Wijesooriya Grantha Kendaraya

Wijesooriya Grantha Kendaraya

Showing all 51 results

Show:

මෙ’දිවිය මෙතනින් නවතමි

Highlights:
මේ වූ කලීආත්ම භාෂණයකි. මෙහි කථානායකයා ආර්ථික අසීරුතවයන්ගෙන් තොර පසුබිමක හැදී වැඩුන පුද්ගලයෙකි. හෙතෙම තරුණ වියෙදීම ස්වකීය වෘත්තීය ජීවිතයෙහි කුසලතා පළ කරන්නෙකි. මෙහි නිරූපිත කථානායිකාව අර්ථික අසීරුතාවන් නිසා අසරණව, අකාරුණික හා ශෝචනීය සමාජ පසුබිමක ගිල ග්‍රහණයට පත් වුණු තැනැත්තියකි.

බිතු සිතුවම් වැනි මිතුදම්

Highlights:

“මට මේ වාත අමාරුව හැදුණෙ වෙන ඒව කරලයි. ඒ දවස් වල හෙණ කට්ට අව්වේ රබර් වළවල් කපන්න ගිහින්. දවසක් මට හොඳටම දැනුණ උදැල්ල පස්සට ගන්න කොට මුදුන් යට ලීයක් කැඩුණ වගේ කොඳු ඇටේ දිගේ මොකක්ද එකක් පුපුරණව… උන් මන් අස් කරෝතින් නම් මන් ඔතන ගිනි තියලයි නවතින්නෙ..”

සිතින් සිතක් රිදෙනා හැටි

Highlights:

මනුෂ්‍ය සම්බන්ධතා ඇතිවීමට මූලිකව ඉවහල් වන්නේ මිනිස් හැඟීම්ය. මනුෂ්‍ය සම්බන්ධතා බිඳවැටීමට ඉවහල් වන්නේ ද මිනිස් හැඟීම්ය. සිත් රිදෙන්නට මුල් වන්නේ ද මිනිස් හැඟීම්ය. එහෙත් “සිත් රිදීම්” හේතුවෙන් මනුෂ්‍ය සම්බන්ධතා එහෙම පිටින්ම බිඳ නොවැටේ.

පෙම්වතුන්, පෙම්වතියන්, අඹු සැමියන්, දෙමාපියන්, දරුවන්, අසල්වාසීන් පමණක් නොව එකට වැඩ කරන අය අතර ද සිත් රිදීම් ඇතිවීම සොබාවයයි. හේතු ඇතුව ද නැතුව ද සිත් රිදෙන තත්වයන් තිබේ. කිසිදු කිසිවිටක කිසිවෙකුගේ සිතක් නොරිද වූ කෙනෙකු නැත. සමහර සිත් රිදීම් දුර දිග ගොස් අවසාන මනුෂ්‍ය සම්බන්ධතා ද බිඳ වැටේ. මේ තත්වය ගැන අවබෝධයක් ලබාදීමට “සිතින් සිතක් රිදෙනා හැටි” නම් කෘතිය සම්පාදනය කර ඇත.

ගුරු ගුණ සුවඳ

Highlights:

ළමා කළ තමා නිසි යැවීමට දිරි දී මඟ පෙන්වූ ගුරුවරුන් ගැන වැඩිහිටියන් වූ පසු ඔවුන් කියන කතා එකතුවකි මේ.

සුළු පෙළඹවීමකින් වුවද තම ලෝකය ජය ගන්නට අත හිත දුන් ගුරුවරුන්ගේ ගුණ සුවඳ කෘතවේදීව සිහිපත් කරන කතා එකතුවකි මේ.

මේ කතා කියවන විට ඔබේ ලෝකය ජය ගන්නට ඔබට මං පෙත් විවර කර දුන් ගුරුවරුන් ගැන සිහිපත් කරවන කතා එකතුවකින් මේ.

භවගත වීම

Highlights:

මම නීතිඥවරියක් වුයෙමි. රෝහලක උපසභාපති වුයෙමි. තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනඟා ගැනීමට උදව් කරන ලාභ නොබෙදන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වුයෙමි. වැඩි වශයෙන්ම සුදු ළමයින් සිටි පාසලක වැඩ කරන පංතියේ කළු ශිෂ්‍යාවක් වුයෙමි. මම හැම ආකාරයේ තැන්වලම එකම අප්‍රිකානු-ඇමරිකානු ගැහැනිය වුයෙමි. මම මනාලියක්, වෙහෙසට පත් මවක්, දුකින් පිරුණු දුවක් වුයෙමි. මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වුයෙමි.

නිල වශයෙන් තනතුරක් නොවුනත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය විය. එය මා හට අභියෝගයක් වුව සියල්ල මම නිහතමානිව දැරුවෙමි. ඒවායේ උසස් බවක් මෙන්ම ඇදවැටීමක් ද විය. සමහරවිට ඒ සියල්ල සිදුවුයේ එකවර්ම ය.

 

යහපත් ජිවිතයක් සදහා

Highlights:

දිනපතා සුළු කොටස් වශයෙන් කියවමින් එහි එන ප්‍රබල පණිවුඩ ජීවිතය තුළට උකහාගෙන තහවුරු කර ගැනීම සඳහා රචනා කරනු ලබන පුස්තිකා (පොත් පිංචි) දැන් දැන් සුලභ ලෙස ඉදිරිපත් වනු දකින්නට ලැබේ.

ලුතිනන් ජනරාල් චාලියා විසින් “යහපත් ජිවිතයක් සදහා” යන තේමාව යටතේ එවැනි පුස්තිකා මාලාවක් මෑතක දි ඉදිරිපත් කරනු ලැබීය. ලෝක ප්‍රකට වියතුන් ගේ අදහස් සහ විශේෂයෙන් පෙරදිග ශුද්ධ ග්‍රන්ථ ඇසුරෙන් ඉදිරිපත් වී ඇති ඒ පුස්තිකා මාලාවේ කෘති තුනක් මේ සමඟ ඉදිරිපත් කැරෙයි. MIND FAITH AND FEARLESSNESS (මනස, විශ්වාසය සහ නිර්භය භාවය) යන පුස්තිකා තුන මේ ග්‍රන්ථයට තේමා කර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ වීදි ලිංගික ශ්‍රමිකයෝ

Highlights:

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරිදි ලිංගික කර්මාන්තය පිළිබඳ පුළුල් අවබෝධයක් පාඨක ඔබට ලබා ගැනීමට හැකිවනු ඇත. සමාජ වැඩ හා සමාජ විද්‍යාව විෂයක් වශයෙන් හදාරන විද්‍යා‍ර්ථීන්ට මෙන්ම ලිංගික ශ්‍රමිකයින් සඳහා සේවා සපයන්නන් හා නීතිය ක්‍රියාවේ යොදවන්නන් සඳහා ලිංගික කර්මාන්තය පිළිබඳ තම අවබෝධය පුළුල් කර ගන්නටත්, ලිංගික ශ්‍රමිකයිගේ වෘත්තිය භූමිකාව ආශ්‍රිතව මතුවන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් බලගැන්වීමේ ප්‍රවේශයකට යොමුවීම සඳහාත් මෙම ග්‍රන්ථය බෙහෙවින් ඉවහල් වනු ඇත.

නිර්මාණ අධ්‍යයනය

Highlights:

සාහිත්‍ය ඉගැන්වීමේ නිරත ගුරු භවතුන්ගේ සැලකිල්ලට භාජනය විය යුතු කරුණු කීපයක් සාකච්ඡා කිරීම හා ඔවුන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලිය නිර්මාණාත්මක කටයුත්තක් බවට පත් කර ගැනීමට අවශ්‍ය කිසියම් අලෝකයක් සැපයීම මේ කෘතිය රචනා කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ගුරු භූමිකාවට පෙරවදනක්

Highlights:

ඉගැන්වීම සැබැවින්ම කලාවකි.
ඒ කලාවේ වර්ණ හැඩතල විවිධාකාරය.
ඒ විවිධාකාර වර්ණ හා හැඩතල පිළිබඳ අවබෝධය පුළුල්වන විට ඉගැන්වීම් ආස්වාද ජනකය.
පාසල සංස්කෘතිය පවරා දෙන තැනක් සේම එය ඉගෙන ගන්නා තැනක් ද විය යුතුය.
අපි දරුවන්ට උගන්වමු යන අදහසින්; අපි දරුවන්ට ඉගෙන ගන්නට ඉඩ දෙමු,
යන අදහසක් මතු කරන්නේ නම් දරුවන් හා ගුරුභවතුන් අතර සම්බන්ධය වඩාත් අර්ථසම්පන්න වේ මේ කෘතිය ඒ ආකල්පය සඳහා කවුළු විවර කිරීමකි.

සුනිමල සිතිවිලි සියපත

Highlights:

ඉමහත් පුදුමාකාර දෙයක් වන්නේ, මිනිසුන්ට ඉදිරියට යාමට, සංවර්ධනය වීමට, සිතන්නට, වැඩ කරන්නට අලුතෙන් කාලය ලැබීමයි. පසුගිය අතීතයේ ඔබ කාලය කොපමණ නාස්ති කළේ ද යන්න ගැටලුවක් නොවේ. ඒ නිසා, ඔබට ලැබෙන ඊ ළඟ නැවුම් පැයෙහි කිසිදු අඩුවක් නොවේ. එනිසා එය පිවිතුරුය. පිරිපුන්ව තබා ගන්න. එය සෑදී ඇති මිනිත්තු හැටෙන් සෑම අරුණෝදයක්ම අලුත් අවස්ථාවන් සමඟ, සම්පූර්ණ නව ජීවිතයක් උදාවන බව මතක තබා ගන්න.

ආදරයයි කරුණාවයි

Highlights:

ආදරය මෙන්ම කරුණාව ස්ථාවර හෝ තද දෙයක් නොවන බව පැහැදිලිය. හැම මිනිස් සිතකටම ආදරය සහ කරුණාව ජීවන මිහිර විඳින්නට නම් අවැසිමය. හැම මිනිස් සිතකම ආදරය මෙන්ම කරුණාව උපදී. එපමණක් නොව, හැම මිනිස් සිතකින්ම ආදරය සහ කරුණාව ගිලිහීයාම ද ස්වභාවයකි. මට සිතෙන්නේ එය, පිපී දිලුණ මලක් පරව බිම පතිත වීමට සමාන බවයි.

පැහැරගෙන යාමට පෙර

Highlights:

නිදහස තරම් වටිනා යමක් තිබේ ද?

ජීවත් වීමට, අදහස් ප්‍රකාශ කිරීමට පමණක් නොව, දරුවන්ට අනාගතයක් උරුම කිරීමට ද, නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ස්ථාපිත විය යුතුය.

මනුෂ්‍ය ජීවිත භීතියෙන් වෙලී තිබීම විදහාපාන්නේ ජිවත් වීමට, අදහස් නොපවතින බව නිල නොවන අයුරින් ප්‍රකාශයට පත් කර තිබීම නොවන්නේ ද?

රන් මලක් සේ පිපෙන්නට නම්..

Highlights:

ආලෝකවත් සිතුවිලි තවමත් වැඩකරයි
විශ්වාස කරන්නෙකු වන්න ජයග්‍රාහකයෙකු වන්න
‘නො’ හැක යන්නෙහි ‘නො’ යන්න හළන්න
ඔබට සතුටින් සිටිය හැකි ද?
සියල්ල අයහපත් වූ විට පවා… ඒත්….

යටිසිත 2

Highlights:
  • කනස්සල්ල, බය සහ ඍණ සිතුවිලි ජය ගැනීම
  • මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
  • ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍ය අත්පත් කර ගැනීම
  • සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
  • සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

මිනිස් දිවියේ අරුත සොයා

Highlights:

මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිට්ස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ අධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන් ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුබවාදී එළැඹුමක් වේ.

“පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය”
-කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ)

නිහඬ ආදරය

Highlights:

මෙහි දැක්වෙන්නේ වියට්නාම යුද්ධයේ බිහිසුණු අවස්ථාවන්ය. ඇමරිකාව ප්‍රංශය, චීනය සමඟ යුද වදිද්දි එයට බිළි වන වියට්නාම් තරුණියන් බොහෝ දුරට අයාලේ යමින් සිටී. පුවත්වත් කලාවේදියෙක් හා යුද ආධාර නිලධාරියෙක් එකම තරුණියකට පෙම් බඳිද්දී ඔවුන් දෙදෙනා අතර ඇතිවන නිහඬ සටන යුද බිය අතරින් මෙහි කියැවේ.

තහනම් කළ දියණී

Highlights:

“මට ලැබෙන්න ඉන්නේ පුතෙක් ද? එහෙම නැත්නම්… දෙවියනි එහෙම වෙන්න නම් එපා.. ඒ දුවෙක් ද?”

අවසානයේ දී, ඊෂාගේ සිතට වද දුන් ඒ පෑනයට පිළිතුර ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයාගේ සායනයේ පරිලෝකන තිරය මත සටහන්වේ. ඒ ගැහැනු දරුවෙකි. දැන් ඊෂා හා නිඛිල් කුමක් කරනු ඇත්ද?

පූ මල්ලේ අළුත් ගෙදර

Highlights:

ඔන්න ඉතින් පූයි, ඌරු පැටියයි එකතු වෙලා ඉයෝරිට ගෙයක් හදා දුන්නා. ඒක නම් හරිම පුදුම වැඩක්; කියවලාම බලන්නකො.

පූගේ යාළුවො කට්ටියට කොටිරාල එකතු වෙන්නෙත් මේ පොතේදි තමයි. කොටිරාල එක වෙලාවකට හරිම කරදරකාරයෙක්. ආයෙත් එයා හොඳම යාළුවෙක්. හොඳ යාළුවො එක් වුණාම කොච්චර ලස්සන වැඩ කරනවද කියලා “පූ මල්ලේ අළුත් ගෙදර” කියවනකොට ඔයාලට තේරේවි!

වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

Highlights:

වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්ටාචාරයට සම්ප්‍රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. අකාරුණික, අදාන්ත වනයේ පුත්‍රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි.

අල්යෝෂා

Highlights:

“විල්හෙල්ම් කයිසරුයි, ඒ රටේ ධනපතියොයි ඒ ගොල්ලන්ව යුද්දෙට යැව්වා. අපේ සාර් රජ්ජුරුවොයි, අපේ ධනපතියො ටිකයි අපිව යුද්දෙට එව්වා. කොහොම බැලුවත් අන්තිමට යුද්දෙන් වාසි ගන්නේ පාලකයො. සොල්දාදු වන්ගෙ ලේවලින් ඒ ගොල්ලො අලුත් බිම් අයිති කර ගන්නව…”

තාත්තා

Highlights:

“පුතාට අමාරු ද?”
තාත්තා මට ‘පුතා’ යනුවෙන් ඇමතූ පළමුවැනි වතාව එය විය. මට මගේ කන් අදහා ගත හැකි නොවී ය.
“නෑ” මම ඔහුට පිළිතුරු දුන්නෙමි.
තාත්තට අමාරු දැයි ඇසීමට මට ඕනෑ වුවත් මගේ මුවින් එම වදන් පිට වූයේ නැත.
තාත්තා දෙකට නැමී සරමෙන් නළල පිසදා ගත්තේ ය. සරම තවත් ලෙයින් තෙත් විය.

දයාබර ගුරුතුමිය වෙතටයි

Highlights:

මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍ය‍යන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කථාවකි. මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි. තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව, තර්කයෙන්, සංඛ්‍යා ලේඛන මගින්, දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රබල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ. මේ පුවත සැබැවින්ම හඳ කකියන ඛේදවාචකයකි. දුප්පත් ශිෂ්‍ය‍යන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසලකා හැරිය නොහැකිය.

මිහිරි හැඟුම්

Highlights:

සිතට, සැනසුම සතුට ළඟා කර ගැනීමට පෘතග්ජන කොයි කවුරුනුත් කැමති බව කිව යුතු නැත. සැනසුම- සතුට, භෞතික වස්තූන් අත්පත් කර ගැනීම ඔස්සේ සැබවින්ම හිමි නොවන්නේය. සැනසුම-සතුට අදාළ වන්නේ මිනිස් මනසටය.

“මිහිරි හැඟුම්” නමැති මේ කෘතියෙහි ඇතුළත් වන්නේ මිනිස් සිතට සුවය සදන අත්දැකීම්ය. ඒ අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම් නොවන්නේය. සත්‍ය අත්දැකීම් වන්නේය.

ඇසට නො පෙනෙන සිතට නො දැනෙන

Highlights:

අප ඇසුරු කරන අප දන්නා හඳුනන සම්හර පුද්ගලයන් සිතා මතා, එසේ නැතහොත් කිසිම අදහසක් අරමුණක් නැතිව, කරන කියන දෑ නිසා ‘සිතක් රිදෙන පෙළෙන සැටි’ වටහා ගැනීම අසීරුය. ඇසට නොපෙනෙන, සිතට නොදැනෙන එවන් සත්‍ය අත්දැකීම් මෙහි අන්තර්ගතය. ඒවා ජීවිතය හා සමාජය තේරුම් ගැනීමට උපකාර වේ යැයි කිව හැකිය.

අප්‍රමාණ ජීවිතයකට

Highlights:

මානසික වෙහෙස ඉවත් කර ගැනීමේ පළමු පියවර නම් නිදහසේ පහළ වන ඔබේ සියලු ම සිතුවිලි පාලනය කර ගැනීමයි. මනසේ ධනාත්මක ඒවා දැයි පරීක්ෂාකාරී වන්න. විනය ගරුක වීමේ පුරුද්ද භාවිතයට ගෙන ඔබ සතුව විශ්වාස කළ නොහැකී බල සංචිතයක් ඇති බව ද, ඒ මගින් සුබවාදී ධනාත්මක සිතුවිලි පමණක් නිපදවිය හැකි බව ද සිතන්න.

ජන සංහාරයේ දින පොත

Highlights:

මෙය ‘නොනා ලිසෝවිස්කජා බැනිස්ටර්’ නම් රුසියානු ඇමරිකානු කාන්තාව විසින් දෙවන ලෝක යුද සමය හා නාසි හමුදා භීෂණයේ තම පෞද්ගලික අත්දැකීම් පදනම් කරගෙන ලියූ සටහන් පෙළකි. නමුත් ඇගේ රහසිගත ජීවිතය පිළිබඳ මෙම සටහන් පෙළ ග්‍රන්ථයක් ලෙස ප්‍රසිද්ධ කෙරුණේ වසර 2004 දී ඇය මිය යෑමෙන් පසු ය.

භාෂා පහකට වඩා දැන සිටි නොනා යුද්ධයට මැදි වීමෙන් පසු පියා විසින් දුන් දින පොත්වල තම අත්දැකීම් ලීවා ය. නොනා දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා අත්තඩංගුවට පත් ව දිවි බේරා ගත් කිහිපදෙනාගෙන් අයෙකු වීම විශේෂත්වයකි.

චූටි කුමාරයා

Highlights:

හිටපු ගමන්ම මොකක් හරි දෙයක් ගැන ලොකු සැකයක් හිතට ආව වගේ කුමාරයා එකපාරටම මගෙන් මෙහෙම ඇහුවා.
“බැටළුවො පුංචි පඳුරු ජාති කනවා නේද?”
“ඔව්.. කනවා.”
“හම්මෝ! ඇති යංතං…”
බැටළුවො පුංචි පඳුරු කන එක ඒ තරම්ම වැදගත් දෙයක් වෙන්නෙ ඇයි කියලා මට තේරුණේ නෑ.. කුමාරයා ආයෙමත් මෙහෙම ඇහුවා.
“ඒ කියන්නෙ එයාලා බඕබාබ්සුත් කනවනෙ?”

බොබ්සි නිවුන්නු

Highlights:

“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ!” නැන් මහත් උද්‍යෝගයෙන් කෑගෑවා ය.
“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා!”
“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.
“ඒගොල්ලො වෙඩි තියන්නෙ නෑ.” ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ?
ඒවා ඇතුළේ වෙඩි බේත් නෑ නෙ.”

නිදහසේ රැජින 1 (අඳුරු අධිරාජ්‍ය‍ය පළමු කොටස)

Highlights:

ක්‍රි.පූර්ව 17 වන ශතවර්ෂයයි. හික්සෝවරුන් ඊජිප්තුව යටත් කරගත් අඳුරු කාලපරිච්ඡේදයයි. හික්සෝවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමණයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවැති සාධාරණත්වය, ආදරය, නීතිගරුක බව යන උතුම් ගුණාංග සියල්ල යටපත් විය. කෘෘරකම, ආත්මාර්ථකාමී බව ඉස්මතු විය.

ඊජිප්තුවට බලපෑ මේ ආක්‍රමණික පාලනයෙන් බේරී අවසානයේ ඉතිරි වූයේ තීබසය නම් වූ කුඩා රාජ්‍ය‍ය පමණි. තීබසය පාලනය කළ ටේටි රැජිනගේ දියණිය අහොටෙප් කුමරියයි. ඊජිප්තුව, ආක්‍රමණිකයාගේ කෘෘර හස්තයෙන් ගලවාගැනීමට ඉදිරිපත් වූයේ ආහොටෙප් කුමරියයි.

ඉතින් තම මෑණියක් වූ ටේටි රැජින, සැමියා වු සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා සහ ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද?

පුතාට ලියමි

Highlights:

“පුතාට ලියමි” අර්ධ නව කතාවකි. දෙමාපියන් හා ගුරුභවතුන් මේ පොතෙහි පාඨකයන් ලෙස සැලකීමට කතුවරයා කල්පනා කරයි.

ඩැල්මේෂන් 101

Highlights:

පොන්ගෝට සහ මිසිස්ට සිටි සුරතල් ඩැල්මේෂන් පැටව් පහළොස් දෙනා අබිරහස් ලෙස අතුරුදහන් වෙති. දුෂ්ට අසල්වැසි කාන්තාවක වන කෘවෙලා ඩි විල් ගැන සැක කරන බුද්ධිමත් පොන්ගෝ,මිසිස් සමග සිය පැටවුන් සොයා යයි. බොහෝ අනතුරුවලට මුහුණ දෙන ඔවුහු, අතරමග දී හමු වන මිතුරු සුනඛයින්ගේ සහ වෙනත් සතුන්ගේ උදව්වෙන් අන්තිමේ දී දුෂ්ට සතුරන් පරාජය කර සිය පැටවුන් සමග එක් වෙති.

කසුන් ගිර තරණය

Highlights:

‘මට බස් එකේ යන්න සල්ලි නැහැ’
එයාට හිනාවක් ගියා. සාක්කුව ඇදලා මට ශත විසිපහක් දුන්නා.
‘එපා. මට ශත පහළොවක් ඇති’
ටිකට් කවුන්ටරයෙන් ශත විසිපහ මාරු කරලා මට ශත පහළොවක් දීලා ඉතුරු දහය එයා සාක්කුවෙ දා ගත්තා.
‘බොහොම ස්තුතියි’
මම ආයෙත් වරක් දණ ගහලා වැන්දා.
‘හොඳට ඉගෙන ගන්න’
එහෙම කිව්වෙ නැගිටින කොට ඔලුව අතගාලා.

ගෙදර යන අතරමග

Highlights:

1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ,ඩි ස්මෙට් නගරයේ ඔවුන් ජීවත් වූ නිසව අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දුවිලි ගොඩවල් බවට පත්වී තිබිණි.

වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තරය දින පොතක ලීවාය. මේ ඈ ලියූ දින සටහන් පෙළයි.

හෙට අලුත් ජීවිතයක්

Highlights:

සාර්ථක ව අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නා තරුණ තරුණියන් අනපේක්ෂිත කාරණා හේතුවෙන් අනාගත අපේක්ෂා බිඳ දමා ගන්නා අවස්ථා අද අපමණය. තරුණ වියේ දී ම විවාහ ජීවිත පටන් ගෙන අවුල් සහගත දිවි පෙවතක් උරුම කර ගන්නා තත්ත්වයන් ද කැපී පෙනේ.ජීවිතය ඉදිරියට ගෙන යෑමට නම්, ජීවන අපේක්ෂා බිඳ වැටුණ විට ඒ ගැන පියවි සිහියෙන් කල්පනා කළ යුතු ය.

මේ පොත තමන් ගැන විචාරශීලී වීමට කැමති කාටත් ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සංග්‍රහ කරමින් ජීවිතාවබෝධය උදෙසා සම්පාදනය වූවකි.

ළමා මනාලියකගේ කඳුළු කතාව

Highlights:

සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැනු ළමයෙකි. පාසල් ගිය. අසල්වැසි පංති මිතුරන් සමඟ ගතකළේ ප්‍රීතිමත් ජීවිතයකි. නමුත් ඇගේ ඉරණම වෙනස් වුයේ පියාගේ මරණයත් සමඟය.

සිතුවිලි කළවම

Highlights:

ජීවිතාවබෝධය හා සමාජාවබෝධය පිණිස කවරෙකු වුව සංවේදී විය යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇත. සාහිත්‍ය කියවීම, කලාව ආස්වාදනය, සමාජ දේශපාලන සංසිද්ධීන් කෙරේ විචාරශීලී වීම ඒ අතර වැදගත් ය. ‘සිතුවිලි කළවම’ ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි. ජීවිතය හා සමාජය මෙහි ඇතුළත් ය.

රිදී නූලේ මායාව

Highlights:

අඟහරුවාදා දිනයක උපන් නිසා, ටියුස්ඩේ නම ලැබූ දැරියක සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදන්ව ඇතැයි දැන ගන්නා ටියුස්ඩේ, ඈ සෙවීමට වෑයම් කරයි. එහිදී හමුවන විශ්මිත රිදී නූලක් මගින් ඈ අපුරු ලෝකයකට පිවිසේ. එහිදී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.

සුළු තනිතිත

Highlights:

‘මම ආවෙ කඩේ ගිහින්. නැන්ද ගේන්ඩ කියපු පරිප්පු අවුන්ස දෙකේ කඩදාසි ගොටුව මගේ අතේ තිබුණා. රබර් වත්තෙ වංගුව හරියෙ දි අපේ ගමේ මාළු විකුණන බුට්ටා මගේ පස්සෙන් එනවා මම දැක්කා. උගේ ඔළුව උඩ මාළු පෙට්ටියක් තිබුණෙ නෑ. ඌ මාළු විකුණන්නෙ පරණ ට්‍රන්ක් පෙට්ටියක දාගෙන. මාළු විකුණලා සල්ලි හම්බ කළාට උගේ වයස තාම දහඅටක් නෑ කියලා අපේ මාමා කියනවා මට ඇහිලා තියෙනවා.’

මිනිස් දිවියේ අරුත සොයා

Highlights:

මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යා‍යය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

මිනිස් මනසේ මහිමය

Highlights:

ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින් ද යත්, දරුවා මිනිසාගේ ද සමාජයේ ද නිර්මාපකයා වන බැවිනි.

දරුවා සහජයෙන්ම උරුම කර ගෙන ඇති අතිමහත් හැකියා සම්භාරය, නව ලොවක් නිර්මාණය සඳහා උදව් වන පරිදි, පෙර පාසල් වියේ දී උන්නතියට පත් කරනු වස් සහාය විය හැකි අන්දම මෙහි පැහැදිලි කෙරේ.

ආදරණීය දරුවනි

Highlights:

මෙහි ඇතුළත් වන්නේ කතෘ විසින් විවිධ පාසල්වල දී උසස් පන්තිවල දරුවන්ට පවත්වන ලද දේශන කීපයකි. එහෙත් ඒ දේශන ඒ ආකාරයෙන් ම පිටපත් කර නැත. ඒ දේශන දරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වන අන්දමට සකස් කර, සංස්කරණය කර, ප්‍රයෝජනවත් අන්දමට නිදසුන් ඇතුළත් කර, විස්‍තාරණය කර තිබේ. මෙහි මුලින් ම ඇතුළත් වන ‘මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත…’ නම් දේශනය සැබවින් ම දේශන කීපයක එකතුවකි.

සත්‍ය‍ය ම පමණයි

Highlights:

මඳ වේලාවකට පසු දුරකතනය නාද වීමෙන් හූ අවදි වුණා ය. ඇය අඬමින් ම නින්දට ගොස් තිබුණි.
“හලෝ?” ඇය කීවා ය. ඇඬීම නිසා ඇගේ කට හඬ වියළී තිබුණි.
“මට හූ ඈන් යුවාන් මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් ද? මම බැංකොක් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් ඩේවිඩ් රයිඩීන් කතා කරන්නෙ.”
හූ ගේ හදවත නැවතුනි. “මම හූ. තාත්ත තවම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ. ඔයා ළඟ එයාගෙ අංකය තියෙනව ද?”

තරුසුණු වැස්ස

Highlights:

මගේ සිතිවිලි මගේ ජීවිතයේ ප්‍රීතිමත් ම කාලය වෙත දිව ගියේ ය. කලට් ඩීසා හි සිට මා හර්ජ් වෙතට ගියේ මගේ සැමියා මුණගැසීම සඳහා ය. මට නිමක් නොමැති ව කදුළු හෙළීමට සිදු වන බව එදින මම නො දැන සිටියෙමි. ආදරයෙන් බැඳුණු ළාබාල තරුණියක වන මා මගේ සියලු සිහින සැබෑ වී ඇති බවක් සිතුවෙමි.

වන අරණක කුඩා නිවස

Highlights:

“ඔන්න ඉතින්, සීයගෙ ගෙදර තියෙන්නෙ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන. කන්ද මුදුනෙ ඉඳන් පල්ලෙහාට වැටුණු පාර ගෙදර ඉස්සරහ දොර ළඟින් යනවා. සීත කාලෙට පල්ලෙහාට ලිස්සලා යන්න කියාපු තැන එතන. ඔයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.”

රැම්සීස් 5 (බටහිර ඇකේෂියා සෙවනේ)

Highlights:

“උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්. මා බෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේද?”

-සේටෝ

“මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම් , මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?”

-ආශා

“යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට”

-මෝසස්

“ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි, ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?”

-සෙරමන්තා

“මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිිසිවෙකුට අමතක නොවේවි ඔබ. ආලෝකයේ පුත්‍රයා!”

-ආමෙහි

රැම්සීස් 4 ( අබු සිම්බල්හි ආර්යාව )

Highlights:

අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.

වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.

පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.

සේටිගෙන් පසු ඔහුගේ රාජ්යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?

විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?

ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….

මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?

සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…

මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?

රැම්සීස් 2 ( සදාතනික දෙවොල )

Highlights:

“ආලෝකයේ පුත්‍රයා”

 

පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වු රැම්සීස්ට තැබු නාමයයි ඒ්. ඔහු නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි.

 

සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍ය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද?

 

මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද?

 

බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දි, තම සිහිනය වු සදාතනික දෙවොල යතාර්තයක් කිරිමට හැකිවේද ආලෝකයේ පුත්‍රයාට ?

ධනවත් පියා සහ දිළිඳු පියා

Highlights:

Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ Robert T Kiyosaki සැලකෙන්නේ ලක්ෂපතියන් ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක් ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක්ම වීමෙන් සියලු දෙනා වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව ද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපව අලුත් විදිහට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහි එබැවිනි එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින් ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
1 Cart
Close

My Cart