Award Winners

Award Winners

(Showing 1 – 60 products of 85 products)

Show:

Prophet Song – Winner of the booker prize 2023

Highlights:
The explosive literary sensation: a mother faces a terrible choice as Ireland slides into totalitarianism On a dark, wet evening in Dublin, scientist and mother-of-four Eilish Stack answers her front door to find the GNSB on her step. Two officers from Ireland’s newly formed secret police are here to interrogate her husband, a trade unionist. Ireland is falling apart. The country is in the grip of a government turning towards tyranny and when her husband disappears, Eilish finds herself caught within the nightmare logic of a society that is quickly unravelling. How far will she go to save her family? And what – or who – is she willing to leave behind? Exhilarating, terrifying and propulsive, Prophet Song is a work of breathtaking originality, offering a devastating vision of a country at war and a deeply human portrait of a mother’s fight to hold her family together.

පහනක අඳුර

Highlights:

මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ
දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා
අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද
දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය
අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක්
ලෙසිනි.

අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල්
නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම
මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව
ප්‍රහසනය නිමවයි.

සමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්යයා ද,
සමාජ-රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද නිවී යයි.
පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ
ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට
කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට
රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය
තුළ කියැවේ.

අකාල අහස

Highlights:

“මහා පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තව කොටසක් බලය නැති වේ කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැක ගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා.”

ඔසඳ

“ගඟ සන්සුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුණා, ඒත්, දැන් ගඟ වෙනස් වෙලා රාළහාමි…ගඟට වුණත් දරන්න බැරි තරම් කතා ගඟේ පා වෙලා යනවා”

කාසිම්

කුඹලා මැටි පදම්කළ හැටි

Highlights:

ෂා…! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත
තීරණයක් ද බං ඒක. බලපං…! අදත් මං මේ මැටි වළේ මැටි
කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං
ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක්
රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක්
ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං.
මං අදටත් මැටිකපනව. මේ අහපං… අපේ තාත්ත ගත්ත තීරණේ
හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල
තියෙනවනේ මිනිස්සු ගස්වලට නගිනව. ගහේ කොච්චර
ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං
ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල
පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක
තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ
තමයි

කරුනෙ

Highlights:

“මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි
මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ……….
අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක්
ඉස්කෝලෙ ගියාම ඇති…. නිවීහැනහිල්ලෙ
කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ….
අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන
හැටි කියාදෙන්නෙ නෑනෙ… ඒක කරන්ට
පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට
යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ….
ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින
මිනිහෙක්… බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි
කවුරුහරි කියා දෙන්ට හිටියනං
බුදු හාමුදුරුවන්ට මේ කපේදි
බුදු වෙන්ටත් බෑ…”

මුන්නක්කරේ සංසාරේ

Highlights:
සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්‍යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත්‍රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්‍රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය.

දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය.

වෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය. සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වින, මෙහොතකින් විදුලි කොටන්නට විය.

ඉක්බිති ඇද හුලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.

කුර හඬෙකි වියැකෙන

Highlights:
නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.

ගිරිජා

Highlights:
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා – රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්‍රව චිත්‍රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප්‍රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්, දුක් සුසුම්, කඳුළු සිනා එක්තැන් වුණු නවකතාවක්.

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

Highlights:

නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින
මහා කවියා වයෝවෘධ ය ;
බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම
දුබල ය.
බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක
ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ
පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක
ඔහු කියුබිසම්  ආරේ චිත්‍ර අඳී..  ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ
ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන්
චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක
ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී.
ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු
මත්පැනට ඇබ්බැහි වේ.
කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක්
නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි.
කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ.
ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා
කථිකාචාර්යවරියක විසින්
කිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ.
තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර
කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි.
සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට
ලක් කළේද?  ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික
හැසිරීමට රුකුල් දුන්නී ද?

ප්‍රේමාක්ෂර

Highlights:
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.

සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.

ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.

වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.

සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.

“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.

මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.

DUO – ඩුඕ

Highlights:

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක
ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු
සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති.
හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති.
අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ
දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.

උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව
සැනසුම සොයා සරන්නී, සතුට අන්
තැනෙක සෙව්වාය.සාරා අරුමැසි ජිවිතයේ
ප්‍රහර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින
අදිටන සුරතට කැටි කොට ගත්තාය.

විසඹසර

Highlights:
“රැලි සරැලි නගමින් නිහඬව ගලායන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වී, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුලු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලායනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”

පඬුරු බඳින ගස්

Highlights:

මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.

සුදු කපුරු පෙති

Highlights:

2003 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගත් ‘සුදු කපුරු පෙති’, ප්‍රවීණ නවකතාකාරියක වන තුෂාරි අබේසේකරගේ නිර්මාණයකි. මිනිසා විසින් පනවා ගත් සීමා මායිම් ඉක්මවා ගිය ආදරයක් පිළිබඳ කතාවක් මේ කෘතිය සඳහා පාදක වී තිබේ.

කලල් දිය

Highlights:

“ඔය කොක් රන්චුව බන්ට් එකට උඩින් උදේට පියාඹන්නේ දාගොන්න වැවේ මාලූ අල්ලන්න. එහෙ ගියොත් ඔයාට තව ටිකකින් දැක ගත්තැහැකි සිල් ගත්තු කොක්කු වැවේ ඉවුරේ ඉදන් මාලු අල්ලන හැටි……” ~ වින්දුල

සංසක්කාරී

Highlights:

…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.

හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”

සී +

Highlights:

ලංකාවේ ජනප්‍රියම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප්‍රශ්නාර්ථයක් පැන නැඟුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප්‍රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරනට තකහනියේ පිටුු පෙරළන්න හදිසිවෙන්න එපා.

කතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හීරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත් වී, ඡේදවල මුල්ලට වී අදෘශ්‍යමානව, වාක්‍ය රටා අතර උඩු යටිකුරු වී, වචන අතර හිස් අවකාශයේ තනිවී.

මගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වවා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළොවේ ගැසුවා. ජීවිතයේ නැවත කිසි දිනෙක ගී පද රචනා කිරීමට මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවට මේ පොතේ අපේ කතාව ලියා තියනවා.

මගේ චිකාගෝ හදවත

Highlights:

කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි. මගේ චිකාගෝ හදවත. කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය.

ඉරණම විසින් තළා පෙළා, අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්තවය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබු මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා-අමෙරිකානුවන්ගෛ් ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමඟ එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදෙකලාව හා ආධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.

ප්‍රේමානිසංශ

Highlights:

පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි…..,

මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිත් ගිය පිට සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින්  සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි..,

ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් ‍රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ‌ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් වගයි.

චක්‍රවර්තී

Highlights:

ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගතේ ය.

රාත්‍රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අගුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හිං හීතලද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යාන්තමින් සඳදිය උතුරන සඳමඩල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අත්හදා බලන්නට පටන්ගත්තේ ය.

යාන්තමින් දැස පියවීගෙන එද්දී සැවැන්දරා සුවඳක් සමග කිසිවෙක් තමාට නුදුරින් වැතිරුණු බවක් ඔහුට දැනිණ. එක්වරම ඔහු අත ගියේ පැදුර යට සැගවූ කිනිස්ස වෙතය.

“ඇතුළෙ කළුවරයි අයියණ්ඩි.. මට බය හිතුණා.” ඒ හඬ සිහින් කෙඳිරියක් මෙන් විය.

කොහේදෝ සිට පාව ආ වලාකුළකින් ළා සඳමඩල වැසී ගියේය.

හින්දොස්මාලේ

Highlights:

රාශි චක්‍රයේ 7, 14, 21 රිට්ටාවෙන් උපදින්නන් උපදින්නේම යක්‍ෂ දෝෂ හා ඇල්ම බැල්ම ඇතිව යයි අතීත විශ්වාසයක් ද වූයේය. ඒවා දුරුකරලීමට සතරබුදුවරුන්ම වැඩම කරවිය යුතු වන්නේලු. හින් හෙවත් සින් යකුන් දෙවිදේවතාවුන් මෙන් ම වන්නි හත්පත්තුවේ වනාන්තරවලට අධිගෘහිත වූයේය. මේ යක්‍ෂ ඇල්ම බැල්ම වැටුණු අවාසනාවන්තයන්ට ජීවිතයම ශෝකාලාපයක්ම වූවාට සැක නැත. වන්නි බණ්ඩර දේවතාවුන් ලෙසින් හැඳින්වුණද ඒ දේවතාවුන් දෙවියන්ට වඩා යක්‍ෂයන්ට සමීප වූවන් බවද පැහැදිලි වෙයි. බොහෝ විට පෙරහැර සැදී වන්නි හත් පත්තුව මැදින් ගමන් කළේ දෙවි දේවතාවුන්ම පමණක්ම නොවේ. බොහෝ යක්‍ෂයින්ද ඒ අතර වූ බව පෙනෙයි.

දිවයිනට ගොඩ බට බොහෝ දේවතාවුන්ට පරිවාර පෙරහැර ද වූයේය. මේ දේවතා යක්‍ෂ පෙරහැර සාමාන්‍ය වන්නි ජනතාව බියපත් කරමින් සැමදා වැජඹුණේය. දේවතාවුන් පසුපස යන මේ පන්දම් පාලියද පසු කලෙක බණ්ඩරවරුන් වී තමුන්ම හිස උදුම්මවා ගත්හ. දමිළ පන්ඩාරම්වරුන් හෙවත් බණ්ඩරවරුන්ද සූරාකෑම තරම් වෙන යමක් මානව සමාජය වෙත ප්‍රදානය කර නැතැයි මට සිතේ.

මාල කව් නම් වූ ශෘංගාර කාව්‍යයන් බිහිවුණේ මේ නිලමක්කාරයින්ගේ නොසන්සිඳුණු ආශාවන් තෘප්ත කරලීමේ අපේක්‍ෂාවෙන්ය. පැරකුම්බා සිරිතින් යන්තමට ඇරඹුණු පුද්ගල කාම ශක්ති වර්ණනාව මහනුවර යුගය වෙද්දී එහි උච්ඡතම අවධියට එලැඹ තිබුණේය. රජදරුවන්ගේ පමණක් නොව ඇහැලේපොළ, මොනරවිල, පිළිමතලව්වේ වැනි නිලමක්කාරයින්ගේද කාම ශක්ති වර්ණනාවන් මාල කවි බවට පත්ව තිබුණේය. ඒ හැර කල්ල මාලේ, ආඬි මාලේ, රණහංස මාලේ ආදි විවිධ කාම වර්ණනා ඇතුළත් මාල කව්ද බිහි වූයේය. හින් දොස් මාලේද මාල කාව්‍යයක් වුවද එයින් කියැවෙන්නේ එකී හින් යකුන් හෙවත් කුඩා යකුන් විසින් සිඳ බිඳ දමනු ලැබූ වන්නි හත්පත්තුවේ සාමාන්‍ය ජනතාව මුහුණ පෑ ව්‍යසනයේ මාල කථාවයි.

සැබෑව සෑම විටෙකම ගිලෙන්නේ දෙවි දේවතාවුන්ගේ ප්‍රාතිහාර්යයන් තුළය. එයින් සැබෑව සදහටම යටපත් වී ප්‍රාතිහාර්යයන් පමණක්ම ඉතිරි කෙරෙනු ඇත.

සන්ධ්‍යානන්දය

Highlights:

කාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නෙ නෑ.කවුරු හරි දකී කියලද? නෑ දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකද්ද?

නකුල මුනි

Highlights:

2020 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබපු “පේත” නවකතාව රචනා කරපු එරික් ඉලයප්ආරච්චි මහත්මයාගේ අලුත්ම නවකතාව තමයි මේ.

පසුගිය වසරේ ඔහු රචනා කරපු “මැස්සා” කෘතියත් ගොඩක් අය අතරේ කතාබහට ලක් වුණා. තරුණ සංගීතවේදියෙක්ගේ චරිතයක් පදනම් කරගනිමින් නූතන කලාව ගැන විමසන මේ කෘතිය හැමෝටම එක සේ රසවිඳින්න නම් පුළුවන් වෙයිද කියන එක සැකයි. හැබැයි හැමෝම කියවන්න උත්සාහ කළ යුතු පොතක් හැටියට රෙකමදාරු කරන්න කැමතියි.

තරුණ සිංහල සංගීතවේදීයෙක් ස්විට්සර්ලන්තයේ දී දේවර් සූර්‍ය සේන පිළිබඳ ආචාර්ය උපාධි ලබා මව් රට පැමිණේ. ඔහු තම පර්‍යේෂණයෙන් මඟ හැරුණු සමකාලීන සිංහල සංගීතයේ සත්‍ය කතාව කියන්නට ප්‍රබන්ධයක් රචනා කරයි. ඒ සංගීතය පිළිබඳ පර්මෝත්කෘෂ්ට අදහස් රෝපණය කළ තවත් සංගීතවේදීන් ගැනය. කලාව පිළිබඳ පටු ආකල්ප වලින් ඔද්දල් වී ගිය පකිස් කලා සමාජයක එවැනි අදහස් දරන්නෝ න්‍යාය හා භාවිතය, ප්‍රබන්ධය හා සැබෑව, පෙරදිග හා අපරදිග, නිර්මාණය හා විපරීතය අතර මං මුළා වෙති…

දෙවැනි ගැහැනිය

Highlights:

“මම යනවා.” ඇගේ සැමියා කීවේය.

මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.

ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

මේ, ඒ කතාවයි…

කැන්ඩි මහල්

Highlights:

මේ සිංහල වූ දෙමළ, මළයාලී තෙලිඟු මරාති හා යුරෝපිය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රරකයයි’ ගම්වාදී දුනුකාර හමුදාවලට බැදි සිට් අපේ මුතුන් මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත්‍රත්වයයි’ මේ බිංදු බිංදු සින්දුවතියක් බදු නන්සිනගේ කතාව’ මේ මරිය පොරලේන්තින වංශවත් ස්ත්‍රීයක වීමේ සිදුවීම් දමයයි’ මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි’ මේ කොලොබ” යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ ම්සියුම් ගැටුම් දාමයක ප්‍රබන්ධයයි

නිල් කට්රොල්

Highlights:

මෙය වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැඟු කාශ්‍යපගේ කතාව පමණක් නොවේ එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලිගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.

The Waiter

Highlights:

One of my favourite reads of the year’ Abir MukherjeeKamil Rahman, disgraced detective, turned waiter, is about to find himself embroiled in a case that might just change his life…for better or for worse. Ex-detective Kamil Rahman moves from Kolkata to London to start afresh as a waiter in an Indian restaurant.

මලබාර් නෑයෝ

Highlights:

නගරෙත් එහෙම තමයි.කුලීනයන්ගෙ ගෙවල් වල බතුත් ඉදෙන්නෑ.ඒ උත්තමයොත් අපෙ ගානට වැටිලා . අටුකොටු පාලුවෙලා…. බඩට කන්න නැති නිලමෙලාට අපිට හෝදන්න කිලිටි දෙන්න තියෙයියැ. මේ ටිකේම උඹලා හිස් අතින්නෙ ආවෙ.” සුදුහවඩියා කීවෙ අනුකම්පාවෙනි. මෙහෙම ගියොත් තමාගේ මිනිසුන් බඩගින්නේ මියැදෙනු ඇත .

මන්දාරම් උයන

Highlights:

දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය . අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනක.

වීනස්ගේ උපත

Highlights:

යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැදීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැක ගත් යෞවනියක් …. ප්‍රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසාව ජිවන අපේක්ෂවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැලද ගත් යෞවනයක් … හදවතේ ගැබුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අදුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීරණ වන ඔවුන්ගේ කතාවේ අපුර්වත්වය විදින්නට ‘විනස්ගේ උපත ‘ ඔබට ආරාධනා කරයි.

ස්වප්න

Highlights:

දේශපාලකයෝයි දේශපාලනයයි ගැන ලියන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් . කුජනා දැකලා ඇතිනේ . සමාරත් බොනවා සම්මනිත් බොනවා . ගැනියක් වයින් ටිකක් බිව්වට බේබද්දෙක් වෙන්නේ නෑ.

පුලිඟු

Highlights:

මළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දනන්ගෙන් තෝරා ගත් චරිත කිහිපයක්…

මා 

Highlights:

ජිවිතය මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් එයට අදාල නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොතේ විසිනි . අවසාන ශේෂ වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි.

ගුම්

Highlights:

ඔබගේ විප්‍රයෝගයේ උදාරතර හැඟීම් ගැඹුරු නින්දකින් අවසන් නොකරන්න. කඳුළු ගංගාවක ආත්මය පොඟවමින් සදාතනික අබ්බගාතයෙක් නොවන්න. ඔබගේ විප්‍රයෝග ගින්න ශාන්ත රසය දෙන ගීතයක්, කවියක් හො චිත්‍රයක් කොට ජීවිතයෙන් පලා නොයන්න. ඔබගේ තුවක්කුවේ උණ්ඩ අවසන් වන තුරු කෙසෙල් ගසක් කීතු කීතු කොට බිම දමන්නට සමත් වූ ඔබගේ විප්‍රයෝගයේ වෛරය පිළිබඳ විශ්වාසය තබන්න.

මියුරු හඬ

Highlights:

බිලින්දෝ ළමයි වන්නේ ද නැතිව වැඩිහිටියන වනු පෙනිණි’වියෝ දුකකට කදුළු වරමක් ලැබෙන්නට පෙරම පසුබ යා යුතු තරමට මිනිස් හදවල ගොළුවන සුළු පහත් වී තිබිණ’ වෙරලබධ මිනිසුන්ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබු නමුදු දරුවූ මවු සෙනහස ඉල්ලන කරලිකරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දන ගන්නට පෙරය’ මියුරු හඩක් මතුවන්නේ එවැනි කරලිකරයෙකු ජිවිතයට අබ්භියෝග කල අවස්ථාවකය බිලින්දෝ

පොල් මට්ටා

Highlights:

“මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා….ගැට ගැහුවා කියල මේකට හානියක් වෙන්නෙ නෑ.ටිකක් වෙලා යනකොට මේකා අඬනවා.මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ.හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා.තේරුණාද

නිෂ්ක්‍රාන්තිය

Highlights:

මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද , නිතිය ද , නිෂ්ක්‍රාන්තිය පත් වන්නට ඉඩ දිය නොහැකිය.

රුදු රොන් සුනු

Highlights:

ඔහු රථය පන ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේය. ඇය ද මදක් එසවුණු අතින් ඔහුට සමු දුන්නාය. රථය ඉදිරියට ඇදෙන්නට විය.

පන්හිද

Highlights:

මයෙ දැහට පෙනී පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වේ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරලා දලා ගියේ.තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියා වූ

තී හා තා

Highlights:

තී හා තා අසීමිත බැදීමක් පිලිබද කතාන්දරයකි . ආදරයක මටසිලු බව සේම රළු පරළු බවද එක්තැන් කල අමුතු නවකතාවකි.

නිම්නාගේ ඉතිහාසය

Highlights:

නිම්නය උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දා ය . එක ඉතිහාසය අලුතින් ඇරබෙන දවසක් එතැන් පටන් දිගහැරෙන අගේ ජිවිතයට ඇගේ අම්මගේ පරම්පරාවත් , මිත්තනියගේ පරම්පරාවත් මි මිත්තනියගේ පරන්පරවත් වරින් වර මුණගැසෙයි .

රතු ඉරි අඳින අත 

Highlights:

මාරක කතා ,හාස්‍ය කතා වැනි ජනප්‍රිය උපෂනරිය අකයන අංග වේගයෙන් දිවෙන ක්‍රියාදාමවලින් යුතු නවකතාවක් සදන්නට එකලස කරන රතු ඉරි අදින අත සරල කලකමිත්වය සහා මතුපිට සංස්කෘතික බාවයෙන් තුනී ආවරණය යටින් ඇති සමකාලින ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප්‍රාසය ආත්මය කොටගත් සිධිදමයක් ඔස්සේය. මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබද අනුවේදනීය චිතරයක් ද ඒ අතරම මෙහි දැකිය හැකිය.

කුමර කොබෙයි

Highlights:

නිහඩ ගති පැවතුම් ඇති , කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය සැගවී සිටින සිය පෙම්වතා ,කලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය.

අතකින් අම්මා ය අතකින් මෙරමා ය

Highlights:

එක්තරා දිනක කුණාටුවකට හසුව , කුඩුව සිදී ගසාගෙන ආ ගිරා පොතකයින් දෙදෙනෙකු හා සරිව කුඩා ගැහැණු ළමයි දෙදෙනෙකු අරාමයට ගොඩ වැදෙනවා.මේ ළමුන් දෙදෙනා , පසු කලෙක , අයෙක් පැවිදිවත් අනෙකා උපැවිදිවත් දෙමගත් දිගේ දෙඅකාරයකින් තම අතීතය සොයාගෙන යනවා.

බලන් පුර සිරි නෙත් වසා 

Highlights:

එත් මචං මං උබට එකක් කියන්න ඕන යුනිවසිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි.

දෙගොඩවාරම

Highlights:

ගැහැනියකට තනිව ජිවත් විය නොහැක යන පිරිමින් විසින් සමාජයට දමනු ලබ ඇත්තේ පිරිමින්ගේ දුෂ්ටිකොනයෙන් තම සිතුම් පැතුම් මෙහෙය වන තමාගේ ආරක්ෂකයා තමාම නම් බාහිර ආරක්ෂාවක් කුමටද ?

මධුර මන්තර

Highlights:

ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැද ගියහ.ගර්හාවේ කිනිසි තුඩ පසුපස හබා එද්දී ගමන ඇත නොහලහ.

බාණ කුසුම්

Highlights:

සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්‍රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.

සිදුරු පත්තර

Highlights:

රටේ ඉන්න දෙපක්ෂයකි එක් පක්ෂයක් පාක්ෂිකයන් ය අනෙක් පක්ෂය සාමානය රටවාසියන්ය.

භේරුණ්ඩ කැදැල්ල

Highlights:

නිත්‍යා යක්ක්ෂ බැල්මෙන් ම දෙස සිටියාය හැම විට ම ඈගේ සිත තුල ජිවිත වූ මදන යකින්නිය මැ දෙස බලමින් අගමැලි කඩනු මම අත් දකිමින් සිටියෙමි.

මැස්සා

Highlights:

හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මැ වෙතොත් හෝ මා නොවන හේ මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාටකයා වහා කැදවන මේ යෞවනයේ – බුද්ධි උපයන ,

ආරාමදාස

Highlights:

ඉතිහාසය ගොඩනැගීමටත් ඊට යටත්වීමටත් එකක් නොව , හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාවලි දෙකකි . මේ දෙමගින් කුමක් ඔස්සේ ගමන් කල යුතු දැයි කෙරෙන ,

කදඅරනි

Highlights:

අහිමි වූ ආදරයේ , තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ ,මන් සලකුණු සොයන්නට , න යකුන් නොරිදා , නැගී ගුරුලෙකු පිට , අතීතයට පියාබන , ගිලිහුණු වැදී වංශයේ , පබළු එකිනෙක අමුණන මී පැණි සුවදින් පිරුන,ඒ පනියේ පහ තැවරුණු , වැඩි යුවතියකගේ , අරුමැසි කතාන්දරය වෙයි , කඩ අරනි.

ජිවිතයේ ඔයිල් පැල්ලම

Highlights:

උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..

කොමල මාණවක

Highlights:

දැන් මල්කදුවාට ගමේ තරුණ කල වන්ද්දර්ෆුටන් නිවසේ ගැහැණු ලාමයි හා නාට්‍ය පිටපතක් රගදක්වන්න පුහුණු වන්නේ ඒ අමාරු ප්‍රේමයේ සාක්ෂත් කර දෙන්නේය.

මුක්ති

Highlights:

මා ආපසු හැරී බලන විට මා පිළිස්සුව තැන වනමල් හෝ පැළෑටි කිසිවක් තබා පිළිස්සූ බවට කිසිසු සලකුණක්වත් තිබුණේ නෑ. අම්ම තාත්ත නංගිලා තබා තේවත් එතැන තිබුණේ නෑ. කළු බළල්, කළු කොටි, කහ බළල් වෙස් මුහුණු හා හෙල්මට් කීපයක් මිදුලේ පෙළට තබා තිබුණා. ඒ්වායේ ගසා තිබුණුු මොනර පිල සුළගට වැනෙමින් තිබුණා.

Upon A Sleepless Isle

Highlights:

DENSE GREEN FORESTS IN YALA, WHITE-SAND COASTS IN TRINCOMALEE, AZURE WATERS OFF THE SOUTH COAST, ANURADHAPURA’S ANCIENT TEMPLES, AND CRICKET. CIVIL WAR, POLITICAL ASSASSINATIONS, INTERNALLY DISPLACED COMMUNITIES, INDUSTRIAL-SCALE CORRUPTION. ALL ARE SRI LANKA. AS ARE SMUG BUREAUCRATS, NOSY NEIGHBOURS, AND STRAY DOGS WITH SERIOUS AXES TO GRIND. THROUGH THE EYES OF ANDREW FIDEL FERNANDO, CRICKET WRITER PAR EXCELLENCE, BOTH A LOCAL AND A TOURIST IN HIS HOME COUNTRY, SRI LANKA COMES ALIVE AS HE HURTLES DOWN HILLS IN KANDY.

රජා මං වහළා

Highlights:

‘රජා මං වහලා‘ යනු, ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද ‘පඹයයි ළමයයි‘ සහ ‘මකරට‘ යන වේදිකා නාට්‍ය පිටපත් කෘති දෙක මෙන්ම ගුණසේන Q&A නාට්‍ය සහ රංගකලාව කෘතියෙහි කතුවරයා විසින් රචිත තවත් සුවිශේෂී නාට්‍ය පිටපත් කෘතියකි.

BUY EBOOK VERSION

කන්ද උඩ ගින්දර

4.8 ★
4.8 ★
6 Ratings
5 ★
5
4 ★
1
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.

සිංහලේ අවසන් රජදහන

Highlights:

කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.

1 2
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping