Product Tag: ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම

ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම

Showing all 4 results

Show:

පහනක අඳුර

Highlights:

මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ
දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා
අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද
දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය
අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක්
ලෙසිනි.

අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල්
නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම
මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව
ප්‍රහසනය නිමවයි.

සමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්යයා ද,
සමාජ-රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද නිවී යයි.
පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ
ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට
කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට
රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය
තුළ කියැවේ.

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව වර්ග කළ බහුවරණ ප්‍රශ්න සමතුලිතතාව

Highlights:
  • රසායනික පද්ධති හා සමතුලිතතාව
  • අයනික සමතුලිතතා (සමජාතීය)
  • අයනික සමතුලිතතා (විෂමජාතීය)
  • කලාප සමතුලිතතා (සමජාතීය)
  • කලාප සමතුලිතතා (විෂමජාතීය) – ද්‍රව/වාෂ්ප
  • කලාප සමතුලිතතා (විෂමජාතීය) – ද්‍රව/වායු

 

අ.පො.ස (උසස් පෙළ) කර්මාන්ත රසායනය සහ පරිසර රසායනය

Highlights:

අ.පො.ස (උසස් පෙළ) – රසායන විද්‍යාව – නව නිර්දේංශයට අයත් ‘කර්මාන්ත රසායනය සහ පරිසර රසායනය’ යන ඒකකයට අදාළ වන පරිදි මෙම කෘතිය සකසා ඇත.ඉහත ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතෙන් ආවර්ණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.

මේඝමාලාගේ රතුරෝස පැළය

Highlights:
හදිසියේ ම තද සීතල යමක් ඔහුගේ දකුණු අත්ල මත රැදුණි. දහවල ඔහු විසින් ඡේදනය කරන ලද පයෝධරය ඔහුගේ අත්ල මත සිටියේ ය. විස්කි මත නිසා දහවල මෙන් බියක් ඔහු කරා නො පැමිණියේ ය. ඔහු පයෝධරය ගෙන තම උකුළ මත තබා ගත්තේ ය. අනතුරුව එය සෙමෙන් පිරිමදින්නට වූයේ අතීත මතකයන් ආවර්ජනය කරමිනි. පයෝධරය සිහින් හඩක් පිට කරමින් හඩන්නට වන්නී ය. එය ඕනෑ ම රළු පරළු සිතකට බරක් ගෙනෙන තරම් වූ අතිසංවේදී හඩකි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping