Vidarshana Publication

Vidarshana Publication

Showing all 10 results

Show:

ඇහැළ මලට දම් පාටක්

Highlights:

“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”

පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක

දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.

පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.

“The tree of Paramee…!”

“මම පාරමී?”

“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා

ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”

“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”

මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”

“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු

ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”

“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.

අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”

“ඇයි ඒ?”

“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

මුන්නක්කරේ සංසාරේ

Highlights:
සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්‍යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත්‍රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්‍රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය.

දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය.

වෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය. සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වින, මෙහොතකින් විදුලි කොටන්නට විය.

ඉක්බිති ඇද හුලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.

ගිරිජා

Highlights:
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා – රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්‍රව චිත්‍රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප්‍රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්, දුක් සුසුම්, කඳුළු සිනා එක්තැන් වුණු නවකතාවක්.

ඉතිහාසයක් තුළ සාහිත්‍ය‍ය

Highlights:

සිංහල සාහිත්‍ය සංස්කෘතියෙහි කෘති සහ පුද්ගලයෝ

නුබ කිස වි ගන නිල්
හස සර වි ගුම් ගත
තුරු දා වී වින මෙනෙ ද
දකුතු නුගි හළ තුල් තද

ලිහිණියකුගේ ප්‍රයාමය

Highlights:

ගුවන් යානා නියමුවකු විසින් ලියන ලද ගුවන් යානා නියමු ඡායාරූප ශිල්පියකු විසින් අලංකාර කරන ලද මේ අපූර්ව කුඩා කථාව අති සුන්දර ගීතයක් වැනිය.
මෙය ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස සැලකෙන්නකි.
මුහුදු ලිහිණියන්ට ජීවිතය යනු හුදෙක්ම ආහාර ගැනීම සහ නොමැරී සිටීම යන කාරණාවලට පමණක් සීමා වූවකි.
පියාසර කිරීම යනු තනිකරම ආහාර සෙවීමේ උත්සාහයක් පමණකි.
එසේ වුවද මුහුදුලිහිණි ජොනතන් ලිවිංස්ටන් ගැටවරයාට නම් පියාසර කිරීම යනු ජීවිතයම වේ.

මානස විල

Highlights:

සිංහාසනේ හරිබරි ගැහී ඉඳගත්
තවත් අර මිනිහෙක්
උදේ සිට රෑවෙන තුරා
කරනා කාරිය දුටුවද?
ඔප දමනවා සිංහාසනය
නින්දක්වත් නැහැ අසරණයට!

අසිපත

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍ය‍යේ සිංහල පරිවර්තනයයි ‘අසිපත’.

මෙම නාට්‍ය‍යේ මතුපිටින් පෙනෙන ජවසම්පන්න රංගයකට ආරාධනා කරන සරල විනෝදාත්මක තලයට යටින් විද්‍යාව සහ තාක්ෂණය දේවත්වයට නංවන්නා වූ අද්‍යතන ජීවන මතවාදයන් පිළිබඳව ගැඹුරු විචාරාත්මක එළියක් විහිදුවන උපමා කතාවක ලකුණුද දිස්වේ.

වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්

Highlights:
වුල්ෆන්ඩාල්හි ප්‍රීතිමත් කුඩා නගරය හෙවත් වෘක ගුහාවේ විසූ ගැහැනු දහනමදෙනාගේ කතාව
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping