කවිය හෙවත් කාව්‍යය යන්න ඉතා පුළුල් අරුතක් ඇති සංකල්පයකි. පුරාතන භාරතීය ආචාර්යවරු කාව්‍ය නීතා යනුවෙන් කාව්‍ය යන්න අර්ථ කථනය කළහ. ගද්‍ය – පද්‍ය දෙකම කාව්‍ය වශයෙන් සැලකිණි. පද්‍ය කාව්‍ය ලෙස සැලකුණේ ඡන්දසත් විරිත් අනුව රචනා කරන ලද කාව්‍යයි, ඡන්දෝබද්ධ පදං පද්‍යං යනුවෙන් ඒ බව විශේෂ කොට දක්වන ලදි.