Product Tag: උපාලි කන්නන්ගර

උපාලි කන්නන්ගර

Showing all 4 results

Show:

කුදු මහත් සියලු සත්වයෝ

Highlights:

කුදු මහත් සියලු සත්ත්වයෝ ( All Creatures Great and Small)
අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද්‍ය
චරිත කතා ලෙසින් පමණක් නො ව, ප්‍රශංසාවට පාත්‍ර වූ රූපවාහිනී
අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්,
ඈනා මේඩ්ලි, රේචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හිවුස් රඟන මේ ටෙලි
නාට්‍ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ
කුමක් ද?

ජේම්ස් හෙරියම් ගේ පොත් වනාහි ප්‍රබල, හාස්‍ය ජනක සහ
විනෝදාත්මක වූ සම්භාව්‍ය චරිත කතා වේ.

ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල
පළමු වැන්න වන කුදු මහත් සියලු සත්ත්වයෝ’ කෘතිය ගොඩ නැගෙන්නේ
වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශු වෛද්‍ය විද්‍යාලයයෙන් මතු වන තරුණ
ජේ‍ම්ස් වටා ය. ගම්බද යෝක්ෂරයේ රැකියාවේ යෙදීමට ආශාවක් ඇති
වන ඔහුට සීග්රීඩ් ෆානන් සහ ට්‍රිස්ටන් ෆානන් නම් අලුත්, අරුම, වෘත්තීය
සගයන් දෙ දෙනකු සමග හැලහැප්පෙන්නට සිදු වෙයි. එසේ ම, ගුප්ත
ගොවියන් සමඟ ද මුරණ්ඩු ගවයින් සමඟ ද ට්‍රිකි නමැති තරබාරු සුනඛයකු
සමඟ ද ගැටෙන්නට සිදු වේ. පළාතේ ගොවියකු ගේ දියණිය වූ හෙලන් සමඟ
ඔහු මහත් සෙයින් ප්‍රේමයෙන් බැඳුණු විට කරුණු තවත් සංකීර්ණ බවට
පත් වෙයි.

ඊ.ටී හෙවත් පාරභෞමිකයා

Highlights:
හේ තාරකා තරම් ම පැරැණි ය. ඥානවන්ත ය. එහෙත් දැන් ඔහුට මිතුරකු අවශ්‍ය වී-ලා ය. විශ්වයේ රහස් කිසිවකින් ඔහුට ආධාරයක් නැත. හේ පෘථිවියෙහි අරමං වී සිටියි; විවාසන(තම වාස භූමිය වෙන් වීමේ) දුකින් පෙළෙමින් හුදකලා වී බියෙන්!
මේ සතුරු ග්‍රහ ලොවකි. පොලිසිය ඔහු පසු පස එමින් සිටිති. ඔහුට උදවු කිරීමට කිසිවකු නැත… එ විට ය ඔහුට ළමයින් මුණ ගැසෙනුයේ. ඔවුනට හේ අන් ලොවකින් පැමිණි මායාමය පුද්ගලයෙකි. ඔහුට ඔවුහු කිසි දා අමතක නො කළ හැකි මිතුරෝ ය.

හෙළැණිය හෙවත් ධවල සේනාංකය

Highlights:
මේ කතාවට ඇලුම් කළෙමි. වික්‍රමාන්විත නයිටුවරුන් සහ ධීරත්වය අතරට කළවම් වූ මඳ පෙම් පුවතක් නිසා නව කතාව උත්කෘෂ්ට බවට පත්වෙයි. මෙතෙක් මේ කතාව අසංක්ෂිප්ත ලෙසින් සිංහලයට නො නැඟී තිබීම මහත් කනගාටුවට කරුණෙකි. මේ කතාවෙහි මා ගේ ප්‍රියතම චරිතයක් වන්නේ ශ්‍රීමත් නයිජල් ලෝරිං ය.
The Three Musketeers හෝ The Scarlet Pimpernel හෝ යන ආරට අයත් ආනන්ද ජනක වූත් අරුම වූත් සංත්‍රාසමය කතාවකි.
මැනැවින් පර්යේෂණ කරන ලදු ව, රැසැයෙන ලද කතාවෙන් නිසැක ව ම (සහ මනෝහර ලෙස) මැවෙන්නේ නූතන ලෝකයෙන් හාත් පසින් ම වෙනස් අරුමැසි ලෝකයකි. ෂර්ලොක් හෝම්ස් කීර්තියෙන් යුතු ඩොයිල්, නිරන්තර යුධ ගැටුම් පිරි වැඩවසම් යුරෝපයේ සෑහෙන දුරට නිවැරැදි චිත්‍රයක් මවයි. ඒ කාලයේ සොල්දාදුවා පිළිබඳව ද මනෝමය රූපයක් ඉදිරිපත් කරයි.එ වැනි චරිතවල මුල් බැසැ-ගත් අනියම් චර්යාවන් ඇත, ඩොයිල් ඒ චරිතවලට තාත්විකත්වයක් ජනිත කරවයි.

වුල්ෆන් -The Wolfen

Highlights:
වුල්ෆනයන් හෙවත් වියර්වුල්ෆයන් මේ අද්විතිය භීෂණ පුවතෙහි තේමාවයි. ඔවුහු මෑන්හැට්න් නගරයෙහි ම රැළ ගණනින් ජීවත්වෙති.සාමාන්‍යයෙන් ඔවුන් ගොදුරු කරගන්නේ සොයන්නට බලන්නට කිසිවකු නැති මහලු අසරන මිනිසුන් ය. තරුණ පොලිස් භටයන් දෙදෙනෙකු අඥාන ලෙස ඝාතනය කෙරුණු විට ජෝර්ජ් විල්සන් සහ බෙකි නෙෆ් යන රහස් පරීක්ෂකයන් ඒ රාජකාරිය සඳහා යොදවනු ලැබේ. එහෙත් නොබෝ කලකින් ම වුල්ෆනයෝ රහස් පරීක්ෂකයන් දෙ දෙන දඩයම් කිරීම අරඹති.
වුල්ෆනයන් යනු වෘකයන් බවට පරිවර්තනය වුණු මිනිසුන් නොවේ. ඔවුහු එහෙම පිටින් ම වෙනස් සත්ත්ව විශේෂයක් වෙති. බොහෝ දුරටම මිනිසා ගේ මුහුණ වැනි මුහුණු ද අත් වැනි ගාත්‍රා ද ආඝ්‍රාණයේ සහ ශ්‍රවනයේ පුදුමාකාර බලයෙහි ප්‍රතිඵලයක් වූ අධිමානුෂික බුද්ධි මහිමයන් ද ඔවුනට ඇත.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping