Product Tag: සරසවි ප්‍රකාශකයෝ

සරසවි ප්‍රකාශකයෝ

Showing all 27 results

Show:

මගහැරුණු දූපත්

Highlights:

වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් උනත් පාලම මත සමහර තැන් තියෙන්නෙ අඳුරත් ආලෝකයත් අතරෙ. එහෙම තැන්වල ඒ ගන්ධබ්බ ආලෝකය තුළින් දුර දකින්න පුළුවන් පාලම මත රාත්‍රිය පුරුදු ඇස් දෙකකට විතරයි. ඉදිරිය බලාගෙන යන ඔහුගේ දෙනෙත් කෝණය මදක් උඩට ඉස්සුනේ කිසියම් නුහුරු දෙයක් ඉවෙන් මෙන් දැනුණු නිසා. ඉව හරි. ඔහුට තරමක් දුරින් පාලමේ තියෙන උසම කණු වලින් එකක් මත අඳුරු ඡායාවක්. වීදි ලාම්පු වල එළිය අඩුවෙන්ම වැටී තිබුණු ඒ කණුව මත කවුරුන් හෝ සෘජුව හිටගෙන ඉන්නවා. ඔහු කවදාවත් එවැනි දර්ශනයක් දැක තිබුණේ නෑ. දෑස ඒ වෙතම මානා ගත් ඔහුව ඉබේම වගේ එහෙමම නැවතුණා, කණුව මත හුන් වී රුව විසින් මුද්‍රා හරින ලදැයි සිතිය හැකි සැහැල්ලු දේවල් සමූහයක් මුදු සුළඟට හසුව සමනල රෑනක් සේ දස අත පියාඹන හැටි ඔහු දුටුවා. අවට පැතිරි තිබූ ගන්ධබ්බ වළියෙන් ඒ පියාඹන දේවල් කඩදාසි යයි තහවුරු කර ගන්න ඔහුට පුළුවන් උනා. ඒත් ඒ සිතිවිල්ලට බාධා පැමිනුණේ කණුව උඩ සිටි රුව අනපේක්ෂිතව එකවරම පහළට පනිනවා දැකීමෙන්.

මල්ගුඩියේ මිනීකන්නා

Highlights:

ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප්‍රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහකරයි. “මල්ගුඩියේ මිනීකන්නා” (මැන් ඊටර් ඉන් මල්ගුඩි Man Eater in Malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රය තුළය.

පුළුවන්නම් අල්ලන්න

Highlights:

පුළුවන් නම් අල්ලන්න ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස් විදෙස් සුපතළ Catch Me If You Can නමැති චිත්‍රපටයට පාදකවු ෆ්‍රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ජීවිත කතාවයි.Catch Me If You Can යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක්කිරීමට තරම් අසීමාන්තික වූ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ෆ්‍රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින් කර ඇති මෙම අනුවාදයෙන් විහිදෙන්නේ අප බසින් ලියන ලද නවකතාවක ගුණ සුවඳමය

ඇබග්නේල් ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අනන්‍යතා අටකින් ඔහු පෙනී සිටියේය.

වයස අවුරුදු විසි එකේදී අත්අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන් (චෙක්පත් වංචාකරුවන් විශේෂයෙනි) විසින් සිදු කරන වංචාවන් සාර්ථකව වළක්වන අයුරු එෆ්. බී. අයි. ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි.

රජ කුමරියකගේ දිනපොත 3 – ආදරයෙන් බැඳුණු කුමරිය

Highlights:

රතුපාටයි රෝස කුසුම්

ඊට වඩා රතුයි චෙරි

පලතුරු මැස්සන් ක්ලෝනීය කරන්නට

ඇයට හැකි වෙන්නට පුළුවන්

ඒත් මං ඔයාට කැමතියි වැඩියෙන්

මා එයින් අදහස් කළේ මා ජුඩින්ට වඩා ඔහුට කැමති බවයි.

ඒත් මට සහතිකයක් නෑ මේ කවියෙන් වැඩක් වෙයි කියලා. ටීනා නං කියනව ඒක වැඩ කරයි කියලා. ඒ වුණත් ඇය හිතන්නේ මං එතන කැමතියි වෙනුවට ආදරෙයි කියල යොදන්න තිබුණෙයි කියලයි. ඒත් කවුද දන්නෙ ඇගේ අදහසේ යම් අගයක් තියේවීද කියලා

රජ කුමරියකගේ දිනපොත 2 – නම රැන්දු කුමරිය

Highlights:

රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග්‍රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප්‍රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල්‍යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප්‍රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළුවකි.

අමෙලියා කුමරිය ගණිතයට වැඩි ලකුණු ලබන්නී, ඇය පතා එන්නන් අතර රජ කුමරුවරු ඇතුළු පන්තියේ දෙදෙනෙක් ද දකී. කෙනී සහ මයිකල් අතරින් ඇගේ සිත වැඩියෙන් දුවන්නේ මයිකල් දෙසටය.
රාජ්‍ය මංගල උත්සවය සඳහා ලහි ලහියේ සියල්ල සුදානම් වද්දී, තම විවාහය චාම් මට්ටමින් සිදුවිය යුතු යැයි ප්‍රකාශ කරමින් මනාලයා සහ මනාලිය වෙනත් රටකට පලාගොස් එහිදි අප්‍රසිද්ධියේ විවාහ වෙති.

රජ කුමරියකගේ දිනපොත 01

Highlights:

පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්‍රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ලෙස ලැබු ප්‍රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අඩුවක් නොකළාය.
මෑණියන්ගේ රූමත් බව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප්‍රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,
ඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්‍යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්‍රාන්ත රාජ්‍යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.

පියෙකුගේ කතාවක්

Highlights:

ලයනල් ඩාමර්ගේ දරුවා වසර 11 ක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේ ය. අඳුරු කාමර තුළ සිරකොට, වධ දී, අතපය වෙන්කොට මරා දැමුවේ ය. ඇමෙරිකාවේ මිල්ටෝකි හි නිවෙස් අහිංසක දෙමවුපියන්ගේ විලාප හඬින් පිරවී ය.

ලයනල් ඩාමර්ගේ බිඳුණු හදවතින් ගලා ආ කඳුළු අකුරු, වෙවුලන වචන පේළි වල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමඟ ඔබේ හිත සුසර වූ තැන දී ඔබේ දැස් බොඳ වනු ඇති බව මම සඵත කරමි.මම පොත, ජීවිත 17 ක් බිළිගත්, මිල්ටෝකි හි යක්ෂයා ලෙස ලොව ම හඳුනන, වසර 941 කට සිර දඬුවම් ලැබූ ජෙෆ්රි ඩාමර් යන දාම ඝාතකයාගේ ජීවිතය ඔහුගේ පියාගේ ඇසින් දකින ලේ වැකුණු, සත්‍ය කතාවකි.

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

Highlights:

1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු
අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා
මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය.
සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි
ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන්
සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන
කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ
හොල්මන්, අවතාර පමණි.

මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,
ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි
සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට
ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

ජීවිතය යළි ලදිමි

Highlights:
බෙනයක්, ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත්විය හැකි ද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැගව සිටීමට සිදුවිය. යුදෙව්වෙකු වීමේ ශාපයට වන්දි ගෙවන තරුණ මවක් සිය පස්මසැති බිලිදු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලුවේ. එයද දවසකට දෙකකට, මාසෙකට හමාරකට නොව යුද්ධය පවතින තුරාවටය.

අනෙක් මව්වරුන් ජීවිතාශාවෙන් තම දරුවන් අතරමග දමා ස්වයං විමුක්තිය පැතුවද මේ මව තම දරුවා මත්තෙම නැහෙයි.

සමාජ ඉතිහාසයේ ඉතා අදුරුම යුගයකදී මානව බැදීම් හා අදිටන මතින්, පලාගිය ජීවිතය යළි ළගාකර ගත් අයුරු මෙම අනුවේදනීය සත්‍ය කතාවෙන් ලියෝකාඩියා ෂ්මිට් ලොවට හෙළිකරයි.

ද්‍රෝහී

Highlights:
මට ඔහු මුණගැසුණේ ය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි;
ප්‍රත්‍යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය.
ද්‍රෝහියා…?
මට සිනා පහළ වෙයි; ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට ,
අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි.
මේ වූ කලි ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටාප්‍රාප්තියයි;
දේවල් පවතින හැටියෙන් ම පිළිගන්නට හැකි වීමේ ප්‍රමෝදය අත්විදිමින්
පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි.
මෙට්ටය යට හිර කර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම,
කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි.
‘දෝහියා’ මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේද , කොතැන දී ද
කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහිපය
පුරවා දැමීමට සිදු වෙයි. පොත සම්පූර්ණ වූ විට
ඔහු කවුරුන් දැයි අමුතුවෙන් හදුන්වා දෙන්න
මට සිදු නොවනු ඇතැයි මම සිතමි.
මේ ප්‍රහේලිකාව සකස් කරන්න මා වන මුත්,
එහි කොටු පුරවන්නා බවට පත් විය යුතු වන්නේ ඔබයි.

මිත්තා

Highlights:
“මට ගෞරවය ලැබිය යුත්තේ පසුවයි. ලක්දිවට බුදු දහම ගෙන ඒමේ ගෞරවය පළමුවෙන්ම මා මිත්‍ර අශෝක රජතුමාට හිමිවිය යුතුමයි. එතුමා තම දෑස වන් දරු දෙදෙනා ලක්දිව බුදු දහම ප්‍රචලිත කිරීම උදෙසා එවීම තරම් වෙනත් පරිත්‍යගයක් කොයින්ද?
– දේවානම්පියතිස්ස රජතුමා –
“මිහිදු හාමුදුරුවන්, සංඝමිත්තා තෙරණියන් ගැන අහපු දවසෙ මම හිතුව පැවිදි වෙන්ඩ. ඒත් පණ්ඩු අයියණ්ඩිව දැක්ක දවසෙ මගේ හිත වෙනස් වුනා.”
– මිත්තා –
“උඹගෙ ජීවිතේ මල් පිපෙන කාලෙ ළග ළගම එන එසා ඒ විදියෙ හීනයක් පේන්ඩ ඇති. උඹට දැන් දීග යන්ඩ කල වයස හරි.
– කරි අම්මණ්ඩි –
“අපේ අම්මණ්ඩිලා කියපු දේට අපි කැමති වෙලා දීහ ආවා මිසක් කැමති නෑ කැමැති නෑ කියලා මහ පොළොවේ හැපෙන සිරිතක් ඉස්සර අපි ළග තිබුනෙ නෑ නෙව.”
– චේතියා –

ආධිපත්‍ය

Highlights:
මෙම ආධිපත්‍ය කෘතිය, එක්ස් කලාපය ගැන ලියවුණු‍, “සදන්රීච්” නවකතා ත්‍රිත්වයේ දෙවැන්න වන “අතෝරිට්” හි සිංහල පරිවර්තනය යි. ජෙෆ් වැන්ඩමියර් සඳහන් කරන පරිදි.. ඇනයිහිලේශන් (සර්වනාශ) එක්ස් කලාපය තුළට ගවේෂණයක් වූවා සේම,  අතෝරිටි ආධිපත්‍ය එම ගවේෂණ මෙහෙයවන ඒජන්සිය වන සදන්රීච් තුළට වූ ගවේෂණයකි. මායාරූපී, ත්‍රාසජනක, අද්භූත, විද්‍යාප්‍රබන්ධ යන ශානරයන් හී සම්මිශ්‍රණයක් සේ මෙය සැලකිය හැකිය.

පළමු පොත මෙන් නොව මෙහි කතාව දිවෙන්නේ මිනිස් වාසයෙන් යුතු ප්‍රදේශයක් වන සදන්රීච් කේන්ද්‍ර කර ගනිමිනි. එක්ස් කලාපයේ සිදුවූ අද්භූත සිදුවීම් ගැන කෙරෙන ගවේෂණ පිළිබඳ විමර්ශනයන් සම්බන්ධව මෙය ලියැවී ඇත.

කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය

Highlights:

අග්‍රගණ්‍ය භෞතික විද්‍යාඥ‍යන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත A Brief History of time, නම් මාහැගි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය, ‘කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය’ නමින් ප්‍රකාශිත මෙම කෘතියයි.

ප්‍රේමාක්ෂර

Highlights:
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.

සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.

ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.

වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.

සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.

“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.

මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.

DUO – ඩුඕ

Highlights:

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක
ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු
සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති.
හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති.
අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ
දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.

උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව
සැනසුම සොයා සරන්නී, සතුට අන්
තැනෙක සෙව්වාය.සාරා අරුමැසි ජිවිතයේ
ප්‍රහර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින
අදිටන සුරතට කැටි කොට ගත්තාය.

යසාවා සාන් මා සහ ජපානය

Highlights:
ශ්‍රී ලංකා සහ ජපන් ජන ජීවිතය පොදු බෞද්ධ සංස්කෘතිය අනුව අධය්‍යත්මික ගුණ වගාවත්,භෞතික කාර්මිකරණය මත භෞතික දියුණුවත් සංකලනය කරගෙන නූතන සංවර්ධන සංකල්ප ප්‍රගුණ කරන් සැටිත් හිතකර සේ තම ආකල්ප සකස් කර ගැනීම සදහා පොදු ජනතාවට, ප්‍රතිපත්ති සාධක පිරිස්වලට සහ අනෙකුත් බලධාරින්ට මෙම ග්‍රන්ථය උපකාරි වනු නියතය.

මගේ ගමට අරුණ

Highlights:
මගේ පුතා ළදරුවියේදී හදා වඩා ගත්තේ මගේ අම්මාය. ටික කලක් ගොස් අම්මා ගෙදර ගිය පසුවද අම්මා බැලීමට යාමට පුතා දැක්වූයේ පුදුම ආසාවකි.අම්මා හදා දෙන කෑමට අපද ආසා කළ අප කෑමට වැඩියෙන් කැමති දේ උයා පිහා දීම අම්මාගේ සිරිත විය. බිරිදත් මාත් රැකියාවට යන අතර පුතා ළග රැදී සිට පෝෂණය කොට බලා හදාගැනීමට අපගේ ඉමහත් වාසනාවක් විය. මෙහෙකාරියන් දෙදෙනෙකු සිටියත්, අම්මාගේ ආදරය අවශය විය. අම්මා බොහෝ විට පුතා ඇමතුවේ මැණික කියාය. වයස අවුරුදු දෙකත් ඉක්ම වූ පසු මව බැලීමට මහ ගෙදර ගොස් දිනක් අප ආපසු යාමට වාහනයට ගොඩ වන විට අම්මා ඇමතු පුතා කීවේ. ” ආච්ච් දැන් ඔයාගේ මැණික යන්නයි හදන්නෙ” යනුවෙනි. අම්මා සතුටින් ඉපිල ගියාය.

කුරුලු මෙහෙයුම

Highlights:

පරිසරයේ සුවිශේෂී අංගයක් වන සත්ත්ව සම්පතට ආදරය කරමින් අපමණ අභියෝගවලට මුහුණ් දෙමින් ජීවත්වන සතුන් වෙනුවෙන් උදාර සේවයකට කැපවු දරු පිරිසක් ගැන කියවෙන “කුරුලු මෙහෙයුම” යොවුන් නවකතාව පරිසර හිතැති ආචාරධර්ම දරුවන්ට හුරු කිරීමේ අරමුණෙන් ලියවුණු කෘතියකි.

පාරිසරික කතා ගනයට ඇතුළත්වේ. සත්ව සම්පතට ආදරය කරන දරු පිරිසකගේ වික‍්‍රමයක් ගැන කියැවෙන කතාවකි. මතු පරපුර පරිසර හිතැත්තන් බවට පත්කිරිමේ අරමුණෙන් ලියැවී ඇත.

එතන සිට නොසිට

Highlights:

අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය.

“හා.” ඒ කුඩා පොතේ පිට කවරය දකිද්දී ඔහුගේ මුහුණ එළිය වූයේය. ‘මේ ඉන්නෙ පූර්වජ පියා. නීති පනවන නීතියට පිටින් ඉන්න සේරම ගෑනුන්ගේ අයිතිකාරයා. මේ අතන ගහේ බැඳල හිටපු මනුස්සයම තමා.’ දඩයක්කාරයාගේ ගොරෝසු රුව දෙස බලමින් කියූ ඔහු නැවතත් එක්වරම ඒ කියන්නේ දිගුක් මෙන් ඒ ස්වරයෙන්ම ඇසුවේය.

“අමන්දට තාත්ත අන්තිමට හම්බවෙලා අවුරුදු කීයක් විතර වෙනවද?”

“වයස එකොළහක් දොළහක් කාලෙ වගේ ඉඳල දැකල නෑ.”

සත් මිතුරියෝ

Highlights:

සිය පියාගේ රැකියාව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල හැදී වැඩී පාසල් අධ්‍යාපනය ලද සෝමලතා වෛද්‍යරත්න සිය ළමා කාලයද ,ඇසුරු කර ගනිමින් ,තරුණ වියේදී හෙද සේවයට ඇතුළත් වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ලියූ ප්‍රබන්ධ බොහොමයකි.මේ සෑම කෘතියක්ම පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකි සරල සුගම බස් වහරකින් ලියා තිබීම මා ඇයගේ ලේඛන කලාවේ දකින විශේෂත්වයයි.

රාජ්‍ය සම්මාණ ලාභී ලේඛිකාවක වන ඇයගේ නවතම කෘතිය ”සත් මිතුරියෝ” ය.වත්මන්හි වට්ස්ඇප්, වයිබර් ආදී නවීන තාක්ෂණික මෙවලම් භාවීතය ඇසුරේ දරුවන් යහමගට යොමු කිරිමේ අරමුණ ඇතිව ඇය මේ කෘතිය ලියන්නට ඇති බව මගේ හැඟීමයි.ඇය විසින් ලියන ලද අනෙක් කෘති මෙන්ම මේ කෘතියද පාඨක හදවත් දිනාගනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

ඕස් දේශයේ අපූරු මායාකරු

Highlights:

ලොව පුරා සෑම ප‍්‍රධාන භාෂාවකට ම පරිවර්තිත ව පිටපත් මිලියන දහයකට අධික ව අලෙවි වී, චිත‍්‍රපට හා නාට්‍ය සිය ගණනකට පාදක වූ, ඇමරිකානු භූමියේ ලියැවුණු උසස් ම ළමා නවකතාව, 2021 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී පරිවර්තිකාවක වෙතින් සිංහලයට නගා රැගෙන එන සම්පූර්ණ හා අසංක්‍ෂිප්ත පරිවර්තනය.

ලාඩං

Highlights:

ලාඩං යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි. සිතුවමකට නැගීමට දැරුණු ප්‍රයත්නයයි. ලෙයින් කඳුළින් තෙත් වූ ඔවුන්ගේ එදා මෙදාතුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක්-දොම්නස් ඉතිහාස කතාවේ අංශු මාත්‍රයක් හෝ මේ වෘත්තාන්තයේ තැවරී ඇත්නම් සහෝදර ජන ප්‍රජාවක් වෙනුවෙන් පිදෙන උත්තමාචාරයකි.

තණ කන අපි

Highlights:

”උන්ට විසිකරන්න දෙයක් නැති නිසා උන් අපිට සෑම දෙයක්ම විසි කරන්නේය.ඇහිඳ ගන්නට පොරකන අපි බලන විට අප ඇහිද ගෙන තිබෙන්නේ අපිම විසිකළ දේමය.උන්ට කිසි දෙයක් නැති බව දැනෙන්නේ අපිට අපි ඇහිඳගත් දේ යළිත් උන්ට දුන් විටය”

අන්ධයා සහ සුරුට්ටු න්‍යාය

Highlights:

බඩ තඩියා නැවතත් සිගරට්ටුවක් දල්වා ගනිමින් මෙසේ කියන්නට විය.

”කැලේ ඉන්න කොටියට දඩයම උගන්නනවලු ගඟේ ඉන්න මාළු”

අමාරුකාරයා ද අත්හැරියේ නැත.

”දැලි පිහිය හිාගෙන ඉන්නෙ තමන්ට කපන්න පුළුවං රැවුල විතරයි කියලලු”

”දෙපැත්ත කැපෙන ආයුධ මෝඩයන්ට බයයිලු”

නැවතත් අමාරුකාරයාගේ වාරය පැමිණියේ ය.

”තුවක්කුව වුණත් බයගුල්ලෝ අතට ගියහම කොකා මැරිල වැටෙනවලු හාමතේ ඉඳල ම”

”කාටද තමුසෙ කොකා කිව්වේ? මට ද? මට ද?”

බඩ තඩියා අතක් මීට මොලවා ගනිමින් අමාරුකාරයට අනින්නට ඉදිරියට පැන්නෙන් කිහිපදෙනෙක්ම හනික තම අතවු දුම් බට මුවෙහි රුවා ගනිමින් ඔහු අල්වා ගත්තෝ ය.

අකුරු-කතන්දර-1

Highlights:

ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් සමග කරන ලද සමික්ෂණයක
ප්‍රතිඵලයක් වශයෙන් මෙම පොත එළිදැක්වේ. අතීත ළදරු
අධ්‍යාපන ක්‍රියාවලිය (වැලි පිල්ල සහ ගල් ලෑල්ලේ අකුරු ලිවීම)සහ
නවීන ක්‍රම ගැබ්කොට මේ පොත සකස් වී ඇත.

පළමුව ලොකු අකුරු මත ළදරුවාගේ ඇඟිල්ල යැවීම හුරු කරවා
පසුව ඒ සඳහා පැන්සලක් පාවිච්චි කර ඇත. අකුරු ලිවීම සමග
කතන්දරය ද කියවිමෙන් අකුරු ඉගෙනීම ප්‍රීතිමත් කරුණක් සේ
ළමා මනස තුළ තැන්පත් වේ. එමගින් සොබාදහම සහ තාමා
ජීවත්වන පරිසරය පිළිබඳ දැනුමක් ළදරුවා ලබන අතර අකුරු
මතක තබාගැනීමද කඩිනමින් සිදු වේ. මේ ක්‍රියාවලිය අනුගමනය
කීරීම ගුරුවරයාට ද පහසු වනුයේ ළදරුවාගේ ඉගනීම ඉක්මනින්
සිදුවන බැවිනි.

දුලානි ද අල්විස්

රසකැවිලි වෙළෙන්දා

Highlights:

සිදාදියේ කොලිජීයක අධ්‍යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද්‍රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping