5 ශ්‍රේණිය – බුද්ධ ධර්මය
- සත් සතිය
- බුදු රජාණන් වහන්සේගේ පළමු දහම් දෙසුම
- සම්බුද්ධ පරිනිර්වාණයේ අසිරිමත් බව
- ඡත්ත මාණවක කථා
- සිනා සී කතා කරමු. ….
සම්පූර්ණ විෂය නිර්දේශය නිවැරදිව අන්තර්ගත කර ඇත.මෙහි විෂය කරුණු වර්ණ Multimedia රූප භාවිතා කරමින් ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා කථනයෙන් ද විස්තර කර ඇත.
මෙහෙයුම් පද්ධති – , Win 7 , Win 8 , Win 10
6 ශ්‍රේණිය – ඉතිහාසය
- ඉතිහාසය හැඳීන්වීම
- ආදි මිනිසා
- ලෝකයේ පැරණි ශිෂ්ටාචාර
- ශ්‍රී ලංකාව ජනාවාස වීම
- අපේ අභීත රජවරු
නව විෂය ධාරාව අනුව නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් මෘදුකාංගයක් වශයෙන් ඔබට පහසුවෙන් ඉගෙන ගැනීම සඳහා නිර්මාණය කර ඇත. සම්පූර්ණ විෂය නිර්දේශයට අනුකූලව සහ නිවැරදිව මෙම පාඩම් සකස් කර ඇත. මෙහි විෂය කරුණු වර්ණ Multimedia රූප භාවිතා කරමින් ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා කථනයෙන් ද විස්තර කර ඇත.
මෙහෙයුම් පද්ධති – Xp , Win 7 , Win 8 , Win 10
1 ශ්‍රේණිය – පරිසරය
1 ශ්‍රේණිය – පරිසරය
- අපයි පාසලයි
- අපේ ගෙදර
- වත්තට එන සත්තු
- ජලය සමඟ සෙල්ලම්
- අවුරුදු කාලය…..
නව විෂය ධාරාව අනුව නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් මෘදුකාංගයක් වශයෙන් ඔබට පහසුවෙන් ඉගෙන ගැනීම සඳහා නිර්මාණය කර ඇත. සම්පූර්ණ විෂය නිර්දේශයට අනුකූලව සහ නිවැරදිව මෙම පාඩම් සකස් කර ඇත. මෙහි විෂය කරුණු වර්ණ Multimedia රූප භාවිතා කරමින් ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා කථනයෙන් ද විස්තර කර ඇත.
මෙහෙයුම් පද්ධති – Xp , Win 7 , Win 8 , Win 10
6 ශ්‍රේණිය – භූගෝල විද්‍යාව
- පාසල හා අවට වටපිටාව
- නිවස අවට වටපිටාවේ භූමියේ ස්වභාවය
- තම නිවස අවට වටපිටාව යහපත් ව පවත්වා ගැනීම
- ශ්‍රී ලංකාවේ පිහිටීම
නව විෂය ධාරාව අනුව නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් මෘදුකාංගයක් වශයෙන් ඔබට පහසුවෙන් ඉගෙන ගැනීම සඳහා නිර්මාණය කර ඇත. සම්පූර්ණ විෂය නිර්දේශයට අනුකූලව සහ නිවැරදිව මෙම පාඩම් සකස් කර ඇත. මෙහි විෂය කරුණු වර්ණ Multimedia රූප භාවිතා කරමින් ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා කථනයෙන් ද විස්තර කර ඇත.
මෙහෙයුම් පද්ධති – Xp , Win 7 , Win 8 , Win 10
මහ පිරිත MP3
මහ පිරිත් පොතෙහි ඇතුළත් සියලු පිරිත් ශ්‍රව්‍ය සංයුක්ත තැටි හයක් ලෙස සම්පාදනය කරන ලද්දකි. අප රටේ ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා රැසකගේ දායකත්වයෙන් සම්පාදනය කොට තිබේ. පිරිත් පේ කිරීම, සතර කමටහන්, සෙත් පිරිත්, දාරකඩ අස්න, අනුශාසනාදිය මෙහි අන්තර්ගත වේ.
ජයමංගල ගාථා සහ නරසීහ ගාථා -CD
ජයමංගල ගාථා සහ නරසීහ ගාථා ඇතුළත් සංයුක්ත තැටියකි. මෙය සංගීතවත් කොට නව්‍ය ආකාරයෙන් නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි විසිනි.
හෙළ ජන ගී
ලාංකේය ජන සාහිත්‍යාංග අතර ජන ගීයට හිමි වන්නේ අන් සාහිත්‍යාංගයන්ට නොදෙවෙනි සුවිශේෂී තැනකි. රසයෙන් මෙන්ම අරුතින් ද පෝෂිත ජන ගී රැසක් සංගෘහිත වූ මේ කෘතිය සහ ශ්‍රවණ සංයුක්ත තැටිය, ලාංකේය ජන කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය විදහාපාන අපූර්ව කැඩපතකි.
සඳ තරු මල් ගී මුතු වල්
විශාරද එඞ්වඞ් ජයකොඩි විසින් ගී පද ලියා සංගීතවත් කළ මෙම ළමා ගී කෘතිය නව ආකෘතියකින් සම්පාදනය වී තිබේ. ළමා ලොවට නව ගීත දොළහක් මෙම කෘතිය මගින් තිළිණ කෙරෙන අතර ඒවා අදාළ ස්වර ප්‍රස්ථාර ද ඉදිරිපත් කරයි. මෙහි සිතුවම් ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ විසින් නිර්මාණය කොට ඇත. මෙම ගී පොත සමඟ ශ්‍රවණ සංයුක්ත තැටියක් ද නොමිලයේ ලබා දෙන අතර එහි ගීත පමණක් නොව එම ගීතවලට අදාළ සංගීත පථ ( Music Tracks ) ද අඩංගුය. එමෙන්ම ස්වර ගායනා කරනුයේ කෙසේදැයි දරුවන්ට අවබෝධයක් ලබාගැනීමට රුකුළක් දෙමින් ගීත දෙකක් සඳහා ආදර්ශ ස්වර ගායනා ද ඉදිරිපත් කොට තිබේ. මෙම ශ්‍රවණ සංයුක්ත තැටියේ අඩංගු ගීත විශාරද එඞ්වඞ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ දරුදැරියන් කණ්ඩායමක් විසින් ගායනා කරනු ලබයි. ‘සඳ තරු මල් – ගී මුතු වැල්’ ළමා කෘතිය පෙර පාසල් සහ ප්‍රාථමික් ශ්‍රේණි දූ දරුවන් සඳහා විශේෂිතය.
BUY EBOOK VERSIONලස්සන මල් පිපිලා
විශාරද නන්දා මාලිනී ප්‍රවීණ ගායිකාව විසින් දැනට වසර ගණනාවකට පෙර ගයන ලද ළමා ගීත දහයක් මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් වේ. නිවැරදි ළමා ගීත කලාවක් නොමැති වර්තමාන පරපුර වෙනුවෙන් මෙම කෘතිය දායාද කෙරෙන්නේ එම ගීතවල ස්වර ප්‍රස්ථාර සහ ඇගේ හඬින්ම නව සංගීත සංයෝජනයකට අනුව ගැයුණු එම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද සමගිනි.
කරණීය මෙත්ත සූත්‍රය (පාලි – සිංහල-ඉංග්‍රීසි)
කරණීය මෙත්ත සූත්‍රය පාලි – සිංහල – ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය. මෙහි සුවිශේෂත්වය වන්නේ ඉහල භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ශ්‍රවණ සංයුක්ත තැටියක් ද ඇතුළත් වීමය.
මලලසේකර ශබ්දකෝෂය (ඩීවීඩී සමග)
මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය සහ එය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෘදුකාංගය ඇතුළත් ඩීවීඩී යුගලය සහිත ය.
මලලසේකර ඩීවීඩී තැටිය
මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂ මෘදුකාංගයේ නව ඩීවීඩී සංස්කරණය මෙයයි. පරිගණකයට ස්ථාපනය කිරීමෙන් පසු ඉංග්‍රීසි වචනයක අරුත පහසුවෙන්ම සොයා ගත හැකි මෙය ඉංග්‍රීසි මෙන්ම සිංහල වචනවල අරුත් උච්චාරණය කරන ආකාරය ද පෙන්වා දෙයි.
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
සිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.