Product Tag: අත්තුඩාවේ ශ්‍රී රාහුල හිමි

අත්තුඩාවේ ශ්‍රී රාහුල හිමි

Showing all 3 results

Show:

පැවිදි මඟ හෙවත් සාමණේර බණ දහම් පොත

Highlights:

“පැවිදි මඟ හෙවත් සාමණේර බණ දහම් පොත” යන නමින්ම මෙය කවර ආකාරයේ කෘතියද යන්න පැහැදිළි වේ. සාමණේර හිමිනමකට අවශ්‍ය සියලු බණදහම් පමණක් නොව උපසම්පදාව ලැබු හිමි නමකට වුවද අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වෙයි.

අට්ඨකතා සාහිත්‍යය හා අටුවා රසකතා

Highlights:
ගිරිකණ්ඩ විහාරයට නොදුරු වත්තකාලක ගමේ සැදැහැවත් යුවලක් පුන් පොහෝ දිනක බණ ඇසීම සදහා දියණිය නිවසෙහි රඳවා විහාරයට ගියහ. මව්පියන් බැහැර ගියපසු ගෙමිදුලට බට තරුණියට ගිරිකණ්ඩයෙහි කඳුමුදුනේ සඳ එළියෙන් බබළන චෛත්‍යය පෙනිණ. පහන් එළියෙන්ද දිදුලන සෑය වටා ප්‍රදක්ෂිණා කරන සිව් පිරිසද දිස්විණ. “මෙවැනි පොහෝදාක චෛත්‍යයක් ළගට පැමිණ මල් පහන් පුදා බණ අසන්නට ලැබේනම් එය භාගය්‍යයකි” යි සිතන ඇයට උද්වේග ප්‍රීතිය උපනි. ඒ ප්‍රීතිවේගයෙන්ම අහසට නැගුණු ඕ තොමෝ දෙමාපියන් එහි පැමිණීමට පෙරාතුවම සෑ මළුවට පැමිණියාය. පිරිස මැද බණ අසමින් සිටියාය. දෙමාපියෝ ඇය, කොයි වෙලේ ආවෙහිදැ’යි විචාළාහ. “මම අහසින් ආවෙම්” ඇය කීවාය. 

-අට්ඨකථා සාහිත්‍ය‍ය හා අටුවා රසකතා-

බුද්ධ ඇදහිල්ල

Highlights:

අපේ බෞද්ධ සංස්කෘතික පරිචයක් වශයෙන් අවුරුදු පතා යන වන්දනා ගමන්වල දී අත්පොතක් වශයෙන් මෙම පොත ගෙන යා හැකිය. මෙහි භාවනා නමින් වෙනම පරිජෙදයක් එයි. එහි සියළුම භාවනාවන් ඒකරාශි කර ඇත. වන්දනාවක දී හෝ ගෙදර සිටිය දී තමන්ට කැමති භාවනාවක් මේ පොත බලාගෙන වුවද කළ හැකිය.

බෞද්ධ ඇදහිල්ල නම් මෙම කෘතිය බෞද්ධ අත් පොතක් වශයෙන් පරිශිලනය කිරීමට සුදුසුය. සිතුවම්ද ඇතුළත් කොට ඇති මෙහි ජන සමාජයේ ඇදහිලි ක්‍රම පිළිබඳවත් බෞද්ධයින් සතු සියලු පුද පූජාවල් පිළිබඳවත් පැහැදිලි කිරයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping