Authors | |
---|---|
Publishers | |
ISBN | 955-21-1219-2 |
Language | Sinhala |
Cover | Soft Cover |
පොරොන්දම් බලන හැටි
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
පොරොන්දම් බලන හැටි ඉගෙනීමට අවශ්‍ය නක්ෂත්ර වගු හා පොරොන්දම් ශාස්ත්‍රය පිළිබඳ මෙතෙක් හෙළිදරවු නොවූ අති දුර්ලභ කරුණු රාශියක් අන්තර්ගත මෙම කෘතිය ජ්‍යෝතිෂ ග්රන්ථ රැසක් සම්පාදනය කළ ප්‍රවීණ ජෝතිර්වේදීයෙකුගේ මනා දැනුමේ හා දිගුකාලීන ගවේෂණයක ප්රතිඵලයකි. විවාහයට පමණක් නොව වෙනත් බොහෝ කටයුතුවලට පොරොන්දම් බලන හැටි ද මේ කෘතියෙන් හෙළිදරව් කරයි.
Add a review Cancel reply
Related Products
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
S.A.D. Isuru Dinushan –
ලව් එක ගෙදරින් දැනගත්තු කාලෙ කේනදර බලවන්න ඕන කියල කියනකොට අපේ පොරොන්දම් ගැළපෙයිද කියල අපිටම බලාගන්න පුළුවන් හරියට, මේ පොත අරන් උත්සහ කලොත්. මෙහෙමයි මේක ගත්ත කියල සාස්තරේ නොදන්න කෙනෙකුට ජෝතිශ්‍යවේදියෙක් වෙන්න බෑ.. ඒත් බොහෝ දුරට තමංගෙ පොරොන්දම් ගැළපෙනවද කියල තමන්ටම බලාගන්න පුළුවන්.අම්මල දෙගොල්ල අතර කේන්දර හුවමාරු කරන්න කලින් පොත් කිහිපයක් අරන් බැලුවා මේව දීල වැඩේ අල වෙයිද කියල. හැබැයි මං සාර්ථකයි මං පොත් බලල හිතාගත්තට වඩා හොඳට ගැළපුනා.. මේ පොතත් සෑහෙන්න උපකාර උනා වැඩේට..
ප.ලි. – කේන්දර පොරොන්දම් ගැන කිසිම විශ්වාසයක් නැතත් දෙමව්පියන්ගේ හිතසුව පිණිස මේවා කලද ගැළපිය යුත්තේ පොරොන්දම් නොව දෙදෙනෙකුගේ අදහස් බව තරයේම විශ්වාස කරමි.