Product Tag: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Showing all 11 results

Show:
10% DISCOUNTSold Out

මිලී-මොලී-මැන්ඩිගේ තවත් කතාන්දර

Highlights:

එකෝමත් එක කාලයක, එක ලස්සන ගිම්හාන උදෑසනක, මිලී-මොලී-මැන්ඩි හිමිදිරි පාන්දර අවදි වූවා ය.

තාත්තා සහ අම්මා නිශ්චලව නිදමින් සිටින නිසා (මිලී-මොලී-මැන්ඩි ගේ කුඩා ඇඳ ඇත්තේ තාත්තා ගේ සහ අම්මා ගේ කාමරයේ එක මුල්ලක ය) එය හිමිදිරි පාන්දර බව ඇය දැන සිටියා ය. ජනේල තිර වටා ඇති පටු විවර කොතරම් දීප්තිමත් වී ද යත් ඈට ඒ දෙස බලන්නටවත් නොහැකි වූ බැවින්, එය ලස්සන ගිම්හාන උදෑසනක් බව ද ඇය දැන සිටියා ය.

රු1,260.00
10% DISCOUNTSold Out

වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

Highlights:

වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්ටාචාරයට සම්ප්‍රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. අකාරුණික, අදාන්ත වනයේ පුත්‍රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි.

රු675.00
10% DISCOUNTSold Out

බොබ්සි නිවුන්නු

Highlights:

“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ!” නැන් මහත් උද්‍යෝගයෙන් කෑගෑවා ය.
“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා!”
“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.
“ඒගොල්ලො වෙඩි තියන්නෙ නෑ.” ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ?
ඒවා ඇතුළේ වෙඩි බේත් නෑ නෙ.”

රු432.00
10% DISCOUNTSold Out

ඩැල්මේෂන් 101

Highlights:

පොන්ගෝට සහ මිසිස්ට සිටි සුරතල් ඩැල්මේෂන් පැටව් පහළොස් දෙනා අබිරහස් ලෙස අතුරුදහන් වෙති. දුෂ්ට අසල්වැසි කාන්තාවක වන කෘවෙලා ඩි විල් ගැන සැක කරන බුද්ධිමත් පොන්ගෝ,මිසිස් සමග සිය පැටවුන් සොයා යයි. බොහෝ අනතුරුවලට මුහුණ දෙන ඔවුහු, අතරමග දී හමු වන මිතුරු සුනඛයින්ගේ සහ වෙනත් සතුන්ගේ උදව්වෙන් අන්තිමේ දී දුෂ්ට සතුරන් පරාජය කර සිය පැටවුන් සමග එක් වෙති.

රු522.00
10% DISCOUNT

ගෙදර යන අතරමග

Highlights:

1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ,ඩි ස්මෙට් නගරයේ ඔවුන් ජීවත් වූ නිසව අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දුවිලි ගොඩවල් බවට පත්වී තිබිණි.

වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තරය දින පොතක ලීවාය. මේ ඈ ලියූ දින සටහන් පෙළයි.

රු342.00
10% DISCOUNTSold Out

වන අරණක කුඩා නිවස

Highlights:

“ඔන්න ඉතින්, සීයගෙ ගෙදර තියෙන්නෙ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන. කන්ද මුදුනෙ ඉඳන් පල්ලෙහාට වැටුණු පාර ගෙදර ඉස්සරහ දොර ළඟින් යනවා. සීත කාලෙට පල්ලෙහාට ලිස්සලා යන්න කියාපු තැන එතන. ඔයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.”

රු810.00
10% DISCOUNTSold Out

ඌව නම් මිනිසා

Highlights:
ඌවට ඕනෑ සැනසිල්ලේ මැරෙන්නටය. ඔහු සිව් වතාවක් සිය දිවි නසාගන්නට උත්සාහ කරන නමුත්, ඒ හැම අවස්ථාවකම ඔහුගේ උත්සාහය අසාර්ථක වෙයි. ඔහුගේ අසල්වැසියෝ නිරන්තරයෙන් ඔහු ගැන විපරම් කරමින්, උදව් ඉල්ලමින් එති. තමාට මේ මෝඩයින්ගෙන් ගැලවීමක් නැතැයි ඔහු තැවෙයි.

මිනිස් සබඳතා අපූරු ලෙස විස්තර කරමින් හාස්‍යය, ආදරය හා දයාව කැටි කර ලියන ලද මේ හෘද සංවේදී නවකතාව ඔබ කියවිය යුතුම නවකතාවකි.

රු2,160.00
10% DISCOUNT

අපේ යාළු දඟ මල්ල

Highlights:

එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත්
පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත්
බුම්මාගෙන තරහින් සිටින ඔහු
එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා
හැමවිටම මාන බලයි. 

ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු
කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ
නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු
වැඩක් නොවේ….

රු306.00
10% DISCOUNTSold Out

ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග

Highlights:

ක්ලෙමන්ටයින් රෝස් මහත් ප්‍රමෝදයට පත්ව සිටියි. පිටුපස මිදුලේ
යෝධ කූඩාරමක් ඇති අතර අමුත්තෝ මෝටර් රථවල පිරී එහි එන්නට
යති. නිවසට බෙහෙවින්ම අවශ්‍ය කර ඇති අලුත් වහලයක් ගැනීම
සඳහා ඇයගේ මවට මුදල් අවශ්‍ය වී ඇති අතර පෙන්බර්ති මැදුරේ මංගල
උත්සවයක් පැවැත්වීමෙන් ඒ මුදල උපයා ගැනීමටට හැකි වනු ඇත.

එහෙත් මේ සියලු උද්යෝගය මැද ඩිග්බි සීයා අසනීප වන අතර
ආරාධනා පත්‍රයක් නැතිවී යයි. හැම දෙනාගේම භීතියට හේතුවන
පරිදි නිවසේ කටයුතු බලා කියා ගැනීමට වයලට් ආච්චි මම්මා
වෙත පැවරෙයි.

ලස්සනට ඔතා ඇති මංගල තෑගි දකින ක්ලෙමන්ටයින්ට විශිෂ්ට
අදහසක් පහළ වෙයි. එහෙත් හරි වෙලාවට ඒ අපූරු තෑග්ග
සොයාගන්නට හැකි වේවිද?

රු585.00
10% DISCOUNTSold Out

ක්ලෙමන්ටයින් රෝස් සහ ගොවිපොළෙ ජංජාලය

Highlights:

ක්ලෙමන්ටයින් රෝස් සහ ඇගේ පන්තියේ මිතුරු මිතුරියෝ
මහත් උද්‍යෝගයට පත්ව සිටිති. ඔවුන් ඒ වසන්ත කාලයේ
ගමේ ගොවිපලකට ද විනෝද ගමනක් යන්නට යන බව ගුරුතුමිය
ඔවුන්ට කියයි. ගමනට උදව් වීම සඳහා වයලට් ආච්චි මම්මාත් ඔවුන්
සමග යන්නට එන විට ඇගෙන් ඇත්තටම කොතරම් උදව්වක් ලැබෙනු
ඇත්දැයි කිසිවකුටත් හරියටම සිතාගත නො නොහැකි විය.

ගොවිපලේ දී වයලට් ආච්චි මම්මා සහ බොටම්ලි මහත්මිය අතුරුදන් වී
ගොස් දරුණු බැටළුවකු රමොන්, ජොෂුවාට අනින්නට එන විට සෑම සැලසුම්ක්
ම අවුල් වී යයි.

රමෝනගෙන් මිදී පලා ගොස් නැති වූ කාන්තාවන් දෙදෙනා සොයා
ගැනීමට ක්ලෙමන්ටයින්ට සහ ඇගේ මිතුරු මිතුරියන්ට හැකිවේද?

රු585.00
10% DISCOUNTSold Out

ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා සිදු වූ ඇබැද්දිය

Highlights:

ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්‍යාගයට පත්ව සිටියි.
ඈ ඇගේ හොදම මිතුරියන් වන සොෆි සහ පොපි සමග
පාසල් යෑමට පටන් ගන්නා අතර. ඈට ඉවසිල්ලක් නැත.
එහෙත් එහි ගිය විට. කරුණාවන්ත ක්‍රිචිලි මෙනවිය වෙනුවට
ඈට ලැබෙන්නේ සැර,නිතර කෑගසන ගුරුවරියක වන බොටම්ලි
මහත්මිය යි.ඊළඟට, මුල් වරට හමු වු මොහොතේ පටන්, ඈට
හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇන්ගස් නම් දඟකාර පිරිමි
ළමයෙක් ද ඇගේ පන්තියේ සිටියි.

ඒ මුල් දිනයෙන් පසු පාසල ඈ සිතා සිටි අන්දමේ විනෝදය පිරි
තැනක් නොවන බවට තීරණය කරයි. එහෙත් සුරතල් සතුන්ගේ
දිනයක් පැවැත්වෙන බවට කෙරෙන දැනුම්ද දීමත් සමඟ සමගම
හැම දෙයක්ම වෙනස් වෙයි. ලැවැන්ඩර් නම් කුරු පුංචි ඌරු නෑම්බියට
ක්ලෙමන්ටයින් සමග පාසල් යන්නට තිබුනා නම්ණා නම් සියල්ල සතුටු
දායක වනු ඇති නොවේද…..?

රු1,080.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping