Product Tag: එරික් ඉලයප්ආරච්චි

එරික් ඉලයප්ආරච්චි

Showing all 2 results

Show:

පහනක අඳුර

Highlights:

මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ
දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා
අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද
දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය
අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක්
ලෙසිනි.

අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල්
නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම
මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව
ප්‍රහසනය නිමවයි.

සමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්යයා ද,
සමාජ-රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද නිවී යයි.
පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ
ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට
කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට
රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය
තුළ කියැවේ.

නකුල මුනි

Highlights:

2020 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබපු “පේත” නවකතාව රචනා කරපු එරික් ඉලයප්ආරච්චි මහත්මයාගේ අලුත්ම නවකතාව තමයි මේ.

පසුගිය වසරේ ඔහු රචනා කරපු “මැස්සා” කෘතියත් ගොඩක් අය අතරේ කතාබහට ලක් වුණා. තරුණ සංගීතවේදියෙක්ගේ චරිතයක් පදනම් කරගනිමින් නූතන කලාව ගැන විමසන මේ කෘතිය හැමෝටම එක සේ රසවිඳින්න නම් පුළුවන් වෙයිද කියන එක සැකයි. හැබැයි හැමෝම කියවන්න උත්සාහ කළ යුතු පොතක් හැටියට රෙකමදාරු කරන්න කැමතියි.

තරුණ සිංහල සංගීතවේදීයෙක් ස්විට්සර්ලන්තයේ දී දේවර් සූර්‍ය සේන පිළිබඳ ආචාර්ය උපාධි ලබා මව් රට පැමිණේ. ඔහු තම පර්‍යේෂණයෙන් මඟ හැරුණු සමකාලීන සිංහල සංගීතයේ සත්‍ය කතාව කියන්නට ප්‍රබන්ධයක් රචනා කරයි. ඒ සංගීතය පිළිබඳ පර්මෝත්කෘෂ්ට අදහස් රෝපණය කළ තවත් සංගීතවේදීන් ගැනය. කලාව පිළිබඳ පටු ආකල්ප වලින් ඔද්දල් වී ගිය පකිස් කලා සමාජයක එවැනි අදහස් දරන්නෝ න්‍යාය හා භාවිතය, ප්‍රබන්ධය හා සැබෑව, පෙරදිග හා අපරදිග, නිර්මාණය හා විපරීතය අතර මං මුළා වෙති…

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping