Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-00-1785-5 |
Language | Sinhala |
Pages | 164 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
කරුනෙ
රු700.00
Price Summary
- රු700.00
- රු700.00
- රු700.00
“මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි
මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ……….
අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක්
ඉස්කෝලෙ ගියාම ඇති…. නිවීහැනහිල්ලෙ
කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ….
අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන
හැටි කියාදෙන්නෙ නෑනෙ… ඒක කරන්ට
පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට
යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ….
ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින
මිනිහෙක්… බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි
කවුරුහරි කියා දෙන්ට හිටියනං
බුදු හාමුදුරුවන්ට මේ කපේදි
බුදු වෙන්ටත් බෑ…”
Notify me when item is back in stock.
Be the first to review “කරුනෙ” Cancel reply
Related Products
සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
වණ්ණ දාසි
ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට වුවමනා නැති බවය එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය. යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරීක ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.
විලාසිනියකගේ ප්‍රේමය
“උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ”.
කොමල මාණවක
දැන් මල්කදුවාට ගමේ තරුණ කල වන්ද්දර්ෆුටන් නිවසේ ගැහැණු ලාමයි හා නාට්‍ය පිටපතක් රගදක්වන්න පුහුණු වන්නේ ඒ අමාරු ප්‍රේමයේ සාක්ෂත් කර දෙන්නේය.
කාල නදී ගලා බසී
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
පරණ තොප්පිය
ළමා කතා බොහෝ ගණනක් ලියා ඇති පියල් උදය සමරවීර මහතා විසින් රචිත මෙය 2011 වසරේ දී හොඳම ළමා කෘතියට හිමි රාජ්‍ය සම්මානය ද දිනා ගන්නට සමත් විය. පරණ තොප්පියක් සහ මී යයළුවන් දෙදෙනෙකු වටා කතාව ගෙතී තිබේ. කතාව අවසානයේ දරුවන්ට කළ හැකි සරල ක්‍රියාකාරකමක් ද අන්තර්ගත ය.
BUY EBOOK VERSIONධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
කෙලෙස් පර්වත
‘මහත්තයා හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා” යි මෙතෙක් ඔහු ළග නිහඬව සිටි සෝමා කිවා ය. ” මම හරියට බය වුණා… ” “සෝමා අහගෙනද හිටියෙ? ” “ඇහුණා…. මට හරියට බය හිතුණා. ” යි පැවසු සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වෙලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කිවේය. “ඒ මගේ අතීතේ වෙන්නැති…… මගේ අතීතේ මට වද දෙනවා “
රාමා සහ දිනූ
දරුවන් යහමගට පත්වන්නේ දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ යහපත් මග පෙන්වීමත් ගුණගරුක බවත් තුළිනි. ඒ සඳහා ආගම් හා ජාති භේද අවශ්‍ය නොවේ. රාමා හා දිනූ නවකතාව අපට පවසන්නේ එයයි.
BUY EBOOK VERSIONරජා මං වහළා
‘රජා මං වහලා‘ යනු, ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද ‘පඹයයි ළමයයි‘ සහ ‘මකරට‘ යන වේදිකා නාට්‍ය පිටපත් කෘති දෙක මෙන්ම ගුණසේන Q&A නාට්‍ය සහ රංගකලාව කෘතියෙහි කතුවරයා විසින් රචිත තවත් සුවිශේෂී නාට්‍ය පිටපත් කෘතියකි.
BUY EBOOK VERSIONමුක්ති
මා ආපසු හැරී බලන විට මා පිළිස්සුව තැන වනමල් හෝ පැළෑටි කිසිවක් තබා පිළිස්සූ බවට කිසිසු සලකුණක්වත් තිබුණේ නෑ. අම්ම තාත්ත නංගිලා තබා තේවත් එතැන තිබුණේ නෑ. කළු බළල්, කළු කොටි, කහ බළල් වෙස් මුහුණු හා හෙල්මට් කීපයක් මිදුලේ පෙළට තබා තිබුණා. ඒ්වායේ ගසා තිබුණුු මොනර පිල සුළගට වැනෙමින් තිබුණා.
There are no reviews yet.