හැරදා නොයන්නෙමි
“හදවතින් මැරිච්ච මිනිස්සු හැබෑවටම මැරෙන්න බය නෑ අක්කා… මං ආදරේ කරන්න බය මිනිහෙක් නෙමේ. එහෙම උනානම් මං බෝගමුව වලව්වේ සුදු මැණිකෙට ආදරේ කරන්නෑ. මට ඒ අහිංසකී එක්ක කූඩු වෙන්න ඕන වුණානම් මං ඔය හිට්ලර්ට බයේ ඒ කෙල්ලව අරං පැනල යන ජාතියෙ එකෙක් නෙමේ. මුළු ගමම මිහිහට බය වුණත් මං ගිහින් එයාගෙන්ම එයාගෙ දුවව ඉල්ලනවා.ඒත් මේ සිද්ද වුණේ අපි දෙන්නම හිතුව දෙයක් නෙමේ අක්කා…..මේ සිද්ධියෙන් මට මාව වගේම ඒ අසරණීටත් හැමදේම නැතිවුණා. කොහේ කොහොම හිටියත් මං එයාව හොයාගන්න ඕන අක්කා.. ඔයාගෙ මල්ලිට මේ පිච්චෙන ගින්දරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ එයාට ඇත්තටම වෙච්ච දෙයක් හොයා ගත්තට පස්සෙ”
අපෙන් එකෙක්
සාරා වසා තිබූ කාමරේ දොර හෙමිහිට විවර කළාය. දොර ඇරෙන්වාත් එක්කම බරැති යමක් බිම වැටෙන හඬ සාරාට ඇසිණි. බාගෙට ඇරුණු දොරින් සාරා එබී බැලුවාය. මොහොතකට පෙර වසා තිබූ කාමරේ දොරට හේත්තු වී උන් කවුරුන් හෝ කාමරේ බිම වැටී සිටියි. සරාට පුදුම ඒක නොවේ. කවුරුත් නැතැයි සිතා ඇතුළු වූ නිවසේ කාමරේක බිම කවුරුන් හෝ වැටී සිටියි. “දෙයියනේ රාජා අන්කල්……” සාරා බිම වැටී උන් පුද්ගලයා හඳුනන්නීය.
දුහුල් වලාකුළු
ආදරය දුකයි
එකම එක සමයි
සතුට කියා වදනක්වත්
ඉතිරිදැයි සැකයි..
ප්රේමයම දුකයි
සැනසුමෙන් තොරය
ගිලිහිලා ගිහින් ඉතිං
හිස්කමින් දැවෙයි…
නපුරුවුණෙ කිමැයි
මට නින්ද නෑ දුරයි
හුස්ම වැටෙන ජීවිතයම
මියදුණා සමයි…
නිසළ නේත්රා 1
“මේ නේත්රා නෙමේ.. උඹලට මාව රවට්ටන්ඩ බෑ… මේ නේත්රා නෙමේ කියලා මං දන්නවා….”
සාලය මැද හිටගෙන උන් යුවතිය වටා යමින් නිසල කෑගෑවේය.
‘හරි ඒකාලෙ මං අන්ධයනේ…ඇස් පේන්නැති එකා කොහොමද නේත්රාව හොයාගන්නෙ
කියල හිතුවද…මට නේත්රා අඳුරගන්න ඇස් දෙකක් ඕන්නෑ …මං එයාව වින්ඳෙ ඇස් දෙකින්
නෙමේ.ආත්මෙන්…ජීවිතෙන්… හදවතින්…
නිසල නේත්රා 2
“මං දැන් ලස්සන හීනෙක ජීවත්වෙනවා මතීෂ.. ඒ හීනෙන් ඇහැරෙන්න මං කැමති නෑ. උඹ දන්නවද ඇස් දෙක පේන්නැතුවම ගොඩක් දේවල් ජීවිතේට හුඟාක් තදින් විඳින්න පුළුවන්.. ආදරේ උනත්. තේත්රාගෙ හැම හුස්මක්ම මං අඳුරනවා. විඳිනවා. එයා හුස්ම ගන්න විදිහෙන් මට කියන්න පුළුවන් එයා ඉන්නෙ සතුටින්ද, දුකින්ද කියලා.
වැලි පොල්කටු කෝම්පිට්ටු
මද්දුගේ ජීවිතය ගෙවුණේ වත්ත පහල ඇල ඉවුරේය. නිල්දිය පිරි ඇලේය. වෙල් එළියේය. මැද කමතේය. එගොඩ ගොඩේ කූඹි කැලේය. මද්දු ඇවිදින්න ගිහින් අම්මාගෙන් ගුටි කෑවේ වරක් දෙවරක් නොවේය.
“හොඳවැඩේ මෙයාට රවුම් ගහන්න යනවට..”
අක්කා බනින්නේ මද්දුටය.
‘මං රවුම් ගහන්න ගියෙ නෑ…’
අම්මාගෙන් ගුටි කෑ මද්දු අක්කාට කඩා පැන්නාය.
‘මෙයාගෙ කටේ සැර… අම්මට තිබ්බෙ තව දෙකක් දෙන්ඩ…’
‘බතලි…බතලි…යක්ෂණී…බටකොළ ආච්චි…’
මං දයාබර වැඩිද මන්දා
මගේ සුරතල් බලු පැටවා බීතෝන්ට වස දී තිබිණ. ඌ ලේ වමනය කර මැරී තිබිණ. මගේය කියන්නට කිසිවෙකුත් නැති මගේම ගෙය ඇතුලේ වන තාත්තාගේ දෙවන විවාහයේ ඥාතීන් ගැන මට බයක් දැනිණැ. විශ්වාසය… මේ ඔවුන්ගේ වැඩය.
“තාත්තා හිතාගන්න.. දවසක ඔයා ගෙදර එද්දී මමත් මේ විදිහට මැරිල වැටිල ඉදීවි… මට වහ දුන්නෙ කවුද කියලා අහන්න කෙනෙක්වත්, ඇත්ත කියන්න කෙනෙක්වත් එදාට මේ ගෙදර ඉන්න එකක් නෑ… අද බීතෝන් වගේ එදාට මාත් අභිරහස් විදිහට මේ ජීවිතේ අතෑරලා සඳහටම යන්න යාවි..”
පලංචිය
“හොරෙක් හොරෙක්… මෙන්න හොරෙක්…”
සෙලානෝනා හැකිවෙර යොදා කෑගෑවාය.
කාමගින්නෙන් පිච්චි පිච්චී චාරුලතාගේ ගෙට රිංගන්නට මාන බලබලා උන් දනියෙල් ඒ හඬට ගැස්සිණ. සෙලානෝනාගේ සද්දයට වෙලේ නාන ළිඳ ළඟ උන් තරුණයින් කීපදෙනා මහනියර දිගේ දුවඑන්නේ මේ පැත්තටය. දනියෙල් වහා පාර පැත්තට දිව්වේය.
“මෙන්න හොරෙක් .. මේන් හොරා පැන්නෝ…”