පරාභව සූත්‍රය සහ වසල සූත්‍රය
සකල ජන හිත සදහම් අමාවෙන් සැනසූ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගේ පිරිහීමට හා දියුණුවට හේතුවන කරුණු රාශියක් සූත්‍ර කීපයකින් දේශනා කළ සේක. එයින් පරාභව සූත්‍රය ප්‍රධානවන අතර එහි පරාභව කරුණු දොළසක් දේශනා කොට ඇත.
පොකුරු සංඛ්‍යා
මෙහි ඇතුළත් වන්නේ සාමාන්‍ය භාවිතයේ දී හමුවන පොකුරු සංඛ්‍යා පදයි. සියලු ම සමුහවාචී සංඛ්‍යා හෙවත් පොකුරු පද එක් රැස්කළහොත් එය පිටුදහස් ගණනකින් යුක්ත අතිවිශාල කෘතියක් වනු ඇත.
ධනිය ගෝපාල සුත්‍ර කාව්‍යය
මෙය සුත්ත නිපාතයේ සඳහන් රමණීය සුත්‍ර දේශනාවකි. ගව පට්ටි හිමියෙකු වූ ධනිය, ධනවත් අයෙකි. මෙ දින ඔහු තම ගවයින්ට තණ කවා පියාදර බිරිඳ සහ දරුවන් සමග මහී ගං තීරයේ තාවකාලික ව නැවතී සිටියහ. ඒ රාත්‍රියේ මහා වැහි වළාකුළු අහස් කුස නැංවෙන අයුරු බලා සිටි හේ ප්‍රීතියට පත්විය. මහා වැසි වසින්නැයි වළාවන්ට හඬනගා කියන්නට විය. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ බොහෝ දුර සිට මේ සිදුවීම දිවැසින් දුටු සේක. තමන් වහන්සේ නො වැඩියහොත් මහ රෑ වසින වැස්සෙන් ගඟ උතුරා ගලා ගොස් ඇතිවන භයානක ගං වතුරකට මේ සියලු දෙනා ගොදුරු වන බව දුටු සේක.
ආටානාටිය සූත්‍රය
අමනුෂ්‍ය උවදුරු වළකන අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි. ආටානාටිය සූත්‍රය, මෙය පිරිත් පොත් තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි.
සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි.
රතන සූත්‍ර වර්ණනාව
අතීතයේ විසල් පුර දැඩි ආහාර හිඟවීම ආදී උවදුරු ඇතිවිය. ඒ උවදුරු දුරුකරගනු පිණිස ලිච්ඡවීහු රජගහ නුවරට ගොස් ආයාචනාකොට භාග්‍යවතුන් වහන්සේ විසාලාවට වැඩම කරවූහ. මෙසේ වැඩමවාගෙන ආ භාග්‍යවතුන් වහන්සේ ඒ උවදුරු දුරුකරනු පිණිස මෙම සූත්‍රය දේසනා කළහ. මේ එහි කෙටි සඳහනයි. පැරණි ඇදුරෝ මෙහිදී විසල්පුර ගොඩනැගුන අයුරු මුල පටන්ම විස්තර කරති. ඒ විස්තර මෙසේ දතයුතුය. බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරුගැබක් පිහිටියේය. ඇය එය දැන රජුට දැන්වූවාය. රජ ගැබිනියක වෙනුවෙන් කළයුතු සියළු කටයුතු හා රැකවරණ (ගැබ් පෙරහර) සැලසීය. ඇය මැනවින් ගැබ දරාගනිමින්, ගැබ මේරූ කල වදනාගෙට පිවිසියාය. පින් ඇති තැනැත්තියන්ට දරු උපත සිදුවන්නේ අළුයම් කාලයේදීය. එබඳු තැනැත්තියන් අතර ඇයද වූවාය. අළුයම් වේලෙහි ලාකඩ පටලයක් (වැසුණු) වැනි බඳු වදමලක් මෙන් මස්වැදැල්ලක් ඇය බිහිකළාය. එවිට, ඇය, ‘අනික් බිසෝවරුන් රන් පිළිම බඳු පුත්තු වදති. අග මෙහෙසිය මස් වැදැල්ලක් වැදුවා’ යැයිද රජු ඉදිරියේ අපහාසයට ලක්වන්නේ යැයි ද සිතා, ඒ අපහාසයට බියෙන්, එම මස්වැදැල්ල එක්තරා බඳුනක බහා, වෙනත් බඳුනකින් වසා, රාජකීය සලකුණු තබා, (ගඟෙහි) දැමූවිටම, දේවතාවෝ රැකවරණ සැලසූහ. රන් තහඩුවක, රත්සිරියල්වලින් ‘බරණැස රජුගේ අග මෙහෙසියගේ දරුවන්’ යැයිද එහි ලියා තැබූහ. එම බඳුන දියසුළි ආදී උවදුරු නැතිව ගඟ පහළට පාවී ගියේය.
සිහනාද සූත්‍රය
දීඝ නිකායෙහි සිලක්ඛන්ධයෙහි අටවැනිව ඇති සූත්‍රය සීහනාද සූත්‍රයයි. එම සූත්‍රයට වස්තු වී ඇත්තේ “කස්සප” නැමැති අචේලකයකු බුදුරදුන් කරා පැමිණ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුදුරදුන් විසින් කරන ලද සංවාදයකි. සමහරු මෙම සූත්‍රයට කස්සප සීහනාද සූත්‍රයයි ද ව්‍යවහාර කරන නමුත්, තථාගතයන් වහන්සේ විසින් අචේලක කස්සප ඉදිරියේ කරන ලද සිංහනාදයට කස්සපගේ නම යෙදීම සුදුසු නොවේ. තථාගතයන් වහන්සේගේ අභීත සිංහනාදය ඉතාමත් විසිතුරු ලෙස දැක්වෙන මෙම සුත්‍රයට උචිත වන්නේ “සිහනාද සූත්‍රය” යන්න මැයි.
අග්ගඤ්ඤ සූත්‍ර අනුවාදය
අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි අරමුණ වූයේ කුලභේදය පිළිබඳව පැවැති විවිධ දුර්මත ප්‍රතික්ෂේප කිරීමත්, සියලුම මනුෂ්‍යයන් එකම සම්භවයකින් හටගත්තවුන් බවත්, ඔවුන්ගේ වර්ණය, කථා කරන භාෂාව වෙනස් වුවත්, සියලුම මනුෂ්‍යයන් සමාන බවත් ප්‍රකාශ කිරීමය. මෙහිදී අවුරුදු කෝටි ගණනක් ගතවීමේදී මිනිසා විකාශයට හෙවත් පරිණාමයට පත්වූ බව වාසෙට්ඨ සහ භාරද්වාජ යන සාමනේරවරුන් දෙදෙනාට පැහැදිලි කරන බුදුරදුන් මහපොළොවේ සහ මිනිසාගේ සම්භවය පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කරන ලදී.
දිලක්ත නීතිය සහ ලතින් භාෂාවේ නෛතික යෙදුම්
දිලක්ත නීතිය යනු රෝම ලන්දේසි නීති ක්‍රමය අනුව වර්ධනය වූ නීති ක්‍රමයකි.