Product Tag: වර්ණ ග්‍රැෆික් සහ ප්‍රකාශන

වර්ණ ග්‍රැෆික් සහ ප්‍රකාශන

Showing all 12 results

Show:

අපෙන් එකෙක්

Highlights:
සාරා වසා තිබූ කාමරේ දොර හෙමිහිට විවර කළාය. දොර ඇරෙන්වාත් එක්කම බරැති යමක් බිම වැටෙන හඬ සාරාට ඇසිණි. බාගෙට ඇරුණු දොරින් සාරා එබී බැලුවාය. මොහොතකට පෙර වසා තිබූ කාමරේ  දොරට හේත්තු වී උන් කවුරුන් හෝ කාමරේ බිම වැටී සිටියි. සරාට පුදුම ඒක නොවේ. කවුරුත් නැතැයි සිතා ඇතුළු වූ නිවසේ කාමරේක බිම කවුරුන් හෝ වැටී සිටියි.   “දෙයියනේ රාජා අන්කල්……”   සාරා බිම වැටී උන් පුද්ගලයා හඳුනන්නීය.

තුන්තරා

Highlights:

අදුරු ගුහාකුහරය තුළින් මම තවතවත් ඉදිරියට ඇදීයමින් උන්නෙමි. සිදුවූ දෙය දරා ගන්නට මට ශක්තියක් නොවිණ. වටකර තිබූ ගන කළුවර තුනීවෙමින් පොළව මන සිදුවන දෙය මට පෙනෙන්නට පටන්ගත්තේය.

මගේ අම්මා කටුමැටි කුස්සියේ දොරකඩ දෙදණ මත මුහුණ හොවා ඉකිබිඳිමින් උන්නාය. ඇය අසළ ඇගේ දෙමාපියන් ඇයව අස්වසන්නට උත්සාහ දරමින් උන්නෝය.

සියල්ලන්ට වඩා වේදනාවක් වූයේ මා සතුය. මන්ද සියල්ල අහිමිවූයේ මටය. මේ අවාසනාවන්ත දෙය සිදු නොවී මා රැතගන්නට මගේ අම්මා උපරිම උත්සාහයක් දැරුවාය.

“අම්මේ… අනේ අඬන්න එපා…”

නිසළ නේත්‍රා 1

Highlights:

“මේ නේත්‍රා නෙමේ.. උඹලට මාව රවට්ටන්ඩ බෑ… මේ නේත්‍රා නෙමේ කියලා මං දන්නවා….”

සාලය මැද හිටගෙන උන් යුවතිය වටා යමින් නිසල කෑගෑවේය.

‘හරි ඒකාලෙ මං අන්ධයනේ…ඇස් පේන්නැති එකා කොහොමද නේත්‍රාව හොයාගන්නෙ
කියල හිතුවද…මට නේත්‍රා අඳුරගන්න ඇස් දෙකක් ඕන්නෑ …මං එයාව වින්ඳෙ ඇස් දෙකින්
නෙමේ.ආත්මෙන්…ජීවිතෙන්… හදවතින්…

රිදී ඇල්ල

Highlights:

“එරන්දතී මැණිකෙගෙ ජීවිතේ රිදී ඇල්ලට බිලිවුණා.”
ගම්මුන් කීවේ එහෙමය.
එය සියදිවිනසා ගැනීමක්ද නැත්නම් මිනීමැරුමක්ද නොදන්නා අභිරහසකි. මා මේ කනින් අසන්නේ මගේම පෙර භවය ගැන බව දැනෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර හැඟීමකි.
“එරන්දතී මැණිකෙට පණවගේ ආදරය කරපු දේවක තාම ජීවත්වෙනවා..”
දේව්…ආදරණීය දේව්.. තාම ජීවතුන් අතරය.
මා මියගියද මානමින් ඔහු ජීවිතකාලය පුරා තනිකඩව ජීවත්වී ඇත.
“මට දේව් බලන්න ඕන.. අනේ මාව දේව් ළඟට එක්ක යන්න..”
හිත වේදනාවෙන් බරවෙද්දී මම කීවෙමි.

නිසල නේත්‍රා 2

Highlights:

“මං දැන් ලස්සන හීනෙක ජීවත්වෙනවා මතීෂ.. ඒ හීනෙන් ඇහැරෙන්න මං කැමති නෑ. උඹ දන්නවද ඇස් දෙක පේන්නැතුවම ගොඩක් දේවල් ජීවිතේට හුඟාක් තදින් විඳින්න පුළුවන්.. ආදරේ උනත්. තේත්‍රාගෙ හැම හුස්මක්ම මං අඳුරනවා. විඳිනවා. එයා හුස්ම ගන්න විදිහෙන් මට කියන්න පුළුවන් එයා ඉන්නෙ සතුටින්ද, දුකින්ද කියලා.

වැලි පොල්කටු කෝම්පිට්ටු

Highlights:

මද්දුගේ ජීවිතය ගෙවුණේ වත්ත පහල ඇල ඉවුරේය. නිල්දිය පිරි ඇලේය. වෙල් එළියේය. මැද කමතේය. එගොඩ ගොඩේ කූඹි කැලේය. මද්දු ඇවිදින්න ගිහින් අම්මාගෙන් ගුටි කෑවේ වරක් දෙවරක් නොවේය.
“හොඳවැඩේ මෙයාට රවුම් ගහන්න යනවට..”
අක්කා බනින්නේ මද්දුටය.
‘මං රවුම් ගහන්න ගියෙ නෑ…’
අම්මාගෙන් ගුටි කෑ මද්දු අක්කාට කඩා පැන්නාය.
‘මෙයාගෙ කටේ සැර… අම්මට තිබ්බෙ තව දෙකක් දෙන්ඩ…’
‘බතලි…බතලි…යක්ෂණී…බටකොළ ආච්චි…’

සුසුම් සිත්තම්

Highlights:

දයාබර හංස….
හිත තිබුණෙ ඔයා ලියන
ආදරණීය කතා අස්සෙ…
මේ පාළු පුංචි හිත
ඔයාගෙ කවිකාර පොත් සුවපත් කළා…
ඒත්…
ඔයාව සුන්දර මිනිහෙක් කළේ “කල්පනා”…
ඔයා ඇහැරවපු මගෙ හිත අස්සට
රිංගා ගත්තෙ “මිත්‍ර”…..

මං දයාබර වැඩිද මන්දා

Highlights:

මගේ සුරතල් බලු පැටවා බීතෝන්ට වස දී තිබිණ. ඌ ලේ වමනය කර මැරී තිබිණ. මගේය කියන්නට කිසිවෙකුත් නැති මගේම ගෙය ඇතුලේ වන තාත්තාගේ දෙවන විවාහයේ ඥාතීන් ගැන මට බයක් දැනිණැ. විශ්වාසය… මේ ඔවුන්ගේ වැඩය.

“තාත්තා හිතාගන්න.. දවසක ඔයා ගෙදර එද්දී මමත් මේ විදිහට මැරිල වැටිල ඉදීවි… මට වහ දුන්නෙ කවුද කියලා අහන්න කෙනෙක්වත්, ඇත්ත කියන්න කෙනෙක්වත් එදාට මේ ගෙදර ඉන්න එකක් නෑ… අද බීතෝන් වගේ එදාට මාත් අභිරහස් විදිහට මේ ජීවිතේ අතෑරලා සඳහටම යන්න යාවි..”

මල් පවන් රැල්

Highlights:

“පහන් තරුව වගේ කෙනෙක් මට පාර පෙන්නුවා… ඒ පහන් තරුව දිහා බලාගෙන මම මගේ දුක කිව්වා..
මං හිතාගෙන හිටියෙ පහන් තරුව අයිති දුර ආකාශෙට කියලා…
ඒක නෙමේ ඇත්ත… දෙයක් අයිති වෙන්න ඕන මොනවා හරි දේකට ආදරේ වෙන කෙනෙකුටයි…
ආදරය කරන කෙනෙකුට භෞතික දුර වැදගත් නෑ… ඒ කියන්නෙ පහන් තරුව අයිති
පහන් තරුවට  ආදරේ කරපු මටම තමා…
මට පහන් තරුව වෙලා උන්නෙ ඔයා අසංක අයියෙ…
ඇත්තමයි මට අයිති මගෙ පහන් තරුව ඔයා….”

පලංචිය

Highlights:

“හොරෙක් හොරෙක්… මෙන්න හොරෙක්…”
සෙලානෝනා හැකිවෙර යොදා කෑගෑවාය.
කාමගින්නෙන් පිච්චි පිච්චී චාරුලතාගේ ගෙට රිංගන්නට මාන බලබලා උන් දනියෙල් ඒ හඬට ගැස්සිණ. සෙලානෝනාගේ සද්දයට වෙලේ නාන ළිඳ ළඟ උන් තරුණයින් කීපදෙනා මහනියර දිගේ දුවඑන්නේ මේ පැත්තටය. දනියෙල් වහා පාර පැත්තට දිව්වේය.
“මෙන්න හොරෙක් .. මේන් හොරා පැන්නෝ…”

සත් සියක් සුසුම්

Highlights:

“මැරෙන තරමට මට ආදරේ කළාද?”
ඒ ස්වරය ඔහුගේය. ඔහුගේමය.
එහෙත් මම ඇස් හැර නොබැලීමි.
දකිමින් උන්නේ සිහිනයක් නම් ඉන් නොඇහැරී
ඉන්නට මට උවමනා විය.
“ඇස් අරින්න බයවෙන්න එපා…
මේක හීනයක් නෙමේ….
ආ බබා මට මැරෙන තරමට ආදරය කළාද…”
නදුක ඇසුවේය.
පිදු ආදරය නිසා මට බොහෝ දේ අතහැරුණු බව…
මට මාවම මගහැරී ගිය බව… කියාගත නොහී
මම ගොළුව හිඳියෙමි. එහෙත් මසිත දුක කියමින් උන්නේය.

පවුරු බිද

Highlights:

අල්ලාගත් මාළු කූරීන් පීතරගෙ කඩයට දී ඒ මුදලට ආප්ප රැගෙන මම ගෙදර ගියෙමි.මම ආප්ප ටික ලොකු අක්කාට දුනිමි. අම්මා කොණ්ඩය පීරමින්කුස්සියට ආවේ ඒ අතරය.චූටියා අම්මාගේ චීත්තයේ ඒල්ලී හඬමින් එයි.
“කට පියාගෙන හිටපිය… ආයෙ බලියන්න පටන් ගත්තොත් දෙනවා තොට පොල් පිත්තක්අරං.. ඇයි යකෝ තොපිලගෙ සුමේ කරලම මට නිදහසක් නෑ.. එළිවෙච්ච වෙලේ ඉදලම මටවද දෙනවා…
ලොකු අක්කාත් මමත් මූණෙන් මූණ බලා ගත්තෙමු. අම්මා ළමයින් වැදුවා විතරය. උන්ව හදන්නේ ලොකු අක්කාය. නංගිලා මල්ලිලා රංචුවේ සියලු දහදුක විඳින්නේ ලොකු අක්කාය.
“කොයින්ද උඹට ආප්ප ගත්ත සල්ලි..?”අම්මා මගෙන් ඇසුවේ අක්කා අත වූ ආප්පයක් කඩා කටේ දමා ගනිමින්ය.” මං මාළු අල්ලල වික්කා…”
“ඔක්කොම වික්කද?.…… නොදකින් අපටත් දෙන්නෙක් ගේන්න එපායැ. යකෝ මේකට
තව පොල්කිරි ටිකක් දැම්මනම්. කිරි පීතරගෙ ගෑනිගෙන් ගන්නවා වගේනෙ හරියට … පොල්කිරි පෙන්නලා විතරයි..”අම්මා රස පරීක්ෂා කොට ගුණ දොස් කීවාය..”ලොක්කි…මං යනවා. එද්දි හවස් වෙයි. ලොකු හාමිනේලගෙ දිහා හෙට වතා දානෙ. මං වී කොටලා දෙන්න යනවා. මේකෙම රිංගගෙන ඉදලා හරියන්නෑ. යන ලෝකෙටත් මොනාහරි කරගන්න ඕන…”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Decoration sticker
Decoration sticker
Decoration sticker