New Arrival

එක දවසක්

Highlights:

හැඟුම් විසිරෙන

සිතුම් අභියස

බිඳෙන සම්මත පවුරූ

වේදනාවක

කදුළු දකිමින්

මියෙන හසරැල් සොදුරූ

ප්‍රේමයක් ඇති

තැනක ඇවිලෙන

රාගයක ගිනි පොකුරූ

නෙතින් නෙතකට

නුරා කැල්මෙන්

බැඳෙනු හදවත් පිරූ..

වස්සානේ ගීතය

Highlights:

”සැමී … ඔයා අභීව ට්‍රස්ට් කරනවා නෙමෙයි ඔය. ඔයා දහරව අන්ඩඇස්ටිමේට් කරනවා. නමුත් සැමී අන්න එතනයි ඔයා වරද්ද ගන්නේ. මතක තියාගන්න රජවරුන්ට කුමාරිකාවෝ ළංවුණත්, අග බිසව රාජ කුමාරිකාවක් වුණත් රජ මාළිගාවේ වහලියන්ටත් හිත යනවා. ඒකට ලස්සන තැන අදාළම නෑ. මමත් පිරිමියෙක්. ඒ නිසා පිරිමි හිත් ගැන මාත් දන්නවා. අභීයා ඔයාට පට්ට ආදරේ ඇති. බට්, ඔයා වරදට පාර කපල‍ා ඊට පස්සේ නහයෙන් අඬන්න එපා.”

ස්වර වරුසා

Highlights:

”ආයෙත් වැහි කාලේ පටන් අරන් සර්. වැහි කාලේ පටන් ගන්න එක දවසක සර් අපේ ගමට ආවා. මහා ඉඩෝරයකට පස්සෙ ඒ ගමට වැස්ස වැටුණු පළවෙනි දවස. සර් ඒ ඉඩෝරයට වැස්ස අරන් ආවා. ඒ නිසාම වැස්ස මගේ ජීවිතේට සුන්දර මතකයක් වුණා. ඒත් අද ඉඳන් මේ වැස්ස මගේ ජීවිතේ දුක්බරම මතකය වෙයි. වස්සානේ දවසක සර් මාව අත්හැරලා යනවා. නෑ.. මට අතඇරලා යන්න කියනවා.”

බිනර මල

Highlights:

මම දුර්වල කෙල්ලෙක් නෙවේ.මහියංගනය කාශ්ඨකපොලවේමව් පියන්ද අහිමිව වියපත් සීයාසමග ජිවිතේ හා පොර බැදි මට දුක.කියන දේ නුහුරු දෙයක් නොවේ.ඒත්මගේ පුංචි ලෝකයට දවසක් පෑයුවාලස්සනම ලස්සන හඳක්. හඳ අපිටඅල්ලගන්න, ළගට ගන්න, අයිතිකරගන්න බෑ.දුරින් ඉදලා බලාගෙනඉන්න විතරයි පුළුවන්. ඉතින් මම ඒහඳට ආදරේ කළා. අසීමිතව ආදරේ කළා.අයිති නෑ කියලා දැන දැන ආදරේ කළා.මගේ ජිවිතයෙන් මම ආදරේ කරන ඒලස්සනම ලස්සන හඳ බැහැලා ගිහින්දැන් මාස ගණනක් වෙනවා.

අහස්

Highlights:

‘’හැම ගැනියෙක්ම ආස

තමන්ට පණ වගේ ආදරේ කරන මිනිහෙක්ගෙ

ආදරේ එක දවසකට හරි

පපුව පුරා විඳලා මැරිල යන්නයි.

එහෙම නැතිව මැරෙන

ගෑනු ආත්ම හරිම පව්කාරයි.

හිස් ගෑනියෙක් වගේ මැරෙන්න වෙයි

කියල මං බයවුණා දෙනෙත්

ඒත් දැන් එහෙම නෑ.’’

නෘත්‍යාංගනා

Highlights:

“මට රිදෙනවා ..”

මා මිමිනුවේ ඇහෙන නෑහෙන හඩින් මුහුණ අකුලාගෙනය.

“මට ඊට වැඩිය රිදෙනවා.. මේ මෙතන ඊට වැඩිය රිදෙනවා..”

ඔහු වම් ළය මඩලට ගසාගන්නේ අත ගුලි කොටය. ඒ තමා ඉදිරියේ සිටින මාගේ සියුමැලි සිරුරට පහර දෙන්නට බැරිකමට බව මා දනිමි.

“තමුන්ට ඕන වුනේ සල්ලි නම්, මං දෙන්නැද්ද..? ඔය ලැබුණා වගෙ දාස් ගුණයක් මට දෙන්න තිබුණා. වෙන උන්ගේ ඇස් ඉස්සරහ නටන්න තරම් තමුන්ට තිබුණ වුවමනාව මොකක්ද..?”

ඔහු ගසන්නේ මාගේ දුර්වලම නිලයටය. සල්ලි.. හරිම තැනට ඔහු ඒ වචනය දමන්නේ හරියටම රිදෙන තැනටම පහර වදින්නටය.

අහස් මේඝය

Highlights:

ජීවත්වෙන්නහුස්ම හරි හදවත හරි

දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත්,

හුස්ම නැතත් මැරෙයි…

හදවත නැතත් මැරෙයි…

ඉතිං,

ඔබත් ඔහුත් අතරින්

එක් අයෙක් තෝරාගන්නවාට වඩා,

මරණය තෝරාගැනීම

පහසු නොවේද?

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
31 Cart
Close

My Cart

Decoration sticker
Decoration sticker
Decoration sticker