Authors | |
---|---|
Publishers | |
ISBN | 979-0-710025-04-2 |
Language | Sinhala |
Cover | Soft Cover |
ඉගෙන ගමු වයන හැටි තබ්ලාව
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
ඉගෙන ගමු වයන හැටි තබ්ලාව යනු සංගීත භාණ්ඩ වාදනය පිළිබඳ පිළිබඳ ලියැවුණු පොත් මාලාවක මුලින්ම එළිදකින කෘතියයි. මෙහි සම්පාදකවරයා වන්නේ අප රටෙහි දක්ෂ මෙන්ම ජනප්‍රිය තබ්ලා වාද්‍ය ශිල්පියකු වන වාද්‍ය විශාරද, ලලිත කලාශූරී, සංගීත අධ්යක්ෂ මනෝජ් පීරිස් මහතාය. තබ්ලා වාදනය හදාරන සියලු දෙනාට ප්‍රායෝගික දැනුමක් ලබා ගත හැකි පරිද්දෙන් මේ කෘතිය සම්පාදනය වී තිබේ.
BUY EBOOK VERSIONBe the first to review “ඉගෙන ගමු වයන හැටි තබ්ලාව” Cancel reply
Related Products
හෙළ ජන ගී
ලාංකේය ජන සාහිත්‍යාංග අතර ජන ගීයට හිමි වන්නේ අන් සාහිත්‍යාංගයන්ට නොදෙවෙනි සුවිශේෂී තැනකි. රසයෙන් මෙන්ම අරුතින් ද පෝෂිත ජන ගී රැසක් සංගෘහිත වූ මේ කෘතිය සහ ශ්‍රවණ සංයුක්ත තැටිය, ලාංකේය ජන කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය විදහාපාන අපූර්ව කැඩපතකි.
නාට්‍ය ප්‍රවේශය විමර්ශනාත්මක අධ්‍යයනයක්
නාට්‍ය හා රංග කලාව විෂය අලලා මෙම කතුවරයා විසින් රචනා කරන ලද ප්‍රථම කාණ්ඩය මෙය වන අතර – “ රංගකලා ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යයනයක් ” හා “ නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක් ” යන ග්රන්ථ ත්‍රිත්වය මඟින් මෙම විෂයට අදාළ සියලු ම කරුණු ආවරණය වේ. මෙම කාණ්ඩය වශයෙන් පළ වූ මෙම ග්‍රන්ථය මඟින් ග්‍රීක යුගයේ සිට වර්තමානය තෙක් විහ්ව නාට්‍ය කලාවේ විකාශනය, නාට්‍ය ප්‍රභේද, රීතීන් හා ප්රවණතා මෙන් ම නාට්‍ය කලාවේ සීමාවන් හා ප්‍රබලත්වය ද එහි සංනිවේදනාත්මක ශක්‍යතාව ද පූර්ණ විමර්ශනයකට ලක් කෙරේ. මෙම ග්‍රන්ථය විශ්ව විද්‍යාලවල හා පාඨශාලාවල නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුභවතුන්ට හා විද්‍යාර්ථින්ට ද නාට්‍ය නිර්මාණකරණයට අත ගසන පුද්ගලයන්ට ද ගුරු උපදේශ සලසන අත්පොතක් බවට පත් වී ඇත.
ගිටාර් පුහුණුව – 4
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
තල මල පිපිලා
සුන්දරත්වයෙන් පරිපුර්ණ වුවද සිංහල සමාජයෙහි තලමල පිපිම විනාශයේ සංකේතයක් ලෙස සැලකේ, ඒ සියුම් සංකේතය මෙරට සමාජයේ පුරා මඩු දිවූ පිලිලයක තරම වේදිකාව මත අතිශය රමණිය ලෙස තලමල පිපිලා නාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.
ගී මියැසිය-3
වර්තමාන තරුණ පරපුර වාදක කණ්ඩායම් බිහිකර ගැනීමට දක්වන්නේ අසීමිත ආශාවකි. නමුත් බොහෝ දෙනෙකුට සංගීත පංතියක් වෙත ගොස් සංගීතය හැදෑරීම අසීරුය. එම නිසා සංගීතය හදාරන තරුණයන් හට ගී මියසිය පොත් පෙළ ඉදිරිපත් කරමි. හැකියාවක් ඇත්නම් ඔබට තනිවම වුවද මෙම ගීත ප්‍රස්තාරය පුහුණුවිය හැකි වුවත් ගුරුවරයකු නොමැතිව සංගීතය වැනි විෂයක් හැදෑරීමට පහසු නොවන වගද අමතක නොකරන්න.
මෙම ගීත වල පෙර වාදන හා අතුරු වාදන පෙරදිග ප්‍රස්තාර ක්රමයටත් සම්මතයෙන් බැහැරවු නව ක්රමයටත් සකසා ඇත.
නරි බෑනා
කුමටද සොබනියෙ කඳුලු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන් නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන
ඔබේ හිස පීරන් නම්
මල් පෙති ඉහිරුන සුදුවැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින් නම්
මම මගේ ආදරේ පෙන්වන්නම්තණ අග දිලි දලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන් නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමලියේ ආදර බස් දෙන්නම්
දේශාභිමාන ගී
නුතන සිංහල ගීත රසිකයා පමණක් නොව පාසල් සිසුන් තුළද දේශාභිමාන ගිත ගැන ඇත්තේ පටු ආකල්පයකි, ජාතික මමත්වය, වීරත්වය, අපේකම මතුකරන දේශාභිමාන ගීත කිහිපයක්ම මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව තිබීම ඉතාම වැදගත්වේ.
Progressive Series In Theory Of Music Book 2
Theory Of Music Work Book 2
Progressive Series In Theory Of Music Book 3
Theory Of Music Work Book 3
ලස්සන මල් පිපිලා
විශාරද නන්දා මාලිනී ප්‍රවීණ ගායිකාව විසින් දැනට වසර ගණනාවකට පෙර ගයන ලද ළමා ගීත දහයක් මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් වේ. නිවැරදි ළමා ගීත කලාවක් නොමැති වර්තමාන පරපුර වෙනුවෙන් මෙම කෘතිය දායාද කෙරෙන්නේ එම ගීතවල ස්වර ප්‍රස්ථාර සහ ඇගේ හඬින්ම නව සංගීත සංයෝජනයකට අනුව ගැයුණු එම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද සමගිනි.
ඕගන් පුහුණුව -3
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
Easiest Piano Course Part 2
The John Thompson’s Easiest Piano Course is designed to present the easiest possible approach to piano playing, complete with an amusing family of characters and illustrations to help emphasise the information being taught
There are no reviews yet.