Fiction & Literature

Fiction & Literature

(Showing 1 – 60 products of 2367 products)

Show:

Harry Potter And The Prisoner of Azkaban – Minalima Edition

Highlights:

For twelve long years, the grim fortress of Azkaban held an intamous prisoner named Sirius Black. Convicted of killing thirteen people with a single curse, he was said to be a loyal follower of the Dark Lord, Voldemort.

Now Black has escaped, making a seemingly impossible breakout from the Dementor ridden prison. The wizarding world is plunged into panic and while the Ministry of Magic struggles to track the convict down, there are whispers that he’s coming after Harry Potter.

Harry isn’t safe, nor even within the walls of his magical school, surrounded by his friends. And, on top of it all, there may be a traitor in their midst

With full-colour illustrations throughout and ingenious paper engineered features from award-winning design studio MinaLima, this stunning edition of the third book in the Harry Potter series will captivate readers of all ages.

කවුරුන්ද මා ඔබේ

Highlights:

ඒත් පාන්දරට මට නින්ද ගියා… ආය ඇහැරෙද්දිවක් තාත්තා ඇවිත් හිටියේ නැහැ….

කතාව නවතා ඇය නැවතත් ගැඹුරු හුස්මක් ගහ

චමී තියඹරාහේනේ ගෙදර

* එදායින් පස්සේ කවදාවත් ආවේ නැහැ… ” අම්මා තාත්තට වෛර කරන්නෙ නැහැ… තාමත් එයාට ආදරෙයි…. මට ආයෙන් තාක්තව එකම එක පාරක් හම්බුණොත් ඇති… දන්නවද ඒ ඇයි කියලා…

එවර ඇය හරිතගේ මුහුණ දෙස බැලුවා. ඔහු හිස දෙපසට වැනුවේ දන්නෙ නැහැ කියන්න. දහරා අසරණ ලෙස සිනාසී ගැඹුරු හුස්මක් ගත්තා.

“මං චූටි කාලෙ කිව්වේ වැඩියෙන්ම ආදරේ තාත්තට කියලා… එයා ආය හම්බුණොත් මං කියනවා මං වැඩියෙන්ම ආදරේ අම්මට කියලා… මට ඒක වි..ත..ර..යි එයාට කි..ය..න්න ඕ..න…”

රම්පාගේ කතාව

Highlights:

ටී. ලොබ්සාං රම්පාගේ ‘ තෙවෙනි ඇස’ සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතීන් තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ තවත් කෘති ඇත්නම් ඒ ඉතාමත් සුළු ප්‍රමාණයකි.

හේතුව ඉතා සරලය. ටිබෙට් ලාමාවරයකුගේ ආත්මය තම ශරීරයට අරක් ගෙන ඇතැයි ඉංග්‍රීසි ජාතිකයකු පැවසූ විට ඔහු සරදමටත්, අපහාසයටත් බඳුන් වෙයි. තව දුරටත් ඔහු සවිස්තරාත්මකව ස්වභාව ධර්මයෙන් පිටස්තර වූ විමතිය දනවන පෞද්ගලික ශක්තීන් පිළිබඳ අත්දැකීම් විස්තර කරන විට ප්‍රතිචාර ලෙස නැඟෙන්නේ මහත් ඝෝෂාවකි. නමුත් ඒ ආකාරයේ ඝෝෂාවක් පැන නැගෙන්නේ නොතකා හැරීමේ හරහාය. ඊට පෙර තමන් නොදැන සිටි යමක් අනාවරණය වීම බොහෝ අයට බාධාවකි. කරදරයකි. එහෙත් මේ වන විට ආචාර්ය රම්පාගේ පාඨකයෝ දස දහස් ගණනින් ලොව වටා සිටිති. එහි අරුත තමන් නොදන්නා, නොඇසූ දෙයට සියලු දෙනා මනස් වසාගෙන නොසිටින බවය.

මෙය එම විවෘත මනස් සහිත පාඨකයන්ට ය. ඔහු පවසන කතා අසත්‍ය යැයි මෙතෙක් සනාථ කොට නැත. එම කතා අසත්‍ය නම් ඒවා ඔහුගේ දැනුමට එකතු වූයේ කෙසේද යන්නත් කිසිවකුත් පැහැදිලි කර නැත. ආචාර්ය රම්පා මෙම පොත ලියූ අතර මෙය ඔහුගේ තුන්වෙනි කෘතිය ද වෙයි.

රම්පාගේ කතාව තමා විවේචනය කළ සියලු දෙනාට ලොබ්සාං රම්පා දෙන පිළිතුර ය. මෙහි සෑම පිටුවකින්ම ඔහු තමන් පවසන්නේ සත්‍යයක්ම බවට සහතික වෙයි.

අස්ථි නගරය – City of Bones

Highlights:

පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේ පැන්ඩෙමෝනියම් සමාජශාලාව කරා පිටත් වන්නේ, මිනීමැරුමක ඇසින් දුටු සාක්ෂිකාරියක වීමේ අපේක්ෂාවෙන් නොවේ. එය ද අමුතු පව්වා සලකුණු වලින් සිරුර වසාගත් ගැටවරයෝ තිදෙනෙක් සිදුකරන ඝාතනයක් වූ විට.!

පෘථිවියට ඇතුළු වන යක්ෂයින්ව පළවා හැරීමටත්, ඉබාගාතේ යන නරවෘකයින්ව සහ වැමිපයරයන්ව පාලනය කිරීමටත් සිය දිවි කැප කර සිටින සෙවණැලි දඩයක්කරුවන්ව ක්ලැරීට පළමු වරට මුණගැසෙන්නේ එසේය. එමෙන්ම රන්වන් පැහැ කෙස්වැටියක් හිමි, කඩවසමි ජේස්ව ඇය මුලින්ම දකින්නේද එදා ය. ඉන් විසිහතර පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් ක්ලැරීර්ගේ අම්මා අතුරුදන් වන අතර, ක්ලැරීට යක්ෂ ප්‍රහාරයක් එල්ල වන්නේ ඇයවද ඒ සෙවණැලි ලෝකය තුළට ඇද දමමිනි.

එහෙත්, ක්ලැරී වැනි සාමාන්‍ය මනුෂ්‍ය යුවතියක් යක්ෂයින්ගේ අවධානයට ලක් වූයේ කෙසේද?ඇරත්, ඇයට එක්වරම දෘෂ්ටිය හිමි වූයේ කෙසේද?මේවාට පිළිතුරු දැනගන්නට අවැසි වන්නේ සෙවණැලි දඩයක්කරුවන්ටය.

රජ කුමරියකගේ දිනපොත- 04 (කුමරිය පෙම්වතෙක් පතා)

Highlights:

මම මගේ නියපොතු කෑම නවතා දමමි. මා වෙනුවෙන් ජයඝෝෂා නඟන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි. අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොට්ටිස් ගැන සිහින මවමින් පසුවෙමි. ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය. ඈ දැන් ඇයගේ පැවැත්මට සැබැවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සූදානම්ය.

රජ කුමරියකගේ දිනපොත 3 – ආදරයෙන් බැඳුණු කුමරිය

Highlights:

රතුපාටයි රෝස කුසුම්

ඊට වඩා රතුයි චෙරි

පලතුරු මැස්සන් ක්ලෝනීය කරන්නට

ඇයට හැකි වෙන්නට පුළුවන්

ඒත් මං ඔයාට කැමතියි වැඩියෙන්

මා එයින් අදහස් කළේ මා ජුඩින්ට වඩා ඔහුට කැමති බවයි.

ඒත් මට සහතිකයක් නෑ මේ කවියෙන් වැඩක් වෙයි කියලා. ටීනා නං කියනව ඒක වැඩ කරයි කියලා. ඒ වුණත් ඇය හිතන්නේ මං එතන කැමතියි වෙනුවට ආදරෙයි කියල යොදන්න තිබුණෙයි කියලයි. ඒත් කවුද දන්නෙ ඇගේ අදහසේ යම් අගයක් තියේවීද කියලා

බැරීගේ සිහිනය – බරක් ඔබාමා

Highlights:

මගේ ජීවිතය සිහිනයක් යයි මට වරෙක සිතේ. මගේ කතාව තරම් දුක්ඛිත කතාවක් ලෝකයේ කිසිදු නායකයෙකු සතුව ඇත්දැයි මට වරෙක සිතේ. හවායි දූපතේ මව සමඟ ජීවත් වූ පුංචි කොලු පැටියා ඇමෙරිකාව වැනි විශාල රටක ජනාධිපතිවරයා වේ යැයි කවුරුවත් නොසිතු බව මට සහතිකය. මා හදා වඩා ගත් මවද, මගේ මිත්තණියගේ සෙනෙහස ලැබූ මමද, මේ පිළිබඳව කිසි දිනක නොසිතුවෙමි. එහෙත් මගේ දෛවය මෙසේ විය. එය වෙනස්ය. එය වෙනස් කළේ කවුරුන්ද? එය වෙනස් කළේ දෙවියන් විසින්මය. එය මගේ විශ්වාසයයි.

1 2 3 39 40
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
1 Cart
Close

My Cart