තනි මිනිසා
ප්‍රවීණ ලේඛිකාවක, ටෙලිනාට්‍ය අධ්යක්ෂවරියක හා තිර රචනා ශිල්පිනියක ද වන තුෂාරි අබේසේකර විසින් ගුණසේන සමාගම වෙනුවෙන් නිර්මාණය කරන ලද නවතම නවකතාව ‘තනි මිනිසා’ වේ. පුද්ගලයකුගේ ජීවිතය වටා නිරතුරුව සැරිසරණ ආදරය, වේදනාව, දුක, කඳුළ සංවේදීව මෙන්ම සංයමයෙන් යුක්තව පාඨක හදවත් තුළ තැන්පත් කරන්නට සමත් අපූර්ව කෘතියක් ලෙස මේ පිළිබඳ සඳහන් කළ හැකිය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver සහ Gold ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල තුනක් නිකුත් කළ අතර එම මාලාවේ නවතමය වන්නේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයයි. මෙයට පෙර නිකුත් වූ සියලු ප්‍රශ්න පත්‍ර සමග Platinum කට්ටලයට පිළිතුරු ලිවීමෙන් ඔබේ දරුවා නිසැකවම ලකුණු 190 – 200 අතර විශිෂ්ට තැනකට ඔසවා තබනු ඇත. පළමු ප්‍රශ්න පත්‍ර 5 ක් සහ දෙවැනි ප්‍රශ්න පත්‍ර 5 ක් ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් අඩංගු මෙය ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයට සමගාමීව පැය 1.30 ක සම්මන්ත්රණ 10 ක් ඔබ වෙනුවෙන් නොමිලේ සූදානම් කර ඇත.
එහි පළමුවන සම්මන්ත්රණ ද්විත්වය 2022 ජනවාරි 10 වනදා ද,දෙවැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 11 ද,තෙවැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 12 ද,සිව්වැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 13 ද,පස්වැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 14 වනදා ද ගුණසේන YouTube නාලිකාවෙන් ඔබට නැරඹිය හැකිය. Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයේ ඇති පළමුවන ප්‍රශ්න පත්‍ර 5ත්, දෙවැනි ප්‍රශ්න පත්‍ර 5ත් ඉතා පුළුල්ව මෙහි දී සාකච්ඡාවට ලක් කෙරේ.
විස්මිත දොස්තර
වීදියක හැදුණු වැඩුණු දිළිඳු දරුවකුගේ සිට ලෝක ප්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු දක්වා ගමන් කළ වෛද්‍ය බෙන් කාර්සන්ගේ විස්මයජනක ජීවිත කතාව
5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – Gold Edition
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්‍රශ්න පත්‍ර කට්ටලයකි. නව විෂය නිර්දේශයට ඇතුළත් කරුණු අඩංගු කරමින් 1 සහ 2 ප්රශ්නපත්රවලින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක් සහ පිළිතුරු මෙහි අන්තර්ගගත වේ. නියමිත ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතියටම අනුව සැකසී තිබේ. මෙයට පෙර 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – General Edition, 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ලෙසින් ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් ප්‍රකාශයට පත් වූ අතර ශිෂ්‍යත්වයට පෙනී සිටින දූදරුවන් ඒ සඳහා විභාගය ආසන්නයේ වඩාත් හොඳින් සූදානම් කරවීම සඳහා මේ Gold Edition එළිදක්වා තිබේ.
බේරෙ ගෙදර සිට
ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්රය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ මාධ්‍යවේදිනියක සහ සාහිත්‍යකාරියක වූ අනුල ද සිල්වා ලේක් හවුස් ආයතනයේ සේවය කළ සමයේ සිය පුවත්කලා ජීවිතය තුළ ලද විවිධ සුන්දර, සංවේදී අත්දැකීම්වල එකතුවක් ලෙස මේ කෘතිය හඳුන්වා දිය හැකි ය.
මකරන්ද දඩයම
කංචනා කුමාරි දොඩංගොඩ විසින් රචිත මිනිස් හැඟීම් ඉතා සියුම්ව විනිවිද දකින හෘද සංවේදී සහෘද සිත වෙනස්ම මානයකට යොමු කරන සුවිශේෂී නවකතාවකි.
විදර්ශනා
විදර්ශනා‘ තත්කාලීන සමාජ යථාර්ථය හා පුද්ගල මනෝභාවයන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ නිර්මාණශීලී විවරණයකි. පුද්ගලයකු තුළ පවතින, එහෙත් පිටත සමාජයට පෙන්වීමට අකැමැති හැඟීම් ඔහු මේ නිර්මාණය තුළින් විවෘතව කතා කරයි. ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ නදීෂ් දික්කුඹුර මහතාගේ ප්‍රථම නවකතාව ‘විදර්ශනා‘ වන අතර ‘ගස් මිනිස්සු හා ‘ආදරණීය මාක්ස්‘ ඔහු විසින් රචිත වෙනත් කෘතීන් ය.
සරල බව සුන්දරයි
ජීවිතයේ පවතින අසීමිත අවශ්‍යතාවන් තුළින් වෙහෙසට පත් වූ
මිනිසුන්ට අවම අවශ්‍යතාවන්, අවම බඩුබාහිරාදිය තුළින් ජීවිතය ගත
කළ හැකි අන්දම මේ පොත මගින් පැහැදිලිව, සරලව ඉදිරිපත් කරයි.
මේ සඳහා පදනම් කොට ගෙන ඇත්තේ විවිධ ආගමික ශාස්තෘවරුන්
විසින් විවිධාකාරයෙන් ඉදිරිපත් කරන ලද ‘අවමවාදය’ යන සංකල්පයයි.
මෙහි කර්තෘ වෛද්‍ය අමිල ද අල්විස් ද මේ අවමවාදී සංකල්පය
ප්‍රායෝගිකව අනුගමනය කොට එයින් මහඟු ඵල නෙලා ගත්තෙකි.
Minimalism
This book presents clearly and simply how people who are tired of the limitless needs of life can spend their lives with the minimum necessities and the least goods. This is based on the concept of minimalism which has been variously put forward by a number of religious leaders. Its author, Dr. Amila de Alwis, also practiced this minimalist concept and reaped great benefits.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -SILVER EDITION
2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
වියන් ඇඳ
ප්‍රවීණ ලේඛිකා දයා ද අල්විස් විසින් කලකට පෙර නිර්මාණය කරන ලද මෙම කෙටිකතා එකතුව නව මුද්‍රණයක් ලෙස යළිත් මෙසේ ප්‍රකාශයට පත් ව තිබේ. එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ජීවන හැලහැප්පීම් කෙටිකතා ඇසුරින් සංවාදයට ලක් කෙරෙන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකි ය.
වැඩකට නැති පොත
‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.
BUY EBOOK VERSIONදූවිලි
තැලී පොඩි වී ගිය පුද්ගල චරිත අතර සිදුවන සමාජ ඝට්ටනය පිළිබඳ ප්‍රවීණ නවකතා රචිකාවියක වන ශාන්ති දිසානායක විසින් නිර්මාණය කරන ලද කෘතියකි. ඒ ඒ චරිත ජිවිතය දෙස බලන ආකාරය විවිධ කෝණයන්ගෙන් විග්රහ කරන්නට ලේඛිකාව උත්සාහ දරයි.