A Passage North
A young man journeys into Sri Lanka’s war-torn north in this searing novel of longing, loss, and the legacy of war, from Anuk Arudpragasam, the author of The Story of a Brief Marriage.
Short-listed for the Booker Prize 2021, A Passage North begins with a message from out of the blue: a telephone call informing Krishan that his grandmother’s caretaker, Rani, has died under unexpected circumstances-found at the bottom of a well in her village in the north, her neck broken by the fall. The news arrives on the heels of an email from Anjum, an impassioned yet aloof activist Krishnan fell in love with years before while living in Delhi, stirring old memories and desires from a world he left behind.
As Krishan makes the long journey by train from Colombo into the war-torn Northern Province for Rani’s funeral, so begins an astonishing passage into the innermost reaches of a country. At once a powerful meditation on absence and longing, as well as an unsparing account of the legacy of Sri Lanka’s thirty-year civil war, this procession to a pyre ‘at the end of the earth’ lays bare the imprints of an island’s past and the unattainable distances between who we are and what we seek.
Written with precision and grace, Anuk Arudpragasam’s masterful novel is an attempt to come to terms with life in the wake of devastation, and a poignant memorial for those lost and those still alive.
පොල් රුප්පා සහ මුතු පංති
ආචාර්ය ඇලන් වෝල්ටර්ස් විසින් සිලෝනය සංචාරය කොට තමා ලද අත්දැකීම් ඇසුරෙන් වර්ෂ 1892 දී ලියා ප්‍රකාශයට පත් කළ, දහ නම වන සියවසේ මෙරට පරිසරය හා සාමාන්‍ය ජන ජීවිතය පිලිබඳ මෙතෙක් අප නො ඇසූ හො නො දැන සිටි බොහෝ දෑ විශිෂ්ට දැනුමක් හා නිරීක්ෂණ කෞශල්‍යයක් තුලින් අලංකාර ලෙස හෙළි කරන සම්භාවනාවට පත් ඉංග්‍රීසි කෘතියේ සම්පූර්ණ,සමාන සහ අසංක්ෂිප්ත සිංහල පරිවර්තන ය.
නුග අරණ
“නුග අරණේ සැඟවුණු රහසක් ඇතැයි සිතිජයේ සිත නොනවත්වාම කෑ මොර දෙන්නට විය.තමා දුටු ඒ සුදු හැඳි රුව හොල්මනක් නොවන බව ඔහු හොඳින්ම දනී.
දැන් උද්ගතව ඇති තත්ත්වය අනුව එම කැලයේ ඇවිදීමට කාවිංගවත් චරිතවත් නොපැමිණෙන බව ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. ශිවරාජ් වුව ඉන්නේ හොල්මන් ගැන අනියත බියෙනි. එනිසා ඔවුන් කිසිවෙකුටත් නොදන්වා තනිවම නුග අරණට ගොස් තම සැකය දුරු කර ගැනීමට සිතිජ අවසානයේ තීරණය කළේය.”
දූවිලි
විශ්වය යනු අති සුන්දර නිර්මාණයකි.
විවිධ වර්ණ සහ හැඩතලයන්ගේ
එකතුවකි. එය දෑසින් දකින ඔබ භාග්‍යවන්තයෝය.
එහෙත් දෑසින් පමණක් නොව මනැසින්ද එහි
සුන්දරත්වයදැකිය හැක. මා එය
මනැසින් දකින්නියක්මි.විඳින්නියක්මි.ජීවිතය මුල් වසර හත මේ ලොව
සුන්දරත්වය දෑසින් දැක පසුව
දෘෂ්‍යාබාධීත වූ මට මේ දෙයාකාරයේම
අත්දැකීම් ඇත. එදා දැරිවියකව
දෑසින් දුටු ලෝය අද මම මනැසින්
එදාටත් වඩා සුන්දරව දකින්නෙමි.‘දූවිලි’ ඇතුලේ අකුරු බවට පත්
වන්නේ මා මනැසින් දකින ඒ ලෝකයයි.කියවා බලන්න.
-Sathya Nirmani
උදාහිරු
“මහත්තයලට මොනවා ගැනද
දැන් දැනගන්න ඕන වෙලා තියෙන්නෙ…?
උගත්කමෙන් රූමත්කමෙන්නම් කිසිම අඩුපාඩුවක් පිහිටලා
නෑ. ඒ අතින් ගත්තම සර්ව සම්පූර්ණයි.”
“දුවට දැන් අවුරුදු විසි හයකුත් ලබනවා ගුරුන්නාන්සෙ…
තාම විවාහයක් හරි යන්නෙ නැහැනෙ…”
“තිබුණු සම්බන්ධතා බිඳිලා ගිහින් නේද…?”
“එහෙමයි….”
“එත් මහත්තයො අතෑරිලා තියෙන්නෙ සංසාරෙ
පතාගෙන ආපු සහකාරයා.
ගමනාන්තය
ඇගේ වරලසෙහි පහස ඔහුගේ නළලට දැනෙයි. ඇයගේ කම්මුල් සඳුන් සබන් සුවඳ ය.ඔහු ඇයගේ ගෙල පාමුල වූ අවපාතය සිප ගත්තේ ය. ඇයගේ සිරුරෙන් විහිදුන සඳුන් සබන් සුවඳ ඔහුට ප්‍රිය සම්භාෂණයක් ම විය. “ඔයා හරි සුවඳයි” ඔහු කීවේ ය. “මම ඔයාගෙ දාසයා වෙන්නම්. ඔයා මට කරන්න කියන ඕනෑ දෙයක් මං කරන්නම්. මේ ලෝකෙ තියෙන ඕනෑම දෙයක් මං ඔයාට අරන් දෙන්නම්” ඔහු හැසිරුණේ මෝඩයෙකු පරිද්දෙනි.
හලෝ හලෝ
බෘෘම් ෂ්‍යාම් ප්‍රියංක ඒෂ රාධිකා ආමි අංකල්
මේ හය දෙනා කෝල් සෙන්ටර් එකක එකම සෙක්ෂන් එකක නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන අය.
මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදිවුණේ එදා රෑ එයාලට ආව අමුතුම කෝල් එකකින්
කෝල් එක ආවෙ දෙයියන්ගෙන් …..?
ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න……?
එහෙනම් දැන් ‘හලෝ! හලෝ!!’ කියවන්න පටන්ගන්න.
අභිරහස් පණිවුඩය
සාජන්ට් කියතෙන් කපන හැටි හැමෝම බලාගෙන හිටියා.කැපුන තැනින් වතුර ටිකක් විද්දා. ඒත් එක්කම කුඩා දිලිසෙන කෑලි දෙකකුත් බිමට වැටී, දිස්නය දෙන්න වුනා. ෆැටී ක්ෂණිකව පැනලා ඒවා අහුලාගෙන සුපිරින්ටන්ඩන්ට් අතට දුන්නා.
“අම්මප, ඔව්මයි, ඒවා දියමන්ති තමයි.” සුපිරින්ටන්ඩන්ඩ් කිව්වා. “පයිප්පය ඒවගෙන් පිරිල හිර වෙලා තියෙන්න ඇත්තෙ, වතුර ටික හරියට ආවෙ නෑ කියන එක පුදුමයක් නෙමේ. තව තැනක් කපන්න සාජන්ට්.”
සාජන්ට් කීකරු වුනා. කිසිම සැකයක් නෑ. පයිප්පය පුරවලා දියමන්ති. සමහර ඒවා ගොඩක් ලොකුයි. සමහරක් පුංචියි,අවුරුදු ගණනාවක් වතුරේ තිබ්බත් කිසිම හානික් වෙලා නෑ……
නිහැඬියාවේ ගීතය
ඔහු ඇයට සමීප විය. ලෝරි දෙපාවලට අගුළු වැටුණාක් මෙන් කිසිවක් කර කියාගත නොහැකි තත්තවයකට පත්වී සිටියාය. ඔහු අතේ වූ ඇඳුම බිම දමා ඇයව තුරුලු කරගත්තේ උමතුවෙන් මෙනි. සති කීපයක් තිස්සේ යටපත් කරගෙන සිටි හැඟීම් සියල්ල පිටකර හැරීමට ඔහුගේ මුළු ගතම සූදානම් වී තිබිණි. ඇගේ දෙතොල ඔහුගේ දෙතොල් පහස අපේක්ෂාවෙන් විවරව තිබිණි.
ALIDOLE – අලිඩෝලේ
අලි – මිනිස් ගැටුමට
මුතුන් මිත්තන් සතු
අත්දැකීම් ඔස්සේ
සැබෑ උත්තරයක් සොයන
යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ
පරිසර ගවේෂණය….
මිහිතලයේ දැවැන්තයා අසරණයකු බවට පත්කර ඇත.අලියා අසරණයකු නොවේ. එහෙත්, අලි – මිනිස් ගැටුම අලියාට ඛේදජනක ඉරණමක් උදාකර දී තිබේ.
සුළඟට පවසමි
ප්‍රේමය ජාති, ආගම්, කුල ගෝත්‍ර පමණක් නොව සමාජ මට්ටම, උගත්කම වැනි මිනුම් දඬු පවා අභිබවා යා යුතු ගුණයක් විය යුතු යයි සිතමි. එහෙත් එවැනි සුවඳ හමන මානව සබඳතා මෙවැනි විප්‍රවකාර සමාජයක් තුළ දුලබය. එහෙයින් “ සුළඟට පවසමි ” ලියා තැබෙන්නේ එවැනි ගුණෝපේත හදවත් බිහිවීම සඳහා හැකි පමණ උත්‍තේජනයක් ලබාදෙනු පිණිසය.
රජදහනේ රන් සන්නස
“කුරුස යුද්ධ කියන්නේ ආගම වෙනුවෙන් කරන යුද්ධවලට.
නයිට්වරු තමයි ඒ යුද්ධවලට නායකත්වය දෙන්නේ. ශුද්ධවූ දේශයේ
ඒ විදිහේ කුරුස යුද්ධ ගොඩක් සිද්ධ වෙලා තියෙනවා.
“ඇත්තටම අපේ නයිට්වරයා නම් අපිව මෙහාට එව්වේ සංදේශයක් භාරදෙන්න.
යුද්ධයකට නෙවෙයි.”
බෙත් කියු කථාව අසාගෙන සිටි ආගන්තුකයා නැවත මෙසේ ඇසුවා.
“මොකක්ද ඔයාලගේ සංදේශය?.
“ඔයා ළඟ තියෙනවා වාගේ රන් පුවරුවක් අපිට හොයාගන්න ඕනෑ.”
වයිකිං නෞකාවක සවාරියක්
‘කවුද මේ එරික්?.”
“එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තු කෙනාට.
මේ රටට ග්‍රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි.
මෙහාට එන්න කලින් එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ”
“එතකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියෙන්නේ?”
පැට්‍රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්.
“අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට
අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා.
රතු කඳවුරේ රණ හඬ
බිම වැටී සිටි රතු නයිටිවරයා අපහසුවෙන් නැගී සිටියා.
ඊට පසුව ඔහු සිය අශ්වයා අසලට ඇවිදගොස් සෑදලයේ තිබූ
කඩුවක් සුරතට ගෙන වියරුවෙන් බෙරිහන් දුන්නා.
“එනු මුහුණට මුහුණ සටන් කරනු. මුහුණට මුහුණල කඩුවට
කඩුව”
ශ්‍රීමත් ඇන්ඩෘෘ නයිට්වරයා සිය අසු පදවාගෙන රතු නයිට්වරයා
අසලට සමීප වී සන්සුන් ලෙසින් මෙසේ කිව්වා.
“තරඟයේ නීතිරීති වලටගරු කරනු. මේක සාමයේ සංග්‍රාමයක්”
“මේක සාමයේ සංග්‍රාමයක් නෙවෙයි. යුද්ධයක්. යෝක් පිලට
එරෙහිව
ලැන්කස්ටර් පිල කරන යුද්ධයක්. මේයුද්ධය කෙළවර වෙන්නේ
මරණයෙන්”
රතු නයිට්වරයා වියරුවෙන් බෙරිහන් දුන්නා.
වැලපෙන්නි අවකන්නි – Walapenni-awakanni
කලක සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය……
රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය…. තාලිබාන් පාලනය
යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ.
ඔවුන්ගේ මේ ‘ ඔල්මොරොන්දම් ’ නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?
රණමඬලේ වික්‍රමය
“ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග්‍රාම පිටියට
කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා
කියලා මට විශ්වාසයි.”
ඒක නම් ඇත්ත… තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම
වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.”
පැට්‍රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරු දුන්නේ උගුර යටින්
අමිහිරි හඬක් නඟමින්.
“ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා
හොඳටම බඩගින්නේ ඉන්නේ”
මොකද හෙට තරඟයට සූදානම් කරලා තියන්න එපායැ. බැරි
වෙලාවත් කොටියා ඔහේව කෑවා නම් මම ලොකු අමාරුවක
වැටෙනවා.”
“ඒ කියන්නේ ඔයා අපිව බේරුවේ ඕනෑකමින් ම නෙවෙයිද?”
“මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක්
වෙන්න.”
තහංචි මැද්දෙන්
“ආ. ඒක එච්චර වැදගත් දෙයක් නෙමේ.”
ග්ලැඩිස්ව පාවාදීමට නොහැකිව ෆැටී කීවේය.
“හොඳයි, මං කියන්නම්. ඊටපස්සෙ අපි හොයාගත්ත
ඒ අඟහරුවාදත් ලියුමක් ඇවිත් තියෙනව කියලා.ඒ
කියන්නෙ තැපෑලෙන් නෙමේ, අතේ ගෙනත් තියෙන්නෙ.
ඒකෙන් කියවෙන්නෙ මෙ වැඩේ පීටර්ස්වුඩ් වලම කෙනෙක්
කරන්නෙ කියන එක. ඒ වගේම මං අර ඉස්සරල කිව්ව
තුන් දෙනාගෙන් එක්කෙනෙක්. වයසක නෝසි, ටිට්ල් මිසී,
මූන් නෝනා.”
“හරි.” ඉන්ස්පෙක්ටර් මහත් උනන්දුවෙන් කීවේය.
මං කියන්නෙ ෆෙඩ්‍රික්, ඔයාගෙ නිගමනය කිරීමේ
හැකියාව නම් හරිම විශිෂ්ටයි.”
ෆෙඩ්‍රික් විතරක් නෙමෙයි අනෙත් අයත් හරිම දක්ෂයි.
එයාලගෙ දස්කම් බලාගන්න ඔයාලත් කැමතියි නේද?
ඇට ගැහියං – Ata Gahiyan
අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාර්ථක නීතිඥවරයා…..
ගරුසරුකම්, මුදල් හදල්, යාන වාහන, ගේ දොර සරුවට ඇති,
හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ,
රාත්තල් 256 බර
බිලී හැලෙක්!
තැනින් තැනට යන අහිගුණ්ඨික නඩයක මහලු ගැහැනියක්
ඔහුගේ රථයේ හැපී මියයයි.
කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි.
දෑත යොමා අහස දෙසා – Detha Yoma Ahasa Desa
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදි වූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාටා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදී ව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැති ව තම නිවසේ ම සිරකාරියක වන ස්ලාටාගේ අපේක්ෂාවන්, බිය හා සංකාවන් දෝරේ ගලායනුයේ ඇගේ දින සටහන් මත ය. තමන්ට අහිමි වූ මිතුරු – මිතුරියන්, නෑසියන් ගැන මෙන් ම සදහට ම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳ ව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයකින් හා නිරවුල් බවකින් යුතු ව ය.
කළු ඇත් දළ
තමන් ගමන් ගත් නෞකාව අනතුරට පත්වීමත් සමඟ හැරල්ඩ් සීඩ්‍රිෆ්ට් තරුණයාත්, ඩිස්කෝ ලිලිහැමර් නැවියාත් පා තබන්නේ නැගෙනහිර අප්‍රිකා වෙරළටය. එතැන් සිට ඔවුහු අමුතුම අත්දැකීම් ලබති. යටත් විජිතවාදින් කොල්ලකමින් සිටියේ අඳුරු මහද්වීපයේ ස්වභාවික සම්පත් පමණක් නොවේ. එහි වනාන්තර ඇතුළත සාමකාමීව දිවි ගෙවමින් සිටි සාක්ෂරතාව රහිත නුගත්, නොදියුණු නීග්‍රෝ ගෝත්‍රිකයන් අල්ලා විදෙස් රටවලට යවමින් වහල් මෙහෙයේ යෙදවීමට ද යටත් විජිතවාදීහු යුහුසුලුව සිටියහ. අප්‍රිකාවේ සැම්බිසි නදිය ආශ්‍රිත වනාන්තරයේ ගවේෂණ චාරිකාවක යෙදෙන හැරල්ඩ් හා ඩිස්කෝ යන දෙදෙනා මේ නවකතාව හරහා අපට කියා දෙන්නේ වහල් මෙහෙයේ වු අමානුෂික සහ බිහිසුණු ස්වභාවයයි.
නැති වූ මාලය
“අන්න එළිසබෙත් රැජින!” කුඩා මඩුවේ
කොණක තිබ්බ ගාම්භීර පෙනුමක් තියෙන රුවක්
පෙන්නල පිප් කිව්වා. “අර බලන්න ශ්‍රීමත් වෝල්ටර්
රැලේ එයාගෙ කබාය එළල රැජිනට යන්න ඇරයුම්
කරනව. එයාල නම් හරිම අපුරුයි,”
“බලන්න එයාල ඇඳල ඉන්න ඇඳුම් මොන තරම්
උදාරම් ද කියලා.” බෙට්ස් කිවුවා. “මං කැමතියි
එයාගෙ ලොකු ලොවිච්චියට. බලන්න එයාගෙ
ආභරණ දිහා. මිනිස්සු ඒව හොරකම් කරන්නෙ නැද්ද
දන්නෙ නෑ.”
“අයියෝ! ඕව සේරම ඉමිටේෂන්!” පිප් කිව්වා.
අපගේ රහස් පරික්ෂකයින් විසඳන මීළඟ අභිරහස කුමක්දැයි
ඔබටත් දැනගැනීමට අවශ්‍ය නම් මිස්ට්‍රි කථා මලාවේ 5 වන
කතාන්දරය වන මෙය ඔබත් රස විඳ බලන්න.
චැනල් කාක්කා කෙටි කතා සංග්‍රහය
පවිත්‍රා ගුරු විවේකාගාරයෙන් එළියට පැමිණ කොරිඩෝව දිගේ ඇවිද ආවේ අරමුණකින් නොවේ. අරලිය ගස් සෙවණේ තැන්තැන්වල කතාබස් කරමින් සිටින සිසු සිසුවියන් ඇගේ නෙත ගැටුණේ ඉබේටම ය. මීට වසර කිහිපයකට උඩ දී තමා ද අරලිය සෙවණේ ඔහු සමග පෙම්බස් දෙඩුවා ඇයට මතකය. ඇයගේ මුවගට සිහින් සිනාවක් නැගිණි. ඒ සමග නැගුණු කදුළු ඇය අත රැදි අළු පැහැති ලේන්සුවෙන් පිස දමා ගත්තේ කිසිවකු දකීවියැයි බියෙනි. වසර අවසාන විවිධ ප්‍රසංගයට සූදානම් වන නිසා පාසලේ උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට වෙනදාට වඩා මේ දින කිහිපයේ නිදහසක් ලැබී ඇති පාටය…
මළ නොමළ මිනිසා
ජගත් කීර්තියට පත් චාල්ස් ඩිකන්ස්, රඩ්යාඩ් කිප්ලිං,
විල්කි කොලින්ස්,අමිලියා බි.එඩ්වඩ්ස්, එලිසබෙත් බ්‍රැඩොන්
වැනි කතුවරුන් අතින් අද්භූත නැතොත් හොල්මන් කතා ලියවී
ඇති බව ඔබ දැන සිටියේද?
එවැනි සම්මානනීය ලේඛක ලේඛීකාවන් අතින් ලියැවුණු අද්භූත
කතා දහයක අසංක්ෂිප්ත පරිවර්තන මෙම කෘතියට ඇතුළත් වෙයි.
The Golden Harvest
The Golden Harvest” is a historical romance, based on the famous Dutugemunu and Elara period of Sri Lankan history, a period well documented in National Chronicles, and supplemented with innumerable culturally rich folklore. Hence it is not surprising to find many novels written based on that period – mostly in Sinhala, and some in English. The surprise here is in the way that historical material had been dexterously moulded to sculpt a new image, and give a new message through a readily readable romance with a depth.
ලාක් කුරුලු නද
මේන් හි පැමිණ තාත්තා සමඟ විවාහ වු සාරාට
ඇනා හා කේලබ්ට මවක වීමට හැකි වේවි ද?
සොබාදහම හා පොර බදිමින් කටුක ප්‍රෙයරි දිවියට
අනුගත වීමට ඇය සමත් වේවිද?
ගිනිගෙන දැවෙන හිරු ඔවුන් එකිනෙකාගෙන්
වෙන් කරාවි ද?
සෙනෙහස පිරුණු කැදැල්ලක ‘සදාකාලිකව සතුටින්’
ජීවත් වීමට වු කේලබ්ගේ පැතුම ඉටු වේවිද?
ඇමරිකානු ලේඛිකා පැට්‍රීෂියා මැක්ලාක්ලන්
මහත්මියගේ සම්මානනීය Sarath Plain and Tall
‘Skylark’ නම් වු, ලොව පුරා ජනාදරයට පත්
සිනමාපටයක් ද නිර්මාණය වී ඇත.
Finding Arthur
‘Finding Arthur’ is a heart-warming story set in Sri Lanka and based on real-life events. In the unfolding of this highly engaging story, the reader is taken on a tour of beautiful landscapes and shores, tantalising readers’ tastebuds on the journey.
Dilan, a seemingly happy young business owner, is living the bachelor life with his brother, Sujith, in the heart of Mount Lavinia. The two brothers have recently taken over a bar; it’s an exciting time. Arthur, Dilan’s mischievous golden Labrador and regular frequenter of the bar, goes missing. What initially seems like a simple case of lost dog soon reveals itself to be rather more sinister. Dilan rallies his estranged parents to help him find Arthur. But hidden family secrets risk jeopardising the search…
සිඳු රළ ගීතේ
“ඔව් එයාල ළඟ අඩු තරමෙ නිදාගන්නකොට පොරවා ගන්න තරම් දෙයක් තිබුණෙ නෑ.. එයාලා මෙහෙ ඇවිත් තියෙන්නෙ වැඩ කරන්න.. කෙනෙක් රටකින් රටකට එන්නේ වඩා හොඳ ජිවිතයක් හොයාගෙන.. කොහොම හරි.. ඒ දෙන්නා දැන් අපේ උඩ තට්ටුවට වෙලා හොඳින් ජීවත් වෙනවා.. මෙහෙ නවාතැන් ගන්න ආව හැමෝටම වඩා හොඳ ජීවිතයක් ගෙවනවා..”
“ඔව්..ඒ බව පේනවා..”
ඊට මාස ගණනාවකට පෙර හිඳ කපා දැමිය යුතුයැයි විවියන් මැසිවිලි නගමින් උන් ගසක විශාල අත්තක් ඔසවාගෙන යන තෝමස් දෙස බලමින් ඇනා පැවසුවා ය.
“මේ ගෙදර උඩ තට්ටුවේ වැඩ ටික කරගන්න රෙබෙකාත් මට උදව් කරනවා.. එයාලා දවසක යනවා දකින එක මට දුකක් වෙයි.. මේ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා.. මට විතරක් මේ ගෙදර හොඳට ම ලොකු වැඩියි.. ඔයා දන්නවනේ අනිත් අය වටේ ඉන්දැද්දි මං කොයි තරම් සතුටු වෙනවද කියලා..”
“කවදද එයාල ආපහු යන්නේ..?
යක්ඛරාජ
පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු – යසස් මොනවට කියා පානා ඇස් තුනෙන් හැම පිරික්සා සිව් – අතින් ගති බිලි සියල් ඕනා
රැස් දෙනා සුදු වතින් සැරසී – නිල් කයින් සිත් කුකුස් ගේනා
අශ්ව මුව එළු බැටළු සූකර – පිටෙහි පැමිණේ මහා සෝනා
දක්ෂකම් පෑ සේන සෙන්පති – මොහුයි පෙර පිදු ගැමුණු සේනා
යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ – ලබා දස දෙස බලය පානා
රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු – විකුම් පා සමයමේ පේනා
වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ – සසලවයි සැම මහා සෝනා
කච කච සිමෝනා
ආ….. ඒක හුස්මට පොත කියෙව්වද? මම ආවෙ ඉතුරු ටික කියන්න කියල, සෙල්ලමත් බාගෙට නැවැත්තුව, හ්ම් අපරාදෙ… ඒ වුනාට තව කොච්චර කතා තියනවද මේ පොඩ්ඩයි නෙ තියෙන්නේ. මම ලිව්ව ලොකු විභාගයක්, ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. හරි හරි කමක් නෑ එහෙනම් ඉතින් ඉතුරු ටික ඊළග පොත කියවලම හොයා ගන්නකෝ! මම යනව යන්න!
මම,
සිමෝනා
පින්න
වෙව්ලන දෑතින්ම විදුලි පන්දම අල්වා ගත් හෙතෙම නැවතත් එය ඒ දෙසට යොමු කළේ තමා දුටුවේ හිතලූවක්දැයි සක්සුදක් සේම සැක හැර දැන ගැනීමටය.
නැත!එය ඔහු සිත රැඳි හිතලූවක් නොවීය. එය සැබෑවකි.
එය ඔහු කිසිසේත්ම නැවත දකින්නට ලැබේ යැයි සිතූ දර්ශනයක් නොවීය. එකිනෙක වෙනස් නිල් හා කහ පැහැති දෑසක් ……!
ඔව්!
ඒ…. එම දෑසම බැව් හෙතෙම සිතීය.
රුධිර කේෂ නාලිකාවලින් ගහන, රක්ත වර්ණයට හැරුණු නිල් – කහ දෙඇස් තමාට කිසිඳු කලක අමතක වේ යැයි හේ නොසිතීය.
ගැහැනු පිරිමි මල් පලතුරු
“මං ගෝමරංකඩවල .. එහෙ ඉඳලත් හැතැම්ම පහක් විතර ඇතුළෙ… අර කොටි ගමම කැපුවෙ, ඒ අපේ ගම තමා – රංපත් කුඹුර, මං එතකොට තුනේ,අපේ අම්මයි, තාත්තයි, චුටි නංගියි, කිරි අම්මටයි… ඔක්කොම මළා.. ඔක්කොටම උං කෙටුවා,තිරිසන්නු..,මං පැදුරු මිටිය අස්සේ හැංගිලා බලන් උන්නා… අම්මෝ ඒ විස්තර අහන අහන අයට කියලම එපා වෙලා,හැමෝම මගෙන් ඒකමයි අහන්නේ.පහුවලා දවල් අල්ලපු ගමේ රාං මාමලා එනකම්ම මං මිනී දිහා බලං පැදුරු ආනෙම උන්නා.දවල් වෙද්දි නිලමැස්සොත් ඇවිත්.රං මාමලා ආවමත් මං එළියට ආවෙ නැහැ.මට හිතුණෙ මාත් මැරිලා කියලා, පැදුරු ආන අදිද්දියි මාව අහුවුණේ…” එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි.ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය.එය මට සැනසුමකි.ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබිණි.එහි තෙතක් විය.ඔහු හිර කරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය.
මංමුලා වූ ආර්යාව
Fiesta කෘතියට පසුබිම් වනුයේ පුවත්පත් කලාවේදියෙකු හා ඉංග්‍රීසි ජාතික කාන්තාවක් අතර හටගත් ප්‍රේමයකි.එය බලාපොරොත්තුවෙන් ඈත් වු පීඩාකාරි ආදරයක් වන්නේ ඔහු යුද්ධයෙන් තුවාල ලබා බෙලහීන තත්වයට පත් වුවෙකු බැවිනි.ඒ් අතර ඈ සෙසු මිනිසුන් සමඟ ආවේගාත්මක බැදීම් ඇතිකර ගනී.පැරීසිය හා ස්පාඤ්ඤ පසුබිම් කරගත් මෙහි සිදුවිම් තුලින් පෙන්වනුයේ දෙවැනි ලෝක යුද්ධ සමයට පෙර පැවති අනාරන්ෂිත සමයේ කලකිරිම හෙළිකිරිමය.විචාරකයන් පවසා තිබෙන පරිදි හෙමිංචේ fiesta කෘතිය ලියා තිබෙන්නේ ටී.එස්.එලියට් ගේ ප්‍රකට කාව්‍ය නිර්මාණයක් වු The Waste Land ඇසුරිනි.එහි යටිකය තුවාල වීමෙන් සයනයේ කාලය අපතේ හරිනු ලබන තම රාජධානිය ඵල රහිත වු රජෙකු පිළිබඳව කියැවේ.මෙහි කතා නායකයා වන ජේක් බාර්න්ස් ද ඒ් ඒ් අන්දමට තුවාල ලබා වඳ බවින් පිරි ලොවක ජීවත් වු අයෙකි.ප්‍රධානම සංසිද්ධිය සාහිත්‍ය තුළ තිගැස්මක් ඇති කරවන සුළුය.අප එය නිර්භීතකම ලෙසින් හඳුනවා නොදීම හෙමිං චේ මහතාට කරන ගෞරවයකි.යනුවෙන් එකල විචාරකයෙකු මෙම කෘතිය පිළිබඳ ලියා තිබේ .එහිදි බොහෝ විනෝදජනක කෙළිදොලෙන් පිරි හෙටක් නොදකින සිදුවිම් අපට හමුවේ.විශේෂයෙන් පැම්පෙලෝනා සැණකෙළිය, උද්වේගී ගවපොර, වීදි නැටුම් යනාදි දේවල් එකල ජනයාට විනෝදය සැපයු අන්දම මෙහි හොඳින් විස්තර වෙයි.
සුබ සහ යස
මහාවංසය විස්තර කරන ආකාරයට “යසලාලක තිස්ස” යනු කවට රජෙකි. එසේ ම “සුබ” නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන ‘සුබ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.
කථම් භූත
“තාත්තා කී සැරයක් ගෙටයි එළියටයි යනවද?” “අනේ මන්දා සේනක…”
“කවුරුහරි එනකං බලන් ඉන්නවා වගෙ පේන්නෙ”
ඔව්.මගෙ අම්මා කියන්නෙ ඉනේ පිහියකුත් තියෙනවා කියලා.”
“මොකක්… මොකටද පිහියක්?”
“දන්නෙ නෑ.ඊයෙ රෑ මගෙ අම්මා දැක්කලු තාත්තා
සීයගෙ තුවක්කුවට වෙඩි බෙහෙත් පුරවනවා”
“තාත්තට මොළේ නරක් වෞගෙන එනවත් ද?”
“අර …අර බලන්නකො …මං හිතන්නෙ දැන්මම නරක් වෙලා වගේ”
දුටු දෙයින් මගේ මුළු ශරීරයම සීතල වී ගියේය .
අපේ තාත්තා උඩු මහලේ සිට මිදුල දෙසට තුවක්කුව එල්ල කරගෙන සිටියේය. ඔහුගේ එල්ලය තිබුනේ මිදුලේ බංකුව දෙසටය. බංකුවේ හිඳ සිටිනු පෙනුනේ අපේ අම්මා ය. එතරම් දවස් කාමරය තුළටම වි සිටි අම්මා එළියට කැඳවාගෙන විත් තිබුණේ මාලිකාය. තාත්තා හොඳින්ම අම්මා ඉලක්ක කරගෙන සිටියේ ය.
නුඹ ඝෘතුවක්
අරුතක් නොදන්න, අරුතක් නොවැටහුණු,
නම නොදත් හැඟීමක්
නුඹේ නමටම
මගේ පපුවෙ ඉපදිලා…
සෙනෙහසක් කියලා
හද පිළිගන්නේ නැති,
ආදරයක් කියලා
සිත භාරගන්නෙ නැති,
ආදරණීයම සිහිනයක
මං අතරමං වෙලා…
ඔව්,
ඒ නුඹ නිසා…..
නුඹ වෙනුවෙන්ම,
නුඹේ නමටම
මටත් රහසෙම
හදවත මඟ බලන්න හුරු වෙලා….
ඉතින් නුඹ ඍතුවක්
ඔව් මම නුඹ නමට පේ වෙලා.
ඝර්ම
මේ අතරතුර පුංචි කුරුල්ලෙක් පියඹා විත් ඔහුගේ උරහිස මත හිඳ ගත්තේ මහත් අනපේක්ෂිත මොහොතක ය. විසල් රවුම් ඇස් සහිත පුංචි කුරුල්ලාගේ ළා නිල් පැහැති පියාපත් මෙන්ම උගේ පිට දිගේ පැතිර තිබූ ශ්වේත වර්ණැති පිහාටු පුංචි කුරුල්ලාට එක් කළේ අමුතුම ලස්සනකි. සාමාන්‍යයෙන් ජලය මත බොහෝ වේලාවක් නොසෙල්වෙන වස්තුවක් මත මිස කුරුල්ලකු මෙසේ පියඹා විත් නොවසන බැව් දන්නා තීර්ථ ඒ අනුව නිගමනය කළේ තමන් සැලකිය යුතු කාලයක් දිය පහර මධ්‍යයේ එලෙස එකත්පස්ව සිටින්නට ඇතැයි කියා ය. මම මේ පැමිණ සිටින්නේ කුමන නම් කාලාවකාශයකටද? තීර්ථ තමන්ගෙන්ම ප්‍රශ්න කරගත්තේ ය.
ඉවට්
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන ‘ඉවට්’ තුළින් ප්‍රන්සයේ පණ්‍යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන ‘ඉවට්’ ක්ෂුද්‍ර ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.
පුංචි කාලේ මං
ආදරණීය සාධනා පුතේ,
ඔයාට ලස්සනට ලියන්න පුළුවන්. ලස්සන කතා
ගොතන්න පුළුවන්. ඈන් ෆ්‍රෑන්ක්ගේ දින පොත
මං ඔයාට කියලා දෙන්නම් ඒ පොත ගැන විස්තර.
ඒ එයාගේ ජීවිතේ දින සටහන්. අද ඉදන් ඔයාට මං
තෑගි දීපු අලුත් පොතේ ඔයත් දින සටහන් ලියන්න.
හිතට දැනෙන, හිතට හැගෙන හැමදෙයක්ම ඒ
දිනේට ලියන්න . ඔයාට තෑගි දීපු පොතේ පිටුවල
තියෙන එක එක පාට වගේම ජීවිතෙත් එක එක
අත්දැකීම් එකතු වෙයි. ඒ සුවිශේෂී හැම සිදුවීමක්ම
සටහන් කරන්න. දවසක ඒ සටහන් ඔයාගේ ජිවීතේට
ප්‍රයෝජනවත් වෙයි.
-ඔයාගේ තාත්තා
සිහිනයකි නුඹ
නුඹේ දඩබ්බර හිත ළග, අංශුවක් පාසා
ආදරේ සොයන මම…
ඇත්තමයි…
වෙලාවකට පුදුම තරම්
අවාසනාවන්ත ඇති…
– සංජනා-නුඹේ ඇස් දෙකෙන්
සතුට හොයපු මම…
නුඹේ ලෝකය මගේ ලෝකය සේ
දුටුව මම…
නුඹෙන් තොර වූ ලෝකයක්
හිතා ගන්නේ කොහොමද… මැණික …
-දස්සා-
මං හින්දා
ඊයේ පටන් ගත් වැස්ස තවමත් ඇද හැලෙන්නේ වීරසූරිය නිවැසියන්ගේ හැගීම් වටහා ගෙන ඒ හා ගැලපෙන්නට මෙනි. සතියේ දිනයක් වූවද සියල්ලන් නිවසේ ඉන්නා සැටියෙන් ඔවුන් කිසිවෙකුත් අද නිවෙසින් බැහැර නොවූ බව අගවයි. වේලාව හවස පහත් පසුවී තියේ. නිවසේ ඉදිරි දොරටුව පැත්තට ඇති පාරේ හෙමිහිට ආ මෝටර් රථයක් ගේට්ටුව ඉදිරියේ නතර වී ඇති මුත්, එක දිගට වැඩ කරනා වයිපර හැරැණ විට කිසිදු හැලහොල්මනක් ඒ වෙතින් නොපෙනෙන්නේ එක දිගට වැටෙනා විශාල වැහි පොද නිසාවෙනි.
” සදූ… දැන් අඩන එක නවත්තන්න හොද ළමයා වගේ. මම බැහලා එන්නද..”
මේඝමාලාගේ රතුරෝස පැළය
හදිසියේ ම තද සීතල යමක් ඔහුගේ දකුණු අත්ල මත රැදුණි. දහවල ඔහු විසින් ඡේදනය කරන ලද පයෝධරය ඔහුගේ අත්ල මත සිටියේ ය. විස්කි මත නිසා දහවල මෙන් බියක් ඔහු කරා නො පැමිණියේ ය. ඔහු පයෝධරය ගෙන තම උකුළ මත තබා ගත්තේ ය. අනතුරුව එය සෙමෙන් පිරිමදින්නට වූයේ අතීත මතකයන් ආවර්ජනය කරමිනි. පයෝධරය සිහින් හඩක් පිට කරමින් හඩන්නට වන්නී ය. එය ඕනෑ ම රළු පරළු සිතකට බරක් ගෙනෙන තරම් වූ අතිසංවේදී හඩකි.
මකුළු දැල්
අනෙකුත් සෑම කාමරයක්ම උළුවහු දමා නොතිබෙද්දී මෙය පමණක් තදට වසා තිබීම නේහාගේ සැකයට පාදක විය. කිසියම් බලවේගයක් මගින් තමාව හසුරන්නේ දැයි ඇය කල්පනා කළාය. පැය භාගයක පමණ උත්සාහයකින් පසුව ඇය කාමරය විවෘත කර ගත්තාය.ඉන් නිකුත් වූයේ පුස් ගදකි. එකවරම කාමරය ඇතුළු වූ නේහා එකවරම මුහුණ තදින් වසා ගත්තේ මකුළුදැල් ගොඩක පැටලුන නිසාවෙනි.
” මේ කාමරේට අවුරුදු ගානකින් කවුරුත් ඇවිල්ලා නෑ… ඒකයි හැම කාමරේට අතුගාලා පිරිසිදුව තියන් ඉද්දී මේ කාමරය විතරක් මේ විදිහට ….”
නේහා තනිව කල්පනා කළාය. ටික වේලාවකින් අදුරට ඇස් හුරු වෙද්දී නේහා කාමරයේ දොර හෙමීට වසා දැමුවාය. ඉන්පසු තමන්ගේ විදුලි පන්දම දල්වා ගත්තාය.
ඉන් නික්මෙන සියුම් එළියෙන් නේහා කාමරය පුරා විමර්ශනශීලී බැල්මක් හෙළුවාය. ඒ ඉතාමත් පිළිවෙළට තිබුණු කාමරයකි. එහි වියන සහිත විසල් ඇදෙහි තවමත් පිළිවෙළට දැමු බෙඩ් ශීට් කොට්ට උර දූවිල්ලෙන් වැසී අදුරු පැහැයක් ගැන ඇත.
දූවිලි නාසයට කිති කැවෙද්දී නේහා තම නහය තදින් අල්ලා ගත්තේ කිවිසුමක් යාවි යැයි බියෙනි.
නේහාගේ අවධානය යොමු වූයේ එහි තිබුන අල්මාරිය ය. එහි යතුරු කටේම තිබුන යතුර දුටු නේහා දෙවරක් නොසිතා අල්මාරිය විවෘත කර ගත්තාය.
“අහ්හ්හ්..”
ශාපලත් කුමාරයා 2 – දෙවන අවසරය
රාජ්‍ය නිවේදනයයි !
හතරවන විස්කොන්ති රජතුමාගේ දු කුමරිය වන ලිවියා විස්කෝන්ති කුමරියව සරණ පවා ගැනීමට සුදුස්සෙකු තෝරා පත් කර ගැනීම නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන්නට නියමිත ග්ලැඩයේටර් සටන සඳහා ඔබ පවුලේ සමාජිකයන් හට ආරාධනා ලද ඔනැම අයෙකුට සහභාගී විය හැකි අතර සටනෙන් දිනනු ලබන ජයග්‍රාහකයා හට ලිවියා කුමරියගේ අත ගැනිමට අවස්ථාව මෙන්ම රෝමයේ රාජ්‍ය උරුමයද හිමි වනු ඇත.
මේහලා සහ තවත් කෙටි කතා
“ගෑනියෙක් වැරදිලා හරි මිනිහෙක් එක්ක ගියොත් ඒ මිනිහවම බඳින්න සිද්ධ වෙන්න පුවවන්. ඒත් පිරිමියෙක් මොකටද වැරදිලා සිද්ධ වුණු දෙයකට වන්දි ගෙවන්නේ? ”
-මඟුල් සක්වළ“දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අහසින් වැටෙන්නත් පුළුවන්, අහසේ ඉන්නත් පුළුවන්. ”
-(අ)සමාන්තර“ඕවා දැන් කාලෙ එච්චර ලොක් දේවල් නෙවෙයි නේහා.කෝපි කාලෙ තමයි සුදු රෙද්දක් එලලා රතු පාට හොයන්නෙ.”
-වරදකාර“මට සල්ලි ඕනේ. සල්ලි හම්බෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ රෝදේ කැරකෙන තැන අනුව”
-පරමාණු“එක එකාගෙ න්‍යාය පත්‍ර වලට නෙවෙයි මේවයේ වැඩ සිද්ධ වෙන්නෙ. ජාතිය ගැන හිතලා කරදර ඉවසපන්.”
-මේහලා“උඹම කියපන් බලන්න, උඹ ආස නැද්ද ජොබ් එකෙන් අත් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පොඩි වෙලාවකට හරි.?”
-කුටුම්භ“මේවා ඇත්තම ආදර කතා ද කියලා මම දන්නෙ නැහැ.මහරවිට මේවා ඇඳකට ගොඩවෙනකම් තියෙන ඒවා වෙනනත් පුළුවන්.”
-ගැහැණු වැඩ අරඹති“සංවරකම, විනයගරුක බව කොයිතරම් නම් අවශ්‍යයිද මනුස්සයෙක්ට? එහෙම දෙයක් නැති තැන ප්‍රශ්න ගොඩගැහෙනවා. අලුතින් නිර්මාණය වෙනවා.”
-රෝස කැලේ
හීන මායිම
මේ පස්වලට යට වෙලා ඉන්න මිනිස්සුන්ගේ කතාවල් අපිට එකින් එක අහගෙන ඉන්න පුළුවන් නම් අපේ ජීවිතේ තේරුම් ගන්න එක අපිට මහ අමාරුවක් නැහැ. සමහරවිට තෙුන් දෙනෙක්ගේ කම විදිහෙ කතාවල් අහන්න පුළුවන් වෙයි, ඒ හැම කතාවකම අවසානය සමුගැනීමක්. හැඟුම්බර දුක්බර සමුගැනීමකින් කෙළවරවීමක්. ඒ ඔක්කොම අහගෙන ඉන්න තියෙනවනම් මම අහගෙන ඉන්නවා. එතකොට ජීවිතය ඉගෙන ගන්න පුළුවන්. ජීවිතය ජය ගන්න මිනිස්සුන්ගෙ ජීවිතේ පැරදුණ මිනිස්සුන්ගේ කතා එකට එකතු උනහම ජීවත්වෙන මිනිස්සුන්ට ජීවිතය හොයාගන්න ලේසි වෙයි. හරියට ඇක්මන් අයිය වගේ. ඇක්මන් අයිය මේ මලකඳන් අතර ජීවිතය හොයනව වගේ. කිසිම හාවක් හූවක් නැති අතීතයක් විතරක් තියෙන මිනිස්සුන්ව තවත් මිනිස්සු ටිකක් ඇවිත් වළක පොළොව යට හංගල ගියාට ඇක්මන් අයිය ඒ මිනිස්සුන්ව ආයෙ වළෙන් උඩට ගන්නෙ ඇක්මන් අයියගෙ ජීවිතේ හොයාගන්න. සමහර විට තව අයට ජීවිතේ හොයලා දෙන්න.
නිදන විල
එපා…….මෙය සත්‍ය කතාවක් කියා රැවටී අතට ගන්න එපා !ජේම්ස් තම ග්‍රන්ථවල නිරතුරුවම ලියා තබන සටහනකි…දැන් මෙය හුදෙක් ඔහුට සත්‍යක් නොවඔහුට මෙය ජීවිතයම විය ..නමුත් එම ජීවිතය ද තව දුරටත් ඔහුට අයිති නැත… ඒක් වරම කාමරයේ දැල්වෙමින් තිබුණු ලාකහ පැහැති විදුලි බුබුලු පුපුරා ගියේ දසත වීදුරුකටු විසුරවමිනි.
මුළු කාමරයම අන්ධකාරය තුළ ගිල්වා ගනිද්දි නිශ්ශබ්දතාවය ද වැඩි වන්නට විය… ඔරලෝසු බට්ටාගේ කටු කැරකෙන හඩ පමණක් ඔහුට ඇසේ… ටක්..ටක්..ටක්..
ඒක්වරම ඇය මහත් වියරුවෙන් හිනාවෙන්නට වූයේ දෙකන් බිහිරි කරන්නට මෙනි… ඒ ශබ්දය මෙවර ඉතා ලගින් ඇසෙන්නට විය. නමුත් ඔහුට කිසිම දෙයක් පේන්නේ නැත..
වැඩි වෙමින් පැවති කුණාටුවේ ඒක අකුණක් අහස් කුස තුල පුපුරා ගියේ මුලු කාමරයම ඒම එළියෙන් ආලෝකමත් වෙමිනි..
දෙවියනේ… ඈ එන්නේ මා සිටින දිශාවට ද?
ඔහු නිවැරදි ය… මෙවර ඔහුට ගැලවීමක් නැත. මෙතෙක් ඔහු ගත කල ජීවිත කාලයම ඔහුගේ ඉදිරියේ මැවෘ පෙනෙන්නට විය..
අමුතු චාරිත්‍රයක් … එකම විලක් ඒ විල යට නින්දට ගිය මිනිසුන් එකසිය විසි හතහමාරකගේ ජීවිත ඔහුට මතක් විය.. ඔහු මෙවරද වැරදි නැත.. ගණන එකසිය විසි හතක් හා තවත් භාගයකි..
විකිණී අවසන්
අහම්බයකින් ජනාධිපති මන්දිරයෙන් ඇසෙන රහස් කුමන්ත්‍රණයක් හෙළිදරව් කිරීම මත දේශයේ හෙට දවසේ ඉරණම ඔහු මතට පැවරෙයි. රජයේ නිල නොලත් ඝාතන කල්ලිවල සාහසික මීනිමැරුම් ඝාතන ඉලක්කවලින් ගැලවීමට අපූරු සැලසුමක් නිර්මාණය කළ යුතුම විය. අපේ සිතුම් පැතුම් නිර්මාණය කරන හසුරවන අදෘෂමාන බුද්ධි විශ්ලේෂකයන් ඔවුන්ගේ සැලසුම්වල කොටස්කරුවන් ලෙස අපටත් හොරා අප සහභාගී කොට ඇද්ද? විමුක්තිවාදීන් ත්‍රස්තවාදීන් හා අවස්ථාවාදීන්ගේ බුලට් තුවක්කු පරදා ජෛව විද්‍යාත්මක අවිආයුධ සමඟ කෙරෙන සීතල යුද්ධය ඉදිරි පැය ගණනක් තුල අවසන් විය යුතුය. මා නොදැන ජීවත් වන්නේ තවත් මාස්ටර් ප්ලෑන් එකක් ඇතුළතද? සත්‍ය සෑමවිටම සත්‍යක්ද? සෑම අහම්බයක්ම අහම්බයක්ද?
පිළිකාවක් සමග තෙවසරක්
මාරාන්තික රුධිර පිළිකා රෝගියෙකුගේ සත්‍ය ජීවිත අත්දැකීම් ඇතුළත් කර නිර්මාණය කර ඇත.
මිටියාවත
කවිය, ගීතය, ගුවන් විදුලි නාට්‍ය, කෙටිකතාව, පුවත් පත් විශේෂාංග, දැන්වීම්කරණය… ආදි බහුවිධ ක්ෂෙත්‍රයන්හි ඔහු දක්වන සමත්කම මිටියාවතේ ද නොඅඩුව පවති. පරිසර සන්නිවේදනය තුළින් ශ්‍රි ලාංකිය ජනතාව වෙත පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව නිර්මාණකරුවෙකු ලෙසින් ඔහු ලබාදෙන දායකත්වය අතිශයින් අගය කළ යුත්තේය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අප හමුවේ පවතින පරිසර අර්බුද සම්බන්ධයෙන් අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මිටියාවත ඔස්සේ සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසින් ගලා ගියේ කාගෙ කාගේත් හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. නැවත නැවතත් සිතන්නට යොමු කරමිනි.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් පාපැදිකරුවා
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of The Adventure of the Solitary Cyclist හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණීය විලාපය
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Black Peter හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රූමතියකගේ පළිගැනීම
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Charles Augustus Milverton හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – ප්‍රතිමාවේ රහස
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Six Napoleons හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.
ප්‍රංශ හාදු
සිතින් සියවර හැගෙන මියැදෙන
සිතුම් හදකට බර වැඩී
පෙනෙන නොපෙනෙන සහස් හැගුමන්
කියයි සෙනෙහස කිති කැවී
ආදරය තුළ මත් වෙමීපරක් නොතෙරක් නොමැති අහසක්
වගෙම කැළඹෙන සිතුවිලී
නිමක්, ඉවරක්, නොමැති පෙම්වත්
ඉගි බැලුම් උහුලන හැටී
මේ සුසුම් සුව විදවමී
ආදරේ තුළ කිමිදෙමිඅගත් පැටළුණු මුලක් නොපෙනෙන
කතාවක් පෙම්වත් සරී
දෙනෙත් නොපියා සුසුම් ඉවසා
දරාගන්නට පොර බදී
ඇස් පියන් මත වැතිරෙමී
පෙම් හැගුම් හැම කොදුරමී
ඉදිකටු තුඩු
ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක්.
කොච්චර කටු ඇනුනත්
ඒ වේදනාව දරාගෙන ජීවත් වෙන්න සිද්ද වෙන…
– යශෝධා දෙව්දුනි කොඩිකාර-
මං දෝත පෑවාට
හැමදාම මං හිතුවෙ මට තියෙන්නේ හිස් දෑතක් කියලා.
දෝත පාලා ඉල්ලුවත් සේයාට කිසිම දෙයක් ලැබුනෙ නෑ.
පුංචි කාලෙ ඉදලා හැමෝටම දෝත පෑවත් මගෙ අත
අල්ලගන්න කවුරුවත්ම හිටියෙ නෑ. සේයා ඇඩුවෙ තනියම.ඒත් අද සේයා හිනාවෙනවා. දෝතම තද කරලා අල්ල ගත්ත
ක්‍රිෂ්ගෙ ආදරය නිසා සේයා හිනාවෙනවා. සදහටම…
හංසියේ
කර්කෂ ගෙන්දගම් පොළොව මත අවිදරා උපන් ගොදුරු සොයනා උකුසෙකු වූ ඔහු රක්ත වර්ණ රුධිරයේ ගණකම දැන සිටියේ නැත. හංස තටු සලා අහම්බෙන් මෙන් පියඹා ආ හංසිය ඔහුගේ ගොදුරට හසුවනතුරු මිනිස් හදක හද ගැස්ම දැන සිටියේ නැත. ඇගේ උණුසුමේ ඒ තටු අතර සැගව ගිය එකම තප්පරයේ ඔහු ජීවිතය හැදින ගත්තේය. ආදරය හැදින ගත්තේය. හංසියේ … තටු සිදී විනාශ වී යන බව දැන දැනම වෙඩි උණ්ඩය හා වෙලී ගිය ඇගේ අසීමාන්තික ප්‍රේමයයි.
නො ලියත් කිසිවෙක්
නො ලියත් කිසිවෙක්’ නිරූපණය කරන්නේ අපට අදට ද වලංගු, එදා කොලොම්බියානු දේශපාලනයේ එක් අදුරු පැතිකඩකි. දේශපාලනයෙනුත්, රාජය්‍ය අකාර්යක්ෂමතාවෙනුත් බැට කන විශ්‍රාම වැටුප අහිමි මහලු කර්නල්වරයෙකුත්,ඔහුගේ පවුලත් වටා මෙම කතාව ගෙතී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහුණු සමාජයක ගෙවන සාමාන්‍ය වැසියෙකුගේ ජීවිතය කෙතරම් කාලකන්නි හා දුක්ඛිත එකක් දැයි මෙම කතාවෙන් මනා ව පිළිබිඹු වෙයි.
මායා ලෝකය
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ඇම්.පී. නෙත්තසිංහ විසින් රචිත ‘මායා ලෝකය’ කෘතියයි.
වෙඩි හඩින් කැලඹුණු නුගේගොඩ
අවුරුද්ද ඒ තරම් සුබ වෙන පාටක් නෑ සාජන් ගිහාන්….
කොල් එක ආවේ නුගේගොඩ එස්.එස්.පී.
ඕලුගල මහත්තයාගේන්…
නුගේගොඩ කාංචනා ජුවලර්ස් එක කොල්ල කාලාලු….
|