Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-9348-39-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
මඟ දිගට ජනකතා
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙම කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය. මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි. එකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි.
Notify me when item is back in stock.
Add a review Cancel reply
Related Products
මද්දුම බණ්ඩාර
වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.
සූර සරදියෙල්
වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.
BUY EBOOK VERSIONවිසි වසක් වන්නියේ
වන්නි ජනයාගේ ගති පැවතුම්, සිරිත් විරිත් හා භාෂා විලාශය ඔවුන්ට පමණක් සීමා වී ඇත. මාස ගණනක් දිවා රෑ නොබලා වෙහෙස විද වගා කරගත් හේනක්, එක් රැයකදී වල් අලීන් වැද සම්පූර්ණයෙන් විනාශ කල හොත් ඔබට මොන අන්දමේ සිත් වේදනාවක් ඇති වෙයිද? එහෙත් ඔවුහු එය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකා ඔබ මෙන් සිත් වේදනාවක් ඇතිකර නොගැනීමට සමත් වෙති. වන්නි ජීවිතයේ අත්දැකීම් ඇසුරින් සකසා ඇති මෙම කෘතිය සුනිල් කුලරත්න මහතා ගේ රචනයකි.
දුටුගැමුණු රජු මළේ නැත
ඓතිහාසික පොත් පත් හා ජනප්‍රවාද ඇසුරෙන් දුටුගැමුණු රජතුමාගේ චරිතය පිළිබඳ නව අර්ථ කථනයක් ඉදිරිපත් කරන ඓතිහාසික නවකතාවක් ලෙස ‘දුටුගැමුණු රජු මළේ නැත‘ කෘතිය හඳුන්වා දිය හැකිය.
BUY EBOOK VERSIONඉතිහාසයෙන් ඇසෙන කතා
කුඩා වියෙහි සිටම දරුවන්ට ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම තුළින් ඔවුන් දේශාභිමානයෙන් යුක්ත යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය. ඒ සඳහා සරල බසින් ලියැවුණු ඉතිහාස කෘති දරුවන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය වීම අත්‍යවශ්‍ය ය. විවිධ ඉතිහාස ග්රන්ථ ඇසුරින් සකස් කොට ලිහිල් බසින් සම්පාදනය කොට ඇති මේ කෘතිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
වීදිය බණ්ඩාර
වීදිය බණ්ඩාර කෝට්ටේ සත්වන බුවනෙකභාහු නරේන්ද්‍රයාණන් යටතේ විසූ මහා රණශූර සිංහල සෙන්පතියෙි. කන්ද උඩරට රාජ්‍ය පාලනයට හා පෘතුගීසි පාලනයට ද තවත් සතුරු ආක්‍රමණ රැසකටද එරෙහිව සටන්වැද සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ප්රයත්නයක යෙදුණු අභීත රණ ශූරයෙකු ගේ චරිත කතාවත් ඒ සමගම පසුබිම් වූ ඉතිහාස කථා පුවතත් මේ කෘතියෙන් ඔබ වෙත සමීප කෙරෙයි.
BUY EBOOK VERSIONමරණයේ දොරටුව
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.
ශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.
ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල
ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
එදා හෙළ දිව
මහනුවර රාජධානි සමයේ ලාංකේය ගැන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි.
BUY EBOOK VERSIONසිංහල ථූපවංශය
සිංහල වංශ කථා ග්රන්ථාවලියෙහි මහාවංශය, චූලවංශය, බෝධිවංශය සේම ථූපවංශයට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ථූපවංශයේ සන්දර්භය ගොඩනැඟී ඇති අයුරු වටහා ගැනීමට ග්රන්ථාවසානයෙහි ගෙන මෙම පාඨය ප්රමාණවත්ය. “සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංශයෙහි කියන ලද රුවන්වැලි දාගැප් කතාව මෙලෙසින් කියා නිමවන ලදී.” ඓතිහාසික තොරතුරු මෙන්ම බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට බඳුන් වූ ග්රන්ථ රත්නයක් පරිශීලනය කිරීමේ භාග්‍ය මෙයින් ඔබට උදාවේ.
අභීත සිංහල වීරයෝ
දේශයත්, ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘත්තාන්තයන් හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.
BUY EBOOK VERSIONRecently Viewed
මියුරු හඬ
බිලින්දෝ ළමයි වන්නේ ද නැතිව වැඩිහිටියන වනු පෙනිණි’වියෝ දුකකට කදුළු වරමක් ලැබෙන්නට පෙරම පසුබ යා යුතු තරමට මිනිස් හදවල ගොළුවන සුළු පහත් වී තිබිණ’ වෙරලබධ මිනිසුන්ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබු නමුදු දරුවූ මවු සෙනහස ඉල්ලන කරලිකරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දන ගන්නට පෙරය’ මියුරු හඩක් මතුවන්නේ එවැනි කරලිකරයෙකු ජිවිතයට අබ්භියෝග කල අවස්ථාවකය බිලින්දෝ
Instrument Box (Marshall)
Instrument Box (Marshall)
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
The Richest Man In Babylon (Hardcover)
If you have a lean purse and are looking for financial wisdom, you’ve picked the perfect book! “A PART OF ALL YOU EARN IS YOURS TO KEEP.” This beautiful hardbound edition of Clason’s classic bestseller The Richest Man in Babylon makes for a perfect addition to any library. From the importance of savings to the essentials on how to become wealthy, this collection of famous Babylonian parables imparts timeless financial wisdom. It provides insights on how to become wealthy and how to attract good luck and discusses the five laws of gold. A perfect guide to understanding finances and a powerhouse of time-tested principles to gain and retain personal wealth, The Richest Man in Babylon has been inspiring readers for generations.
Key Words With Ladybird 2b
Key Words with Peter and Jane uses the most frequently met words in the English language as a starting point for learning to read successfully and confidently. The Key Words reading scheme is scientifically researched and world renowned.
ස්වප්න විභාගය
රූප ශබ්ද දී කිසි අරමුණක් නැති ව හුදෙක් මනසට ම ඉව වැටීමෙන් ඒ රූපශබ්දාදීන්ගේ ස්වරූපය පවා අවබෝධ වීම බොහෝ සත්වයන්ගේ සාමාන්‍ය වූ චිත්තධර්මය පිළිබඳ විද්යුත්බල විශේෂයකි. මේ ඉව වැටීම බොහෝ තිරශ්චීන සත්වයන්ගේ විශේෂ සහජ බලයක් ලෙස සලකනු ලැබේ.
කතා අහමු පාට කරමු 1
කතන්දරයක් සමඟ එයට අදාළව යොදා ඇති සිතුවම බලා ඒ ආකාරයෙන්ම සකස් කළ තවත් සිතුවමක් වර්ණ ගැන්වීමට උගන්වන ළමා කෘතියකි.
සම්භවය
අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ්රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?
පුංචි පුංචි පිරුළු කතා
ප්‍රස්තාව පිරුළු ලෙස හැඳින්වෙන්නේ අපේ භාෂාවේ අලංකාර කරන යෙදුම් විශේෂයකි. විවිධ අවස්ථාවල දී වචන රාශියකින් කිව යුතු යමක් පිරුළක් මගින් කියැවේ. ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පද්මකුමාර මහතා විසින් සම්පාදිත එවැනි පිරුළු රැසකින් යුක්ත මේ කෘතිය ශ්‍රී ලංකාවේ පොත් කලාව තුළ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක්. මෙහි අන්තර්ගත පිරුළු කතා රැසකට නව තාක්ෂණය හා මුසුව ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ සවන් දිය හැකි ය.
BUY EBOOK VERSIONඅ.පො.ස ( උසස් පෙළ ) ගිණුම්කරණය
අ.පො.ස ( උසස් පෙළ ) ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර 1 සහ 11
විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු
Roald Dahl-The Twits
Mr Twit is a foul and smelly man with bits of cornflake and sardine in his beard. Together they make the nastiest couple you could ever hope not to meet.Down in their garden, the ghastly, evil Twits keep Muggle-Wump the monkey and his family locked in a cage.But not for much longer! Because the monkeys are planning to trick the terrible Twits and make their escape, once and for all . .
Ahinsa Ruwanpura –
ගොඩක් වටින ලස්සන පොතක්