Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-652-599-1 |
Language | Sinhala |
Cover | Soft Cover |
සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි
රු950.00
Price Summary
- රු950.00
- රු950.00
- රු950.00
මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය තම භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් පුරුෂයන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.
Be the first to review “සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි” Cancel reply
Related Products
මිදි ඔය අසබඩ
මේ කතාවෙන් කියවෙන්නේ ඉන්දියානු ප්‍රදේශය අතහැර තවත් ඈතට ගොස් ‘මිදි ඔය’ අසබඩ සිය නිවස සාදාගන්නා අයුරුයි.ඔවුන් පදිංචි වූ නිවාස අතරින් අමුතුම නිවස මෙයයි.ඔය කණ්ඩිය යට ඔවුන්ගේ නිවස පිහිටනවා.බිම්ගෙයක් වැනි නිවසක්.මෙහිදී ලෝරා ඒ වගේම ඇගේ සහෝදරියෝ පාසල් යාම ආරම්භ කරනවා.අලුත් පාසලේ අලුත් අත්දැකීම් මේ පොතේ ඇතුළත් වේ.
දඟ මල්ලගේ දඟ වැඩ
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.
රැම්සීස්
අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්. වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු ආලෝකයේ පුත්‍රයා නම් විය.
තැනිතලාවේ පිහිටි කුඩා නිවස
විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත් ත්‍රාසජනක අත්දැකීම් වලට දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරිම සදහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින් සී සාමින් ,වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සදහා තණකොළ එක් රැස් කරමින් කර්යබහුල වෙයි. ඇතැම් වේලාවටජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්ච්ත්, අම්මාත්, මේරි සහ කේරීත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගතකරති.
සතුන්ගේ පුංචි ගෙදර
මෙම කතා එකතුවට ඇතුළත් වන්නේ සතුන් ගැන කියැවෙන රුසියානු ජනකතා කිහිපයකි. එහි සත්තු ප්‍රසන්න ලෙසත්, කුතුහලය දනවන අයුරින් හා කුඩා දරුවන් මෙන් හැසිරෙන නමුත් අවසානයේ සියල්ල සිත් බැඳ ගන්නා අයුරින් අවසන් කරති. තවද ඔවුහු මිනිසුන් මෙන් කතා කරති. සිතති. හැසිරෙති. මොවුන් අතර හොඳ මෙන්ම නරක අයද, නිර්භීත මෙන්ම බියසුළු අයද, නුවණැති මෙන්ම අනුවණ අයද සිටිති. මෙහි ඇති සිත්ගන්නා සුළු චිත්‍ර, අප මායාමය ලොවකට කැඳවාගෙන යයි.
මාටින් ලූතර් කිං ජීවිතය සහ මරණය
“මම පෞද්ගලික අනතුර පිළිබද ගැටලුව විසදා ඇත්තෙමි” යි හේ වරක් පැවසීය. “සෑම දවසකම මම මරණයේ තර්ජනය සමග ජීවත් වෙමි.එසේම බියට මා යටත් කර ගැනීමට ඉඩ හැරියහොත් මට ක්‍රියා කළ නොහැකි බව අවුරුදු ගණනාවකට පෙර මම දුටුමි.” ඒ අනුව ඔහු ධෛර්යය ගැන කතා කරනවට වඩා මරණය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වීය- එය නිරායාසය.
ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්
අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිලිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණ වලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.
අපි අවතැන් වූවෙමු
එදින අප නිවසට බොහෝ ශෝකී දවසකී.මට එය වඩාත් දුක්බර ව දැනුණි.බාලිකාවන් ගේ අධ්‍යාපනය තහනම් කිරීම යනු මගේ සිහින තහනම් කිරීමකි.මගේ අනාගතයට සීමා පැනවීමකි.මට අධ්‍යාපනය ලැබිය හැකි නොවේ නම් ,මට හිමිවන්නේ කිනම් අනාගතයක ද ?
පළමු සිවු වසර
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා ත්නිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භුමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමග වෙහෙස වී වඩාපළ කළ යුතුය.
රිදී විල් තෙර
මිදි ඔය අසබඩ කුඩා නිවාස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරිම සදහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි, අම්මා, මේරී සහ කේරී සමග රීදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි.
හොඳ දඟ මල්ල
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
ලස්සන වසිලීස්සා
බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන කෑවා. බීවා. බාබයිගා යකින්න මාර්යා කුමරිය ගැන විපරම් කළා. කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවද කියලා ඇහුවා. අන්ද්රේ සියලු විස්තර ඈට කීවා. රජතුමා නැති රටින් නැති දෙයක් ගේන්ට කියලා අණ කළ හැටිත් ඇයට කීවා.
Recently Viewed
අපල සඳහා බෝධි පූජා
බෝධි පූජා පැවැත්වීමෙන් ග්‍රහ අපලවලින් සිදු වන සියලු උපද්‍රව දුරු කර ගන්නා ආකාරය මේ පොතෙන් විස්තර කෙරේ.
There are no reviews yet.