නාඬන් උඳුම්බරා 02
” ඇස් වැහෙන තත්පරයටත් මං හරි බයයි සුදු මැණිකේ… හෙටට කල් දාන්න පුලුවන් ඕන දෙයක්.. ඒත් ඔයාව බෑ… ඒකට ඔයා කියන්නේ ඊරිසියාවද කියන්න මං දන්නෑ.. ඒත් මං දන්නේ ඒක ආදරේ කියලා. මේ කසාද සහතියක මට ලොකු දෙයක් නෙවෙයි.. ඒත් මට ඔයාව මේ අත් දෙක මැද රකින්න නම් අදාළ නැති බැඳීම් බිඳින්නට ඕනේ… ඒකයි කරන්නේ…” මේ
ජිවිතය පුරන ආදරයක් ළඟ මා ජිවය ලැබුවෙමි.
වචනයෙන් කිව නොහැකි තරමට ඒ නෙත් වල ආදරය පිරී තිබිණි. විශ්වාස කළ නොහැකි එකම දෙය නම් අදත් එදත් එයමය. ඒ පිරිමි පපුවක් තුළ ආදරයක් මේ තරම් පිරී තිබෙන්නට හැකි ද යන්නම පමණි.
නාඬන් උඳුම්බරා – 01
‘මට සමාවෙන්න.’
” සමාව ඉල්ලන්න ඔයා වැරැද්දක් කළේ නෑනෙ. ඔයා අඬන්නෙ නැතිව පරිස්සමින් ඉන්න. නාඬන් උදුම්බරා කියලා මගෙ පපුවෙ ඔය මූණ හිරකරගෙන ඔය කඳුළු පිහදාන්න මට දැන් අයිතියක් නෑ සුදු මැණිකේ… ඔයා හැමදාමත් ඒ අයිතිය මගෙන් ඈත් කරලයි තිබ්බෙ. ඔයා සතුටින් ජීවත් වෙනවා දැක්කොත් මටත් ජීවත් වෙන්න ලේසි වෙයි. ඒ නිසා හිනාවෙලා ඉන්න. ඔයා මාව දාලා යන්න කලින් මම ඔයාව අත අරිනවා. තියන්නම්”