිමු.”
බකමූණී කීවා.

ලොකු වුණාම මං

Highlights:

අපි කම්මැලි වෙලාද? ඔන්න මම නම් කම්මැළි නෑ. ඕනෙ තරම් වැඩ කරන්න මම ලැහැස්තියි. මමත් ලොකු වුණාම අපේ රටට ගොඩක් වැඩ කරනවා. මගේ යාළුවොත් උදව් කරනවාලු. අපි ඔක්කොම එකතු වුණාම කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද?

සතුටු ගෙදර

Highlights:

“අයියෝ, මෙතන නම් මට ඉන්න බෑ. හරි කරච්චලේ.”
හා පුංචා බඩු ටිකත් අරගෙන කපුටු හාමිගෙ ගෙදරින් පිට වුණා.
ඔහොම යනකොට හා පුංචාට ඉත්තෑ හාමි හම්බ වුණා. විස්තරේ අහලා ඉත්තෑ හාමිටත් දුක හිතුණා. එයා හා පුංචාව එයාගෙ ගෙදර එක්කගෙන ගියා. ඉත්තෑ හාමිගෙ ගෙදරත් හරි ලස්සනයි, පිරිසිදුයි, වැඩි සද්දයකුත් නෑ. හ පුංචා හරි සතුටින් ඒ ගෙදර නැවතුණා.

මදුරු චූටි

Highlights:

ඉතින් ටික දවසට පස්සෙ මදුරු අම්මා
කෝම්පිට්ටු පොල් කටුවේ
පුංචි මදුරු බිත්තරයක් දැම්මා.
ඊට පස්සෙ ඒකෙන්
පුංචි මදුරු පැටියෙක් හැදුණා.
මදුරු අම්මයි තාත්තයි
පුංචි මදුරු පුතා ආදරයෙන් පිළිගත්තා.
මදුරු පුතා හරි හුරතල්.
අම්මයි තාත්තයි එයාට “චූටි” කියලා නමකුත් දැම්මා.

කැවුං.. කැවුං..

Highlights:

ටික දුරක් යනකොට යාළුවන්ගෙ කිසිම සද්දයක් නැතුව ගියා. බළල් හාමිට ටිකක් සැක හිතිලා හැරිලා බැලුවා. යාළුවො ටික නම් හොඳට ඉන්නවා. ඒත් කැවුම් කද පෙනෙන්න නෑ.
“කෝ මගේ කැවුම්?” බළල් හාමි ඇහුවා.
කාගෙවත් සද්දයක් නෑ.
“කෝ මගේ කැවුම්?”
බළල් හාමි කෑ ගහලා ඇහුවා.

Daffodeelia

Highlights:

Daffodeelia was a pretty little fairy. She was as pretty as the prettiest wildflower. Her hair was golden in color and her eyes were the deepest blue. She was always very happy and lively, and her smile was as lovely as a rainbow.

වලාකුළෙන් ඇවිත්

Highlights:

වලාකුළේ හරි මැදින් දොරටුවක් ඇරුණා.
එකපාරටම කූඹි පේළියක් එළියට ආවා.
නෑ! කූඹි නෙමෙයි, පුංචි ළමයි පේළියක්!
හරියට පුංචි හමුදාවක් වගේ.

දුවන සපත්තු

Highlights:

හැමදාම උදේට අපේ ගෙදර හරි කලබල.
චූටි මල්ලි එහාට දුවනවා, මෙහාට දුවනවා, පොත් මේස අවුස්සනවා.
එයා ඉතින් උදේට තමයි හැම දේම හොයන්නෙ.
“අම්මා, කෝ මගේ කලිසම?”
“අක්කේ, කෝ මගේ පොත් බෑග් එක?”
“කෝ, මගේ පැන්සල?” හැමදාම උදේට චූටි මල්ලි ගේ
පුරාම දුවමින් කලබල කරනවා.
“ඉස්කෝලෙ ගිහින් ආවාම හැම දේම පිළිවෙලකට
තියනවා නම් ඔහොම කරදරයක් නැහැනේ!”
අම්මා හැමදාම කියනවා.
ඒත් එයාට හැමදාම ඒවා අමතක වෙනවා.

හඳ හාවා මගේ අතේ

Highlights:

මගේ චුටි මල්ලියා හරිම දඟයා. අම්මා කියන්නෙ දඟ මල්ලක් කියලා. එක විදියකට නම් ඉන්නම බෑ. වැලි ගොඩේ පෙරළෙනවා, ගස් උඩ නගිනවා, බලුහාමිගෙ පිට උඩ යනවා, කොට්ට උඩ පිනුම් ගහනවා, දඟ වැඩ ඉවරයක් නෑ. දඟ වැඩිවෙලා සමහර දාට අම්මගෙන් හොඳටම බැණුම් අහනවා. ඊට පස්සෙ කෝච්චියක් “හෑ.. ඈ…ඈ..”  ගාලා අඬනවා. තාත්තා එනකල්ම බොරුවට අඬලා, ඊට පස්සෙ සීනි මුරුක්කු, චොකලට් ඉල්ල ගන්නවා. එතකොට නම් ඉතින් මටත් හොඳයි.

ටක-ටක ටක-ටක

Highlights:

ටක – ටක  ටක – ටක
ටක – ටක  ටක – ටක
ටයරය යට ටක – ටක

බක – බක  බක- බක
ගහ යට  ජක -බක

චූටි මල්ලියා

Highlights:

ඒත් අපේ ගෙදර ඉන්නවානෙ පුංචි කරදරකාරයෙක්. ඒ තමා මගේ චුටි මල්ලියා. එයාගෙන් මේ එකක්වත් බේරගන්න බැහැනෙ. මම මොනවා හරි අඳින්න හැදුවොත් එයාත් එනවා ඒකෙ කුරුටු ගාන්න. එයාටත් පුළුවන් කියලයි හිතේ.

එයාට ඕනෙ දේට ඉඩක් දුන්නෙ නැත්තම් ඉතින් වැඩ ගොඩයි. අතින් අදිනවා, කොළ ඉරනවා, පාට කූරු කඩනවා, මටත් ගහනවා. අනේ ඇත්තටම මේ මල්ලියාගෙන් තියෙන කරදරයක්. වෙලාවකට දෙන්න හිතෙනවා හොඳ ගුටියක්. ඒත් ඉතින් එයා මගේම චූටි මල්ලියානේ.

බුකුං බුකුං

Highlights:

හිඹුටු වාරෙට හිඹුටු කැලේ හරිම ලස්සනයි.
කහ පාටට ගෙඩි හැදිලා අතුවල එල්ලෙනවා,
මුළු පළාතම සුවඳයි.
ඒ සුවඳට ඈත ඉන්න පුංචි සත්තු, කුරුල්ලො, වවුලො හිඹුටු කැලේ දිහාට ඇදිලා එනවා.
හිඹුටු වැල්වල එල්ලිලා මේ සත්තු බඩ පිරෙන්න හිඹුටු කනවා.
මේ කැලේ හිටියා පුංචි වඳුරු පැටියෙක්. එයාගෙ අම්මයි තාත්තයි එයාට ආදරේට කීවෙ “බුකුං බුකුං” කියලා
බුකුං බුකුං හරිම දඟකාරයා. හැමදේටම කලබලයි.

The Ugly Princess

Highlights:

Once upon a time, in a far away land, a mighty king ruled over a great, beautiful kingdom. The king and his queen had everything they desired at the tip of their fingers, except for one thing, a child. They longed for a child so much, that they sought solutions from all the doctors, astrologers and magicians in the land. But despite all the potions, spells and predications, they remained childless.

හපනි

Highlights:

මේ මගේ අම්මයි තාත්තයි.
උදේට දෙන්නාම වැඩට යන්න කලබලේ.
තේ හදනවා, බත් උයනවා, ඇඳුම් මදිනවා.
මමත් හෙමින් ඇඳෙන් බැහැලා එනවා.
මටත් පුළුවන් උදව් වෙන්න.
“මේ තියෙන්නෙ තාත්තගෙ සපත්තු දෙක.”
“මෙන්න අම්මගෙ කොණ්ඩ කටුව.

නෙලුම් මලයි සමනලයයි

Highlights:

ඈත කැලේ මැද ලස්සන පොකුණක් තිබුණා
නෙලුම් මලක් සුවඳ දිදී පිපිලා හිටියා

මලට ආදරේ කළ පොඩි සමනල් පැටියා
මල වටකර කැරකි කැරකි අත්තටු සැලුවා

නෙලුම් මලයි සමනලයයි හරිම යාළුවෝ
හිනා වෙවී බලා හිටියෙ පුංචි මාළුවෝ

මම ආසම පාට

Highlights:

කහ මල
කහ මාලය
කහ පාට මට ලස්සනද?

රතු මල
රතු සමනලයා
රතු පාට ගවුම අඳින්නද?

නිල් මල්
නිල් කලිසම
නිල් පාට කලිසම මට දිග වැඩිද?

සරුංගලේ හොරු අරන්

Highlights:

චූටි මල්ලිගෙ චූටි අයියා සරුංගලයක් හැදුවා.
ලස්සනම ලස්සන චූටි සරුංගලයක්.
චූටි අයියා හරි සතුටින් සරුංගලය උඩ යැව්වා.
හුළං පාරත් එක්ක සරුංගලය උඩ ගියා.
උඩ– උඩ– උඩ– උඩ ගියා.
අහ් අනේ–!
එක පාරටම සරුංගලය නොපෙනී ගියා.
වලාකුළු අතරින් නොපෙනී ගියා.

මල් කැකුළ

Highlights:

“සුරංගනාවි මට චූටි බබෙක් එවලා. නංගියෙක්ද මල්ලියෙක්ද කියලා තවම දන්නෙ නෑ. මම නම් හිතන්නෙ මල්ලියෙක්ම තමයි!”
සුපිපි සුදු පූසිට විස්තරේ කීවා.
සුදු පූසි “ඤාව්” කිය කියා අහගෙන හිටියා.
අලුත ගෙනා බෝනික්කටත් කීවා.
බෝනික්කා ඔළුව නමාගෙන අහගෙන හිටියා.
මල්වල පැණි බොන්න එන කුරුල්ලන්ටත් කීවා.
පැණි කුරුල්ලො “ක්වීක් ක්වීක්” කිය කියා අහගෙන හිටියා.
සුපිපිට හරිම සතුටුයි. එයා මේ ආරංචිය හැමෝටම කීවා.
මල්ලි බබා එනකල් සුපිපිට ඉවසිල්ලක් නෑ.

කෝ හඳ මාමා?

Highlights:

“ම්හ්, ම්හ්,” හඳමාමා අඬන්න පටන්ගත්තා.
කඳුළු බිංඳු මුහුදටත් වැටුණා.
එතකොටම සුළං රළක් එතනට ආවා.
“ඇයි හඳමාමා අඬන්නෙ?” සුළං රළ ඇහුවා.
“අද මගේ මූණ පෙනෙන්නෙ නෑ.” හඳමාමා අඬ අඬා කීවා.
“අනේ හඳමාමෙ, මම නම් දන්නේ නෑ ඒ ඇයි කියලා.”
සුළං රළ කීවා.

ටිකිරි ගී

Highlights:

නැගිට්ටාම පාන්දරින්
දවස ලොකුයි හරි පහසුයි
දවල් වෙලා ඇහැරුණොතින්
මුළු දවසම හරි කරදර

උදේට බත් ගොඩක් කමු
මුං ඇට කඩලත් හොඳලු
කවුද කවුද කන්නෙ නැත්තෙ
ලොකු වෙන්නට බැරි වෙයිලු

දොයි අම්මා

Highlights:

වැඩට ගිහින් දවසම
විවේකයක් නැතුවම
උදේ ඉඳන් රෑ වනතුරු
වැඩ වැඩ වැඩ දවසම

මම යනතුරු නින්දට
කියයි කතා රස කර
ඒත් අම්ම නිදියන තුරු
කවුරුත් නෑ තනියට

බව්ව මගේ රොකී

Highlights:

බව්ව මගේ රොකී
මගෙ වලිගේ වැනී
හැම තිස්සෙම මගෙ පස්සෙන්
මට නෑ කිසි තනී

රොකියට දවසම
සෙල්ලමටයි හිත
පොත පත වැඩ නෑ කියලා
බැණුම් ගොඩයි මට

මමත් යනවා ඉස්කෝලේ

Highlights:

“අම්මා මටත් යන්න ඕනෙ ඉස්කෝලෙ.”
මම කෙඳිරි ගානවා.
“ඉස්කෝලෙ යන්න තව ටිකක් ලොකු වෙන්න ඕනෙ.” අම්මා කියනවා.
ඉක්මනට ලොකු වෙන්න ගොඩක් කන්න ඕනෙලු.
මම කෑවා බඩ පිම්බෙනකල්.. හැමදාම.
ගොඩක් ගොඩා…ක් කෑවා.
ඉක්මනට ලොකු වුණා.
“චූටි පුතාට ළඟදීම ඉස්කෝලෙ යන්න පුළුවන් වෙයි.” තාත්තා කීවා.
මට හරි සතුටුයි.

යාළු මාළු

Highlights:

මාදං කැලේ මැද පුංචි පොකුණක් තිබුණා.
ඕලු නෙළුම් මල් පිපිලා
පොකුණ හරිම ලස්සනයි.
මේ පොකුණෙ හිටියා පුංචි මාළු යාළුවෝ දෙන්නෙක්. එක් කෙනෙක්ගෙ නම රතූ. අනික් එක්කෙනාගෙ නම කළුෑ. මේ රතූයි කළුෑයි හරිම යාළුයි.
මේ දෙන්නා නිතරම හිටියෙ එකටමයි.
ඒ නිසා එයාලට රංචුවෙ අනික් අය කීවෙ “යාළු-මාළු” කියලයි.

මම ආසයි අම්මා වෙන්න

Highlights:

එක දවසක් උදේ මිනූ නැගිටලා අඬන්න පටන් ගත්තා.
“ඇයි මේ අඬන්නෙ?” අම්මා ඇහුවා.
“මටත් ඕනෙ අම්මා කෙනෙක් වෙන්න.”
මිනු අඬ අඬා කීවා.
“ඉතින් කෝ බබෙක්?” අම්මා කීවා.
“බබෙක් ගෙනෙමු කඩෙන්.” මිනු කීවා.
“බබෙක් කඩෙන්?” අම්මා ඇහුවා
“ඔව්, ඔව්, අපි කඩෙන් ගෙනෙමු බබෙක්”

මටත් ඉන්නවා නංගි බබෙක්

Highlights:

සමනලයෝ මල් පැණි සොයනා
බලන්න මේ කවුදැයි කියලා
මලක් කියා රැවටුණිද ඔයා
මේ මගෙ ලස්සන සුදු නංගා

BUMPY

Highlights:

BUMPY

වැහිළිහිණි පැටියා

Highlights:

“ක්වීක්, ක්වීක් ! ගැටපිච්චි, ගැටපිච්චි !”

වැහිළිහිණි පැටියා මල් වැට ළගට ඇවිත් කෑ ගැහුවා.

“කෝ මේ ගැටපිච්චි?”

කාගෙද ඒ කට?

Highlights:

“අපොයි කොහෙද මේ ගියේ තනියම?” අම්මා දුවලා ඇවිත් පිංචුව බදාගත්තා. “අ-අ-අ-” පිංචු තවමත් ගැහෙනවා. “අ- අම්මා ක -කාගෙද ඒ කට?”

කවුද දිනුම්?

Highlights:

හා පැංචා හියියෙන් දුවනවා. ඉබි පැංචා ගාටනවා. “හ්හා—හ්හා— කෝ මේ ඉබි පැංචා?” “අනේ පව්! තවම ඈත ගාටනවා.” “ඔහොම හරියන්නෙ නෑ, අපි දුවමු මෙහෙම.”

පිංචි 2 සෙල්ලම් පිල්ලම්

Highlights:

මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පිංචි & the Alphabet

Highlights:

ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.

සිංදු පීඩියා

Highlights:

ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.

ට්වින්ක්ලින්කා

Highlights:

“මම බෝනික්කො ඉස්කෝලයක් දාලා ටීච වෙන්නයි යන්නෙ” පුංචි හීන කුමාරි එයාව එක්කගෙන ආව කෙනාට කීවා.”හ්ම්… කමක් නෑ මොනවා නැතත් මගේ පුංචි හින කුමාරි මට හම්බ වුණානෙ.”ටිවින්කි සතුටින් හිතුවා.

අප්පච්චි

Highlights:

“අ-ප්‍-ප-ච්-චි……??” මී අඹ ගහට කඳුළුත් ඉනුවා. ඒ තරම් කෙළෙහි ගුණයක් බලාපොරොත්තු වුණේ නෑ මී අඹ ගහ තාමයි පුංච් කාලෙ මගෙ අම්මටයි මටයි හෙවන දුන්නෙ, තාත්තෙක් වගේ අපේ බඩ කට පිරෙව්වේ.

අත්තම්මගේ උපන්දිනේ

Highlights:

“අත්තම්මා මගේ හැම උපන්දිනයනටම තෑගි දෙනවා.  ඒත් මම කවදාවත් අත්තම්මට තෑග්ගක් දීලා නෑ. අත්තම්මටත් මේ වගේ උපන්දින උත්සවයක් තිබුණොත්, මේ වගේ තෑගී ගොඩක් ලැබුණොත්  කොයි තරම් සතුටු හිතෙයි ද?  කූංචන එයාගේ තෑගි ගොඩ දිහා බලාගෙන හිතුවා.

කෑම සූත්තරේ

Highlights:

අනික් බිත්තියේ නම් මං ආසා කෑම ඇදලා තිබුණා. ඒත් කියලා තිබුණේ ඒවා “වැඩිපුර කන්න එපා” කියලයි. සීනි, පැණිරස කෑම, සුදු පාන්, බනිස් වර්ග නිතර කෑවාම සීනි ලෙඩේ හැදෙනවලු. පිරටවල ගොඩක් ළමයින්ට කඩචෝරු කළා ගොඩක් ලෙඩ හැදිලාලු. දැන් අපේ රටේ ළමයින්ටත් කඩචෝරු කාලා කාලා ඒ වගේ ලෙඩ හැදෙන්න පටන් අරගෙනලු.

අච්චාරු හෝටලේ

Highlights:

“අනේ අක්කෙ, මේ අච්චාරුවල චුට්ටක් ලුණු බලන්නකො.” “කෝ බලන්න, මේ—තව ලුණු ටිකක් මේකට—- තව මිරිස් ටිකක් මේකට —- තව සීනි ටිකක් දැම්මොත් හොඳයි.” අක්කා රස බලමින් කීවා.

අලුත් කුඩේ

Highlights:

අ—අ—අයියෝ !—- මෙන්න හුළං සැරට කුඩේ එක්ක උංගිත් උඩ ගියා. හුළඟත් එක්ක උංගි පාවුණා. උංගිට හරි සතුටුයි. උංගි පියාඔනවා දැකලා වැහි කුරුල්ලන්ටත් හරි හිනා.

බිංකා

Highlights:

මගේ කකුලෙ දැවටි දැවටි ඇවිදින්න බිංකා හරි කැමතියි. සමහර දාට අපි දෙන්නා ඇති වෙනකල් සෙල්ලම් කරනවා. මහන්සි දැනුණාම පන් ගස් උඩ පෙරළිලා පුංචි නින්දක් දානවා.

කිඳුරු දූපත

Highlights:

“මම ඔයාව කාටවත් ගෙනියන්න දෙන්නෙ නෑ.ඔයාව කාටවත් හොයා ගන්න බැරිවෙන්න මං හංගන්නම්.” එයා දිය කිදුරිගෙ ඔළුව අතගාමින් කීවා.

අප්පිච්චා

Highlights:

“අනේ මගේ අප්පිච්චා මට කොයි තරම් ආදරේද?” පැණිට හිතුණා. ආයෙත් නම් කවදාවත් අප්පිච්චා අකමැති දෙයක් කරන්නෙ නෑ කියලා පැණි හිතාගත්තා .

ඉගිලෙන තරුව

Highlights:

කණාමැදිරියා කැලේ පීරමින් තරුව සෙව්වා. හැම තැනම සෙව්වා. මෙහෙම සොයාගෙන සොයාගෙන යනකොට, කැලේ. මැදදී තරුව හම්බවුණා.තරුව තවමත් නිවී නිවි දිලිසෙනවා. කණාමැදිරීයාට හරිම සතුටුයි. එයා දුවලා ගිහින් පරෙස්සමින් තරුව අහුලාගත්තා.

අපි දෙන්නා යාලූ

Highlights:

චුටි බබා එනකල් මම මග බලාගෙන ඉන්නේ හරිම අසාවෙන්.ඇයි? අපි දෙන්නට රැවෙනකල් සෙල්ලම් කරන්න පුළුවන්නේ. වේලේ දුවන්න,හැංගි මුත්තන් කරන්න, කොයි තරම්දේවල් කරන්න තියෙනවද?

පැණිවළලු

Highlights:

සුදු නැන්දා උඳු පිටි දාලා පිටි අනලා පැණි වළලු බදින්න ලැහැස්ති වුණා. තෙල් තාච්චිය ළිපේ තිව්වා. පුංචි බංකු පොඩිත්ත අරගෙන සුදු නැන්දා ළිප ළගින් වාඩිවුණා.

කුස්සියෙ හොල්මන්

Highlights:

“හැන්දෑවෙ මිදුලට වෙලා පුළුටු බැදුම් කෑවොත් වතුර බොන්න ඕනෙ, නැත්නම් බැල්ම වැටෙනවා.” කියලා අත්තම්මා නිතරම කියනවා.අ–අ– අනේ මට වතුර බොන්න අමතක වුණානෙ.—-එහෙනම් ඊළගට හොල්මන මට බැල්ම හෙලයිද?

කැවුම් හොරා

Highlights:

බණ්ඩි එක පිම්මට කැවුම් මුට්ටිය ළගට දිව්වා. මුට්ටිය ඇතුළට ඔළුව දැම්මා විතරයි—“හෑ—-හු—හී——හි—- යියා——-කැවුමට ආ කූඕටික බණ්ඩිගෙ කටේ එල්ලීගෙන හපා කන්න පටන් ගත්තා.

කැලේට හොරු පැනලා

Highlights:

කැලේ හැංගිලා හිටි යාළුවෝ ටික දුවලා ඇවිත් ඉත්තෑ පුංචා වටකර ගත්තා.”මොකද,මොකද වුණේ?” යාළුවෝ කලබලෙන් ඇහුවා.”කැ -කැ -කැලේට හොරෙක් ඇවිත් ග -ග -ගල් ගුහාවෙ හැංගිලා ඉ -ඉන්නවා”ඉත්තෑ පුංචා හති දමමින් විස්තරේ කීවා .

ඉරමාමා යන්න ගිහින්

Highlights:

අනේ, අපිට වැඩිපුර නිදියන්න ඕනෙ නිසා ඉරමාමාට එන්න එපා කිවා දැන් ඉරමාමා එන්නෙ නෑ.බලන්න අපට වෙච්ච දේ.නෙළුම්මලී අඬ අඬා කීවා

අහිංසක පඹරාල

Highlights:

කපටි මී රංචුවට මේ උගුල් ඉව වැටුණා. “පඹරාල මාමෙ දෙන්නකො ඔය කමිසය” උගුල්වලින් බෙරෙන්න මී රංචුව පඹරාලගෙ කමිසය ඉල්ලාගත්නා. පඹරාලත් බෑකියන්න බැරිකමට දුන්නා. හොරු රංචුව ඇති වෙනකල් බඩඉරුගු කැවා.

අත්තම්මගේ කළුහවරිය

Highlights:

“ඇත්තම්මගෙ කළු හවරිය හරිම ලස්සනයි ඇත්තට අරන් ගිහින් අපි කැලයට හදමු කුඩුවක් .”

අඬන්නේ ඇයි මගේ සුදු අම්මා

Highlights:

උදේ පටන් ගෙයි වැඩ කරලා අම්මට මහන්සිද බත් උයලා රෙදි සෝදලා ඇත දෙක රීදෙනාවද

අඬන බබා

Highlights:

“ඇයි බබා නිතරම කෑගහලා අඬන්නෙ? කැලේ ඉන්න අපටත් ඇහෙනවා බබා අඬන සද්දෙ. ඒ තරම් ගොඩක් අඬපු නිසා තමයි ඇස් දෙක දිය වෙලා ගියේ. ඇස් දෙක කොයි තරම් වටිනවද? ඉතින් ඒ තරම් වටින ඇස් දෙක කදුළුවලට දිය වෙලා යන තරමට ඇඩුවෙ ඇයි? පුංචි ළමයි ඔහොම අඬන්න හොඳ නැහැනෙ.” බට්ටිච්චා ඇහුවා.

කිරි දත කෝ?

Highlights:

“ම් —-” චුට්ටක් කට ඇරලා හිනා වෙලා බැලුවා. “ආ? අයියෝ—- මගෙ කිරි දත කෝ?” ලේන් පැංචාගේ කටේ ඉස්සරහම තිබුණු කිරි දත නෑ.”ඊ—- ඉහි–ඉහි–ඉහි-ඊ——ඈ—ලේන් පැංචාට ඇඬුණා.ඒත් වෙනදා වගේ හරියට ඇඬෙන්නෙත් නෑ දත් අතරින් හුළං යනවා වගේ.

කිඳුරු කුමාරි

Highlights:

දිය කිඳුරිය තවමත් අඬනවා. පුංචි කුමාරයාට හරි දුකයි. ඉතින් කුමාරයා දිය කිඳුරියගේ වළල්ල සොයාගෙන එන්න පොරොන්දු වෙලා. මුහුදට බැස්සා.

කැරකෙන ගෙදර

Highlights:

ටිකෙන් ටික “කැරකෙන ගෙදර ” ළමයි ඉන්න තැනට පහත් වුණා.හැමෝම ගල් ගැහිලා බලාගෙන හිටියා. එතකොටම කැරකෙන ගෙදර කවුළුවකින් එළියට අමුතු අතක් දික් වුණා. දිගම දිග අතක්. එතකොටම ළග තිබුණු ගහේ අත්තක හිටි ගිරා පැටියෙක් කෑගැහුවා.

කවුද මට ආදරේ?

Highlights:

කවුද මට ආදරේ?

අළු පූසිගේ පුංචි පැටව්

Highlights:

චුටි බබා කවදාවත් මගේ පැටවුන්ට රීද්දන්නෙ නෑ.චුටි බබා හරිම හොඳයි.මං එයාට ගොඩක් ආදරෙයි.

අලි හොඬවැල

Highlights:

අලි පැටියා නැගිටලා නහය අතගාලා බැලුවා. ආ! නහය ගොඩක් දික් වෙලා, වැලක් වගේ.ඒක දැකලා අලි පැටියට හරි හිනා. නහයෙ අමාරුවත් අමතක වුණා. කොහොම හරි පුංචි හාල් මැස්සා නිසා එදා අලි පැටියා බේරුණා. ඔන්න ඔහොම තමයි අලි පැටියාට හොඬවැල ලැබුණේ.

අරුන්දතී

Highlights:

“අරුන්දතී, මුණේ තියෙන පාටවල ලස්සන හැමදාම තියෙන්නේ නෑ. ඒත් හොඳ ගතිගුණවල ලස්සන හැමදාමත් තියෙනවා. ඒ නිසා කාටවත් හිරිහැර නොකරන හැමෝටම අදරේ කරන අහිංසක අරුන්දතී මට ඒ හැමෝටම වඩා ලස්සනයි.” හඳමාමා ආදරෙන් කීවා.

1 2
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping