Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-591-230-3 |
Language | Sinhala |
Cover | Soft Cover |
සම්භාවනීය රුසියන් සාහිත්‍ය රුසියන් කෙටිකතා
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
මට අවංකව කියන්න.හැම ගැහැණියක්ම මුළුහිතින් හැම දෙයක් කැප කරන විනීත,ආත්ම පරිත්‍යාගී ප්‍රේමයක් තම හෘදයෙන් ගැඹුරින්ම පතන්නේ නැද්ද. “ඇත්තෙන්ම සීයෙ හැම ගැහැනියක්ම පතනවා”. “ඉතින් ඒක නැති හින්ද ගෑනු ඒකට පලිගන්නවා.තව අවුරුදු තිහකින්,එක දකින්න මම ජීවත්වෙන්නේ නෑ .නමුත් වේරා උඹට පුලුවන් මං කියන දේ මතක තියා ගන්න.තව අවුරුදු තිහකින් ගැහැනු ලෝකයේ විශාල බලයක් අයත් කරගන්නවා.ඔවුන් බොහොම ලස්සනට අඳීවි.ගෑනු පිරිමින්ව, අධම නිවටුන් වගේ පා සෙවනට ගනීවි.ඔවුන්ගෙ බොහෝ සුළු පැතුම් හා කල්පනා අපට වේදනා උපදවන නීතිරීති වේවි.ඒ ඔක්කොම පරම්පරා ගණනක් අපට ප්‍රේමයට ගරු සම්මාන, නමස්කාර කරන්නට බැරි වීම හින්දයි.ඒක පලිගැනීමක්.උඹ දන්නවද නීතිය? ක්‍රියාවත් ප්‍රතික්‍රියාවත් සමානයි.
Notify me when item is back in stock.
Be the first to review “සම්භාවනීය රුසියන් සාහිත්‍ය රුසියන් කෙටිකතා” Cancel reply
Related Products
මිදි ඔය අසබඩ
මේ කතාවෙන් කියවෙන්නේ ඉන්දියානු ප්‍රදේශය අතහැර තවත් ඈතට ගොස් ‘මිදි ඔය’ අසබඩ සිය නිවස සාදාගන්නා අයුරුයි.ඔවුන් පදිංචි වූ නිවාස අතරින් අමුතුම නිවස මෙයයි.ඔය කණ්ඩිය යට ඔවුන්ගේ නිවස පිහිටනවා.බිම්ගෙයක් වැනි නිවසක්.මෙහිදී ලෝරා ඒ වගේම ඇගේ සහෝදරියෝ පාසල් යාම ආරම්භ කරනවා.අලුත් පාසලේ අලුත් අත්දැකීම් මේ පොතේ ඇතුළත් වේ.
රිදී විල් තෙර
මිදි ඔය අසබඩ කුඩා නිවාස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරිම සදහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි, අම්මා, මේරී සහ කේරී සමග රීදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි.
හොඳ දඟ මල්ල
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
සීතලෙන් සීත වුණු සීත සමය
ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81දි ඇති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පුර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමු අතරේ ජීවත් වීම සදහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරීට සහ කේරීටත් සිදුවෙයි.නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිගයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලඩ් තිරීගුසොයා බිහිසුණු ගමනක යෙදෙති.
පළමු සිවු වසර
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා ත්නිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භුමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමග වෙහෙස වී වඩාපළ කළ යුතුය.
රැම්සීස්
අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්. වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු ආලෝකයේ පුත්‍රයා නම් විය.
අපි අවතැන් වූවෙමු
එදින අප නිවසට බොහෝ ශෝකී දවසකී.මට එය වඩාත් දුක්බර ව දැනුණි.බාලිකාවන් ගේ අධ්‍යාපනය තහනම් කිරීම යනු මගේ සිහින තහනම් කිරීමකි.මගේ අනාගතයට සීමා පැනවීමකි.මට අධ්‍යාපනය ලැබිය හැකි නොවේ නම් ,මට හිමිවන්නේ කිනම් අනාගතයක ද ?
ලස්සන වසිලීස්සා
බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන කෑවා. බීවා. බාබයිගා යකින්න මාර්යා කුමරිය ගැන විපරම් කළා. කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවද කියලා ඇහුවා. අන්ද්රේ සියලු විස්තර ඈට කීවා. රජතුමා නැති රටින් නැති දෙයක් ගේන්ට කියලා අණ කළ හැටිත් ඇයට කීවා.
තැනිතලාවේ පිහිටි කුඩා නිවස
විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත් ත්‍රාසජනක අත්දැකීම් වලට දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරිම සදහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින් සී සාමින් ,වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සදහා තණකොළ එක් රැස් කරමින් කර්යබහුල වෙයි. ඇතැම් වේලාවටජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්ච්ත්, අම්මාත්, මේරි සහ කේරීත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගතකරති.
ලක් බිමේ සත් වසක්
මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. රීළඟ වතාවේ මිද්වලකඩ දී මුලාදෑනියෙකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුණොත් මම ගැහැනියක් මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.
වන වැදුණු දොස්තර
Christine Wilson විසින් රචිත Surgeon of the Wilderness ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. තමන්ගේ තත්වය බාහිර ලෝකය සමග සසඳා බලන්න ඔවුනට කිසිම ඉඩක් නැහැ. ඔවුන්ගේ අසන්තෘප්තිය, ඔවුන්ගේ හුදෙකලාවෙන් සහමුලින් ම මර්දනය වෙලා. ඒ තත්ත්වය ශිෂ්ටාචාරයේ නිර්මාණයක්.”
දඟ මල්ලගේ දඟ වැඩ
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.
There are no reviews yet.