Product Tag: කර්තෘ ප්‍රකාශන

කර්තෘ ප්‍රකාශන

Showing all 7 results

Show:

ආදරයේ නාමයෙන්

Highlights:
“නැහැ තමයි. මන් කිව්වේ ඇත්ත.”
වැඩි වගක් නොකර ඇය එසේ පැවසුවේ ඉවත
බලමිනි. මුහුණ රතු කරගත් රදීෂ් ඇයට දොරට
හේත්තු කර ගනිමින් එම ගතට බර වුනේ
ඇයගේ මුව දෙපසින් තදින් මිරිකා අල්ලමිනි.”හරි දැන් කියනවා. ඒ කියපු දේ දැන් ආයිත්
කියනවකෝ මට ආදරේ නැහැ කියලා.”
ඇයගේ දෑස් වලටම එබෙමින් ඔහු අසද්දී ඇය
ඔහුගේ අත තමාගෙ මුහුණින් ඉවත් කරේ
කෝපයෙනි.
“නැහැ කියලා කිව්වනේ සැරයක්,”
නැවතත් ඇය පැවසුවේ ඉවත බලමිනි.”මගේ ඇස් දිහා බලාගෙන කෙලින් කියනවා විහාරා.
එකම එක පාර්ක් මගේ ඇස් දිහා කෙලින් බලාගෙන කිව්වොත්
මට ආදරේ නැහැ කියලා ප්‍රොමිස් මන් යන්නම යනවා.
ආයිත් කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්නෙ නැතුව සදහටම
යන්න යනවා. හැබැයි මගේ ඇස් දිහා බලාගෙන ඒක මට කියනවා.”

මගේ පුත්තු හොරු අරං

Highlights:

කතාවට නම් අම්මල හැමෝම කියන දෙයක් තමයි මං මගේ දරුවන්ට කරන්න තියෙන හැම යුතුකමක්ම ඉෂ්ට කලා. දැන් මාව එයාලා බැලුවත් එකයි නොබැලුවත් එකයි. මං කවදාවත් දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියලා. අම්මලා එහෙම කියන්නේ පට්ටපල් බොරුවක්. ඔය අම්මා මැරෙන පුරාවටම තමන්ගේ පුතාගෙන් බලාපොරොත්තු වෙනවාමයි.  මොනවද` සල්ලිද` නැහැ, ආදරය

තමන්ගේ මුළු ජීවිතයම පුතුන් වෙනුවෙන් කැප කරන අම්ම කෙනෙක් එක සත පහක් වත් වියදම් නොවන ඒ ආදරේ ලබන්න පෙරුම් පුරනවා. ඒ අම්මා ඒ ආදරේ ලබන්න ආස කරන එක වරදක්ද` මතකද පුංචි කාලේ අනේ මගේ රත්තරන් පුතේ කියලා අම්මා පුතාව තුරුලු කරගත්ත විදිය` සමහරවිට පුතාට දැන් ඒව අමතක ඇති නමුත් කවදා හෝ දවසක ඔහුගේ බිරිඳ ඔහුගේ දරුවන් බදාගෙන සුරතල් කරන විට ඔය විදිහටම නේද මගේ අම්මාත් මාව හදන්න ඇත්තේ කියා හිතෙන්නේ නැද්ද`

නුවරක සෙනෙහස

Highlights:
‘……චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.”
කිරිඅම්මා කියවාගෙන යයි.
”ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ”
”……ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”
”නෑනෙ කිරිඅම්මේ”
“‘ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ”

සෘතු (මතක ආවර්ජනය)

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

තමන්ගේ ජිවිතේ තමන්ට තිබුනු
එකම ආදාරේ නැතිවුනාම,
අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා
දාලා ගියාම,
හැමදේම මුල ඉදන් පටන් ගන්න වෙනවා කියලා
දැනගත්තම,
තමන් ලස්සනට හදාගෙන ජිවත් වුන
පසුගිය අවුරුදු ගානම
නාස්ති වුනා කියන හැගිම
දැනෙන්න ගත්තම
මොන වගේද කියන ඒක
මම දන්නවා.
ආදරේ බොළද වයස පහුකරද්දී,
එයා ඇරෙන්න වෙන කෙනෙක් හරියන්නෑ කියලා
හිත කෑගහලා කියද්දි,
හැමදේම ඇස් ඉස්සරහ නැති වෙලා යද්දී
දැනෙන්නෙ මොන වගේදෙයක්ද කියනෙකත්
මම දන්නවා.
එත් දැන් ඔයා මේක කියවනවනම්
මාව විශ්වාස කරන්න.
ඔයාට ලස්සනම ලස්සන අනාගතයක් ඉස්සරහට එනවා.

සීතල රාත්‍රිය

Highlights:
එසැණින් ගබඩාවෙහි කෙළවර වූ දොර හැරිණි. මා ගත සීතල ව ගියේ ය. මගේ සිත තුළ මැවෙමින්, මා බලාපොරොත්තුව සිටි මිනිස් රුව සිහි විසඥ කරවන තරමට මා ගත සිත හිරි වට්ටමින් ඇරුණු දොරින් මතුවනු මම දුටිමී. ඊළග මොහොතෙහි ඒ රුව, දොර සමීපයෙන් ඉදිරියට ඇදෙමින් මා සිටි දෙසට එනු මට පෙනුණේ බියකරු සිහිනයක් මෙනි.

මැන්ඩකෝන්ලාගේ නව යටත් විජිතය

Highlights:
කතුවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රදේශයේ කෙනෙකි. ගමේ පාසලෙන් අ. පො.ස (සා.පෙළ) සමත්ව බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා කොළඹ විශ්ව විද්‍යාල වරම් ලබයි. උපාධියෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසර 2ක් ගුරු වෘත්තියේ යෙදුන අතර 1984 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්ව අරන්තලාව (මහඔය) ප්‍රදේශයේ උප දිසාපති ලෙස පරිපාලන සේවය ආරම්භ කොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබයි. රත්ගම ප්‍රදේශයේ වාමාංශික දේශපාලන පන්නරයද සමග කතුවරයා කොළඹ විශ්ව විද්‍යාලයේ වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි පෙළ ක්‍රියාකරුවකු වේ. ඒ හරහා ලබා ගන්නා ප්‍රායෝගික හා න්‍යායාත්මක දේශපාලන දැනුමත්, රාජ්‍ය පරිපාලන සේවයේ විචක්ෂණ රාජ්‍ය සේවාවක යෙදීමෙන් ලද දේශපාලන, පරිපාලනමය, සමාජමය හා ගෝලීය කටයුතු පිලිබඳව දැනුම හා විඥාණය, මෙම ග්‍රන්ථය තුළින් පිළිඹිබු වේ.

දේශපාලන මෙන්ම සංවර්ධන පරිපාලනය නිසි මගට ප්‍රවිෂ්ඨ කිරීම සඳහා දේශපාලන න්‍යායාත්මක කරුණු හා නව යටන් විජිතවාදී උපක්‍රමයන් පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය බව මෙම ග්‍රන්ථය පරිශීලනය කරන්නන් අවබෝධ කරගනු ඇති බව කතුවරයා විශ්වාස කරයි.

ආදරේ ඒ වගේ

Highlights:
“අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද” කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා.

“මොකෝ….. බයවෙලා….” හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇතිවූ ආසාවෙනි.

“ම්… මගේ ඇඳුම…..  ඒක කොහොමද ගැලවුනේ….” ඇය ගොත ගසමින් ඇසුවේ

ඒ දෑස් මගහරිමිනි

“හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයේ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා. ”

ඔහු ඇයව විහිළුවට ගන්නේය.

“අනේ බය කරන්න එපා”

මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලා නම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි

ඔයාම වෙන්නැති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ. ”

“මම ගැලෙව්වේ නෑනේ….” ඇයගේ මුවින් ඒ වදන් පෙළ පිට වූයේ නම් සිහින් හඬිනි.

“හරි එතකොට ඔයා කියන්නේ ඔය ගවුම මම ගැලෙව්වා කියලද” තුෂේන් ඇඳෙන් නැගිට්ටේ සිනහව සඟවාගෙන ය.

,හැබැයි ඉතිං මම ගැලෙව්වා නම් ඒක විතරක් ගලවලා නිකා ඉන්නේ නෑ ……. ඉතුරු ටිකත් ගලවනවා………” රතු වූ ඇය තව තවත් රතු වෙද්දී , ඒ කෝල හැඟීම ඇයට නිදහසේ විඳින්නට ඉඩදී තුෂේන් නාන කාමරයට වැදුණේය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping