Product Tag: කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

Showing all 7 results

Show:

නුවණින් විමසීම අපතේ නොයයි

Highlights:

නුවණින් විමසීම අපතේ නොයයි (අලුත් දහම් වැඩසටහන – වෙළුම 12)

අපට සොදය සියුම් නුවණ

Highlights:

අපට සොදය සියුම් නුවණ

නුවණ වැඩෙන බෝසත් කථා – 34

Highlights:

ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

නුවණ වැඩෙන බෝසත් කථා – 43

Highlights:

තිත්තිර ජාතකය

වැඩිමහල්ලන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක දකින්ට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක්. බුද්ධ කාලයේ පවා මඳ නුවණින් යුතු භික්ෂූන් අතින් වැඩිහිටියන්ට ගරු කිරීම නැති වූ අවස්ථා ඇතිවී තියෙනවා. ඒ හේතුවෙන් මහෝත්තම භික්ෂූන් වහන්සේලා පවා අපහසුතාවන්ට පත්ව තියෙනවා. මෙය එබඳු කතාවක්.

ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

සැදැහැවතුන්ගේ වන්දනා පොත

Highlights:

“තෙරුවන් වන්දනාව” යනු ජීවිතයේ අවසන් කාලය ගෙවන
වයෝවෘද්ධ මාපියවරුන්ගේ හුදකලා බවට පිළියම් සෙවීමක්
නොවේ.
ළමා ළපටින්ගේ හික්මීම පිණිස මාපියන් විසින් කරවනු ලබන
කිසියම් පාඩම් මාලාවක් ද නොවේ.

“තෙරුවන් වන්දනාව” යනු බුද්ධිමත් මනුෂ්‍ය‍යින්ගේ ආධ්‍යාත්මය
සුවපත් කර ගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක
එක්තරා නැවුම් අවස්ථාවකි. ඒ සඳහා කෙනෙකුගේ දනවත්කම,
උගත්කම ආදිය අදාළ වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිහතමානී
වු ශ්‍රද්ධාවන්තකම ය.

මිලිඳු රාජ ප්‍රශ්නය 04

Highlights:

රාග ද්වේෂ මෝහ නැසු – සියලුම කෙලෙසුන් වැනසූ
තණ්හා නැති ඇල්මක් නැති – බුදු සව්වෝ වසන්නෝ ය
දහම් නගරයෙහි.

වන සෙනසුන්වල ස්ටිමින් – ධුතාංග ගුණ දරමින්
රළු සිවුරුත් පොරොවාගෙන – නිරතුරුව ම දැහැන් වඩන
විවේකයට ඇලුණු සිතින් – නුවණින් වීරිය වඩනා
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.

වාඩිවෙමින් රැය ගෙවනා – ලද කුටියෙන් තුටු වෙමිනා
සිටිමින්, සක්මනින් යුතුව – පංශුකූල සිවුරු ඇති ව
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.

තුන් සිව්රෙන් අමතර කොට – හිඳිනා සම්කඩයක් ඇති ව
එක් අසුනක හිඳ වළඳන – මැනැවින් සිහි නුවණ යොදන
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.

( මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්න )

මිලිඳු රාජ ප්‍රශ්නය 02

Highlights:

“ස්වාමීනී නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ අනුත්තර බව
දැනගන්නට පුළුවන් ද?”

“එසේය මහරජාණෙනි,’භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක’
කියා දැනගන්නට පුළුවනි.”

“ස්වාමීනී නාගසේනයන් වහන්ස,බුදුරජාණන් වහන්සේ අනුත්තර කියා
දැනගන්නට පුළුවන් වන්නේ කෙසේ ද?”
“මහරජාණෙනි, මෙය පෙර සිදුවු දෙයක්. තිස්ස නම් ස්ථවිරයන්
වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ ලේඛන ආචාර්යයන් වහන්සේ
නමක්. උන්වහන්සේ අපවත් වී බොහෝ වර්ෂ ගණනක් වෙනවා.
උන්වහන්සේ ගැන අපි දැනගන්නේ කොහොම ද?”

“ස්වාමීනී, උන්වහන්සේ ලියන ලද ලේඛනවලිනුයි.”

“මහරජාණෙනි, ඒ විදිහම තමයි. යමෙක් ධර්මය දකී ද. ඔහු
භාග්‍යවතුන් වහන්සේව දකී. මහරජාණෙනි, ධර්මය වනාහී
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේය.”

“ස්වාමීනී නාගසේයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping