Product Tag: ඊ.එස්.එල්. පබ්ලිකේෂන්ස්

ඊ.එස්.එල්. පබ්ලිකේෂන්ස්

Showing all 8 results

Show:

සර්පයෝ (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 46)

Highlights:

සර්පයින් දෙස ටික වෙලාවක් හොඳින් බලාන ඉන්න. ඒ බොහොමයක් එක වගේ බව ඔයාට පෙනේවි. කොරලවලින් ආවරණය වුණු දිගු සිරුරක් ඒ හැමෝටම තියෙන බව ඔයාට පෙනී යාවි. ඒ කොරල හරියට නිවාසවල වහළ සෙවිලි කරන උළු අතුරන ආකාරයෙන් එක මත එක පිහිටා තියෙනවාත් පෙනේවි.
හැම සර්පයෙකුටම තියෙන්නේ රවුම් ඇස්.
ඒත් අපිට වගේඇසි පිය හෙළන්න උන්ට බැහැ.

අපේ ඇටකටු (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 23)

Highlights:

එක දවසක් මට අපූරු ඇඳුමක් ලැබුණා. ඒක මිනිසෙකුගේ ඇට සැකිලලක් මුද්‍රණය කෙරුණු සම්පූර්ණ ඇඳුම් කට්ටලයක්. මං ඒක ඇඳගත්තා ම ළමයි මට බය වුණා. ඇටසැකිල්ලක් කියන්නේ ළමයින් බය කරන දෙයක් කියලායි මම පොඩි කාලේ හිතාන හිටියේ ඒත් ඇත්තට ම ඇට සැකිල්ලක් අපේ ඇඟ ඇතුළේ තියෙනවා.

කුණුවලින් වැඩ ගනිමු (පරිසරය සුරකිමු – අංක 4)

Highlights:

අපේ පවුලේ කවුරුවත් දැන් කුණු විසි කරන්නේ නෑ.
අපි දැන් දන්නවා ඒ කුණුවලින් වැඩ ගන්න හැටි.
හැම සතියේ ම සෙනසුරාදාට අපි අපේ කුණු ඔක්කෝ ම බෑග්වල දාලා,
ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගෙනියනවා.

ඒත් ඉස්සර අපි එහෙම කළේ නෑ. හැම කුණු කෑල්ලක් ම පාරෙන් එහා පැත්තේ තිබුණු කුණු බාල්දියට විසි කළා.

කොරල් පර (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 10)

Highlights:

ජීවියකු විසින් මිහි මත ඉදි කෙරුණු විශාල ම ගොඩනැගීම තමයි. මහා බාධක කොරල් පරයයි.
ලෝකයේ තියෙන ලොකු ම කොරල් පරයත්, මහා බාධක කොරල් පරය යි. තියෙන්නේ ඕස්ට්‍රේලියානු මුහුදු තීරයේ යි. එය කිලෝමීටර් 2300 ක් පමණ දුරකට විහිදෙනවා.

ශක්තිය (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 27)

Highlights:

ශක්තිය එක් දෙයක සිට තවත් දෙයකට ගමන් කරනවා. මේ බලන්න! මේ පිරිමි ළමයා බෝලය විසි කරනවා. එවිට එයාගේ අතේ තිබුණු ශක්තිය බෝලයට ලැබෙනවා. ඒ ශක්තිය ලැබුණාට පස්සේ බෝලය ඈතට ගමන් කරනවා. ළමයා ලබා දෙන ශක්තිය වැඩි වුණු තරමට බෝලයේ ගමන් වේගය වැඩි වෙනවා.

අභ්‍යවකාශ මධ්‍යස්ථාන (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 50)

Highlights:

අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසුන් අපේ සඳ මත තියෙන්නේ කියලා දැනගන්න විදිහක් නැතුව උන්නා. ඒ ගැටලුව විසඳුණේ 1969 මිනිසුන් සඳ මතට ගොඩ බැසීමත් සමගයි. ඒත් සඳට යන්නට පෙර පෘථීවිය වටා කක්ෂයේ ගමන් කරන්න පුළුවන්ද කියලා බලන්න වුණා. ඒක හරි ගියේ 1962 දී. ඒක අත්හදා බැලුවේ මර්කරි යානයයි.

ගලන ජලය (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 33)

Highlights:

කන්දක උඩ සිට වේගයෙන් පහළට ගලන ජලය සතුව විශාල බලයක් තියෙනවා.
ඒ බලසම්පන්න ජලය ඊට මුණ ගැසෙන පාෂාණ සහ පස් පවා ඇදගෙන පහළට ගලනවා.
විශාල පාෂාණ වතුරට ඇදිලා නොගියාට සැඩ ජල පහරට හසු වීමෙන් ටිකෙන් ටික ගෙවී යනවා.
ක්‍රමයෙන් කුඩා වූ ඒ පාෂාණ, ජල කඳ සමග ලේසියෙන් ගලා යනවා.
ගලන ජලය පොළොවත් හාරනවා.
ජලය සමග එන පාෂාණවලින් පොළොව මත ඇති පස් එහා මෙහා වෙනවා.

මධ්‍යකාලීන බලකොටු – ජොආනා කෝල් සහ බෲස් ඩෙගන් (අතීතයට යමු-පොත් අංක 2)

Highlights:

මං ඉතිං හරි කුතුහලයෙන් ඉන්න කෙනෙක් නේ. ඉතිං බිම තිබුණු හැඬලය දිහා නො බලා ඉන්න මට බැරි වුණා. මම නිකමට වගේ ඒක ඇද්දා. ඒක, බිම් මහලට යන්න තනා තිබුණු බිම් දොරක්. ආනල්ඩ් හැමදා ම ත්‍රාසජනක අද්දැකීම්වලට මුහුණ දෙන කෙනෙක්. එයා කැමැත්තෙන් ම පහළට ගියා. මං එයා පස්සෙන් ගියා. අපේ පස්සෙන් ක්‍රේග් ආවා.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
25 Cart
Close

My Cart

Decoration sticker
Decoration sticker
Decoration sticker