Novels

Novels

(Showing 1 – 60 products of 1101 products)

Show:

හඳපාන

Highlights:

සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපුර්ණ ප්‍රථම සිංහල නවකතාව ‘සිරියලතාව’ බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී ම පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලේවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පන්තියේ පවුලක උපන්නේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ඩියෙන් විශාරද විය. ලෝකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නිවණින් ප්‍රවීණ විය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකුල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්විය.

නවකතා චක්‍රවර්ති, සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලේඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේ ය.

Twisted Love (Twisted – 1)

Highlights:

Alex Volkov is a devil blessed with the face of an angel and cursed with a past he can’t escape.

Driven by a tragedy that has haunted him for most of his life, his ruthless pursuits for success and vengeance leave little room for matters of the heart.
But when he’s forced to look after his best friend’s sister, he starts to feel something in his chest:
A crack.
To melt.
A fire that could end his world as he knew it.

***
Ava Chen is a free spirit trapped by nightmares of a childhood she can’t remember.
But despite her broken past, she’s never stopped seeing the beauty in the world.. including the heart beneath the icy exterior of a man she shouldn’t want.
Her brother’s best friend.
Her neighbour.
Her savior and her downfall.

Theirs is a love that was never supposed to happen – but when it does, it unleashes secrets that could destroy them both . . . and everything they hold dear.

Twisted Games (Twisted – 2)

Highlights:

Stoic, broody, and arrogant, elite bodyguard Rhys Larsen has two rules:

1) Protect his clients at all costs 2) Do not become emotionally involved. Ever.

He has never once been tempted to break those rules…until her.

Bridget von Ascheberg. A princess with a stubborn streak that matches his own and a hidden fire that reduces his rules to ash. She’s nothing he expected and everything he never knew he needed.

Day by day, inch by inch, she breaks down his defenses until he’s faced with a truth he can no longer deny: he swore an oath to protect her, but all he wants is to ruin her. Take her.

Because she’s his.

His princess.

His forbidden fruit.

His every depraved fantasy.

අනෝරාවක

Highlights:

කුමන දෙයක් සිදු වුනත් ඔබගෙන් තොරව
ලෝකයක් ගැන සිතන්නට, හිත හදාගන්නට
මට නොහැකි වුණා යුග්‍ය.. එය මෝඩකම ද
කරුමය ද, උරුමය ද යන්න මම දන්නේ
නැහැ.. ඵහෙත් ඒකම මම ආත්මයෙන්ම
ඇබ්බැහි උනා..

ඉතිං,

නැවතත්.. ලබන භවයෙදීත් පෙම්වතුන් වී
හමුවෙමු..

අභිපාරි

Highlights:

අරුත් නැති ලෝකයක් හමුවේ – සිනාසෙන්නට වෙර දරන නුඹ

නමක් නොම දත් මලක් සිඹිමින් – ආදරේ සුව සොයනු කෙලෙසද

 

සිතක සිතිවිලි වාන් දමනා –  යොවුන් වයසේ කිරිලියේ නුඹ

නුබට පෙම් නැති සිතක් වෙනුවෙන් – නෙත් ඉමේ කඳුලක් දරණු කිම

 

” මේ ලෝකේ හැම පෙම්වතෙක් ම බෝසත් පෙම්වතෙක් වෙන්නේ නැහැ,

කෙනෙක්ගේ අතීතයේ අතපසුවීම් ලස්සන අනාගතයකට බාධාවක්

කියලා කවුද කිවුවේ?

හ්ම්ම්! සමහර රහස් රහස් විදියටම තියෙන්න ඕනි…. එහෙම නොවුනොත්

අතීතයට පුළුවන් වර්තමානය වගේම අනාගතයත්  විනාශ කරන්න”

 

එක දවසක්

Highlights:

හැඟුම් විසිරෙන

සිතුම් අභියස

බිඳෙන සම්මත පවුරූ

වේදනාවක

කදුළු දකිමින්

මියෙන හසරැල් සොදුරූ

ප්‍රේමයක් ඇති

තැනක ඇවිලෙන

රාගයක ගිනි පොකුරූ

නෙතින් නෙතකට

නුරා කැල්මෙන්

බැඳෙනු හදවත් පිරූ..

වස්සානේ ගීතය

Highlights:

”සැමී … ඔයා අභීව ට්‍රස්ට් කරනවා නෙමෙයි ඔය. ඔයා දහරව අන්ඩඇස්ටිමේට් කරනවා. නමුත් සැමී අන්න එතනයි ඔයා වරද්ද ගන්නේ. මතක තියාගන්න රජවරුන්ට කුමාරිකාවෝ ළංවුණත්, අග බිසව රාජ කුමාරිකාවක් වුණත් රජ මාළිගාවේ වහලියන්ටත් හිත යනවා. ඒකට ලස්සන තැන අදාළම නෑ. මමත් පිරිමියෙක්. ඒ නිසා පිරිමි හිත් ගැන මාත් දන්නවා. අභීයා ඔයාට පට්ට ආදරේ ඇති. බට්, ඔයා වරදට පාර කපල‍ා ඊට පස්සේ නහයෙන් අඬන්න එපා.”

ස්වර වරුසා

Highlights:

”ආයෙත් වැහි කාලේ පටන් අරන් සර්. වැහි කාලේ පටන් ගන්න එක දවසක සර් අපේ ගමට ආවා. මහා ඉඩෝරයකට පස්සෙ ඒ ගමට වැස්ස වැටුණු පළවෙනි දවස. සර් ඒ ඉඩෝරයට වැස්ස අරන් ආවා. ඒ නිසාම වැස්ස මගේ ජීවිතේට සුන්දර මතකයක් වුණා. ඒත් අද ඉඳන් මේ වැස්ස මගේ ජීවිතේ දුක්බරම මතකය වෙයි. වස්සානේ දවසක සර් මාව අත්හැරලා යනවා. නෑ.. මට අතඇරලා යන්න කියනවා.”

බිනර මල

Highlights:

මම දුර්වල කෙල්ලෙක් නෙවේ.මහියංගනය කාශ්ඨක පොලවේ මව්පියන්ද අහිමිව වියපත් සීයා සමග ජිවිතේ හා පොර බැදි මට දුක කියන දේ නුහුරු දෙයක් නොවේ.ඒත් මගේ පුංචි ලෝකයට දවසක් පෑයුවා ලස්සනම ලස්සන හඳක්. හඳ අපිට අල්ලගන්න, ළගට ගන්න, අයිතිකරගන්න බෑ. දුරින් ඉදලා බලාගෙන ඉන්න විතරයි පුළුවන්. ඉතින් මම ඒ හඳට ආදරේ කළා. අසීමිතව ආදරේ කළා. අයිති නෑ කියලා දැන දැන ආදරේ කළා. මගේ ජිවිතයෙන් මම ආදරේ කරන ඒ ලස්සනම ලස්සන හඳ බැහැලා ගිහින් දැන් මාස ගණනක් වෙනවා.

අහස්

Highlights:

‘’හැම ගැනියෙක්ම ආස

තමන්ට පණ වගේ ආදරේ කරන මිනිහෙක්ගෙ

ආදරේ එක දවසකට හරි

පපුව පුරා විඳලා මැරිල යන්නයි.

එහෙම නැතිව මැරෙන

ගෑනු ආත්ම හරිම පව්කාරයි.

හිස් ගෑනියෙක් වගේ මැරෙන්න වෙයි

කියල මං බයවුණා දෙනෙත්

ඒත් දැන් එහෙම නෑ.’’

නෘත්‍යාංගනා

Highlights:

“මට රිදෙනවා ..”

මා මිමිනුවේ ඇහෙන නෑහෙන හඩින් මුහුණ අකුලාගෙනය.

“මට ඊට වැඩිය රිදෙනවා.. මේ මෙතන ඊට වැඩිය රිදෙනවා..”

ඔහු වම් ළය මඩලට ගසාගන්නේ අත ගුලි කොටය. ඒ තමා ඉදිරියේ සිටින මාගේ සියුමැලි සිරුරට පහර දෙන්නට බැරිකමට බව මා දනිමි.

“තමුන්ට ඕන වුනේ සල්ලි නම්, මං දෙන්නැද්ද..? ඔය ලැබුණා වගෙ දාස් ගුණයක් මට දෙන්න තිබුණා. වෙන උන්ගේ ඇස් ඉස්සරහ නටන්න තරම් තමුන්ට තිබුණ වුවමනාව මොකක්ද..?”

ඔහු ගසන්නේ මාගේ දුර්වලම නිලයටය. සල්ලි.. හරිම තැනට ඔහු ඒ වචනය දමන්නේ හරියටම රිදෙන තැනටම පහර වදින්නටය.

අහස් මේඝය

Highlights:

ජීවත්වෙන්නහුස්ම හරි හදවත හරි

දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත්,

හුස්ම නැතත් මැරෙයි…

හදවත නැතත් මැරෙයි…

ඉතිං,

ඔබත් ඔහුත් අතරින්

එක් අයෙක් තෝරාගන්නවාට වඩා,

මරණය තෝරාගැනීම

පහසු නොවේද?

ඔබ මාගේ නොවේදෝ

Highlights:

“හෙට අපි දෙන්නා සිංදුවක් කියමුද?” දිලිසෙන දෑස් මා මත නවතා ඔහු අසන්නේ බලාපොරොත්තු පිරි හඬකිනි. ඔව් ඒ හෙටය… මගේ ජීවිතයේ තවත් පිළිකුල් සහගතම දිනක් වන මගේ විවාහය පැවැත්වෙන්නේ හෙටය.

“මං අඬන්න ඕනි දවසක් මිසක් සිංදු කියලා සමරන්න තරම් සතුටු හිතෙන දවසක් නෙමේ හෙට” මා පිළිතුරු දුන්නේ සුසුමක් හෙලමිනි.

“අවුරුදු දහතුනක් තිස්සේ මං බලන් හිටපු දවස… මං හැමදාම හීන දැකපු දවස හෙට ” ඔහු කීවේ සිනාවකින් වත පුරවාගෙනය.

“කවීර් දෙයක් කියන්නද?”

“හ්ම්ම්”

“හෙට ඔයා හදවතට එකඟව අවංකව හිනාවෙන අන්තිම දවසක වෙයි”

සුළං කපොල්ලේ

Highlights:

“තරු ඇසක් ලඟ හීන ඇහිදපු

මලවි හීයක ප්‍රේම කම්පිත

රෝස වත්සුණු සමග උණුසුම

බෙදා ගත් ඒ විසල් යහනක

බිඳීගිය බඹසරින් මත් වු

සුසුම් වැල් විසිකෙරුව හදවත

සීත නොදැනී ගෙවුන රැයකට

සකුණ මියැසිය කැන්දු පෙම්වත”

කින්නර පෙම් සිහිනේ

Highlights:

“දහස් සිතුවිලි සෙනඟ පිබිද වූ නුඹ නයන රහස් කොඳුරන බිඟුන් සමඟ එන රිවි කිරණ තවුස් දම් බිඳ දමා මා හදේ රැලි නගන මේ ඇස් කුමකට තවත් මුණිවතට පෙම් කරන”

අමතක මතක

Highlights:

“මීට අවුරුදු හතරකට කලින්, දෙදාස් දහ අටේ ජුනි විසිතුන සෙනසුරාදා රෑ උණවටුනේ මම ජිවිතේ මහා දරුණුම අත්දැකීමකට මුණ දුන්නා. නම ගම නොදන්න ආගන්තුකයෙක් මාව එදා බේර නොගත්තානම් මම සමහරවිට අද ජීවතුන් අතර නැති වෙන්නත් ඉඩ තිබ්බා. ස්තුතියි මට ජිවිතේ දුන්නට. ඔයා දුන්න සිහිවටනය අදත් මගේ ළග පරිස්සමට තියෙනවා. ඉන්න තැනක හොඳින් ඉන්න. මේ ලෝකේ හරි පුංචියි. කවදාකම හරි අපි මුණගැහෙයි. ඒත් මට ඔයා ගැන මතක එකම එක සලකුණ තාමත් බාගෙට හිතේ ඇඳිලා තියෙන ඒ අසම්පුර්ණ මකර රූපය විතරයි. හැමදාම සතුටින් ඉන්න. මම ජිවිත කාලෙටම ඔයාට ණයගැතියි.”

මා විසින් මා වෙත

Highlights:

ද්‍රෝහියාගේ හදවත

Highlights:

“ඔයාගෙ හදවත, මගෙ සිහී!”

– රාදුක් අන්ද්‍රේ කෝව් –

“ඒක හරිම ද්‍රෝහී ගෑනියෙක්ගෙ හදවතක් රාදු”

– සිහින්‍යා අධීෂ්වරී –

“ඔයා නම දුන්නු කෙල්ලගෙ ජීවිතේ මට ගන්න උනොත්, මම ඒක ගන්නවා. ඒත් මම දන්නෑ ඔයා හංගන රහස. ඔයා ඒක හරිම තැන වළලලා. මට රාදුව නවත්තන්න බෑ. එයාට පුළුවනි මං වගේම අනිත් අයත් ඉන්න තැන අපායක්ද ස්වර්ගයක්ද කියල තීරණේ කරන්න. ඒ හින්දා ඔයාගෙ සිහින්‍යා අපිට බාධාවක් උනොත් එයාව මම අයින් කරනවා,

– ඔමටෝලා හාමෝනියා කෝව් –

ඉඳිකටු තුඩු

Highlights:

මම බරැති සුසුමක් පිට කලෙමි. අහස අල්ලනන්ට බැරිය. අහසද අනුන්ගේය. ඉතින් සඳ ඉල්ලා කුමට වැලපෙම්ද… මම පන්ති කාමරයට ගොස් ඉඳගත්තද මගේ හදවත තරමක් වේදනාවකින් බරවිය. හදවත මැද්ද ඉදිකටුවකින් කවුදෝ විසින් හාරනවා වැනිය. නමුත් එසේ දැනෙන්නේ ඇයි දැයි මටම නොතේරෙන මොහොතක… පන්තිකාමරයේ දොර ඇරුනි.

එය තිබුනේ මට පිටුපාය… මම හරිබරි ගැහිවැඩි වී පිටුපස බැලුවෙමි.

අනේ දෙවියනේ දුටු දසුනින් මගේ දෙපා පන නැතුව ගියාක් මෙන්ය. මා පසුකර ගියේ සැර විලවුන් සුවදක්ය. දැන් මා කුමක් කරයි මගේ යටිසිත පෙරලා මගෙන්ම ප්‍රශ්න කලේ. බඩ හරහා පපුව තෙක් පැමිනි දැවිල්ලද සමගිනි. මට පැන දුවන්නට තරම් හිතුනි.

සඳ රූ ඇඳි සඳ 2

Highlights:

ජිවිතය

ලියැවුණු,

ලියැවෙන

හැම පේළියකම

මම ඔබ කියැවූයෙමි;

කියවමි;

කියවන්නෙමි.

“සීනු යමක් රූසරට කීවාය. පිළිතුරු සමග හාදුවක්ද සීනුට ලැබිණ. සියල්ල යහපත් බවත් සුපුරුදු ලෙසින් ගෙවනා බවත් ශාක්‍යාට සිතෙයි. ඇය වෙත වූ අපහසුව දුරු වී ගොස් ය. සිරුරට සැහැල්ලුවක් දැනෙයි. සීනු සිනා සෙමින් සිටියි. ලෝකය වෙනදා සේම කැරකෙයි. ඉර පායා ඇත්තේ අහසේමය. වලාකුළු පාවෙන්නේ සුළං හමනා දෙසටය. සියල්ල නිසි ලෙසය. ශාක්යා නිදහසේ හුස්ම ගනිමින් සිටියාය. “

සඳ රූ ඇඳි සඳ 1

Highlights:

 

මෙතැනදීය

මෙසේය

මෙවෙලෙහිය යනුවෙන්

මගේ ආදරයට නියමයන් නැත.

අවහිර සීමා විරහිතව එය ඔබ සොයා ගලා එයි…

මගේ ආදරය එලෙසය…

මම මා ලෙස ඔබට ආදරය කරමි.

ඔබ ඔබය සිතා මම ආදරය කරමි…

 

” ඔයාට පසුතැවෙන්න කිසිම දෙයක් මං ඉතු වරුසවිතාන හැමදාම රසල වරුසවිතානව අං හැමදාම ආඩම්බර මිනිහෙක් වෙලා ඉඳීවී….

නාඬන් උඳුම්බරා 02

Highlights:

” ඇස් වැහෙන තත්පරයටත් මං හරි බයයි සුදු මැණිකේ… හෙටට කල් දාන්න පුලුවන් ඕන දෙයක්.. ඒත් ඔයාව බෑ… ඒකට ඔයා කියන්නේ ඊරිසියාවද කියන්න මං දන්නෑ.. ඒත් මං දන්නේ ඒක ආදරේ කියලා. මේ කසාද සහතියක මට ලොකු දෙයක් නෙවෙයි.. ඒත් මට ඔයාව මේ අත් දෙක මැද රකින්න නම් අදාළ නැති බැඳීම් බිඳින්නට ඕනේ… ඒකයි කරන්නේ…” මේ

ජිවිතය පුරන ආදරයක් ළඟ මා ජිවය ලැබුවෙමි.

වචනයෙන් කිව නොහැකි තරමට ඒ නෙත් වල ආදරය පිරී තිබිණි. විශ්වාස කළ නොහැකි එකම දෙය නම් අදත් එදත් එයමය. ඒ පිරිමි පපුවක් තුළ ආදරයක් මේ තරම් පිරී තිබෙන්නට හැකි ද යන්නම පමණි.

නාඬන් උඳුම්බරා – 01

Highlights:

 

මෞන බල කේන්ද්‍රය හා රාජ දොරටුව

Highlights:

“ව්රෙයිතේ තීන් ක්ලිරොනොමිආ කයි දොස්නේ මොවූ මගිකි ඩයිනම්. තොතෙ තු ඩොසො තින් එක්සොඋසියා ස්ති ඩිකයිඔස්සයිනි.” කිසි දිනෙක අසා නොතිබු අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. නිමිටද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදු කරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්‍රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණාද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙමස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව්පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.

සාරි ඇඳපු පිරිමි

Highlights:

මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.

ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.

පුරාවතක්

Highlights:

තෙරක් නොපෙනෙන විසල් ආකාසය, සිඳවා අවසන් කළ නොහැකී මහා සාගරය, අනේකවිද ස්කන්ධයන් දරා නොසැලී සිටින ධරණී තලයද… සිපගන්නා මේ එකදු සුර්යයාද චන්ද්‍රයාද සාක්ෂි කොට ලියැවුණු ඇහැළ සුගන්ධය තැවරී පීත වර්ණයෙන් හැඩගැන්වුද… වේදනාබර සුසුමින්, ළතැවුල් පිරී කඳුළින්, ගලා යන රුහිරු දහරාවන්ගෙන් අතීත ස්මරණයන් ලියා තැබුණුද… මරණයෙන් විවෙකගත් සංසාරගත අමරණීය චාරිකාවක් වූද… පීත වර්ණයෙන් රටා මැවුණු ගුරු පැහැති පොළවේ… වැලි කැටයක්ද ගාණේ නොසඟවා නමුත්… කාලයාගේ වැලි තලාවෙන් සගවාලීමට වුණද… අමරණීය ප්‍රේම පුරාවaත්තය…

රන් අරුණැල්ල

Highlights:

” අම්මා රට ගියාට පස්සෙ අපේ තාත්තා හුගාක් වෙනස් වුණා. මං දැන් ඉන්නේ මාමලාගෙ ගෙදර.”

අශේන්

“කොච්චර හොඳ යාළුවෝ හිටියත් පුතාගෙ හොඳම යාළුවෝ ඉන්නෙ ගෙදර. අම්මයි, තාත්තයි, ආත්තම්මයි තමයි පුතාගෙ හොඳම යාළුවො. ඒ නිසා ඉස්කෝලෙ යාළුවොත් එක්ක කරන කියන හැම දෙයක්ම පුතා ගෙදර ඇවිත් අපට කියන්න ඕන. තේරුණා නේද?”

අම්මා

” මිනිස්සු කතාබහ කරන විදිය සකස් වෙන්න ඒ අය ජීවත්වෙන පරිසරේ ලොකුවට බලපානවා. ඒ ළමයා ටික කාලයක් යද්දි පුතාලගෙ විදියට හැඩ ගැහේවි. දැනට කලබල වෙන්න එපා. අපි ඒ ළමයා හදා ගන්න බලමු.”

ආත්තම්මා

“අපේ සිංහල මැඩම්නම් කියන්නෙ, තමන්ගේ මව් භාෂාව හරියට නොදැන මොන කෙහෙම්මලක් ඉගෙන ගත්තත් වැඩක් නැතිලු.”

– යතිඳු

අයියෝ ….. ඔය සුදු මහත්තය කියන එකත් නමක් ද ළමයො? ඔයා දන්නෙ නෑ ඒ කාලෙ අපේ යාළුවන්ට දාල තිබිව්ව නම් ! දැල්ලා, අලෙයා, ගැරඬියා, මැට්ටා, බතලෙයා, පතෝලෙයා, ඔන්න නම් ! ”

තාත්තා

කවුරුන්ද මා ඔබේ

Highlights:

ඒත් පාන්දරට මට නින්ද ගියා… ආය ඇහැරෙද්දිවක් තාත්තා ඇවිත් හිටියේ නැහැ….

කතාව නවතා ඇය නැවතත් ගැඹුරු හුස්මක් ගත්තා.

* එදායින් පස්සේ කවදාවත් ආවේ නැහැ… ” අම්මා තාත්තට වෛර කරන්නෙ නැහැ… තාමත් එයාට ආදරෙයි…. මට ආයෙන් තාත්තව එකම එක පාරක් හම්බුණොත් ඇති… දන්නවද ඒ ඇයි කියලා…

එවර ඇය හරිතගේ මුහුණ දෙස බැලුවා. ඔහු හිස දෙපසට වැනුවේ දන්නෙ නැහැ කියන්න. දහරා අසරණ ලෙස සිනාසී ගැඹුරු හුස්මක් ගත්තා.

“මං චූටි කාලෙ කිව්වේ වැඩියෙන්ම ආදරේ තාත්තට කියලා… එයා ආය හම්බුණොත් මං කියනවා මං වැඩියෙන්ම ආදරේ අම්මට කියලා… මට ඒක වි..ත..ර..යි එයාට කි..ය..න්න ඕ..න…”

දෘෂ්ටිමානයට ඔබ්බෙන්

Highlights:

යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.

වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට ඔහුට දෛවෝපගතවම නියම වී තිබෙයි. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන් ගැනෙයි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළු වීමේ වරම දිනාදෙනු ලබයි.

එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?

කොළපාට ඉස්කෝලේ

Highlights:

ශිෂ්‍යත්වය සමත් වූ අඬනහිරියාට ‘ලොකු ඉස්කෝලේ’ යන්නට
තෙත් කලාපයෙන් වියළි කලාපයට සංක්‍රමණය වන්නට සිදු වේ.

අලුත් පළාතක ‘කහපාට නෙලුම් පිපෙන කොළපාට ඉස්කෝලේ’
ඇගේ ජීවිතය මත වඩා වර්ණවත් සිතුවම් අඳින්නට පටන් ගනියි.
අලුත් මිතුරන් සමග අලුත් දේ ඉගෙන ගන්නටත් දේවල් ගැන
ගවේෂණය කරන්නටත් ඇය පුරුදු වේ.

අම්මාත් තාත්තාත් තමන්ගේ මුළු ලෝකයම කරගෙන සිටි කුඩා
අඬනහිරියා මලක් ලෝකය වඩාත් පුළුල් බව වටහා ගනිමින්
මන්දහාස මලක් වී උස්මහත් වන කාලය ඇරඹෙමින් තිබේ.

නෝටි 40

Highlights:

ඇත්තටම ගෑනු කියන්නෙ, එක අතකින් බැලුවාම කොච්චර අසරණ ජීවී කොට්ඨාසයක්ද!
උන් හරියට ගිනිකඳු වගේ. එළියට පේන්නෙ නැති ලොකු ගින්දරක් වගෙ ආසාවක් හිත ඇතුළේ, ශරීරය ඇතුළේ තියාගෙන තමන්ට ගැළපෙන කෙනා හම්බවෙනකම් අවුරුදු සීයක් වුණත් ජීවවෙනවා. ඊට පස්සෙ තමා ගිනිකන්දක් වගේ පිපිරිලා යන්නේ.

ගොඩක් පිරිමි ගෑනුන්ගෙ මේ රසායනය හරියට දන්නෙ නැහැ. ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ ගෑනු කියන්නේ සෙක්ස්වලට හරිම කම්මැළි, ඇල්මැරුණු, ඇඳේදී මළකඳක් වගේ උඩුබැල්ලට නිදාගෙන ඉන්න කම්මැළි ජාතියක් කියලා. මම දිගින් දිගටම මගේ කල්පනා ලෝකෙ අතරමං වෙවී ඈතට ඈතටම පාවෙලා ගියා.

“ඒයි, ඔයා මොනවද මං දිහා බලාගෙන ඔච්චර කල්පනා කරන්නේ. අද මං දගලනවා වැඩියි නේද?”

හදිසියේම ටීනා කටහඬ අවදි කළා. ඒත් එක්කම එකපාරටම මගේ සිතිවිලි දාමය ෆියුස් එකක් වගේ නිවිලා ගියා.

පන්තක

Highlights:

පන්තකගේ ජීවිතය සුව පහසු එකක් නොවීය. පන්තකගේ පියා වන නන්දසෝමට ස්තීර රැකියාවක් තිබුණේ නැත. හෙතෙම රාස්සගල, මල්වාන, දිවියා වැල්ල, නවගමුව වැනි තොටුපලවල ඔරු පදින තොටියෙක් බව පන්තක දැන සිටියේය. ඔවුන් ජීවත් වූයේ රාස්සපාන තොටුපලට නුදුරෙන් පිහිටි කුඩා නිවසකය.

කොතරම් අගහිඟකම් දුෂ්කරතා තිබුණත් ඔහු බෝමිරිය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු මෙන් ඉගෙනුම ලබමින් සිටියේය. කොපමණ දක්ෂතා තිබුණත් සෙසු මිතුරන් දමන අඩිඩාස් පාවහන් යුගලක් දැමීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. කොතරම් දක්ෂතා තිබුණත් විද්‍යාලයේ සිසුන් හා සුහදව ඇසුරු කිරීමට කැමති වූයේ නැත.

එයට ප්‍රධාන හේතුව වූයේ කසිප්පු නමින් හඳුන් වන හොර අරක්කු ව්‍යාපාරයට තාත්තා සම්බන්ධ බවට ආරංචි පැතිර තිබීමය. තාත්තා දඩ ගෙවමින් සිරගත වෙමින් මෙ තරම් දුක් විඳින්නේ නංගිලා දෙදෙනා ඇතුළු පවුල ආරක්ෂා කිරීම වෙනුවෙනි. ලොකු නංගි හොඳින් ඉගෙන ගත්තාය. සුදු නංගි අපස්මාර රෝගයෙන්

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

Highlights:

1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු
අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා
මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය.
සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි
ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන්
සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන
කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ
හොල්මන්, අවතාර පමණි.

මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,
ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි
සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට
ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

ධූම

Highlights:

“මට ඉන්න දෙන්න පාඩුවේ..” යුවතිය මිමිණුවේ කඳුළින්
බරවූ නෙතිනි. “මටත් ඉන්න දෙන්න පාඩුවේ..
ඔය ඇස් මාව පුච්චනවා..”

තෙහස්ගේ ගැඹුරු හඬ සවනට වැටෙද්දී ස්වාසි බියෙන්
මෙන් ඔහු දෙසට හැරුණේ ඒ කියූව වටහා ගත නොහැකි සේ ය.
ඇගේ හිස් බැල්ම එලෙසම තිබුණ ද ඒ දිගැටි දැස ඉතාමත්
ආකර්ෂණීය බවට තෙහස් හඳුනා ගනිමින් සිටියේ ය..
ඇගේ පිරුණු කොපුල්වලට අයිතිකාරයෙක් නැති හැඩ ය.
ඒවා මත කිසිදු සලකුණක් නැත. තෙහස්ගේ සිතට නැගුණේ
දැඩි ලෝභී හැඟීමකි. වෙව්ලන රෝස පැහැ ඈ දෙතොල තමාට
කරන්නේ ආරාධනාවකි.
තෙහස් ඈ දෙතොල් දෙසට නැඹුරු වද්දී ම මහ හඬින් අකුණක් පුපුරා ගියේ අසල වූ ගසක අත්තක් බිමට පතිත කරමිනි. එයින් මහත් සේ බියට පත් යුවතිය තෙහස්ගේ උරහිස් අතර මුහුණ සගවා ගත්තේ අධික භීතියකිනි. සිය හැඟුමන්වලට ඉඩ නොදුන් ප්‍රචණ්ඩ කාලගුණයට තෙහස් සිතින් බැණ වදින්නට විය. පරිසරය ම ඝන මන්දාරමකින් වෙළා ගෙන තිබිය දී සුළි කුණාටුවක් සේ ඇද හැළෙන වර්ෂාව දෙස තෙහස් බලා සිටියේ එක්වර ම මෙවැනි අයුරින් වර්ෂාව – ප්‍රචණ්ඩ වූයේ මන්දැ’යි සිතාගත නොහැකිව ය.

කුරුලු කිරුළු

Highlights:

“දෙයියනේ මම ඔයාගේ අම්මා… ඔය විදිහට මට කතා කරලා
පව් පුරෝගන්න එපා බබා…”

අඬ අඬා එයා කිව්වේ ඒක. මම හිනා උනා.

“මීට වඩා පවක් ඕනෙ නෑ… ඔය දෙන්නගෙ ළමයෙක් වෙලා
ඉපදුණ එකම තමයි මගේ පව… ඔයා අපිට කිසිම ආදරයක්
නෑ… ඔයා ආදරේ අර නපුරු මිනිහට විතරයි… ඒක නෑ
කියන්න එපා, මට පාඩුවේ ඉන්න දීලා යන්න අම්මේ…

වජ්‍ර කස්තුරි

Highlights:

“පටන්ගත්ත හැටියේම ප්‍රශ්න කියවන්න මමත් ආස නැහැ චූටී..නමුත් ඔයාට වගේ ජීවිතය ඔහේ වෙච්චාවේ කියලා හරවගෙන යන්න පුළුවන් පාරක නෙමෙයි මම ඉන්නේ. මම කාගේ කවුද, එතකොට මගේ අතීතය
ගැන ඔයා දැනගන්න ඕනේ චූටී.. ඔය හිතේ තියෙන ඔක්කොම
හරි වෙන්න ඇති. මේ ආදරයත් වෙන්න ඇති. ඒ වගේම මමත්
ඔයාට ආදරෙයිත් තමයි. නමුත් ඇත්ත තිත්තයි චූටී..ඒ ඇත්ත
අපිට වඩා ඔයාගේ අම්මාට තේරෙනවා. අම්මා ඉන්න තැන ගැන
මටත් හොඳට තේරෙනවා. මොකද මමත් එහෙම වෙලා ජීවිතයෙන්
හෙම්බත් වෙච්ච මනුස්සයෙක් නිසා” මේඝ ඔහේ කතාකළා.

“ම..මට ඔයා කියන ඒවා දැන් හිතන්න බයයි අයියේ.. මොකද
එතකොට මට මේ දැනෙන සැනසීම නැතිවෙයි. ඔයාට බැරිද ඔය
හැමදේම මට ඉස්සරහ දවසකදී කියන්න? එතකල් ඔයාට පුළුවන්ද
මේ වගේ මගේ අතක් අල්ලගෙන හෙමිහිට මෙහෙම ඇඟිලි එහා
මෙහා කරන්න? තව පුළුවන් නේද මගේ කොණ්ඩේ අස්සෙන් මේ
විදියට ඔයාගේ නහය තියාගෙන ඉන්න” විහේලි අඩුම ඔළුවවත්
උස්සන්නේ නැතිව ඒ ඉරියව්වෙන්ම අහද්දී මේඝ ඉබේම ගොළු වුණා.

සදහටම ඔබගේමයි

Highlights:

“මට වෙන කාටවත් ආදරේ හිතෙන්නේ නැහැනේ.
එතකොට මොකද කරන්නේ? මට කිරිබත් හදන්න
පුළුවන්. ඉතින් ගෙදරට කිරිබත් හදන්න තවත්
කෙනෙක් අවශ්‍ය නැහැනේ. වෙන කෙනෙක් මට
ඕනේ වෙලාවට මගේ ළඟට එයිද දන්නේ නැහැ
ඔක්කොම වැඩ දාලා මගේ රෝසමල වගේ. වෙන
අය ළඟ මගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැහැනේ.
මට ස්පෙශල් විදියට කිස් කරන්න හිතෙන්නේ
නැහැනේ වෙන කෙනෙක්…

යෙෂාරා පෙරේරා, මම ඔයාට ආදරය කරන්නේ
හම්බවෙච්ච මුල් දවසේ ඉඳලා. අවුරුදු තුනයි
මගේ පුංචි කුමාරිකාව දිහා ආසාවෙන් මම බලා
ඉන්නකොට. කවදාවත් ඔයාව මම වෙන කෙනෙකුට
අයිති වෙන්න දෙන්නේ නැහැ. මට කවදාවත් එපා
වෙන්නේ නැහැ මගේ රෝස මලව. මම ඔයාට
පිස්සුවෙන් වගේ ආදරය කරනවා. මතක තියාගන්න
මම සදහටම ඔයාට ආදරෙයි. මගේ වයිෆ් වෙන්නේ…
මගේ ළමයින්ගේ අම්මා වෙ න්නේ ඔයයි කවදා හරි.”

අරිත සිංහබාහු.

පමාවී පිපුණු මල්

Highlights:

“ආදරය එක එක කෙනා දකින විදිය වෙනස් මිලී. ඔයා
හිතන්නේ මගේ ආදරය මගේ ජාතිය අනුව වෙනස් කියලා නම්
මට හිතෙන්නේ ඒ අදහස වැරදියි කියලා. මම දන්නවා අපිට
ලැබුණේ පොඩි කාලයයි අදුනගන්න. ඒක නිසා මම ගැන
එහෙම හිතන්න ඉක්මන් වෙන්න එපා මගේ ආදරේ. මම ගෑනු
ළමයි එක්ක ඕන තරම් ළඟින් ඉදලා තියෙනවා. ඒත් ඒ හැඟීමට
ආදරය කියන්නේ නැහැ මම කවදාවත්. මම ආදරේ කළේ
දෙන්නටයි මිලී. එක්කෙනෙක් ජෙසී. ඔයා දන්නවා එයා ගැන.
අනිත් කෙනා ඔයා මට ඔයා ගැන දැනෙන විදිය ගොඩක්
වෙනස්. මම ආදරේ කරන්නේ ඒ දේ හැමතිස්සෙම හිතේ
තියාගෙන. ඔයා මට ගොඩක් වැදගත්”

සිහින විමන්

Highlights:
සිහින සහන්‍යාට එකග වෙමින් සිනාවක් පෑවේ ය. ඔහුට ඇය සමග කතා කිරීමට බොහෝ දේ නොතිබුණි. ඇයගේ මව ගැන විමසීමට සිතක් පහළ නොවීම පුදුමයට කරුණක් නොවේ. සිහින තම ජීවිතයේ පිළිකුල් කරන එක ම ගැහැනිය වසුන්දරා ය. සහනය්‍යා සුවිසල් මන්දිරයේ උද්‍යානය වෙත සිහිනව කැදවාගෙන ගියා ය.මනාව සකස් කර නඩත්තු කළ උදය්‍යානය නොයෙක් වර්ණිත මලින් පිරී ගොසිනි. ඇයගේ හැසිරීම සැහැල්ලු ය; ප්‍රබෝධමත් ය.සේවක සේවිකාවන් කිහිප දෙනෙකු සමග මෙම සුවිසල් මන්දිරයේ ඇය තනිව වෙසෙතැයි සිතුවේ ය.

ආදරයේ නාමයෙන්

Highlights:
“නැහැ තමයි. මන් කිව්වේ ඇත්ත.”
වැඩි වගක් නොකර ඇය එසේ පැවසුවේ ඉවත
බලමිනි. මුහුණ රතු කරගත් රදීෂ් ඇයට දොරට
හේත්තු කර ගනිමින් එම ගතට බර වුනේ
ඇයගේ මුව දෙපසින් තදින් මිරිකා අල්ලමිනි.”හරි දැන් කියනවා. ඒ කියපු දේ දැන් ආයිත්
කියනවකෝ මට ආදරේ නැහැ කියලා.”
ඇයගේ දෑස් වලටම එබෙමින් ඔහු අසද්දී ඇය
ඔහුගේ අත තමාගෙ මුහුණින් ඉවත් කරේ
කෝපයෙනි.
“නැහැ කියලා කිව්වනේ සැරයක්,”
නැවතත් ඇය පැවසුවේ ඉවත බලමිනි.”මගේ ඇස් දිහා බලාගෙන කෙලින් කියනවා විහාරා.
එකම එක පාර්ක් මගේ ඇස් දිහා කෙලින් බලාගෙන කිව්වොත්
මට ආදරේ නැහැ කියලා ප්‍රොමිස් මන් යන්නම යනවා.
ආයිත් කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්නෙ නැතුව සදහටම
යන්න යනවා. හැබැයි මගේ ඇස් දිහා බලාගෙන ඒක මට කියනවා.”

චුට්ටි

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

හිතුවක්කාර, මුරණ්ඩු දැරියකගේ හොඳම යෙහෙළියව, අටෝරාසියක් දඟ වැඩ ඉවසමින් ආදරයෙන් මග පෙන්වන අත්තම්මාගේත්, සුරතල් කුකූගේත් අපූරු කතාන්දරයයි ‘චුට්ටි’. උපක්‍රමශීලීව, කාරුණිකව හා ආදරයෙන් දැරියකගේ මුරණ්ඩුකම් දුරලන අත්තම්මා, නිදහසේ වැඩෙන්නට, නිදහසේ ඉගෙන ගන්නට ඇයට ඉඩ සලසන්නීය. ‘චුට්ටි’, ආදරය, කරුණාව, එකමුතුකම ළමා ලොවට කියා දෙන රසවත් ළමා ග්‍රන්ථයකි.

Happy Place

Highlights:

Harriet and Wyn are the perfect couple – they go together like bread and butter, gin and tonic, Blake Lively and Ryan Reynolds. Every year for the past decade, they have left behind their lives to drink far too much wine and soak up the sea air with their favourite people in the world. Except this year, they are lying through their teeth. Harriet and Wyn broke up six months ago. And they still haven’t told anyone.

This is the last time they’ll all be together here. The cottage is for sale, and since they can’t bear to break their best friends’ hearts, they’ll fake it for one more week. But how can you pretend to be in love – and get away with it – in front of the people who know you best?

රෙඩ්, වයිට් & රෝයල් බ්ලූ

Highlights:

ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයෙකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‛අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද? දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ, අමෙරිකානු ජනපතිනියටත්,

රජකමේ ගෞරවය රැකගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජිනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද?

අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද?

ඉතිහාසය තුළ මේ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

ප්‍රේමසූත්‍ර

Highlights:

ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්‍ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබු කලාපයකි. ඔහු හා සමග සමීප ඇසුරක් ඇරඹු දා සිට සිය හැගීම් සමග සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැගීම් සමුදායකි.

එදා සිට ම ඔහු ඇසුරෙහි උණූසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොදුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමග සහවාස ජීවිතය පිළිබද අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඩරු පිඩක් ව දියව ගියා ය.

අනන්තරා

Highlights:

හෝරාව මැදියම් රාත්‍රී දොළහටද
ආසන්නව තිබේ. මම සීයප්පච්චි
විසින් මට ලබා දුන් බොහෝ පැරණි
පුස්තකයද අතින් ගෙන මේසයට විමි.
මේස ලාම්පුවේ මළානික
ආලෝකය යටින් එය දිගහැර
කියවන්නට පටන් ගතිමි.

බෙහෙවින්ම දිරා කහ දුඹුරු පැහැයට
ළංව ඉරී ගැලවි යන තරමටම
අබලන් වූ එහි පිටු පෙරළීම වුව
බොහෝ අර පරෙස්සමට ආයාස දරා
කළ යුත්තක් විය. ඉතින් මම
කියවන්නට පටන් ගතිමි.

එය යටත් විජිත කාලය තුළ අප
රටෙහි ජීවත් වූ හෙන්රි රිචඩ්සන්
නම් වූ සුදු ජාතික මහතෙකු විසින්
දීර්ඝව තැබූ සටහන් රාශියක් විය.

ශිඛර

Highlights:

අවසන් සෙංකඩගල රාජ්ය සමයේ අප නොදන්නා වහංගු වී ගිය බලහත්කාරයෙන් සඟවා තැබූ ඉතිහාස කතන්දර බෝමය. ඒ සිදුවීම් අගිස්සවමින් උණුහුම්ව ගිය බල අරගල, දේශපාලන, සමාජ සංස්කෘතිකමය පාවාදීම් අස්සේ සංවේදී සේම දුක්බර සොඳුරු සංසිද්ධීන් ගැන ලියන්නට මට වූයේ අනන්ත වූ දොල දුකකි. ඉතිහාසය උඩුයටිකුරු නොකොට එහි සාඩම්බර බව රකිමින් සත්ය වූ මූලාශ්ර ඇසුරු කොට මා ශිඛර අකුරු කැටුයේ වගකීමෙනි. භක්තියෙනි.
ඒ ණයක් පියවනවා සමානව යුතුකමකැයි සලකාගේ අන් නිර්මාණයන්ට සාපේක්ෂව වෙහෙසක් දරාය. සිතිවිලි උල්පතක පහන්මය හැගීමෙන් ගැඹුරටම කිමිද පේ වෙමිනි. සොඳුරු හැබෑ කතන්දර සමඟින් මල් දමක් සේ ඉමිහිරි ප්රේමණීය කාව්යක් දවටා ශිඛර වියන හැම තත්පරයේම මා උන්නේ ඒ අතීතයේය. එදවසය. මා ඒ සුපහන් ඉමිහිරියාවේ වහලියක වුයේ මගෙ මනාපයටය. ඉඳින් ඒ උත්තම මාහැඟි යුතුකම මා ඉටු කළ වග අකුරට හිත පොතට බැඳී මටත් ආලවන්ත ඔබ සැම වෙනුවෙන් තුටින් මෙසේ දැනුම් ලමි.

ඇහැළ මලට දම් පාටක්

Highlights:

“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”

පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක

දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.

පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.

“The tree of Paramee…!”

“මම පාරමී?”

“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා

ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”

“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”

මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”

“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු

ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”

“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.

අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”

“ඇයි ඒ?”

“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

ස්වෛරී

Highlights:

මුදලට ඇඟ විකිණූ ගණිකාවක ගේ එක ම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් සහ බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකත්වයන්ට සහ පරාජයන්ට මුහුණ දුන්නේ ද යන්න ගැන වත්, ඇය විඳී මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැන වත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතූහා වූ වාර ගණන ගැන වත්, කිසිවෙකු හෝ සොයා නො බැලී ය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවී ය. ඇය හැඬු තරම දන්නේ ඒ කඳුළු හෙළූ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරා ගත් මහ පොළොවත් පමණි.

අද ඔබට සිනාසෙන මිනිසුන්, දිනෙක ඔබ වෙනුවෙන් ප්‍රියසාද පවා පවත්වනු ඇත. ඔබ ඔවුන් ගේ මිතුරන් බවත්, නෑදෑයින් බවත් බොහෝ ආඩම්බරයෙන් කෑ ගසමින් කියවනු ඇත. ඔබ ඊයේ දිනයේ කෙතරම් කඩා වැටුණා වුවත් කමක් නැත; අද අලුත් දවසක් බව පමණක් සිහි කරගන්න.

මගේ පුත්තු හොරු අරං

Highlights:

කතාවට නම් අම්මල හැමෝම කියන දෙයක් තමයි මං මගේ දරුවන්ට කරන්න තියෙන හැම යුතුකමක්ම ඉෂ්ට කලා. දැන් මාව එයාලා බැලුවත් එකයි නොබැලුවත් එකයි. මං කවදාවත් දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියලා. අම්මලා එහෙම කියන්නේ පට්ටපල් බොරුවක්. ඔය අම්මා මැරෙන පුරාවටම තමන්ගේ පුතාගෙන් බලාපොරොත්තු වෙනවාමයි.  මොනවද` සල්ලිද` නැහැ, ආදරය

තමන්ගේ මුළු ජීවිතයම පුතුන් වෙනුවෙන් කැප කරන අම්ම කෙනෙක් එක සත පහක් වත් වියදම් නොවන ඒ ආදරේ ලබන්න පෙරුම් පුරනවා. ඒ අම්මා ඒ ආදරේ ලබන්න ආස කරන එක වරදක්ද` මතකද පුංචි කාලේ අනේ මගේ රත්තරන් පුතේ කියලා අම්මා පුතාව තුරුලු කරගත්ත විදිය` සමහරවිට පුතාට දැන් ඒව අමතක ඇති නමුත් කවදා හෝ දවසක ඔහුගේ බිරිඳ ඔහුගේ දරුවන් බදාගෙන සුරතල් කරන විට ඔය විදිහටම නේද මගේ අම්මාත් මාව හදන්න ඇත්තේ කියා හිතෙන්නේ නැද්ද`

කොක්මොටේ

Highlights:
ඇය ගංගාය.
විල්පත්තු කොමලිය දරාගෙන ඉන්නා චී සුන්දර ආත්මය නමින් ගංඟාය. දශක දෙකකට ආසන්න කාලයක් වාසභූමිය කොක්මොටේ කරගත් ආත්මයේ සැනසීම සොයනා රූමතිය ගංගාය.
දුටු විට කෙනෙක් කම්පනයටත් භීතියටත් පත් කරනා බිහිසුණු පෙනුමක් හිමි ඇය, ඇයට ඒ තත්ත්වය උදා කල නරුමයාගේ අවසානය තෙක්ම යුක්තිය ඉල්ලා මහ වනයේ සැරිසරන්නීය.. මේ ඔබ දුටු විල්පත්තුවේ නොදුටු ඇයගේ කතාවයි.

නුවරක සෙනෙහස

Highlights:
‘……චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.”
කිරිඅම්මා කියවාගෙන යයි.
”ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ”
”……ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”
”නෑනෙ කිරිඅම්මේ”
“‘ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ”

ද්‍රෝහී

Highlights:
මට ඔහු මුණගැසුණේ ය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි;
ප්‍රත්‍යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය.
ද්‍රෝහියා…?
මට සිනා පහළ වෙයි; ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට ,
අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි.
මේ වූ කලි ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටාප්‍රාප්තියයි;
දේවල් පවතින හැටියෙන් ම පිළිගන්නට හැකි වීමේ ප්‍රමෝදය අත්විදිමින්
පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි.
මෙට්ටය යට හිර කර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම,
කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි.
‘දෝහියා’ මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේද , කොතැන දී ද
කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහිපය
පුරවා දැමීමට සිදු වෙයි. පොත සම්පූර්ණ වූ විට
ඔහු කවුරුන් දැයි අමුතුවෙන් හදුන්වා දෙන්න
මට සිදු නොවනු ඇතැයි මම සිතමි.
මේ ප්‍රහේලිකාව සකස් කරන්න මා වන මුත්,
එහි කොටු පුරවන්නා බවට පත් විය යුතු වන්නේ ඔබයි.

මිත්තා

Highlights:
“මට ගෞරවය ලැබිය යුත්තේ පසුවයි. ලක්දිවට බුදු දහම ගෙන ඒමේ ගෞරවය පළමුවෙන්ම මා මිත්‍ර අශෝක රජතුමාට හිමිවිය යුතුමයි. එතුමා තම දෑස වන් දරු දෙදෙනා ලක්දිව බුදු දහම ප්‍රචලිත කිරීම උදෙසා එවීම තරම් වෙනත් පරිත්‍යගයක් කොයින්ද?
– දේවානම්පියතිස්ස රජතුමා –
“මිහිදු හාමුදුරුවන්, සංඝමිත්තා තෙරණියන් ගැන අහපු දවසෙ මම හිතුව පැවිදි වෙන්ඩ. ඒත් පණ්ඩු අයියණ්ඩිව දැක්ක දවසෙ මගේ හිත වෙනස් වුනා.”
– මිත්තා –
“උඹගෙ ජීවිතේ මල් පිපෙන කාලෙ ළග ළගම එන එසා ඒ විදියෙ හීනයක් පේන්ඩ ඇති. උඹට දැන් දීග යන්ඩ කල වයස හරි.
– කරි අම්මණ්ඩි –
“අපේ අම්මණ්ඩිලා කියපු දේට අපි කැමති වෙලා දීහ ආවා මිසක් කැමති නෑ කැමැති නෑ කියලා මහ පොළොවේ හැපෙන සිරිතක් ඉස්සර අපි ළග තිබුනෙ නෑ නෙව.”
– චේතියා –

සල් සපු අරණ

Highlights:

සකුනිකා ප්‍රදීප්ගේ මූණ බැලුවාය. ඔහු සියල්ලන්ගේම දෙබස්වලට සවන් දුන්නා විනා කිසිවෙකු වෙනුවෙන් යමක් කීවේ නැත. ඔහුගේ අදහස් දැනගන්නට සකුනිකාට බලවත් උවමනාවක් පැවතියද ඔහුගේ මුහුණේ ඉරියව්වකින්වත් ඇයට එය අනුමාන කළ නොහැකි වුණි. ඒ දුක, සතුට,සන්තාපය වැනි දේවල්වලට ප්‍රගීත් බරපතළ ප්‍රතිචාරයක් කිසිවිටෙකත් නොදක්වන නිසාය.

සන්තාන සිත්තම්

Highlights:

“ඔව් දෙව්… මටත් ඕන ඒ වගේ ආදරයක්… ඒතරම් ආදරයක් මම දැකලා නැහැ”

“මම නම් ඊට වඩා ආදරයක් දැකලා තියනවා තුෂ්… මම ඔයාට දෙන්නම් ඒ වගේ ආදරයක්… ඒත් මට සැකයි… ඒ තරමට මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් ද කියලා ”

දෙනෙත් – තුමායා

“හොඳයි අප්පච්චී… ගිහින් එන්නම්” බිඟුන්ගේ අතට ඒ සුරත සිර විය. ඇයගේ සවනට ඒ දෙතොලේ සුසුමේ උණුසුම සමඟ කිතියක්ද දැනිණි. “එකක් නම් බැහැ රන්… මගේ වයිෆ්ට බබාලා තුනක්වත් ඕන… ඒ නිසා ඔය සුදු බංඩිය පරිස්සමට තියා ගන්.

බිඟුන් – පවීන්

උඹේ ලොකුකම හොඳටම වැඩි වුණේ මයෙ ඉවසීමක් එක්ක ගර්ලියෝ… උඹ මොකද්ද මට කිව්වේ… උඹව බලන්ට මනමාලයෙක් ආවා කියලා නේද…. තෝව බඩ කොරලා අත ඇරියාම ඒකා ඇවිත් ඇන්න යයි… දෑවැද්දට බඩත් එක්කම” “මාව විශ්වාස කොරන්ට අයියණ්ඩි… මම මුසා කිව්වේ අයියණ්ඩි එක්කම එන්ට මනාප නිසානේ… එතකොට අයියණ්ඩි මාව ඇන්න යයි කියලා ”

බැසිල් – ගර්ලි

හිනැහෙන් රොබරෝසි

Highlights:

‘ආදරණීය නිරෝධා සියල්ල සිදුවී අවසන් බව මම දනිමි. නමුදු ජීවත්ව සිටියෝතින් කවදා හෝ විඩාපත් මැදිවියට එලඹෙන මාගේ පහන් සංවේගය පිණිස, කුමක් හෝ මෙහි කුරුටු ගාන්නට මම සිතමි.අදද අඟ නගරයෙන් බැහැරව යන දිනක, ඔබත් මාත් හමුවී දොඩමලු වූ තැන් දකිද්දී හිතට දැනෙනා හැගීම් විස්තර කරන්නට පොහොසත් කමක් තවමත් මා ලග නැත. තාමත් මේ මොහොතේත් ඔබගේ හුරතල් කටහඩ මගේ දෙසවන් තුල නින්නාද වේ. ඔබේ සිනා හඬ මා පාරවමින් දසතින් ගලා යයි. ඔබට කියන්නට බොහෝ දේ සිතේ සිරවී තිබූ බව ඔබත් නොදැන සිටින්නට ඇත. නමුදු මම ඔබට අසීමිතව ආදරය කළෙමි. ඔබ එය හොදින්ම දැන සිටි බවද මම දනිමි.එහෙත් මා නොදැන සිටි බොහෝදේ තිබූ බව මම පසුව දැනගතිමි. එවිට සිදුවිය යුතු සියලු ව්‍යවසනයන් සිදුවී හමාරය.මා මේ මොහොතේත් උමතුවෙන් මෙන් ඔබට ආදරය කරන බව මම දනිමි. ඒ උතුම් ආදරය, මේ පව්කාර ලෝකයා ඉදිරියේ දිග හරින්නට මට උවමනාවක් නැත. මා ඔබව විශ්වාස කල තරම, මා ඔබට උමතුවෙන් පෙම් කල තරම මා පමනක් දැන සිටියාට කම් නැත .හිතට දුක එබෙන්නේ, ඔබත් එය දැන දැනම, පහන් දැල්ලක් ඉදිරියේ එයට ආසාවෙන් පිලිස්සී මියයන පළගැටියෙකුගේ තත්වයට මා පත් කළ නිසාය. ජීවිතයේ අවසන් කඩයිම පැමිනෙන දෙස මම විස්සෝපයෙන් බලා සිටිමි. බලාපොරොත්තුවක් හීනයක් නොමැති සිතකට පවන් සලන්නේ මරණයේ රුදු වේදනාව බව මම දැන් දනිමි.ඉදින් කමක් නැත. සිතට එන සියලු දේ මෙහි කුරුටු ගාන්නට මම උත්සහා ගන්නෙමි. මගේ උත්සාහය සාර්ථක වේ දෝ දැයි මම නොදනිමි. ප්‍රේමියේ, හිදිනා තැනක ඔබ නිදුකින් හිදීවා. අදටත් මාගේ පරම පවිත්‍ර ප්‍රාර්ථනය එයයි. ඔබට යහපතක්ම වේවා”

රුකී

Highlights:

“රුක්මල් …ඉන්නවද…”

කෝමල හඬින් දුරකතනයෙන් ඇසුණු ගීතවත් කටහඬ රුකී සැනෙකින් හඳුනා ගත්තේය. ඔහු ආච්චී මම්මාට අතක් වනා වහා කාමරයෙන් පිටවිය.

̈මහත්තයා නෑනේ…” රුකී කටහඬ වෙනස් කරමින් කතා කළේය.

”නෑ….”

“ඔව්… මහත්තයා නෑ… මේ කතා කරන නෝනා කවුද..?”

“අ…නේ… මං නෝනා කෙනෙක් නෙමෙයි… රුක්මාල් අඳුනන කෙනෙක්…”

“හරි…හරි…. අඳුනන අය තමයි කතා කරන්නේ… ඔය නෝනගෙ නම මොකක්ද…?”

“මං……මං…. ගුවනි……”

“මහත්තයා කතා කරොත් මං කියන්නම්…”

”කතා කරොත් කියන්නෙ ඕක රුක්මල්ගෙ ෆෝන් එක නෙමෙයිද?” ගුවනි ඇසුවේ නොඉවසිල්ලෙනි.

“මහත්තයගෙ තමයි… දැන් තියෙන්නෙ මගේ ළඟ… මහත්තයා හදිස්සියෙම රට ගියානේ…”

“රට ගියා….?”

ගුවනි ඇසුවේ විශ්මයෙනි.

මොණර විලාපය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

මම ආවේ ඔයාට ලක්ෂ විසි පහක ඔෆර් එකක් අරන්..?
ඒ හඩ පෙරට වඩා පහත ය. නමුත් තියුණු ය.
“ඒ කියන්නේ කොටි කාලක්.”
ඒ කතාවට තරුණියගේ උගුර කැට වේලි ගියේ තමා එවර මොන උගුලකට හසුවෙන්න යනවාදැයි සිතාගත නොහැකිවය. මොවුන් කෝටි කාලක් නිකමට පුදදෙන්නේ නැත. ඒ වෙනුවෙන් තමාට කොටි ගණනක දෙයක් කර දිමට සිදුවෙතයි ඇය මේ ගෙවුණු පැය කිහිපයට අවබෝධ කරගෙන උන්නාය.
“නහයට උඩින් වතුර ගිය එකාට ඔලුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි ,තේරෙනවනේ මං කියන දේ . දැන් ඔයා කොහොමත් ගිලිලා ඉවරයි කෙල්ලෙ මෙතනින් ගොඩ එනවද නැත්නම් පවුලේ අනිත් අයවත් ගිල්ලවගෙන මැරෙනවද
කියලා ඔයාම තීරණේ කරන්න.”

1 2 3 18 19
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping