කඳුළු
අම්මා
ඉපදුන දා පටන් අද දින වන තෙක්ම
අප හැර ගියේ නෑ වෙන තැනකට නික්ම
අඩුවක් නැතිව කළ දරු සෙනෙහස රැක්ම
දරුවන් නිසා වින්දා ලොව හැම දුක්ම
නොමියෙන සුවඳ
බුද්ධ ගයාව
අප මහ බෝසතුන් බුදු බව පතාගන
කප් සුවහස් ගණන් පෙරුමන් පුරාගන
උහුලනු බැරි තරම් දුක් විඳ දරාගන
සෙව්වේ නිවන් මග භව සැරි සරාගන
සුන්දරයි පින්බරයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පර්යන්තය මගීන්ගෙන් පිරිලා. වෙලාව පාන්දර තුනයි තිහට ආසන්නයි. ගුවන් යානාවලට ඇතුල්වෙන අටවන කවුළුවෙන් ඇතුල්වෙලා මගීන් නොයිවසිල්ලෙන් හිටියේ චැතේ පැසිපික් ගුවන්යානයෙන් බැංකොක් බලා පිටත් වෙන්න. නිල්පාටට හුරු විශාල ගුවන් යානයක් අටවෙනි දොරටුවෙන් පිටවෙන තැන නවත්තල තිබුණා විශාල ඉංග්‍රීසි අකුරෙන් ගුවන් යානයේ බදේ චැතේ පැසිපික් කියල ගහල තිබුණා.
අහිමි සෙනෙහස
අම්මා හිටිය කාමරේ හිටගෙන සෑහෙන වෙලාවක් අම්මා දිහා බලාගෙන
ඉඳල ආයේ ඉස්තෝප්පුවට ඇවිත් ටිකක් ඉඳගෙන ඉන්නවා, ආයෙත් තේ
කහට ටිකක් බීල ගිහින් අම්මා දිහා බලාගෙන ඉන්නවා. ඔය විදියට තමයි
රෑ දවස ගතවුණේ.
ඉස්සරහ ඉඩමට ගිහින් උඩින් මත්තෙන් කජුඇට අහුලගෙන ඇවිත් අම්මා
ළඟට ගිහින් බලන කොට වෙනසක් තිබුණේ නෑ. හොදින් හුස්ම ඉහළ පහළ
යනව ටිකක් සද්දෙන් ඇහෙනවා. අම්මට නින්ද ගිහිල්ල තිබුණෙ.
වෙනදා වගේම හොඳට ඉර පායල තිබුණ.වෙලාව උදේ නවයට විතර
ඇති. ආනන්ද බත් බෙදාගෙන ඇවිත් ඉස්තෝප්පුවෙ.පුටුවක වාඩිවෙලා
කන්ඩ පටන් ගත්ත. ඒ අතරෙ සුමන නංගි ආව. එයා තමයි දිනපතාම
වාගෙ ඇවිල්ල අම්මගෙ රෙදි හෝදල නාවලා එහෙම යන්නේ.