Poetry

Poetry

Showing all 3 results

Show:

ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම්ගේ සිරිත් මල්දම

Highlights:

ඇම්.ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් විසින් රචනා කරන ලද සිරිත් මල්දම ගුණගරුක අනාගතයකට දරුවන් හැඩ ගැසිය යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න විස්තර කරමින් රචනා වූ කවි පොතකි. කොටස් තුනකින් යුත් මේ පොතේ කවි 186 ක් ඇතුළත් ය. මෙහි ඇති සරල බස් වහර නිසා එදා මෙදා තුර පරම්පරා ගණනාවක් පුරා මේ කෘතිය එක සේ ජනප්‍රිය වී ඇත. එයට හේතුව මෙහි සඳහන් උපදේශ එදාටත්, අදටත්, හෙටටත් වලංගු වන නිසා ය. මෙරට සංස්කෘතිය තුළ මනා පෞරුෂයකින් යුතු දරුවකු බිහි කිරීමේ අරමුණින් යොවුන් විය දක්වා පුරුදු පුහුණු කළ යුතු උපදෙස් රැසක් මෙහි ඇතුළත් ය. එසේම මෙහි ඇතැම් කවි වල ඇති සරල උපමා භාවිතය දරුවන්ට උපදේශය ග්‍රහණය කර ගැනීමට සහ මතක තබා ගැනීමට වඩා පහසු කරයි. කෙටි විරිතක් භාවිත කර ඇති නිසා ද දරුවන්ට කියවීමේ ආශාව වර්ධනය කරන අතර ම එය එක හුස්මට කියවිය හැකි කවි එකතුවකි.

යශෝධාරා කාව්‍ය සංග්‍රහය

Highlights:

“පව්වෙන් පව්වට ලි
යලන පව්-මල්
පින්නෙන් පින්නට
ගිලිහෙන පින්-මල්

ලන්දෙන් ලන්දට අටවන ලණු වැල්
මන්දෙන් මන්දට ගෙලටම ලන වැල්

බල තල ගත් අය – කල දුටු කල වළ
ඉහගන්නා හැටි හෙමිහිට බල බල

මහමග යන එන
පොඩි මිනිසුන් ගෙල
සිඳිනට අටවන
උගුලක රඟ බල ”

සිරවූ කිරිල්ලිය

Highlights:

ළා නිල් පාට අහස් තලයේ කැටි ගසන වලාවන්
නොයෙක් හැඩ රුව ගන්නා තැන මම කවියක්
දකිමි.
වැස්ස වහිනා විට ගස්වල අතුපතර ඔස්සේ
වු වැහි බිඳුවල රේඛා චිත්‍ර අතරේ මම කවියක්
දකිමි.
රෑ අහසේ නිතර බබළන තරු අතුරින් වඩා
නිසලව රශ්මි ධාරා විහිදුවන්නා වූ සිකුරු,
බෘහස්පති වැනි ග්‍රහ තාරකාවන් අතරේ
මම කවියක් දකිමි.
එබැවින් කවිය යනු කුඩා කිවිඳියක වන මට
සාහිත්‍ය අංගයක් නොවන ජීවිත හැඟීමකි.

සිතුලි සඳගෝමි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping